ඉතිහාසයෙන් පාඩම්: වෛරසයක් තුරන් කිරීමට එන්නත් පමණක් ප්‍රමාණවත් නොවේ –
වසූරිය රෝගය අවසානයේ දී , මෙලොවින් මුලිනුපුටා දැමූ බව 1980 මැයි 8 වන දින ප්‍රකාශයට පත්කිරීමේට පෙර, 20 වන සියවසේදී පමණක් මිලියන 300 ක ජනතාවක් මරණයට පත්කර දැමීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රේයේසස් “ලෝක ඉතිහාසයේ මහජන සෞඛ්‍ය ජයග්‍රහණය සමරණ ශ්‍රේෂ්ඨ දිනයක්”ලෙස හැන්දින්වූ එම දිනය ඉතා වැදගත් එක කි.
එක් පර්යේෂකයෙකු අවධාරණය කළ පරිදි, වසූරිය “මුලුමනින්ම තුරන් කරනු ලැබුවේ එන්නත මගින් පමණි. කොවිඩ් එන්නත මගින් ද ඉතා ඉක්මනින් නව ගෝලීය වසංගතය අවසන් කර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරනු ලබන බවට ලොව පුරා රජයන් මහජනයාට සථප කර පවසන බැවින් අද එම ජයග්‍රහණය විශේෂයෙන් ධෛර්යමත් කරවන සුළු එකක් බවට පත්වන අතර ජයග්‍රහණය නැවත පණ ගැන්වීමට සූදානම් බවක්ද පෙනීයයි.
‘වසූරිය එන්නතෙහි ඉතිහාසය මත පදනම්ව, එන්නත් කිරීම පිළිබඳ මත පමනක්ම රැඳී ක්‍රියා කිරීමෙන් සමූහ ප්‍රතිශක්තිය(herd immunity) ලබා දිමේ ප්‍රයතනයන් සාර්ථකව ඉදිරියට ගෙන යාම ගැන අපට එපමණ බලාපොරොත්තු තැබිය නොහෑක’.
කල්තියා සිදුකෙරෙන සමාලෝචන ලොව නන් දෙසින් ගලා එයි. එන්නත් යනු “අඳුරු උමග අවසානයේ දකිනා ආලෝකය” වන අතර එය තමයි සාමාන්ය තත්ත්වයට පත්වීමට මගපාදන අපගේ “ටිකට් පත”. එන්නත් “සැබෑ අවසානයක්” කරා අපව යොමු කර තිබේ. නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෲ කියෝමෝ හමුදාමය සාදෘශ්‍යයක් උපුටා දක්වමින් කියන පරිදි : එන්නත “යුද්ධය ජය ගැනීමට ඉඩ සලසන ආයුධයයි.”
එන්නත් එලෙස උත්කර්ෂයට පත් කරනු ලැබුවද, වර්තමාන එන්නත් කිරීමේ ව්‍යාපාර මගින් කොවිඩ් 19ට හේතු වන SARS-CoV-2 වෛරසය තුරන් කර දමීමට උත්සාහ කරනු නොලැබේ. එසේ වුවද, වසූරිය එන්නතෙහි ඉතිහාසය මත පදනම්ව, එන්නත් කිරීම පිළිබඳ මත පමනක්ම රැඳී ක්‍රියා කිරීමෙන් සමූහ ප්‍රතිශක්තිය(herd immunity) ලබා දිමේ ප්‍රයතනයන් සාර්ථකව ඉදිරියට ගෙන යාම ගැන අපට එපමණ බලාපොරොත්තු තැබිය නොහෑක.
වසූරිය තුරන් කිරීම බොහෝ විට එන්නත් වල නියත සාර්ථකත්වයට සාක්ෂියක් ලෙස සලකනු ලැබුවද, වසූරිය මෙලොවින් තුරන් කර අවසානයකට පැමිණීමට පෙර සියවස් ගණනාවක් ලොව පුරා පැතිර තිබූ බව අමතක නොකළ යුතුය. වසූරිය තුරන් කිරීම සඳහා වූ ප්‍රයතන අතර පළමු පියවරක් තැබුණේ 1796 දී ය. ඒ එඩ්වඩ් ජෙනර් ගව වසූරිය චර්මීය තුවාලයකින් නිස්සාරනය කර ගත් සැරව සිය උයන්ගොව්වාගේ පුත්‍රයාට එන්නත් කිරීමත් සමගය.
ඊළඟ අවුරුදු 150 ගෙවුණේ එන්නතෙහි කාර්යක්ෂමතාව, ආරක්ෂාව සහ අතුරු ආබාධ පිළිබඳව දැක්වූ සැලකිල්ල සනිටුහන් විමෙනි. වසූරිය එන්නත් කිරීම මන්දගාමී වීම ගැන 1963 තරම් මැත කාලයකදීත් විමතිය පළකළ බ්‍රිතාන්‍ය වෛද්‍යවරු අනතුරු හැඟවූයේ “මෙ ‘නොසැලකිල්ල’ හමුවේ යළි අධයාපනය ලබාදීමේ දැවැන්ත වැඩසටහනක් අවශ්‍යයි” පෙන්වාදෙමිනි.
පැකලීම එකම ගැටළුව නොවීය. විසිවන සියවසෙහි සැලකිය යුතු දුරක් දක්වාම, එන්නත් ලොව පුරා අසමාන ලෙස බෙදා හරින ලද අතර, වරින් වර රෝගය හිස එසවීම හේතුවෙන් වසූරිය ලෝකයේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ආවේණික වසංගතයක් ලෙස පැවතිම සහතික විය.
1967 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දස අවුරුදු වසූරිය තුරන් කිරීමේ තීව්‍රකාරක වැඩසටහන දියත් කරන විට, තවත් එවැනි තුරන් කිරීමේ උත්සාහයන් හතරක් (කොකු පණුවා, කහ උණ, පරංගි සහ මැලේරියාව) ඒ වනවිටත් අසාර්ථක වී තිබුණි. ඉලක්කයක් ලෙස මෙලොවින් රෝග මුලිනුපුටා දැමීම සලකා බැලිය යුතුද යන්න ගැන එවැනි වැඩසටහන් වලට සම්බන්ධ බොහෝ දෙනෙක් සැක පහළ කළහ. ඇත්ත වශයෙන්ම, 1966 ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් මාර්සෙලිනෝ කැන්ඩෝ විශ්වාස කළේ රෝග තුරන් කිරීම කළ නොහැක්කක් බවයි.

ඔවුන් තේරුම් ගත් දෙය නම් රෝගයක් මැඩපැවැත්වීම හෝ මුලුමනින් තුරන් කිරීමට නම් එන්නත් පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ඒ වෙනුවට, තාප ස්ථායී, හිමායන වියළි එන්නත්(heat-stable freeze-dried) සහ දෙකට බෙදුණු (ද්විභේදී bifurcated) ඉඳිකටුවක් වැනි තාක්ෂණික වර්ධනයන් හඳුන්වාදීම – සන්නිරීක්ෂනය(සෝදිසි කිරීම), ආතුරයන් සොයා ගැනීම, ආශ්‍රිතයන් හඹායාම, වලලු එන්නත්කරනය (ආසාදිත එක් එක් පුද්ගලයා වටා සිටින පුද්ගලයින් වළල්ලක් ලෙස ගෙන එන්නත් කිරීම මගින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම), සහ පීඩාපන්න පුද්ගලයින් සොයා ගැනීම, ලුහුබැඳීම සහ දැනුම් දීම සඳහා සන්නිවේදන ව්‍යාපාර සමග ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍ය වනු ඇත.
අරමුදල් සැපයීමේ සිට දේශපාලන අරගල දක්වා ද, සංස්කෘතික භාවිතයන් හා සම්මතයන් දක්වා ද වූ විවිධ අභියෝගයන්ට මෙවැනි වැඩපිළිවෙලකට මුහුණ දීමට සිදුවේ. එවැන්නකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අයවැයෙන් 20% ක් පමණ තරම් ඉහල මුදලක් වැය වන අතර දශකයක පමණ කාලයක් තිස්සෙ ශ්‍රමය තිව්‍ර ආකාරයෙන් වැය කළ යුතුවෙ – එම අරමුදල් සහ ශ්‍රමය වැය කළ යුතුව ඇත්තේ අනෙකුත් මූලික සෞඛ්‍ය සේවා මැදිහත්වීම් පරදුවට තබාය. එසේනමුත් අවසානයේ එය සාර්ථක විය. වසූරිය, අවම වශයෙන් ගතහොත් විද්‍යාගාරයෙන් පිටත කිසිම තැනකින් හමු නොවීම සහතික කරනු ලැබ ඇත..

වසූරිය යම් ආකාරයකින් තුරන් කරණු ලැබීම සඳහා වූ රෝග අතුරෙන් සුදුසුම අපේක්ෂකයෙකු වුවද, ඒ සඳහා ඒ සා කාලය හා සම්බන්ධීකරණ උත්සාහයන් වැය කල යුතු විය. එක් වාසිදායක තත්ත්වයක් වූයෙ, එහි රෝග ලක්ෂණ ඉතා පැහැදිලිව පෙනෙන අතර ඒවා හඳුනා ගැනීම හා ලුහුබැඳීම පහසු වීමෙන් මැඩපවත්වා ගැනීම පහසු වීමය. වසූරිය මනුෂ්‍යයන්ටම සුවිෂේශී වන රෝගයක් වූ අතර එය වෙනත් සතුන්ට බලපාන්නේ නැත. එය මිනිස් ජනගහනයෙන් තුරන් කිරීම යන්නෙහි අදහස එය සමස්ත පෘථිවියෙන් තුරන් කිරීම යන්නයි.
‘හුදකලාව තනි තනිව ක්‍රියා කිරීමට ජාතීන් අදිටන් කරන්නේ නම්, වසංගත රෝගවලින් කල් පවත්නා අස්වැසිල්ලක් ලබා ගැනීම දුෂ්කර ය‘
අඩු තාක්‍ෂණික මහජන සෞඛ්‍ය උපාය මාර්ග
වසූරිය තුරන් කිරීමේ ඉතිහාසය පැහැදිලි කරන්නේ අධි තාක්‍ෂණික එන්නත් සාර්ථකවන්නේ ඒවා අඩු තාක්‍ෂණික මහජන සෞඛ්‍ය උපාය මාර්ග සමඟ ඵලදායී ලෙස ඒකාබද්ධ කළ විට පමණක් බවයි. මෙම අඩු තාක්‍ෂණික ක්‍රමෝපායන් අතර හුදකලාකිරීම සහ නිරෝධායනය, විශේෂයෙන්ම හඹායාම සහ අන්වේෂණය මෙන්ම මහජන විශ්වාසය හා ඵලදායී සන්නිවේදනය වර්ධනය කරගැනීම යන අංග ඇතුළත් වේ.
වසූරිය කතාවෙන් අපටපෙනී යන්නේ කොවිඩ් පාලනය සඳහා දේශීය අවශ්‍යතා සපුරාලන්නා වූ ගෝලීය උත්සාහයක් අවශ්‍ය බවයි. මෙය අර්ධ වශයෙන් සදාචාරාත්මක අවශ්‍යතාවයක් වන අතර අර්ධ වශයෙන් ප්‍රායෝගික අවශ්‍යතාවක් දවේ. අප ජීවත් වන්නේ, ‘ලොක්ඩවුන්’කල කාලවලදී පවා පැනයාමට සිදුරු පැහැදිලිව දක්නට ඇති මායිම් සහිත ලෝකයක ය. වසූරිය තුරන් කිරීමේ වැඩසටහන අපට යමක් උගන්වා ඇත්නම් එම කාරණාව මෙයයි: හුදකලාව තනි තනිව ක්‍රියා කිරීමට ජාතීන් අදිටන් කරන්නේ නම්, වසංගත රෝගවලින් කල් පවත්නා අස්වැසිල්ලක් ලබා ගැනීම දුෂ්කර ය.

කොවිඩ් එන්නත් උත්කර්ෂයට නැංවීම, එන්නතක ආගමනය සමග වසංගතයේ අවසානය සනිටුහන් වන්නේය යන උපකල්පනය තහවුරු කෙරෙන මාර්ගයෙහිම් කොටසකි. මේ දක්වා අප සතු වඩාත්ම සාර්ථක එන්නතක කථාව වන්නේ වසූරිය එන්නතට සම්බන්ධ කතාවයි. එහෙත් ඒ සඳහා ශතවර්ෂ ගණනාවක් තිස්සේ දුක් විඳීම හා මරණයට පත්වීම පිළිබඳ විස්තර, රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය වූ මහජන සෞඛ්‍ය අරගලය වසූරිය එන්නත කතාව තුල සැඟව ඇති නිසාවෙන් එකවර ඊට අවධානය යොමු නොවෙ. ඇත්තවශයෙන් නම්, එන්නත මගින් වසූරිය අවසන් කරණු ලැබුවේ නැත. එය සිදු කරනු ලැබුවේ අධිෂ්ඨානශීලීව හා සහයෝගයෙන් වැඩ කරන, මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග මාලාවක් නිර්මානයකරමින් සහ වැඩිදියුණු කිරීමින් ක්‍රියා කළ ලොව පුරා මිනිසුන් සහ සංවිධානවල කුඩා බලකායන් විසිනි.
සෞඛ්‍යාරක්ෂාව සැබවින්ම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තොරතුරු බැහැර කර ඉක්මන් විසඳුම් සහ පහසු සුවකිරීම් අන්ධ ලෙස වැලඳ ගන්නා වූ වෛද්‍ය හා දේශපාලන මෑත කාලීන අතීතයක් අප උරුම කරගෙන තිබේ. වසූරිය වසංගතය අවසානයේ තුරන් කිරීමම පමණක් නොව, වසංගතය හේතුවෙන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඇතිවූ පුද්ගලික හා මහජන සෞඛ්‍ය විනාශය ද අපගේ (වර්තමාන) උත්සාහයන්ට මග පෙන්විය යුතුය. මන් ද එවායින් අපගේ වර්තමාන වසංගතයේ අවසානය කෙබඳු විය හැකිද යන්න සහ එය සාක්ෂාත් කර ගැනීම පිණිස කළ යුතු දේ හා කැප කළ යුතුදේ පිළිබඳව සාධාරණ අපේක්ෂාවන් ඇති කරගැනීමට යෝග්‍ය සංදර්භය සැලසෙන හෙයිනි.
The Conversation(14th January, 2021) හි පළවූ Vaccines alone aren’t enough to eradicate a virus – lessons from history යන ලිපිය ඇසුරෙනි