පරිණාමය යන්නෙන් අර්ථගැන්වෙන්නේ කුමක් ද?

Posted by

පරිණාමය යන්නෙන් අර්ථගැන්වෙන්නේ කුමක් ද?
අද පෘථිවිය මත ජීවිතය යනු, මීට වසර බිලියන ගණනකට පෙර ආරම්භ වූ එහි වෙනස්වන සංකීර්ණ ඉතිහාසයේ ප්‍රතිඵලයයි. කෙසේ වෙතත්, මෙම අදහස බටහිර චින්තනයේ සාපේක්ෂව මෑත කාලීන වර්ධනයකි. මධ්යකාලීන යුගයේ සිට ඩාවින්ගේ කාලය දක්වාම වාගේ වූ ක්රිස්තියානි ලෝක දෘෂ්ටිය අනුව ලෝකය නියත (එක ලෙසම පවතින්නේය)හා (බිහිවී වැඩි කල් ගතවී නොමැතකෙටි කාලීන ය. පරිණාමය පිළිබඳ අදහස, එනම් කාලයාගේ ඇවෑමෙන් (සත්ව හෝ ශාක්)විශේෂ වෙනස් වීම යන අදහස , ග්‍රීකවරුන්ගේ කාලයේ සිටම පැවතුනද, 1859 දී ඩාවින් විසින් රචිත On the Origin of Species by Means of Natural Selection (ස්වභාවික වරණය මගින් සිදුවන විශේෂයන්ගේ සම්භවය) හෝ the Preservation of Favoured Races in the Struggle for Life (ජීවිත අරගලයේ දි වර්ණෛත වංශ සුරක්ෂිතවීම) ග්‍රන්ථ ප්‍රකශයට පත්වන තෙක් පරිණාමය පුළුල් ලෙස පිළිගැනීමට ලක්නොවිණ. පරිණාමය යන වචනයට සිත්ගන්නාසුලු ඉතිහාසයක් ඇත, එය ලතින් evolvere අර්ථයෙන් “හෙළිදරව්ව හෝ අනාවරණය කිරීම” යන්න ගම්‍ය කරයි. 1600 ගණන්වල අග භාගයේ පරිණාමය භාවිතා කරන ලද්දේ කලලරූපී සංවර්ධනය විස්තර කිරීම සඳහාය. 1744 දී ඇල්බ්‍රෙක්ට් වොන් හැලර් (1708-77) විසින් ලන්දේසි කීට විද්‍යාඥය ජෑන් ස්වාමර්ඩම් (1637-80) ගේ පුරානිර්මාණීය කළල විද්‍යාව(preformationist embryology) සංලක්ෂිත කිරීම සඳහා පරිණාමය යන යෙදුම භාවිතා කළේය. සියලු අවයව සහ අභ්‍යන්තර කොටස් කලලරූපය තුළ මුළුමනින්ම පිහිටුවා ඇති අතර එය වැඩි දියුණු කර පුළුල් කළ යුතු බව පුරා නිර්මානය(Preformation) යන්නෙහි පූර්ව නිගමනය විය. ඉහළ මට්ටමේ සතුන්ගේ අවයව, අවිභින්න අවධියක සිට බෙහවින්ග් විභින්න අවධියක් කරා වර්ධනය වෙනස්වන්නාවූ අනුක්‍රමිකව වර්ධනය වූ අපිජනන සංකල්පයට මෙය ප්‍රතිවිරුද්ධ විය.

Human knee evolved in lockstep with osteoarthritis, Harvard study says –  Harvard Gazette


1800 ගණන් වන විට පරිණාමය මෙකී පසුකාලීන දෘෂ්ටිය හා සම්බන්ධ විය. ස්වාභාවික විද්‍යාඥයින් කලල විද්‍යාවේ සිට පොසිල වාර්තා දක්වා ක්ෂේත්‍රවලට මෙම අදහස් ගැලපීමට පටන් ගත් අතර, විශේෂවල වර්ධනය යන්නෙන් පුද්ගලයාගේ සංවර්ධනය පුර්‍රවාවර්තනය වන බව කියා සිටියේය; එනම් කාලයාගේ ඇවෑමෙන් වඩාත් සංකීර්ණ ජීවීන්ගේ වර්ධනය තනි සතෙකු තුළ නිරීක්ෂණය කළ කළල සංවර්ධනයේ අවධීන් පුනරාවර්තනය වීමය.
පරිණාමය යනු කලල විද්‍යාත්මක හා විශේෂයන්ගේ ප්‍රගතිය යන දෙකම අදහස් කරන්නේ යයි සලකණු ලැබූ අතර එයින් අදහස් කරන්නේ එක් විශේෂයක් ඇත්ත වශයෙන්ම තවත් විශේෂයක් බවට පරිවර්තනය වූ බවයි. “පරිණාමය”යන්න වෙනුවට තත්ත්වාන්තරණය (transmutation) යන පදය විශේෂ පරිවර්තනය සඳහා භාවිතා කරන ලදී. ඇත්ත වශයෙන්ම, ෆොසිල වාර්තාව පිළිබඳ සංවර්ධන දෘෂ්ටියකට සහාය දුන් විලියම් කාපෙන්ටර් (1813-85) සහ රිචඩ් ඕවන් (1804-92) වැනි බොහෝ ස්වාභාවික විද්‍යාඥයින් තත්ත්වාන්තරණ පිළිබඳ අදහසට එරෙහිව විශේෂයෙන් තර්ක කළහ. කෙසේ වෙතත්, සංවර්ධනය හා තත්ත්වාන්තරණ පිළිබඳ අදහස් පැහැදිලිවන නොගැලපෙන ඒවා නොවේ. සංවර්ධනයේ වැදගත්කම ඩාවින් විසින් හඳුනාගනු ලැබූ අතර කළල විද්‍යාව ඔහුගේ න්‍යායට පක්ෂව ප්‍රබලම සාක්ෂි සපයන බව සිතීය. ඩාවින්ගෙන් පසුව පරිණාමය යන වචනය වංශානුකරමය සමග විකරණය යන(descent with modification) අදහස සමඟ පමණක් සම්බන්ධ විය.

Evolution in biology scheme evolution of animals isolated on white background. children’s education science. Evolution scale from unicellular organism to mammals. Vector illustration

එවැනි ක්‍රියාවලියක් සිදුවන්නේ කෙසේද? ඩාවින් තර්ක කළේ ජීවීන් පළමුව වෙනස් වන අතර සමහර වෙනස්කම් උරුම වන බවයි. දෙවනුව, පැවැත්ම(ජීවත්වීම) සඳහා අරගලයක් තිබේ. තෙවනුව, අරගලයේ වඩාත් වාසිදායක වෙනස්කම් ඇති එම ජීවීන් වැඩි සංඛ්‍යාවක් නොනැසී පවතිනු ඇති අතර වඩාත්ම වැදගත් දෙය වන්නේ වැඩි ජනිතයන්(offspring) ප්‍රමාණයක් (නොනැසී) ඉතිරි කිරීමයි. මේ අනුව (සිව්වන), කාලයාගේ ඇවෑමෙන් එම වාසිදායක ගති ලක්ෂණ ගහනය විසින් තෝරා ගනු ලබන අතර (එම ලක්ෂන) ගහනය පුරා ව්‍යාප්ත වනු ඇත. අවසානයේදී සිදුවන්නේ නව විශේෂ බිහිවීමයි.
මේ අනුව පරිණාමය සිදුවීමට නම් (1) විචලනය, (2) උරුමය සහ (3) තෝරා ගැනීම(වරණ) තිබිය යුතුය. අර්නස්ට් මයර් (1904-2005) සඳහන් කර තබා ඇත්තේ ඩාවින්ගේ න්‍යාය තුළ විචල්‍ය පරිණාමයේ විවිධ අංශ හා සම්බන්ධ උප න්‍යායන් පහක් අඩංගු වන බවයි. ඒවා නම්: (1) ජීවීන් පරිණාමය වීම හෝ කාලයත් සමඟ වෙනස් වීම, (2) විවිධ ජීවීන් පොදු මුතුන් මිත්තෙකුගෙන් පැවත එන්නන්ය, (3) කාලයත් සමඟ හෝ විශේෂීකරණයෙන් විශේෂයන් ගුණනයවේ., (4) පරිණාමය මන්දගාමී හා අනුක්‍රමිකය, (5) පරිණාමීය වෙනසෙහි ප්‍රාථමික යාන්ත්‍රණය ස්වාභාවික වරණයයි.

පොදු මුතුන් මිත්තෙකුගෙන් පැවතීම ඩාවින්ගේ කාලයේ සාපේක්ෂව ඉක්මණින් පිළිගත් නමුත් ස්වාභාවික වරණය පිළිබඳ ඔහුගේ යාන්ත්‍රණය එසේ නොවීය. නූතන සංශ්ලේෂණය ලෙස හැදින්වූ 1940 දශකය වන තෙක්ම ස්වාභාවික වරණය පරිණාමයේ මූලික යාන්ත්‍රණය ලෙස දෝෂමුක්ත පිළිගැනීමට ලක්නොවීය. කෙසේ වෙතත්, සංස්ලේෂණ කාල පරිච්ඡේදයේදී සංවර්ධනයේ කාර්යභාරය අත්‍යවශ්‍යයෙන්ම නොසලකා හරින ලදි. පරිණාමීය ක්‍රියාවලීන් පිළිබඳ අපගේ අවබෝධය පුළුල් කිරීම සඳහා කළල විද්‍යාව පිළිබඳ පර්යේෂණ භාවිතා කර ඇත්තේ සාපේක්ෂව මෑතකදී ය. එසේ කිරීමෙන් පරිණාමීය සංවර්ධන ජීව විද්‍යාව යනු පරිණාමයට එහිම පරිණාමීය ඉතිහාසය තුල ඇති විවිධ අර්ථයන් එක්තැන් කිරීම හා ජීවන ඉතිහාසය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දීමයි.

EVOLUTION -THE BASICS(Routledge, 2011) හී පළවි ඇති The Meaning of Evolution යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.