නූතන ලෝකයේ සෞඛ්‍ය සම්පන්නව දිවිගෙවන්නේ කෙසේද?
එක්සත් ජනපදයේ ජාතික වෛද්‍ය පුස්තකාලය විස්තර කර ඇති පරිදි, අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යනු අපගේ ශරීරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම විහිදෙන සෛල හා අණු රාශියකි.
‘විවර්ජනය’(‘exempt’) යන තේරුම ඇති ලතින් ‘immunis’ වචනයෙන් බිඳී ආ ‘Immunity’ — එනම් ‘ප්‍රතිශක්තිය’ යන්නෙන් හඟවන්නේ අපව යහපත් සෞඛ්‍යයෙන් තබන විවිධ ජීව විද්යාත්මක ආරක්ෂක ක්‍රම වන මානව ප්රතිශක්තීකරණ පද්ධතියෙහි කලාව මෙන්ම විද්යාවයි. අපේ හද ගැස්ම එහෙමත් නැතිනම් අපේ හුස්ම ගැනීම ගැන හොඳ අවබෝධයක් අපට ඇතත් සෞඛ්‍යය අතින් අපව යහතින් තබාගැනීම පිණිස බොහෝ කාර්යයන් ඉටුකරන අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගැන වැටහීම මදය.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිහඬ ආශ්චර්යකි. අනාරාධනයෙන් පැමිනෙන ආසාදනවලට ප්‍රතිරෝධය දක්වමින්, අපගේ ශරීරයේ පිළිවෙල හා සමබරතාවය පවත්වා ගනිමින්, සහ තුවාල සුව කරමින් මෙම බලගතු පද්ධතිය අපගේ සෞඛ්‍යය ආරක්ෂා කරයි. එය අපගේ යහපැවැත්මේ පදනමයි.

ප්‍රතිශක්ති විද්යාව හෙවත් වේදය(‘Immunity’) යනු ප්‍රතිශක්තිය පිළිබඳ අසාමාන්‍ය ලෙස සාරවත් එහෙත් සංකීර්න අධ්‍ය්යනයකි. එය(ප්‍රතිශක්ති විද්යාව ) පසුගිය වසර 30 තුළ නවීන වෛද්‍ය විද්‍යාවේ මුහුණුවර වෙනස් කිරීමට ලක් කර ඇත. ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳව සොයා බැලීම සහ ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා එහි බලය උපයෝගී කර ගැනීම පිණිස දැනට වඩා සිත්ගන්නාසුලු කාලයක් කවරදාවත් නොතිබුණි. මෙම ලිපි පෙළ ඔබ වෙනුවෙන් ඉටු කරනු ඇත්තේ එයයි.
අති නවීන, සාක්ෂි මත ගොඩනැගුනා වූ විද්‍යාත්මක පර්යේෂණ මත පදනම්ව, මෙම ලිපි ප්‍රතිශක්ති විද්‍යාවේ නවතම විශ්මය ජනක සොයාගැනීම් තුළින් සවිබල ගැන්වීමේ ගමනක ඔබව රැගෙන යයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිළිබඳව මනාව දැන හඳුනා ගැනීමට ඔබට ඉන් අවස්ථාව පෑදෙන අතර එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙයි.
රෝගාබාධ හා සෞඛ්‍යය යන දෙඅංශයෙහි දීම මානව ජීව විද්‍යාවේ විවිධ අංශ මෙපමන ගනණාවක් ස්පර්ශ කරනු ලබන්නේ කලාතුරකිනි. බැලූ බැල්මට එය ගුප්ත හා තේරුම්ගත නොහැකි බවක් පෙනෙන්නට තිබුණද, අරමුණු අතින් ගත් විට ප්‍රතිශක්තිකරණ පද්ධතිය යනු බහුකාර්යතාවයේ සහ සරල බවේ ප්‍රතිමූර්තියයි.


යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමේදී, ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපගේ වටිනාම සම්පත වන නමුත් යමක් වැරදී යන තෙක්ම අපගේ අත්‍යවශ්‍ය ආරක්ෂ පද්ධතිය අපගේ ඇගැයීමට ලක්වන්නේ අඩුවෙනි . අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගැන අපට සිහිපත්වෙන්නේ ශීත සෘතු මාසවලදී සෙම්ප්‍රතිෂ්ය්‍යාව වැළඳී විටමින් සී අතිරේක සොය ඇවිදිමින් වද විඳින විටය. එවිට අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අපි ස්තූතිවන්ත වෙමු. එනමුත් එමගින් ඉටුකෙරෙන අනෙකුත් පුදුමාකාර කාර්යයන් ගැන අප සැලකිලිමත් ද? එයින් ආරක්ෂාව සැලසුනේ සෑම වසරකම සිසිල් කාලගුණය ආරම්භයේ පළමු සති කිහිපය සඳහා පමණක්ම නම්, අප සියල්ලන්ම බරපතල කරදරයකට පත්වනු නොඅනුමානය.
බොහෝ විට අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වන්නේ පසුබිමේ සිට නිසා අපි එහි ක්‍රියාකාරිත්වය නොදකිමු. අපගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයේ සෑම අංශයක් සමඟම තදින් බැඳී සිටිමින් එය අපගේ සෞඛ්‍යයට හා දිගුකල්පැවතීමට අත්තිවාරම දමයි.

ප්‍රතිශක්තිය යනු විශ්මය ජනක සංකීර්ණතාවයකින් යුත් විචිත්‍ර පද්ධතියකි. එසේනමුත්, ප්‍රතිශක්තිය හේතුවෙන්ම වැරදී යා හැකි බොහෝ දේ ද ඇත: ස්වයං ප්‍රතිශක්ති රෝගාබාධ(autoimmune diseases) සහ අසාත්මිකතාවන් වල සිට මානසික සෞඛ්‍ය ගැටලු සහ පරිවෘත්තීය ප්‍රශ්න – – පිළිකා පවා ආදිය ඒ අතරවේ. සෞඛ්‍ය සම්පන්නව හා නිරෝගීව සිටීමට පිළිබඳව අප දක්වන්නේ උමතුවකට ආසන්න උන්නන්දුවකි.
එහෙත් වෙන කවරදාටත් වඩා අපි දැන් අසනීපයෙන් හා අසතුටින් පසුවන්නෙමු. එයට හේතුව අපගේ සියුම් සමබර ප්‍රතිශක්තිය, නොනවතින ආතතිය, දූෂණය, අධිපරිභෝජනය හා ව්‍යායාම මද කම උරුම කොටගත් දැනට අප ගෙවන එන්ට එන්ටම වේගකාරී වන ජීවිතය මගින් අනතුරට හෙළනු ලබීමයි. නූතන ජීවිතයේ දී ‘සෞඛ්‍ය සම්පන්න’ යැයි සිතන දේ ඇත්ත වශයෙන්ම එසේ නොවිය හැකිය. වෙනත් ඕනාම හේතුවකට වඩා අපේ ජීවන රටාව හා සම්බන්ධ රෝගයකින් අප මියයාමට අද වැඩි ඉඩක් ඇති අතර, අපගේ සෞඛ්‍යය ගැන වඩා හොඳින් සැලකිලිමත් වුවහොත් මේවායින් බොහොමයක් වළක්වා ගත හැකිය.

නවීන ප්‍රතිශක්ති විද්‍යාව තුල ඔබ යන මේ ගමනේදී, ඔබේ සෞඛ්‍යය, ඔබේ පරිසරය, හැඟීම් සහ ආවේදනයන්; සමහර අය අසනීප වන්නේ ඇයි; ඔබට නිදන්ගත රෝගයක් ඇත්නම් කුමක් කළ යුතුද; ඔබේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීම යන්නෙන් සැබවින්ම අදහස් කරන්නේ කුමක්ද ආදී ප්‍රශ්න ද සමඟ සම්බන්ධ කරමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔබේ හයවන ඉන්ද්‍රීය බවට පත්වන්නේ මන්දැයි ඔබටම වැටහී යනු අත .
අපගේ යහපැවැත්මට අත්‍යවශ්‍ය වන මෙම දැවැන්ත හා අලංකාර ක්‍රමය පිළිබඳ නිමක් නැති පුදුමය ජීවිතයෙහි ගාමක බලවේගයයි. කුඩා කල සිටම මිනිස් සිරුර, සෞඛ්‍යය හා රෝග පිළිබඳව අප තුළ තුළ ඇතිවන කුතුහලය එහි පදනම් බවට පත් කර ගත හැක. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගැන දැනුම ක්‍රමයෙන් වැඩිවෙද්දී, එම අවබෝධයට ප්‍රතිචාර වශයෙන් අප ජීවත් වන ආකාරය වෙනස් කර ගත යුතුවේ.
සෞඛ්‍ය සම්පන්න යැයි නූතන ජීවිතය අපට පවසන දේම අපගේ ප්‍රතිශක්තිය අවුල් කරන්නේ මන්දැයි අප ප්‍රශ්නකළ යුතුව ඇත. පැරණි ක්‍රම අත් හැර දමා දිස්න දෙන නූතන කර්ම විමසිල්ලෙන් තොරව වැළඳ ගැනීමෙන් අප දරුවා නැහැවූ ජලය සමග දරුවාද ඉවතට විසි කර තිබේද? මෙය අප නැවත නැවත විමසා බැලිය යුත්තකි. විද්‍යාවේ ද සහාය ඇතිව සාම්ප්‍රදායික රටා තුළින් ප්‍රතිශක්තිය පිළිබඳ අපගේ සහජ දැනුම නැවත ලබා ගත හැක්කේ කෙසේදැයි ගවේෂණය කිරීම වටී. එම ගවේෂණයේ දී හොඳින් මතක තබා ගත යුත්තකි මේ: ප්‍රතිශක්තිකරණ පද්ධතිය තරමක් දුරට, අඬුපඬු සොලවමින් සිටිනා බූවල්ලෙකුට සමාන ය. එවන් අවිනිශ්චිත ස්වභාවය නිසා එය පහසුවෙන් විග්‍රහ කිරීම දුෂ්කර කරය. පැරණි හා නව යන සියලු සංකල්ප දැඩි ලෙස සෝදිසි කිරීම අවශ්‍ය වේ.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය සතුව අතිමහත් බලය තිබියදීත්, ආහාර, ව්‍යායාම හෝ යහපැවැත්ම තුළින් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ‘ඉහළ නැංවීමට’ (‘boost’) හැකිවෙන බවට කෙරෙන ප්‍රකාශ අපට බොහෝ විට ඇසෙයි. එහි අන්තර් සම්බන්ධතාවය හා සංකීර්ණතා ගැන ඉගෙන ගැනීමට බොහෝ දේ ඉතිරිව තිබුණද, හොඳින් ක්‍රියාත්මක වීමට නම් අවශ්‍ය වන්නේ සමස්ත පද්ධතියෙහිම් සමතුලිතතාවය මිස ‘ඉහළ දැමීම්’(‘boost’)නොවේ. ඔබේ සෞඛ්‍යයට හා ජීවිතය මෙය අදාලවන්නේ කෙසේ දැයි ඉදිරි ලිපි මගින් පැහැදිලි කර ගමු. මුරණ්ඩු ලෙස ඉදිරියට යන ගෝලිය වසංගතය හමුවේ එය ඔබ වෙනුවෙන් ඔබම ඉටු කළ ගතයුතු වගකීමකි.
