සැමට විදු නැන නුවණ – Science Literacy for All

සූර්යයාගේ වර්ණය කුමක්ද?

සූර්යයාගේ වර්ණය කුමක්ද?

ඔබේ මනස නැවත පාසල් අවධියට යොමු කළොත්, ඔබේ ගුරුවරයා හෝ   වෙනත් වැඩිහිටියෙක් ප්‍රිස්මයක් යොදාගෙන එය හරහා ආලෝකය ගමන් කිරීමට සැලැස්වීමෙන්  කෘතිම දේදුන්නක් නිර්මාණය කළ බව තවමත් ඔබේ මතකයේ තිබෙන්නට පුළුවන.  එසේ නම්, අපෙ මාතෘකාවෙන් අසා ඇති මෙම ප්‍රශ්නයට පිළිතුර ඔබ දැනටමත් දන්නවා ඇති.

light - Kids | Britannica Kids | Homework Help

ටෙක්සාස් ජනපදයේ,  කැනියොන් හි බටහිර ටෙක්සාස් A&M විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ක්‍රිස්ටෝපර් බෙයාඩ් පවසන්නේ “තනිකරම සූර්යයා සහ එහි  ස්ථර සියල්ල දිලිසෙන”බවයි. “සූර්යයාගේ වර්ණය” යනු සූර්යාලෝකයේ පවතින වර්ණවල වර්ණාවලියයි. එය පැන නගින්නේ සූර්යයාගේ සියලුම කොටස් අතර සංකීර්ණ අන්තර් ක්‍රියාකාරීත්වයෙනි.” ඔහු පෙන්වාදෙයි.

එබැවින් සූර්යයාගේ වර්ණය කුමක්දැයි වටහා ගැනීමට අප උත්සාහ දරන්නේ නම්, පෘථිවිය වෙත එන  සූර්ය කිරණ විච්ඡේදනය කර ඒවා ප්‍රමාණනය කර  දැක්විය යුතුය. මෙය කිරීමට විවිධ ක්‍රම කිහිපයක් ඇතත් ඒවා විශේෂයෙන් අධි තාක්‍ෂණය භාවිත කරන ඒවා නොවේ – ඇත්ත වශයෙන්ම, බොහෝ ළමයින් මෙම අත්හදා බැලීමේ යම් ආකරයක අනුවාදයක් කර තිබීමට බොහෝ විට ඉඩ තිබේ.

What is the colour of the sun? | The Petri Dish

“ප්‍රිස්මයක් හරහා ආලෝක කදම්භයක් යැවීමෙන් එහි(ආලෝක කදම්භයෙහි) වර්ණ අන්තර්ගතය පහසුවෙන් හඳුනාගත හැකිය,” බෙයාඩ් පවසයි. “මෙම සරල, ලාභ, එමෙන්ම අතකින් ගෙන යා හැකි වස්තූ(ප්‍රිස්ම) ආලෝක කදම්භය එහි විවිධ සංශුද්ධ වර්ණ       සංඝටකවලට විසුරුවයි. සෑම සංශුද්ධ  වර්ණයකටම වෙනස් තරංග සංඛ්‍යාතයක් ඇත.” විද්‍යාඥයන් “වර්ණය” සහ “සංඛ්‍යාතය” යන වචන එකිනෙකට වෙනස් ලෙස භාවිතා කිරීමට නැඹුරු වන්නේ එබැවිනි. ආලෝකයේ වර්ණ කිරණ එහි සංඛ්‍යාතය අනුව අර්ථ දක්වා ඇත – දෘශ්‍ය ආලෝකය ගතහොත් රතු පැහැයට අවම සංඛ්‍යාතයක් ඇති අතර ජම්බුල වර්ණය(Violet) ඉහළම අගයක් ගනී. ආලෝක කදම්භයක වර්ණ පරාසය හෝ සංඛ්‍යාත වර්ණාවලියක් ලෙස හැඳින්වේ.

Any level: විද්‍යුත් චුම්බක කිරණවල විවිධත්වය - පරමාණුක ව්‍යුහය
ඉහළම සිට පහළ සංඛ්‍යාත තරංග දක්වා විද්‍යුත් චුම්භක වර්ණාවලිය.

අපි ප්‍රිස්මයක් හරහා සූර්ය කිරණ යොමු කරන විට, දේදුන්නෙහි සියලු වර්ණ අනෙක් කෙළවරින් එළියට එනු අපට පෙනේ. ඒ කියන්නේ මිනිස් ඇසට පෙනෙන සියලුම වර්ණ අපි දකිනවා. ”එබැවින් සූර්යයා සුදු” යයි කියන්න පුළුවනි. ඒ මන්ද කීවොත් සුදු පැහැය සියලු වර්ණවලින් සෑදී ඇති නිසාවෙන් යනුවෙන්  බෙයාඩ් පැහැදිලි කිරීමක් කරයි.

මෙය සිදු කිරීම සඳහා තරමක් සංකීර්න ක්‍රමයක් වන්නේ කැමරාවක් උපයෝගී කර ගැනීමයි.  විවිධ පික්සල වලට වැටෙන ආලෝකයේ දීප්තිය බොහෝ විට ප්‍රමාණාත්මකව මැනිය හැකි අතර එම නිසා සූර්ය වර්ණාවලියේ විවිධ සංඛ්‍යාතවල දීප්තිය සළකුණු කිරීමට අපට ක්‍රමයක් ඉන් සැලසේ.  එක් නිශ්චිත සංඛ්‍යාතයක් අනෙක් ඒවාට වඩා නිරන්තරයෙන් දීප්තිමත් නම්, සූර්යයා එම වර්ණයෙහි ඡායිතයක්(shade)  යනුවෙන් අපට නිගමනය කළ හැකි නමුත් එය එසේ නොවේ. ” දෘශ්‍යමාන වර්ණ සියල්ලම ආසන්න වශයෙන් සමාන ප්‍රමාණයන්ගෙන් හිරු එළියේ ඇති බව අප මෙය අත්හදා බලන විට, අපට ප්‍රමාණාත්මක අන්දමට දැක ගන්න පුළුවන්” බෙයාඩ් පවසයි.

අභ්යවකාශය සහ වර්ණ ගැන කතා කරමින් සිටින මේ මොහොතේ කෙනෙකුගෙ හිතට නැගෙන්නට පුළුවන් තවත් කාරණවක්  ගැනත් ටිකක් කතා කරමු.

අභ්‍යවකාශය කළු පාටින්  පෙනෙන්නේ ඇයි?

Why Is It So Dark in Outer Space? | Mental Floss

කළු වර්ණය, සාමාන්යයෙන් සංඥාකරන්නේ ආලෝකය නොමැති වීමයි. එසේ නමුත් සෞරග්‍රහ මණ්ඩලය තුළ අවකාශය ආලෝකයෙන් පිරී ඇත. ඇඩ්ලර් ග්‍රහලෝකාගාරයේ තාරකා විද්යා අධ්යක්ෂ සහ චිකාගෝ විශ්ව විද්යාලයේ පර්යේෂණ විද්යාඥ ගීසා ග්යුක් මෙසේ පැහැදිලි කරයි: “ආලෝකය යමකින් පරාවර්තනයවෙලා හෝ කාචයක් මගින් නමණු ලැබ නැත්ත්නම්  සාමාන්‍යයෙන් කෙළින්ම ඉදිටියට ඇදෙනවා.”

Laser Pointer: How does it work? – Mental Itch

කදම්භයක් නොව,  ලේසර් දර්ශකයක්(c) ස්ථානය ඔබට පෙන් වන්නේ කෙසේදැයි සිතා බලන්න. “කදම්භය සාදන ආලෝකය ඉදිරියට යන්නේ දර්ශකය යොමු වන ස්ථානයට මිස ඔබේ ඇස ඇති තැනට නොවේ,” ග්යුක් පවසයි, “එබැවින් අවකාශය ආලෝකයෙන් පිරී තිබුණද, ඔබ දීප්තිමත් යමක් දෙස බලනවා නම් හැර කිසිවක් ඔබේ ඇසට පෙනෙනෙන්නේ නැහැ.” එබැවින් ගියුක් පෙන්නා දෙන්නේ “විශ්වයේ වැඩි කොටසක් හිස් බැවින් අභ්‍යවකාශය කළු පැහැයක් ගන්නා බවයි” යනුවෙනි.

Live Science හී පළවන What color is the sun?  සහ  Why Does Outer Space Look Black? යන ලිපි ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: