ආසදනය වැළක්විය හැක්කේ එන්නත් අතළොස්සකට පමණකි – එසේ වන්නට හේතු මෙම ලිපියෙන් විස්තර කෙරේ.
එන්නත් යනු එක්තරා විදිහකට වෛද්‍ය විද්‍යාවේ හාස්කමකි. එසේ කියන්නේ මැදිහත් වීම් ස්වල්පයක් මගින් ජීවිත බොහොමයක් බේරා ගනු ලබන නිසාවෙනි. එසේනමුත් සෑම එන්නතක්ම එකම මට්ටමේ ආරක්ෂාවක් ලබා නොදෙන බව කීවොත් එය දැන ගැනීමෙන් ඔබ පුදුමයට පත් වනු නිසැකය. සමහර එන්නත් මඟින් සිදුකරනු ලබන්නේ ඔබට රෝග ලක්ෂණ ඇතිවීම වැළැක්වීම නමුත් අනෙක් ඒවා ඔබට රෝගය ආසාදනය වීම ම වළක්වයි. දෙකෙන් පසුව කී වර්ගය “විෂබීජහරණය කිරීමේ ප්රතිශක්තිය”( “sterilising immunity”) ලෙස හැඳින්වේ. විෂබීජහරණය කිරීමේ ප්‍රතිශක්තිය ඇතිකළ විට, වෛරසයට ශරීරය තුළට ඇතුල්වීමට පවා නොහක්කේ, ප්‍රතිශක්ති පද්ධතිය මගින් වෛරසය සෛලවලට ඇතුල්වි ප්‍රතිවලිත වීම වළක්වන හෙයිනි.

රෝග වැළැක්වීම සහ ආසාදන වැළැක්වීම අතර සියුම්, එසේනමුත් වැදගත් වෙනසක් ඇත. “හුදෙක්” රෝගයක් වළක්වන්නාවූ එන්නතක් මඟින් ඔබ, රෝගය අන් අයට සම්ප්රේෂණය වීම වළක්වාගනු ලැබීමට නොහැකි වන්නට පුළුවන. එහෙත් විෂබීජහරණය කරන ප්රතිශක්තිය ලබා දෙන එන්නතක් මඟින් එහි ක්‍රියාකාරිත්වය පටන් ගැනීමට පෙරම වෛරසය ක්ෂණිකව බෙලහීන කරයි.
පරමාදර්ශී ලෝකයක, සියලුම එන්නත් මගින් විෂබීජහරණය කරන ප්රතිශක්තිය ඇති කරනු ලබයි. එහෙත්, යථාර්ථය නම්, වෛරස් ආසාදනය මුළුමනින්ම නවත්වන එන්නත් නිපදවීම සැබවින්ම අතිශයින් දුෂ්කරය යන්නය. වර්තමානයේ නිත්‍ය භාවිතයේ පවතින බොහෝ එන්නත් වලින් මෙය(ආසාදනය මුළුමනින්ම නැවැත්වීමේ ඉලක්කය) සාක්ෂාත් කරගත නොහේ. නිදසුනක් වශයෙන්, ළදරුවන් තුළ පාචනය ඇතිවීමට බහුලව හේතුවන රොටාවෛරස්(rotavirus) ඉලක්ක කරගත් එන්නත් සමත්වන්නේ දරුණු රෝග තත්ත්වයන් වැළැක්වීමට පමණි. එසේ වුවද, මෙම එන්නත වෛරසය පාලනය කිරීමේදී තවමත් මිල කළ නොහැකි සේවාවක් ඉටු කරන බව ඔප්පු වී ඇත. එක්සත් ජනපදයේ, 2006 දී එන්නත හඳුන්වා දුන් දින සිට රොටාවඓරසය ආශ්රිතව රෝහල් වෙත එන පිරිස් 90% කට වඩා අඩු වී ඇතැයි වාර්තා වේ. වර්තමාන පෝලියෝ වයිරස් එන්නත් සම්බන්ධයෙන් ද එවැනිම තත්ත්වයක් ඇති අතර, ගෝලීය වශයෙන් මෙම වෛරසය තුරන් කළ හැකිය යන බලාපොරොත්තුව අපට ඇත.
බලපත්ර ලබා දුන් පළමු SARS-CoV-2 එන්නත් රෝග අවම කිරීම සඳහා ඉතා ඵලදායී බව පෙන්වා දී ඇත. එසේ තිබියදීත්, මෙම එන්නත් මගින් විෂබීජහරණය කිරීමේ ප්රතිශක්තිය ඇති කළ හැකිදැයි අපි තවමත් නොදනිමු. දැනට පවත්වන එන්නත් සායනික අත්හදා බැලීම් වලින් මෙම ප්රශ්නය ආමන්ත්රණය කිරීමට හැකිවන දත්ත ළඟදීම ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මුලින් විෂබීජහරණ ප්රතිශක්තිය ඇති කළ හැකි වුවද, ප්රතිශක්තිකරණ ප්රතිචාර හීනවී යාම හා වෛරස් පරිණාමය සිදුවන විට කාලයත් සමඟ මෙය වෙනස් විය හැකිය.
පුද්ගලයන් තුළ ප්රතිශක්තිය
නව කොවිඩ්-19 එන්නත් ලබාදුන් අයට අයට විෂබීජහරණය කිරීමේ ප්රතිශක්තිය හිඟවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
සරලවම දක්වතොත්, එයින් අදහස් වන්නේ එන්නත ලබා ගැනීමෙන් පසු වෛරසය ඔබ වෙත පැමිණියහොත්, ඔබ ආසාදනයට පත් විය හැකි නමුත් ඔබ අලාක්ෂණික(රෝග ලක්ෂණ පෙන්නුම් නොකරනු) විය හැකි බවයි. මෙයට හේතුව ඔබේ එන්නත මගින් ඔබ තුළ ඇති කරන ප්රතිශක්තිකරණ ප්රතිචාරයට සෑම වෛරස කොටසක්ම(අංශුවක්ම) ප්‍රතිවලනය වීම නැවැත්විය නොහැකි වීමයි
විෂබීජහරණය කිරීමේ ප්රතිශක්තිය සඳහා, “උදාසීන ප්රතිදේහයක්”ලෙස හැඳින්වෙන විශේෂිත ප්රතිදේහයක් අවශ්ය බව පොදුවේ වටහාගෙන ඇත. මෙම ප්රතිදේහ සෛල තුළට වෛරස් ඇතුළු වීම අවහිර කරන අතර සියලු ප්‍රතිචලන වළක්වයි.
කෙසේ වෙතත්, පරිපූර්ණ ප්රතිදේහයක් ඇති කිරීම සඳහා ආසාදිත වෛරසය එන්නත වෛරසයට අනන්‍ය විය යුතුය.
වාසනාවකටමෙන්, එන්නත් සඳහා අපගේ ප්රතිශක්තිකරණ ප්‍රතිචාරයන්ට අපගේ ප්‍රතිශක්ති පද්ධතියේ විවිධ සෛල හා සංඝටක බොහොමයක් සම්බන්දය. ඉතින්, ප්රතිදේහ ප්රතිචාරය ප්රශස්ත නොවුවද, වෛරසය ආක්රමණය කරන විට ප්රතිශක්තිකරණ මතකයේ වෙනත් අංගයන් ප්‍රාණවත් වන්නට හැකිය. මේවාට සයිටොටොක්සික් (cytotoxic) T සෛල සහ උදාසීන නොවන ප්රතිදේහ ඇතුළත් වේ. වෛරස් ප්රතිවර්තනය මන්දගාමී වන අතර එහි ප්රති ඵලයක් ලෙස රෝග හීනවේ.
ඉන්ෆ්ලුවෙන්සා එන්නත් පිළිබඳ වසර ගණනාවක අධ්යයන මාර්ගයෙන් අපි මෙය දනිමු. මෙම එන්නත් සාමාන්යයෙන් රෝගවලින් ආරක්ෂාව ඇති කරන නමුත් අවශ්යයෙන්ම ආසාදන වලින් ආරක්ෂා සපයන්නේ නොවේ. මෙයට බොහෝ දුරට හේතු වී ඇත්තේ සංසරණය වන විවිධ ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයන්, SARS-CoV-2 සමඟ ද ඇතිවිය හැකි තත්වයකි. විෂබීජහරණය කිරීමේ ප්රතිශක්තිය ඇති කිරීමට අපොහොසත් වුවද, වෛරසය පාලනය කිරීමේදී ඉන්ෆ්ලුවෙන්සා එන්නත තවමත් අතිශයින්ම වටිනා බව දැනගැනීම සැනසිල්ලට හේතුවේ.

ජනගහනයක ප්රතිශක්තිය
විෂබීජහරණය කිරීමේ ප්රතිශක්තියක් නොමැති විට, SARS-CoV-2එන්නත් ජනගහනයක් අතරේ වෛරසයක් පැතිරීමට බලපාන්නේ කෙසේද?
එන්නත ලබා දීමෙන් පසු අලාක්ෂ්ණික ආසාදන ඇතිවිය හැකි නම්, SARS-CoV-2 වෛරසය තවදුරටත් පෙර මෙන් බොහෝ දෙනෙකුට ආසාදනය වනු ඇතැයි යන්න ගැන සැලකිල්ල යොමුව තිබේ. මෙය සිදුවිය හැකිද?
අලාක්ෂ්ණික ආසාදිත පුද්ගලයින් සාමාන්යයෙන් පහළ මට්ටම්වලින් වෛරස් නිපදවයි. (කාරණා දෙක අතරපරිපූර්ණ සම්බන්ධතාවයක් නොතිබුණ ද), සාමාන්යයෙන් වෛරස වැඩිවන්ට වැඩි වන්ට, රෝගය ද වැඩි වේ. මෙහි අනික් පැත්ත ද එලෙසය. එමනිසා, එන්නත් ලබා ඇති පුද්ගලයින් දරුණු රෝග ඇති කිරීමට තරම් වෛරස් සම්ප්රේෂණය කිරීමේ අවදානම අඩුය. මෙයින් කියැවෙන්නේ (මෙම තත්වය තුළ) ආසාදනය වන පුද්ගලයින් ඊළඟ පුද්ගලයාට වෛරසය සම්ප්රේෂණය කරන්නේ අඩුවෙන් බවයි. කුකුළන් තුළ විවිධ වෛරස ඉලක්ක කරගෙන එන්නතක් භාවිතා කරමින් මෙය අත්හදා බැලීමේ දී මනාව පෙන්නුම් ඇත; (කුකුළන්) රෑනක කොටසක් පමණක් එන්නත ලබා දුන් විට, එන්නත් ලබා නොදුන් කිකිළියන් වඩාත් මඳ රෝග තත්ත්වයක් පෙන්නුම් කළ අතර වෛරස නිපදවීම ද අඩුවිය.

.එබැවින්, විෂබීජහරණය කිරීමේ ප්රතිශක්තිය බොහෝ විට එන්නත් සැලසුම් කිරීමේ අවසාන ඉලක්කය වුව ද, එය සාක්ෂාත් කරගනු ලැබෙන්නේ කලාතුරකිනි. වාසනාවකට මෙන්, මෙය අතීතයේ වෛරස් ආසාදන සංඛ්යාව සැලකිය යුතු ලෙස අඩු කිරීමට විවිධ එන්නත්වල හැකියාව අවතක්සේරු වී නැත. පුද්ගලයන් අතරේ රෝග මට්ටම අඩු කිරීමෙන්, මෙය ජනගහනය හරහා වෛරස් පැතිරීම අඩු කරන අතර, මෙය වර්තමාන වසංගතය පාලනය කරනු ඇතැයි අපේක්ෂිතයි.
The Conversation හි පළවූ The Conversation Coronavirus: few vaccines prevent infection – here’s why that’s not a problem යන ලිපිය ඇසුරෙනි