සඳවෙත ගමන් බිමන් වැඩිවීමෙන් එහි අයිස් දූෂිතවෙයි ද?

Posted by

සඳවෙත ගමන් බිමන් වැඩිවීමෙන් එහි අයිස් දූෂිතවෙයි ද?

චන්ද්ර  පාෂාණ කොටස් රැගෙන ආපසු පැමිණීමේ පසුගිය මාසයේ සිය මෙහෙයුමත් සමඟ චීනය සඳ වෙත පැමිණෙන අමුත්තන්ගේ  සංඛ්‍යාව තව වැඩිකිරීමට දායකවෙයි. රුසියාව, ඉන්දියාව, චීනය, ජපානය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් වලින් අවම වශයෙන් අභ්යවකාශ යානා අටක්වත් ඉදිරි වසර තුන තුළ චන්ද්ර පෘෂ් ඨය ස්පර්ශ කිරීමට සූදානමින් සිටියි.

එළඹෙන  මෙහෙයුම් කිහිපයක් මගින් ප්රථම වතාවට සඳෙහි වඩාත් විද්යාත්මකව කුතුහලය දනවන එසේනමුත් සංවේදී ප්රදේශ කිහිපයක් — එනම් එහි ධ්රැව වල ගවේෂණය කරනු ඇත -. මෙම කලාපවල අඳුරු  ආවාටවල මිදී පවතින ජලය අධ්යයනය කිරීම පිළිබඳව පර්යේෂකයෝ උනන්දු වෙති. එසේනමුත් සඳ වෙත ගමන් බිමන් වැඩි වෙත්ම ඔවුන්ට අධ්යයනය කිරීමට අවශ්යවන  අයිස්ම එමගින්  දූෂණය වීමට ඉඩ  ඇතැයි  ඔවුහු කනස්සල්ලට පත්වෙති.

Will increasing traffic to the Moon contaminate its precious ice?

අයිස්, විවිධ හේතු නිසා,  විද්යාඥයන්ට වැදගත් ය. මීට වසර බිලියන ගණනකට පෙර පෘථිවිය සහ චන්ද්රයා ජලය එක්රැස් කළේ කෙසේද සහ කවදාද යන්න පිළිබඳ ඉඟි හෙළිකර ගැනීම පිණිස පුරාන සාම්පල විශ්ලේෂණය කිරීමට  සමහර ගවේෂකයන්ට අවශ්‍ය්ය. තවත්  සමහරුන්ට අවෂ්‍ය අනාගතයේ සඳ මත පිහිටුවනු ලබන කඳවුරුවලදී රොකට් සඳහා ඉන්ධන ලෙස අයිස් සපයාගැනීමටය.

ගවේෂකයන් දැන් සංකීර්ණ වරණයකට(තේරීමකට) මුහුණ දී සිටිති.  අයිස් කැණ එය ඉන්ධන බවට පරිවර්තනය කිරීම සඳහා වූ ක්රියාවලියට මුලපුරමින්  ඔවුන් වහාම කැණීම් ආරම්භ කරනවාද? අයිස්වල කේතනය කර ඇති විද්යාත්මක වාර්තා පරෙස්සමින් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් කලබලයකින් තොරව මන්දගාමී අයුරින්  ඉදිරියට යනවාද?  “මේ මොහොතේ  විද්යාඥයන් කිහිපදෙනෙකු පවසා ඇත්තේ අපට එය(අයිස්) අසලටවත්  යා නොහැකි බවය  මන්ද අප අතින් එය කෙළසීමට ලක්විය හැකි නිසාවෙන් බව යයි, ඉන්දියානාහි Notre Dame විශ්ව විද්යාලයේ භූ විද්යාඥයකු වන ක්ලයිව් නීල් පවසයි, “අනෙක් අය පවසන්නේ අපට එය අවශ්ය හෙයින් කෙළින්ම වැඩේට බහිමු යනුවෙනුයි”

මෙම ආතතීන් ඉතා ඉක්මණින් විසඳිය යුතුව ඇත — විශේෂයෙන්ම  නාසා ආයතනය  විසින් චන්ද්රයාගේ දකුණු ධ්රැවය වෙත  මෙහෙයුම් මාලාවක් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර, එය 2022 දී රොබෝ ගොඩ ගස්වන යානාවලින්  ආරම්භ වී වසර කිහිපයකට පසුව ගගනගාමීන් (1972න් පසු ප්රථම වතාවට) සඳ මතට පිවිසීමත් සමඟ අවසන් වීමට නියමිතය

එක්සත් ජනපදයේ ජාතික විද්යා, ඉංජිනේරු සහ වෛද්ය ඇකඩමියේ (US National Academies of Sciences, Engineering and Medicine (NASEM)) වාර්තාවක් මගින් තර්ක කරනු ලැබුවේ  චන්ද්ර ධ්රැව වඩාත් කාර්යක්ෂමව ගවේෂණය සඳහා  අභ්යවකාශ නියෝජිතායතන   ඒවායින්  තමන්ට අවශ්ය විද්යාව කුමක්ද යන්න  ප්රමුඛතා ගත කල යුතු බවයි. අභ්යවකාශ ගවේෂණය සඳහා හොඳම භාවිතයන් ගෙනහැර දක්වන ජාත්යන්තර අභ්යවකාශ පර්යේෂණ කමිටුව (Committee on Space Research (COSPAR)) ද තත්වය තක්සේරු කරමින් සිටින අතර සඳට යන අභ්යවකාශ යානා සඳහා නව මග පෙන්වීමක් කළ යුතුද යන්න ඉදිරි මාසවලදී තීරණය කරනු ඇත. නාසා ආයතනය COSPAR හි තීරණය බලාපොරොත්තුවෙන් සිටින අතර, පසුව චන්ද්රයා වෙත වගකීමෙන් යුතුව පිවිසිය යුතු ආකාරය පිළිබඳ තමන්ගේම රෙගුලාසි යාවත්කාලීන කරනු ඇත.

සඳ ගවේෂණය වේගවත්වෙද්දී, “අනාගත විද්යා පරීක්ෂණවලට කිසිදු හානියක් නොවන විදිහට වැඩ කිරීමට අපට බැඳීමක් තිබේ” යැයි නාසා මූලස්ථානයේ හි ග්රහලෝක ආරක්ෂණ නිලධාරි ලීසා ප්රට් පවසන අතර ප්රශ්නය වන්නේ, “අපට මෙම අයිතිය ලැබෙන්නේ කෙසේද? යන්නය” යයි කියයි.

ඝට්ටනකාරී මාර්ගයට

කිසිම අභ්යවකාශ යානයක් චන්ද්‍රයාගේ ධ්රැව සහ එහි සැඟව ඇති අයිස් පිළිබඳව කෙලින්ම සොයා බැලීමක් මෙතෙක් කර නැත. ආසන්නයටවත් පැමිණි එකම මෙහෙයුම වූයේ ඉන්දියාවේ වික්රම් ගොඩබැස්වීමේ යානයයයි.  සඳ මතුපිටට සෙමින් ගොඩබැස  අධ්යයන කිරීම වෙනුවට එය  2019දී චන්ද්රයාගේ දකුණු ධ්රැවයේ සිට කිලෝමීටර් 600 ක් පමණ ඈතින් කඩා වැටුණි. චීනය චැන්ජි -6 මෙහෙයුමක් සැලසුම් කරමින් සිටි.  එය චන්ද්රයාගේ දකුණු ධ්රැවය වෙත ගොස් අයිස් හා පාෂාණ රැගෙන  2023 තරම් මෑත කාලයකදී නැවත පෘථිවියට ගෙන එනු ඇත. රුසියාව සහ යුරෝපය මෙන්ම  ජපානය සහ ඉන්දියාව ද චන්ද්ර දකුණු ධ්රැවයට සිදුකෙරෙන රොබෝ මෙහෙයුමක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටී.

Vikram Lander Found | NASA
Vikram lander crash site

ඉන්පසුව ඇත්තේ  නාසා ආයතනයයි. වර්තමාන සැලසුම් වලට අනුව, නාසා විසින් 2022 දී දකුණු ධ්රැවයට රොබෝ යන්ත්ර දෙකක් ද අනතුරුව  වයිපර් නමින් හැඳින්වනු  ලබන විශාල රොබෝ යන්ත්රයක් 2023 දී ද යැවීමට නියමිතයි.. ඊළඟ අවුරුද්ද තරම්, මෑත කාලයකදී මිනිසුන් චන්ද්‍රයාගේ අයිස් ආවාට ගවේෂණය කිරීමට පටන් ගනු ඇත.. මෙහි එක් ඉලක්කයක් විය හැක්කේ අයිස් එකතු කර එය තවමත් මිදී තිබිය දීම  නැවත අධ්යයනය සඳහා පෘථිවියේ රසායනාගාර වෙත ගෙන ඒමයි.

ඇපලෝ ගගනගාමීන් සඳ මතුපිටින් ගමන් කළ පළමු මිනිසුන් බවට පත්වෙද්දී ගවේෂකයන් අතින්  චන්ද්ර අයිස් දූෂණය වීමේ හැකියාව ගැන දශක පහකට පෙර කිසිවෙකුත් කල්පනා නොකළ අතර  එකල පර්යේෂකයන් සිතුවේ සඳ තනිකරම් වියලි බවයි. අඳුරු ධ්රැවීය ආවාට ද ඇතුළුව බොහෝ ස්ථානවල ජලය ඇති බව ඔවුන් වටහාගෙන ඇත්තේ පසුගිය දශකය තුළ ය. එපමණක් නොව විද්යාඥයින් විසින් සඳ මත හිරු එළිය ඇති අවම වශයෙන් එක් ස්ථානයක හෝ ජලය සොයාගෙන තිබේ.

Ice Confirmed at the Moon's Poles | NASA
Ice at Moon’s poles

මේ සියලු ජලය සඳ මතට පැමිණිය හැකි වූයේ ජලයෙන් පොහොසත් ග්රහක හෝ දූම කේතු හෝ සූර්ය සුළං මගින් එහි මතුපිටට එකවර කඩාහෙළීමනි . සමහරක් යමහල් මගින් සපයන්නට ඇත,  එහි ප්රභවය කුමක් වුවත්, සඳෙහි ජලය තීරණාත්මක  වැදගත්  විද්යාත්මක තොරතුරු දරන බව නම් සත්යය්කි.

මෙ අතරතුර, චන්ද්‍ර අයිස් නිදි ගවේෂණයෙන් එම අයිස් දූෂිත වෙයිද? නැතිනම් විද්යාවේ අන්නගත අභ්වෘධිය පතා ඒවා වෙතම ගොස් සොයා බලීම සිදුකල යුතු ද යන්න ගැන විවාදය වියාඥයන් අතර තවදුරටත් පැවැත්වේ

nature research හී පළවූ Will increasing traffic to the Moon contaminate its precious ice?   යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.