
නත්තල් දා පෑවු බෙත්ලෙහෙමේ තාරකාව
තාරකා විද්‍යාඥායින් මෙම බෙත්ලෙහෙමේ තාරකාව පැහැදිලි කිරීමට් හැකි සාක්ෂි සෙවීම සඳහා ඓතිහාසික වාර්තා දෙස යොමුවන්නේ ශතවර්ෂ ගණනාවක් තිස්සේයි. අවම වශයෙන් 13 වන සියවසේ සිටවත් විද්වත්හු අදාළ හේතු සාකච්ඡා කරමින් සිටීති. සමහර විට එය සුපර්නෝවා, වල්ගා තරුවක්, සූර්ය ලෙළ්සිළු solar flares) හෝ ග්‍රහලෝක පෙළගැස්වීමක් විය හැකිය. නැතහොත්, විකල්පයක් ලෙස සලකා බලතහොත් මෙවන්නක් සමහර විට කිසිසේත් සිදු නොවූවා විය හැකිය. සත්‍යය නම් විද්‍යාව කිසි විටෙකත් මීට අදාළ සත්‍යය දැනනොගැනීමට ඉඩ නැත යන්නය. මන්ද විද්‍යාව සාක්ෂි මත පදනම් වන හෙයිනි.

කෙසේවෙතත්, එය සැබෑ ඛගෝලීය සිදුවීමක් (celestial event) යන අදහස සිත දරා සලකා බලමු. බෙත්ලෙහෙමේ තාරකාව පැහැදිලි කළ හැකි විද්‍යාත්මක පිටුබලය සහිත පැහැදිලි කිරීම් මොනවාද? හොඳයි, කතාව සාපේක්ෂව අපැහැදිලි ය. එහෙත් එය අපට යම් හෝඩුවාවක් ලබා දෙයි. සමහර දේවල් පහසුවෙන් බැහැර කළ හැකිය. නිදසුනක් ලෙස, බෙත්ලෙහෙමේ තාරකාව උල්කාවක්(a meteor) නොවීමට ඉඩකඩ වැඩිය. (උල්කා යනු පෘථිවි වායුගෝලයේ දී ඝර්ෂනය වීආලෝකයක් නිකුත් කරමින් දහනය වන කුඩා පාෂාණ කැබලි ප්තිමත්ව දැවෙන අභ්‍යවකාශ පාෂාණ කැබැලිය). ඒවා ක්ෂණිකව දර්ශනය වී ක්ෂණිකව මැකී යයි. එහෙයින් බුද්ධිමතුන් තිදෙනෙකු උල්කාවක් සොයා සති ගණනාවක් ගෙවන්නේ නැත.

එය, තාරකාවක් ස්ඵෝටනය වී (පුපුරාගොස්) මියයන සුපර්නෝවා හෙවත් අධිනවතාරවක්(Supernova) වීමට ද නොහැකිය. අධිනවතාරවක් දින, සති හෝ මාස ගණනක් පවා එහි දීප්තිය විශාල ලෙස වැඩි කරයි; එහෙයින් එය — බෙත්ලෙහෙමේ තාරකාව පැහැදිලි කිරීමට යොදා ගත නොහැකිය. අධිනවතාරවන් හෙවත් “ආගන්තුක තරු” පුපුරායාම් වසර දහස් ගණනක් තිස්සේ නිනොරන්තරයෙන් නීරක්ෂණ කරනු ලැබ වාර්තා කෙරී ඇත. .එබැවින් ඒවා සිදු වූයේ නම්, වෙනත් සංස්කෘතීන් ද එය සැලකිල්ලට ගනු ඇත.
ඉතින් කෙසේ හෝ ලිඛිත ඓතිහාසික වාර්තාවන්ගෙන් එය ගිලිහී ගියද තාරකා විද්‍යාඥයින් විසින් තවත් බොහෝ පුරාන සුපර්නෝවා වල අවශේෂ නිරීක්ෂණය කර ඇත. ඒවායේ උපරිම දීප්තිය තක්සේරු කිරීමෙන් අතීතයේ දී පෘථිවියේ දක්නට ලැබෙන සිදුවීම් සමඟ සමහර අවශේෂ පර්යේෂකයන් විසින් සම්බන්ධ කරනු ලැබ ඇත. බෙත්ලෙහෙමේ තාරකාවේ වේලාව සමග සමපාත වන සුපර්නෝවා අවශේෂයක් සඳහා දුරේක්ෂවලින් කිසිදු සාක්ෂියක් සපයා ගැනීමට හැකිවී නොමැත. ඇත්ත වශයෙන්ම, ක්‍රිස්තු උපත ආසන්නයේදී පෘථිවියේ සිට දැකගත හැකි වූ එකම සුපර්නෝවාව සැබවින්ම සිදු වූයේ ක්‍රි.ව.185 වර්ෂයේදී වන අතර එය වාර්තා කරන ලද්දේ චීන තාරකා විද්‍යාඥයින් විසිනි.


මේ කාරනාව ගැන උනන්දුවක් දක්වන සමහර තාරකා විද්‍යාඥයන් අතීතයේ දී යෝජනා කර ඇත්තේ බෙත්ලෙහෙමේ තාරකාව කියන්නේ පෘථිවිය ආසන්නයේ ගමන් කළ ධූම කේතුවක්(ජනප්‍රිය වහරේ, වල්ගා තරුවක්) බවයි. සෞරග්හ මණ්ඩලයේ ඉතා දුර බැහර සිට මෙම අයිස්මය වස්තූන් අභ්‍යන්තර සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වී සූර්යයා විසින් රත් කරනු ලබන විට බොහෝ අවස්ථාවල දීප්තිමත් ලෙස බබළයි. එක වරක්දී සති හෝ මාස ගණනක් අහසෙහි දෘශ්‍යමානව රැඳී සිටීම ගැන ද ධුම කේතු ප්රසිද්ධයක් උසුලයි. අධිනවතාරා සම්බන්ධයෙන් වගේම ධුම කේතු සම්බන්ධයෙන් වෙනත් සංස්කෘතීන්ගෙන් ලැබෙන ඓතිහාසික වාර්තා ද අප සතුව ඇත. ඒ කී ආකරයෙන්ම, ක්‍රි. පූ 5 වර්ෂයේදී චීන තාරකා විද්‍යාඥයන් “මුස්න තාරකවක්(a broom star)” පායා ඒම සටහන් කර ඇති අතර බොහෝ පර්යේෂකයන් එය ධුම කේතුවක් ලෙස අර්ථකථනය කර ඇත්තේය. අධිනවතාරා මෙන්ම, චීන විද්වතුන් ඓතිහාසික ධුම කේතු බොහොමයක් ගැන සටහන් තබා ඇති අතර උල්කා ඝට්ටන බලපෑම් හේතුවෙන් ජන ජීවිත හානිවූ අවස්ථා ගනනාවක්ම ගන කිහිප වතාවක්ම වාර්තා කර තිබේ.
මෙම චීන “මුස්න තාරකාව” පායා ඒම යම් සිදුවීමක් හා සමපාතවීමේ කාලවකවානුව ගැන වාදවිවාද වල 1970 ගණන්වලදී පර්යේෂකයන් පැටලුණු අතර ඒ ගැන අදහස් උදහස් අඩංගු ලිපි මාලා විද්‍යාත්මක සඟරාවල පළ විය. මේ විවාදයන් කූටප්රාප්තියකට පත්වූයේ සුප්‍රසිද්ධ විද්‍යා මාධ්‍යවේදියෙකු වන වෝල්ටර් සලිවන් විසින් රචනා කරන ලදුව 1977 දී නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාකින් එය ධූමකේතුවක්, සංගමයක්, නවතාරාවක් හෝ හුදෙක් මිථ්‍යා කතාවවක් විය හැකි යැයි යෝජනා කිරීමෙනි. එපමණක් නොව, ඉන් පසුවද එතැන් සිට ගතව ඇති දශක කිහිපය තුළ ද සම්මුති මතයක් පැහැදිලිව මතු වී නැත.


කෙසේවෙතත් ධූම කේතුවක් බෙත්ලෙහෙමේ තාරකාව වීම ගැන සැක කිරීමට එක් පැහැදිලි හේතුවක් තිබේ. පුරාණ ලෝකයේ ජනයා සාමාන්‍යයෙන් ධූම කේතු දුටුවේ අපේක්ෂිත විනාශයේ ලෙස, එනම් සිදුවීමට නියමිත නරක දේවල නපුරු පෙර නිමිත්තක් හැටියටය. ඉතින්, ධූමකේතුවක් හදිසියේම රාත්‍රී අහසේ දීප්තියෙන් බැබළෙන්නට පටන් ගත්තා නම්, ඥානවන්තයන් තිදෙනෙක් එය ඔවුන්ගේ ගැලවුම්කරුවා ඉපදුණු බවට ලකුණක් ලෙස අර්ථකථනය කරනු ඇතැයි සිතීම දුෂ්කර ය. 2020 දෙසැම්බර 21 සිදුවූ උච්ච සංගමය(Great Conjunction) වැනි ග්‍රහලෝක පිහිටීමක් මගින් බෙත්ලෙහෙමේ තාරකාව පැහැදිලි කරණු ලැබිය හැකිද? එක අතකට මෙම අදහස අලුත් දෙයක් නොවේ. ක්‍රි.ව.1285 සිට වෝර්සෙස්ටර් හි ඇබල්ස් හි සටහනක දැක්වෙන්නේ යේසුස්ගේ උපතේදී සිදු වූ බ්‍රහස්පති සහ සෙනසුරුගේ පෙළගැස්මකි. 17 වන ශතවර්ෂයේ ජොහැන්නස් කෙප්ලර් විසින්ම මේ ගැන යම් අදහසක් පලකරනු ලැබ ඇත.
කෙසේවෙතත්, මේ කිසිවක් ඇත්ත වශයෙන්ම බෙත්ලෙහෙමේ තාරකාවට හේතු විය හැකිද?
සත්‍යය නම්, මෙම සිදුවීම් කිසිවක් ශුද්ධවූ මතෙව් පොතේ ඇති දේ පිළිබඳ විස්තරය සමඟ හොඳින් ගැලපෙන්නේ නැත යන්නයි. සන්දර්භය ද එලෙසමය. පුරාණ ජනයා ග්‍රහලෝක පිළිබඳව හොඳින් දැන සිටි බැවින් ග්‍රහලෝකවල සංගමයක් “තාරකාවක්” ලෙස හැඳින්වීම (ඔවුනට)අමුතු දෙයක් වනු ඇත. අවසානයේ කීමට ඇත්තේ, බෙත්ලෙහෙමේ තාරකාව පිළිබඳ බයිබලානුකුල කතාවට ඇත්තටම ආභාෂය ලබා දුන්නේ කුමක්දැයි අප නොදන්නා බවයි.. වාසනාවකට මෙන්, දෙසැම්බර් 21 වන දින අපගේම “නත්තල් තාරකාව” බැලීමට අපට අවස්ථාවක් උදා විණ. එයින් අප අදහස් කරගන්න්න්නේ කුමක්ද යන්න අප සැමටම තීරණය කළ හැකිය. මිථ්‍යාදෘෂ්ටිය පසෙකට දමා, සාමය, ප්‍රීතිය හා ප්‍රේමය සඳහා හොඳ ආරංචියක් ගෙන එනු ඇතැයි අපි සැවොම බලාපොරොත්තු වෙමු. වර්තමානයේ අපට ඒවා අතශ්‍යවශ්‍ය බව සමිඳාණන් වහන්සේ දන්නා සේක!
Astronomy.com හි පළවූ Evidence for the Star of Bethlehem යන ලිපිය ඇසුරෙනි