කාර්මික කටයුතු සඳහා ගින්න භාවිතකිරීම

Posted by

කාර්මික කටයුතු සඳහා ගින්න භාවිතකිරීම

මීට වසර 100,000-50,000 කට පෙර භාවිතයට ගැනුණු කටයුතු දෙකක් සඳහා ගින්න අවශ්‍ය වූ බව විශ්වාස කෙරේ. ගින්නක් දැල්වීම සඳහා ගන්නා උපකරනයට අවශ්‍යවූ නූලින් ඇඹරූ ලණු මීට වසර 120,000 කට පෙර භාවිතයේ තිබූ බව පෙනේ. කාර්මික කටයුතු වෙනුවෙන් මුළින්ම භාවිතයට් ගැනුණු ගින්නකට නිදසුන් ලෙස අපට  මැටි භාණ්ඩ සෑදීමේ ක්‍රියාවලියේදී යොදාගත් ගිනි දැක්විය හැකිය. . මෙම ශිල්පය චීනයේ දී වර්ධනය වූයේ යයි සැලකේ; මෙය සිද්ධවූ නිස්චිත කාල වකවානුව ගැන වාදවිවාද පැවතුන ද, දළ වශයෙන්  එය වසර 20,000 කට පෙර වන්නට පුළුවන.

Primitive Fire Starting: the Bow Drill : 9 Steps (with Pictures) -  Instructables
The History and Invention of Pottery

කුඹල් කර්මාන්තය තුළින් නිපදවුණු මැටියම්  භාජන ගබඩා කිරීම සඳහා පමණක් නොව ආහාර පිසීම සඳහාද භාවිත කළා වියහැකිය. කෙසේවෙතත්, ගින්න කර්මාන්තකරනය සඳහා නියමිත ආකාරයෙන් යොදාගැනීම මීට වසර 5,000 කට පෙර, මුලින් තඹ සහ ලෝකඩ ද ඉන් පසුව යකඩ ද සම්බන්ධකර ගැනුණු ලෝහ කර්මානතයේ වර්ධනය සමඟ   අපට දැකගත හැකිය. ලෝහ උණු කිරීම යනු සංකීර්ණ තාක්‍ෂණයකි. එහිදී එම තාක්ෂණය සාමාන්‍ය විවෘත ගිනි උදුනකට වඩා, අනවරතව ඉහළ උෂ්ණත්වයක් පවතින   උදුනක් වැඩිදියුණු කිරීමට සම්බන්ධවිය. මීට අමතරව, ග්‍රීන්ලන්ත අයිස් කඳන්(ice core) වාර්තා වලින් ලබාගන්නා තොරතුරු අඟවන්නේ අපි මීට වසර 5,000 කට පෙර ඊයම් සහ රිදී උණු කිරීම සිදු කළ බවයි. මෙම වර්ධනය වෙමින් පැවති තාක්ෂනයන්ගේ ප්‍රධන බලපැම පැමිණියේ රෝම අධිරාජ්‍යයේ ව්‍යාප්තිය සමගයි.

විවෘත ගිනි තාපමූලයක් ලෙස යොදාගැනීමේ හැකියාව අපට එහිදී දැකගත හකිය. රෝමයේ ‘යටිබිම් ගිනි පද්ධතිය’(Roman hypocaust system) තාපය බෙදාහැරීම හා භාවිතයේ වර්ධනයට මගපෑදීය.  (රෝමානු නිවෙස් හා ස්නාන ස්ථනවල භාවිතයට ගත් මෙය පොළව සහ බිත්ති යට උණුසුම් වාතය සංසරනය කරවණු පිණිස එක්තරා අන්දමක්ට නූතන මධ්‍යම තාපන පද්ධතියක මෙන් සැලසුම්කෙරුන තාපන පද්ධතියකි)  තාපය, යටි බිම් උණුසුම් වායු තාපනය සඳහා පමණක් නොව පුද්ගලික හා පොදු ස්නානස්ථානවල භාවිත සඳහා උණු වතුර රත් කිරීම සඳහා ද යොදා ගත හැකි විය. යටිබිම් ගිනි පද්ධති සංවර්ධනය කිරීමේ වැදගත්කම ඉන්ධන නිෂ්පාදනය හා භාවිතය යන දෙකෙහිම දැකගත හැකිය. රෝමානු ‘යටිබිම්ගිනි පද්ධති පිළිබඳ නොයෙකුත් උදාහරණ අප සතුව ඇති නමුත් ඒවායේ ගිනි හටගැන්වූ ආකාරය හෝ භාවිතා කළ උෂ්ණත්වය පිළිබඳව අප සතුව ඇති දත්ත අල්පය. (ඒවාට) ඉන්ධන සැපයීම සඳහා අවශ්‍ය වන විශාල වනාන්තර ප්‍රදේශ පොම්පෙයි හි යටිබිම්ගිනි පද්ධති පිළිබඳ පර්යේෂණ මගින් පෙන්වා දෙනු ලැබ ඇත. නාගරික පරිසරය තුළ ඉන්ධන ඔබ මොබ ගෙනයාම සහ දුම අඩු කිරීම සඳහා වඩාත් කාර්යක්ෂම ක්‍රමයක් වනුයේ අඟුරු නගරයෙන් පිටත නිපදව (නගරය තුළ ) භාවිතය සඳහ ප්‍රවාහනය කිරීම බව පෙන්වා දෙනු ලැබ ඇත.

Hypocaust
Roman hypocaust system
View Page: Baths & Bathing as an Ancient Roman

මීට වසර දහස් ගණනකට පෙර ඊජිප්තුවේ අඟුරු භාවිතයේ තිබූ බව අපි දනිමු. අඟුරු භාවිතය දුමාර විමෝචනය අඩු කරනවා පමණක් නොව උඳුන්වල වඩාත් ඉහළ හා වඩාත් සම  උෂ්ණත්වයක් සපයයි. කෙසේවෙතත්, පොදුවේ ‘යටිබිම්ගිනි පද්ධති’ සඳහා භාවිතා කරන ලද ඉන්ධන පිළිබඳ දත්ත අප සතුව ඇත්තේ සුළු  වශයෙනි. ඊට හේතුව, පුරාවිද්‍යාත්මක පරීක්ෂණ මගින් සාමාන්‍යයෙන් පද්ධති ශුද්ධ පවිත්‍ර කර දමනු ලබන අතර අඟුරු සොය ගැනීමට හැකි වන අවස්ථාවල පවා ඒවා අතුරෙන් කුමක් දැව දහනය කිරීමෙන් හටගත් අඟුරු අවශේෂ ද  කුමක් ඉන්ධන ලෙස භාවිතා කළ අඟුරු අර්ධ දහනයෙන් හටගත්තේ ද වශයෙන් වෙන්කර හඳුනා ගැනීමට සොයාගැනේමේ අපහසුතා පැන නගින හෙයිනි.

අඟුරු අධ්‍යයනය කිරීම සඳහා පර්යේෂකයන්  විසින් සකස් කරන ලද අඟුරු වල පරාවර්තිතාව(reflectance) මැනීම සඳහා වූ තාක්‍ෂණයක් එවැනි විලක්ෂණ දැක්වීමට අපට ඉඩ සලසයි. මෙය, මෙම පුරාවිද්‍යාත්මක අධ්‍යයන විප්ලවීය වෙනසකට ලක් කර ඇත.

විවිධ ලෝහ පරාසයක් සම්බන්ධයෙන්  ක්‍රියාකිරීම සඳහා මෙන්ම වීදුරු සෑදීම සඳහා ද ඌෂ්මකවල(furnaces) ඉහළ උෂ්ණත්වයක් වර්ධනය කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් බලපෑම් දෙකක් ඇති කරයි. පළමුවැන්න අඟුරු නිෂ්පාදනයේ දියුණුවයි.

අඟුරු දහනය කිරීමෙන්, දැව දහනය කිරීමෙන් ලබා ගත හැකි ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි උෂ්ණත්වයක් ලැබේ. වීදුරු නිෂ්පාදනය සඳහා මෙය විශේෂයෙන් වැදගත් වේ. කෙසේ වෙතත්, කාර්මික ක්‍රියාවලීන්හි දෙවන හා විශාල වෙනසක් සිදු වූයේ දහන සඳහා ගල් අඟුරු වැනි වෙනත් ද්‍රව්‍ය භාවිතා කිරීමෙනි. ගල් අඟුරු භාවිතයේ මූලාරම්භය අවිනිශ්චිත නමුත් රෝම යුගයේදී ගල් අඟුරු යකඩ උණු කිරීම ඇතුළු කාර්මික ක්‍රියාවලීන් සඳහා බහුලව භාවිතා විය. උදාහරණයක් ලෙස British Isles වල ගල් අඟුරු නිෂ්පාදනය, ප්‍රවාහනය සහ භාවිතය පිළිබඳ පුළුල් සාක්ෂි තිබේ. ගල් අඟුරු භාවිතය යකඩ නිෂ්පාදනයේ විප්ලවීය වෙනසක් සිදු කළ අතර 19 වන සියවස වන විට වානේ නිෂ්පාදනයට මඟ පෑදීය.

Glass Manufacturing and Glass Furnaces - Peak Sensors

තාප ප්‍රභවයක් ලෙස දැව වෙනුවට ගල් අඟුරු භාවිතා කිරීම තවත් ප්‍රතිවිපාක ගණනාවක් ඇති කළේය. කර්මාන්තශාලා වල භාවිතා කිරීම සඳහා එන්ජින් ඇතුළු විවිධ තාක්‍ෂණයන් සඳහා වාෂ්ප නිෂ්පාදනය පිණිස ගල් අඟුරු  වඩාත් කාර්යක්ෂමව භාවිතා කළ හැකිය. ගින්න ග්‍රාමීය, කෘෂිකාර්මික කටයුතු සඳහා භවිතයේ  නාගරික, කාර්මික භාවිතයන් දක්වා මෙම වෙනස දැක ගත හැක.

අවියක් ලෙස ගින්නෙහි වැදගත්කම(Fire as a weapon) ගැන ලබන සතියේ කතා කරමු.

FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.