සැමට විදු නැන නුවණ – Science Literacy for All

ගොවිතැන සඳහා ගිනි භාවිතය

කෘෂිකර්මාන්තයේ දී ගිනි භාවිතය

ක්ෂේත්‍ර ගිනි තැබීම වැනි භාවිතයන් භූ දර්ශනය කැබලි, කැබලි වශයෙන් වෙන්කර දමන  අතර ස්වාභාවික අකුණු මඟින් ආරම්භ වන ගිනි පැතිරීමේ හැකියාව අවම කරයි. අනෙක් අතට, එවැනි භාවිතයන්  ද වර්තමානයේ සෞඛ්‍ය ගැටළුවක් සේ සැලකෙන, දුමාර දූෂණයකට  මග පාදයි.  පුදුමයට කරුණක්  වන්නේ ගින්නෙන් පුරන් ගොවිතැන අනුගමනය කර ඇති ප්‍රදේශ විශාල පරාසයයි. තායිලන්තයේ  සහ මධ්‍යම අප්‍රිකාවේ තිබෙන්නාක්  වැනි නිවර්තන කලාපීය ප්‍රදේශ සහ උතුරු යුරෝපයේ තිබෙන්නාක්  වැනි සෞම්‍ය  දේශගුණයක් සහිත ප්‍රදේශද මෙයට ඇතුළත් වේ. මෙම සෑම කලාපයක්ම ගොවීන්ට මෙන්ම සංරක්‍ෂකයන්ටද  එකසේ විවිධ අභියෝග සපයයි.

දෙවන උදාහරණය(ප්‍රථම උදාහරණය  දෙසැම්බර 30 ද පල වු මෙම ලිපියේ මුල් කොටසේ දැක්වේ) අපට ගින්නෙන් පුරන්  ‘ගොවිගෝපීවාදය’ ලෙස හැඳින්විය හැකිය. මෙය සතුන්ගේ ප්‍රයෝජනය සඳහා ගින්න සහ ශාක කළමනාකරණය කරන පද්ධතියකි.  මීට අදාළ අදහස නම්, දහනය කිරීමෙන් උලාකන්නන් හෝ කඩා කනනන්  භාවිතා කරන වෘක්ෂලතාදියට  මග පාදන  භූ දර්ශනය අලුත් කිරීමට ඉඩ සලසන්නේය යන්නයි. විශේෂයෙන් එය තණකොළ කෙරෙහි බලපෑමක් ඇති කරයි.  නිදසුනක් ලෙස, සී 4 වර්ගයෙ තණකොළ වැවෙන සමහර ප්‍රදේශවල, (ඒවා) කලක් ගත වූවිට කෑමට ප්‍රිය නොවිය හැකි නමුත් පුළුස්සා දැමුවවිට පැන නගින  ආහාරයට හොඳ බෝගයක් බවට පත්වෙයි. කෙසේනමුත් ප්‍රදේශයක් (දැවමය)  ලඳු කැලෑ හෝ වනාන්තර බවට නැවත පත්වීම වැළැක්වීම සඳහා නිතිපතා ගිනි අවශ්‍ය විය හැකිය. තවද, ගින්නෙන් පුරන් ගොවිතැන සමඟ සම්බන්දයේ දී අප දුටු ආකාරයටම ගින්න පුනර්ජීවනය කිරීමේ ක්‍රමයක් ලෙස සැලකිය හැකිය.

කෙසේ වෙතත්, ගොවි ගෝපී  පසුබිම තුළ අපට අතිරේක ආතතියක් දැකගත හැකිවේ.  Fire as a global ‘herbivore’: the ecology and evolution of flammable ecosystems යන ග්‍රන්ථයේ කතුවරුන් වන විලියම් බොන්ඩ් සහ ජෝන් කීලි ගින්න සැලකුවේ ‘ගෝලීය ශාකභක්ෂකයෙකු’ ලෙස ය. මෙයින් ගම්‍යමාන වන්නේ ගින්න සහ ශාකභක්ෂකයන් එකම ආහාර සම්පතක් සඳහා තරඟ වදින අතර සමහර ආකාරවලින් ඒවාට සමාන බලපෑම් ද  ඇති කරන බවයි — එනම්,  දහනය(combustion) යි. ශාකභක්ෂකයන් සෙමින් (වුවද)  එය අනුභව කිරීමෙන් සහ අනෙක (ගින්න) ඉක්මනින්(වුවද)  පුළුස්සා දැමීමෙනි.  දෙකම වෘක්ෂලතාදිය කෙරෙහිම බලපෑමක් ඇති කරන අතර දෙකම ඝන අවශේෂ (solid residues) සහ හරිතාගාර වායු (මීතේන් සහ කාබන් ඩයොක්සයිඩ්) ඇතුළත් අපද්‍රව්‍ය නිෂ්පාදනය කරයි.

Fire as a global 'herbivore': the ecology and evolution of flammable  ecosystems
Fire as a global ‘herbivore

(ඒවා) ඇතිවෙන්නාවූ කාලය ගැන  අනාවැකි කිව නොහැක වුවත්, බොහෝ විට කාලගුණය, ජ්වලනය(දැල්වීම) මත රැඳෙමින්  ස්වාභාවික පරිසරයක ගින්නක් අහම්බෙන් සිදුවනු ඇතගිනි-සත්වාහාර පශූ පාලන පද්ධතියක් තුළ පිළිස්සීමේ හා රැකබලා ගැනීමේ ක්‍රමයට විධිමත් බවක් ඇතිවීමට ඉඩ සලසන අනුපිළිවෙලක් පද්ධතියට හඳුන්වා දී ඇත. එහෙත් මෙම  භාවිතය  සෑම විටම වඩා නිරවුල් කෘෂිකාර්මික ක්‍රමවේදයන් අනුගමනය කිරීමට කැමති අයගේ අදහස සමඟ හොඳින් නොගැලපෙන අතර මෙම ‘ආරවුල’ ගින්න පිළිබඳ  ප්‍රජා හා දේශපාලන ආකල්පවල සංකීර්ණතාව තව තවත් දේ එක් කරයි.

Transhumant Pastoralism in the Context of Socioeconomic and Climate Change  in the Mountains of Nepal
Transhumant Pastoralism 

මෙම  ගොවි-ගෝපී නිදසුන් පෙළගැස්ම  තුළ ගින්න භාවිතා කිරීම සඳහා බොහෝ ප්‍රවේශයන් ඇත. මෙයින් එකක් ‘ගොදුරු බිම් මාරුව’(transhumance)ලෙස නම් කර ඇත. කඳුකර ප්‍රදේශවල අවුරුද්දේ විවිධ කාලවලදී සත්වාහාර ලබා ගත හැකි අතර මධ්‍යධරණී ද්‍රෝණියේ විශේෂයෙන් සුලභ වේ.  ගිම්හාන කාලයේ  තණ උලාකෑම සඳහා සතුන් කඳුකරයට දක්කා ගෙන යන අතර ශීත සෘතුවේ දී නැවත පහත් බිම් ප්‍රදේශවලට ගෙන යනු ලැබේ.  සතුන් ඔබමොබ ගෙනයාමට පෙර බොහෝ අවස්ථාවන්හීදී, කඳුකර තණබිම් සහ සංක්‍රමණික මාර්ග ද පුළුස්සා දමනු ලබන්නේ ආහාරයට ගතහැකි නව වර්ධනයක් ඇති කිරීමට ඉඩ සලසමිනි. එසේම, කන්නය අවසානයේ ද  ප්රදේශ පුළුස්සා දමනු ලැබේ. ශීත තණබිම් පවා පුළුස්සා දමනු ලබන්නේ සතුන් බැහැරව සිටියදී ගිම්හාන මාසවල වැඩී තිබෙන පඳුරු සහ කුඩා ගස් ඉවත් කිරීම පිණිස ය.

යුරෝපයේ වෙනත් ප්‍රදේශවල, වඩාත් සෞම්‍ය දේශගුණයක් සහිත ප්‍රදේශවල සතුන් බෝග වගා ගොවිතැන සමඟ අනුකලනය කිරීමට උත්සාහ දරා ඇත. ගිම්හානයේදී සත්තු බැහැරව කාලය ගත කරන නමුත් ශීත සෘතුවේදී අභ්‍යන්තරයේ ගත කරති. එවැනි අවස්ථාවන්හිදී කුඹුරුවල ‘නැවුම්’ බවක් ඇතිකිරීම සඳහා  ගින්න විවිධ බිම්කට්ටිවල මාරුවෙන් මාරුවට භාවිත කළ හැකි අතර, ගෘහස්ථව තබා ගෙන සිටි  සතුන්ගෙන් ලැබෙන  පොහොර වගාවේ වර්ධනය වැඩි දියුණුව  සඳහා කුඹුරුවලට දැමිය හැකිය. උතුරු සෞම්‍ය දේශගුණ කලාපවල ස්වීඩනය තරම් දුරින් සිට දකුණු අර්ධගෝලයේ වඩාත් නිවර්තන කලාපයේ මැඩගස්කරය දක්වා මෙවැනි මිශ්‍ර ගිනි / කෘෂිකාර්මික පිළිවෙත් ලොව පුරා දක්නට ලැබේ.

FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: