එන්නත්: තවත් ප්‍රශ්නෝත්තර සංග්‍රහයක්

Posted by

එන්නත යනු කුමක්ද?

එන්නත් කිරීම යනු  හානිකර රෝග මිනිසුන් වෙත සම්බන්ධ වීමට පෙර එම රෝග වලින් ඔවුන්ව ආරක්ෂා කිරීමේ සරල, ආරක්ෂිත සහ ඵලදායී ක්‍රමයකි. විශේෂිත ආසාදන වලට ප්‍රතිරෝධය දැක්වීම පිණිස එය ඔබේ ශරීරයේ ස්වාභාවික ආරක්‍ෂාව යොදාගන්නා අතරම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.

කිසියම් රෝගයකට  ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරාවරණය වන විටම මෙන් ඊට එරෙහිව  ප්‍රතිදේහ නිපදවීමට එන්නත් මඟින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය  පුහුණු කරනු ලැබේ.   කෙසේ වෙතත්, එන්නත් වල අඩංගු වන්නේ වෛරස් හෝ බැක්ටීරියා වැනි විෂබීජ වල මියගිය හෝ දුර්වල වූ ආකාර පමණක් බැවින් ඒවා (එම) රෝගයට හේතු නොවන අතර එහි සංකූලතා අවදානමකට  ඔබව ලක් නොකරයි.

All you want to know about the coronavirus vaccine race, World News |  wionews.com

එන්නත් ලබාදෙන්නේ කෙසේ ? කුමකටද?

බොහෝ එන්නත් ලබා දෙන්නේ ශරීරයට එන්නත් කිරීමෙනි, නමුත් සමහර ඒවා මුඛ  මාර්ගයෙන්  හෝ නාසයට ඉසිනු ලැබේ.

එන්නත යනු රෝග වැළැක්වීමට සහ ජීවිත බේරා ගැනීමට තිබෙන ආරක්ෂිත හා ඵලදායී ක්‍රමයකි. ඒවායේ අවශ්‍යතාව සහ වටිනාකම දැන් වෙන කවරදාටත් වඩා දනේ. වර්තමානයේ අවම වශයෙන් ඩිප්තීරියාව, පිටගැස්ම( ටෙටනස්), කක්කල් කැස්ස(උත්කාසය), ඉන්ෆ්ලුවෙන්සා සහ සරම්ප ආදී රෝග 20 කින් ආරක්ෂා වීමට එන්නත් තිබේ. මෙම එන්නත් මගින් සෑම වසරකම මිලියන 3 ක පමණ ජනතාවගේ ජීවිත බේරා ගනු ලැබේ.

අපි එන්නත ලබා ගත් විට, අපි අපවම ආරක්ෂා කරගන්නවා පමණක් නොව අප අවට සිටින අයද ආරක්ෂා කරගන්නෙමු. බරපතල ලෙස රෝගාතුර වූවන් වැනි සමහර අයට, ඇතැම් එන්නත් ලබා නොගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ.  එබැවින් ඔවුනට ඇති පිළිසරණ රෝග පැතිරීම අවම කිරීමට උපකාරී වෙන අයුරින් අප සෙසු අය  එන්නත් ලබා ගැනීමය.

කොවිඩ්-19 අභියෝගය හමුවේ එන්නත් වැඩසටහන් නතර කළ යුතු ?

එන්නත් ලබාදීමේ  වැදගත්ක්ම කොවිඩ්-19 ගෝලීය වසංගතය අතරතුර, අඛණ්ඩව පවතී. සාමාන්ය ප්රතිශක්තිකරණ ලබා ගන්නා දරුවන්ගේ සංඛ්යාව මහා වසංගතය හේතුවෙන් අඩු වී ඇති අතර එම තත්ත්වය,  රෝගාබාධ වැඩිවීමට මෙන්ම වළක්වා ගත හැකි රෝගවලින් මරණයට පත්විමේ වර්ධනයක් ඇති ක්‍රීමට ඉවහල් වේ. කොවිඩ්-19 මගින් ඉදිරිපත් කරන ලද අභියෝග මධ්‍යයේ වුවද, අත්යවශ්ය ප්රතිශක්තිකරණ හා සෞඛ්ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කරන ලෙස ලෝක සෞඛ්ය සංවිධානය ලෝකයේ රටවල්වලින් ඉල්ලා සිටී.

එන්නත් සිදුකරන්නේ කුමක් ?

ආරක්ෂාව ගොඩනඟා නැගීම පිණිස ඔබේ ශරීරයේ ස්වාභාවික ආරක්ෂාව සමඟ එක්ව ක්‍රියාකිරීමෙන්  එන්නත් මඟින් රෝගයක් වැළඳීමේ අවදානම අඩු කරනු ලබයි. ඔබ එන්නතක් ලබා ගත් විට, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිචාර දක්වයි. එය:

එය, වෛරසය හෝ බැක්ටීරියා වැනි ආක්‍රමණික විෂබීජ හඳුනා ගනී.

එය, ප්‍රතිදේහ නිපදවයි. ප්‍රතිදේහ යනු රෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් ස්වභාවිකව නිපදවන ප්‍රෝටීන වේ.

එය, රෝගය සහ එයට එරෙහිව සටන් කළ යුතු ආකාරය සිහිතබා ගනියි. ඉතින්,  අනාගතයේදී ඔබ විෂබීජයට නිරාවරණය වුවහොත්, ඔබ අසනීපවීමට පෙර ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට එය ඉක්මනින් විනාශ කළ හැකිය.

එබැවින් එන්නත යනු,  රෝගාබාධයකින් තොරව ශරීරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කිරීමට හැකි ආරක්ෂිත හා දක්ෂ කමයකි.

අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධති නිර්මාණය කර ඇත්තේ මතක තබා ගැනීමට  හැකිවන ආකාරයෙනි. එන්නතක මාත්‍රා එකක් හෝ වැඩි ගණනකට නිරාවරණය වූ පසු, අපි සාමාන්‍යයෙන් වසර ගණන්, දශක ගණන් හෝ ජීවිත කාලය පුරාවටම රෝගයකින් ආරක්ෂා වෙමු. එන්නත් එතරම් ඵලදායී වන්නේ මේ නිසාවෙනි. රෝගයක් ඇති වූ පසු එයට ප්‍රතිකාර කරනවා වෙනුවට, එන්නත් මගින් අපව රෝගාතුර වීමම වළක්වයි.

එන්නත් මගින් පුද්ගලයින් සහ ප්රජාවන් ආරක්ෂා කරනු ලබන්නේ කෙසේද?

පුද්ගලයෙකුට යම් රෝගයකට එරෙහිව්ව එන්නත ලබා දුන් විට, ඔවුන්ගේ (එම රෝගයෙන්) ආසාදනය වීමේ අවදානම ද අඩු වේ – එබැවින් ඔවුන් (එම) වෛරසය හෝ බැක්ටීරියා අන් අයට සම්ප්‍රේෂණය කිරීමට ඇති ඉඩකඩ අඩුය. ප්‍රජාවක වඩ වඩාත් පිරිසකට එන්නත ලබා දෙන විට, අඩු පිරිසක් අවදානමට ලක්ව සිටින අතර, ආසාදිත පුද්ගලයෙකුට රෝග කාරකය වෙනත් පුද්ගලයෙකුට ලබා දීමට ඇති ඉඩකඩ අඩුය. ප්‍රජාව තුළ රෝග කාරකයක් සංසරණය වීමේ හැකියාව අඩු කිරීමෙන් (සෞඛ්‍ය තත්වයන්, අසාත්මිකතා හෝ ඔවුන්ගේ වයස නිසා) එන්නත ලබා ගත නොහැකි අය  එන්නත මගින් ඉලක්ක කරණු ලබන  රෝගයෙන් ආරක්ෂා කරනු ලබයි.

Assumption of Herd Immunity against COVID-19: A Plausibility and Hope or a  Terrible Thought in Modern-Day to Save the Life

සමූහ ප්රතිශක්තිය‘(herd immunity)  යන්නෙන් කුමක් අදහස් කෙරේ ?

‘සමූහ ප්රතිශක්තිය'(herd immunity) යන්න ‘ගහන ප්රතිශක්තිය'(population immunity) ලෙසද හැඳින්වේ. එක්කෝ එන්නතක් හේතුවෙන් හෝ නැතිනම් කලින් ආසාදනයවී සිටීම  හේතුවෙන්  ජනගහනයක් තුල බෝවෙන රෝගයකට එරෙහිව   වක්රව වර්ධනය වන ආරක්ෂාව සමුහ ප්රතිශක්තිය වේ. එන්නත ලබානොදුන් හෝ කලින් ආසාදනය වී නොමැති පුද්ගලයින් වූ පමණින්  ඔවුන් ප්රතිශක්ත යයි සාමූහ ප්‍රත්ශක්තිය යන්නෙන් අදහස් නොකෙරේ. ඒ වෙනුවට, ප්රතිශක්ත නොවන නමුත් ප්රතිශක්තිය ඉහළ ප්රතිශතයක් සහිත ප්රජාවක් ජීවත් වන විට, ප්රතිශක්තීත සුළු කොටසක් සහිත  ප්‍රජාවක පුද්ගලයින්  සමග සසඳන විට   සමුහ ප්රතිශක්තිය පවතින්නේ නම්  සාපේක්ෂව පුද්ගලයන්ට රෝග අවදානම අඩු වීමයි.

ඉහළ ප්රතිශක්තියක් ඇති ප්රජාවන්හි, ප්රතිශක්තිත නොවන පුද්ගලයින්ට පවා වෙනත් අයට වඩා අඩු අවදානමක් ඇති  නමුත් ඔවුන්ගේ අවදානම අඩු වන්නේ පෞද්ගලිකව ගතහොත් ඔවුන්  ප්‍රතිශක්තිත නිසා නොව ඔවුන් ජීවත් වන ප්රජාවේ ප්රතිශක්තිය හේතුවෙනි (එනම් සමූහ ප්රතිශක්තිය). සමූහ ප්රතිශක්තිය ප්රථම වරට ළඟා වූවායින් පසු ප්‍රතිශක්තිත නොවන පුද්ගලයින් අතර ද රෝග අවදානම අඩු වී ඇති බව නිරීක්ෂණය කළද, එන්නත් තව තවත් අඛණ්ඩව ලබාදුනහොත් මෙම අවදානම තවදුරටත් පහත වැටෙනු ඇත. එන්නත් ආවරණය ඉතා ඉහළ මට්ටමක පවතින විට, ප්රතිශක්තිකරණයෙන් තොර අය අතර පවා රෝග ඇතිවීමේ අවදානම සැබවින්ම ප්රතිශක්තිකරණයට ලක්වූවන්ට සමාන විය හැකිය.

ලෝක සෞඛ් සංවිධානය  සමූහ ප්රතිශක්තියලබා දීම පිණිස සහාය වන්නේ ඇයි?

ලෝක සෞඛ්‍ය සංවිධානය ‘සමූහ ප්‍රතිශක්තිය’ ලබා ගැනීමට සහාය වන්නේ  එන්නත් කිරීම මගින් මිස  ජනගහනයක් පුරාවට රෝගයක් පැතිරීමට ඉඩ දීමෙන් නොවේ. මන්ද, මෙය අනවශ්‍ය සිදුවීම් හා අනවශ්‍ය මරණවලට හේතු වන නිසාවෙනි.

ගෝලීය වසංගතයක් ඇති කර තිබෙන  නව රෝගයක් වන කොවිඩ්-19 සඳහා, බොහෝ එන්නත් වැඩි දියුණු කෙරෙමින් පවතින අතර සමහර ඒවා රෝගයට එරෙහිව ආරක්ෂිතබව සහ කාර්යක්ෂමතාව පෙන්නුම් කරමින් මුල් අවධියේ ක්‍රියාත්මක වේ. සමූහ ප්‍රතිශක්තිය ඇති කිරීම ආරම්භ කිරීම සඳහා ජනගහනයෙන් කොපමණ කොටසකට  කොවිඩ්-19 ට එන්නත් කළ යුතු ද යන්න ගැන වැටහීමක් නැත. මෙය පර්යේෂණයන්ගේ  වැදගත් අංශයක් වන අතර කුමණ ප්‍රජාවක් ද, කුමණ එන්නතක් ද සහ එන්නත සඳහා ජනගහන තුළ ප්‍රමුඛතාවය දී ඇති කොටස මෙන්ම  වෙනත් සාධක අනුව ද වෙනස් විය හැකිවේ.

පෝලියෝ, රොටාවිරස්, නියුමොකොකස්, බී වර්ගයේ  හීමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සාව , කහ උණ, මෙනින්ගොකොකස් සහ එන්නත් මගින්  වලක්වා ගත හැකි රෝග   තවත් බොහොමයකට එරෙහිව එන්නත් ලබා දීම සමූහ ප්‍රතිශක්තියෙහි වැදගත් අංගයකි. එහෙත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරීමේ හැකියාව සහිත, එමෙන්ම  එන්නත් මගින් වැළැක්විමේ හැකියාව සහිත රෝග සඳහා පමණක් ක්‍රියාත්මක වන ප්‍රවේශයකි. නිදසුනක් වශයෙන්, ටෙටනස් වැළඳෙන්නේ පරිසරයේ ඇති බැක්ටීරියා වලින් මිස වෙනත් පුද්ගලයින්ගෙන් නොවේ, එබැවින් ප්‍රතිශක්ත නොවන අයෙකු,  සෙසු ප්‍රජාවෙන් වැඩි දෙනෙකුට එන්නත් ලබා දී තිබුන ද රෝගයෙන් ආරක්ෂිත නොවේ.

හෙට thathu.com ලිපිය:එන්නත් නිපදවා පරීක්ෂාවට ලක් කරන්නේ කෙසේද?

WHO ඇසුරෙන් සැකසිණ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.