ආයුධයක් ලෙස ගින්න
භූ දර්ශනය තුළ ගිනි භාවිතය සහ ඇත්ත වශයෙන්ම ගෘහස්ථ පසුබිමක ගිනි භාවිතය වැඩි වීම බොහෝ විට පාලිත ගින්නක් පාලනය කළ නොහැකි ගින්නක් බවට පත්වීම්ට් මග පාදයි. වනාන්තර ප්‍රදේශයක සිට ගොඩනැගිලි සහිත ප්‍රදේශයකට ගින්න පැතිර යා හැකිය. ඒවා බොහෝ විට කොහොමටත් ගිනි ගන්නා සුළුය. මීට අමතරව, විවෘත ගින්නක් බොහෝ විට දක්නට ලැබෙන්නේ ගොඩනැගිල්ලක් තුළ නිසා එය පැතිරී යාමේ පැහැදිලි හැකියාවක් ඇති අතර අහඹු ල්ස දේපල විනාශ වීම හා ජීවිත හානිවීම සිදුවිමට තුඩු දෙයි. ඉතින් ගින්න මෙතරම් විනාශකාරී විය හැකි බැවින් එය යුද්ධ අවියක් වීමටද හැකියාවක් ඇත.
මීට වසර 50,000 කට පමණ පෙර, යුරෝපයේ මධ්‍යම ශිලා යුගයේ ප්‍රධාන සංස්කෘතිය දක්වන හෝ ඊට අදාල වන මුස්ටේරියානු(Mousterian) ගිනිගල් හැඩගැන්වීමේ ශිල්ප ක්‍රමය සඳහා ගිනි භාවිතය සම්බන්ධ විය. හෙල්ලයේ අග්‍රය(තුඩ) දැඩි කිරීම සඳහා ද ගින්න භාවිතා කරන ලදී. ගිනි දැල්වූ හෙල්ල හෝ ඊතල විසි කිරීමේ චර්යාව වැඩිදියුණු වීමෙන් ආයුධයක් ලෙස ගින්න භාවිතා කිරීමේ හැකියාව වර්ධනය වන්නට ඇත.

විශේෂයෙන් ගන්නසුළු ගොඩනැගිලිවල විශාල ගින්නක් නිවා දැමීම ඉතා ගැටළු සහගත විය හැකියි. එලෙස එම ගිනි ඉක්මනින් පැතිරීමට ඇති හැකියාව, ගින්න විනාශකාරී බලවේගයක් වශයෙන් පුළුල් ලෙස භාවිතා කිරීමට මග පෑදීය. ප්‍රහාරාත්මක අවියක් ලෙස විනාශයන් සිදුකිරීම සඳහා ගින්න භාවිතා කළ හැකිවා පමණක් නොව, ‘ගින්නෙන් දැවුණු භූමි’ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් පසුබැස යන හමුදා, ඉදිරියට ඇදී එන සතුරු හමුදාවන්ට ආහාර හෝ නවාතැන් අහිමි කරනු වස් ගිනි යොදාගෙන ඇත.
ආරක්ෂක බලකායක් විනාශ කිරීම සඳහා භාවිතා කරන අතරම ප්‍රහාරක බලවේගයකින් ගින්න ආරක්ෂාකාරීව ඉවතට ගෙන යාම සඳහා තාක්ෂණයන් දියුණු කළ යුතු විය. මේ සම්බන්ධයෙන් ගත් කල, දීර්ඝ කාලයක් තිස්සේ දැවෙමින් පවතින ද්‍රව්‍ය සොයා ගැනීම වැදගත් වේ. සම්භාව්ය යුගයේ, විශේෂයෙන් මැදපෙරදිග රටවල බිටුමන්(ගල්තාර) පහසුවෙන් ලබා ගත හැකිවිය. ඒවා ඊතලවල ආලේපනය කර හෝ වඩාත් සැක කල හැකි පරිදි රෙදිවල ගල්වා ප්‍රක්ෂිප්තය(විසි කළ හැකි යමක්) වටා ඔතා ගිනි දල්වා සතුරාට විදින්නට ඇත. ක්‍රි.පූ 9 වන සියවස තරම් ඈතක කාලයකදී ඇසිරියානුවන් විසින් එවැනි ආයුධ භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. තවද, 5 වන සියවසේදී ග්‍රීකයන් විසින් විශාල ගිනිදැල් විදිය හැකි නල භාවිතා කරනු ලැබූ බව වාර්තා වෙයි. රෝම අධිරාජ්‍යයා වූ සෙප්ටිමස් සෙවරස් විසින් බිටුමන් හෝ පෙට්‍රෝලියම් ඉන්ධන දැවීමෙන් ජලය රත් කරන නාන ඔරුවක් තනවන ලද බව අපි දනිමු. එබැවින් යුධ කටයුතු සඳහා භාවිතයට ද එවැනි ද්‍රව්‍ය තිබිය යුතුයයි නිගමනය කළ හැක. ක්‍රි.ව. 670 දී පමණ කොන්ස්ටන්ටිනෝපල් වටලනු ලැබූ ග්‍රීකයෝ, ‘ග්‍රීක ගින්න’ ලෙස හැඳින්වෙන ගිනි ගන්නා සුළු ද්‍රවයක් භාවිතා කළහ.

අවාසනාවකට මෙන්, එය හරියටම කුමක්දැයි අපි තවමත් නොදනිමු, නමුත් සමහරු විශ්වාස කරන්නේ එය නැප්තා සහ පිළිස්සූ හුණු මිශ්‍රණයකින් සාදා ඇති බවයි (වෙනත් අමුද්‍රව්‍ය යොදාගත් බවට ද මතයක් පවතී), එය දිගටම ජලය මත පාවෙමින් දැවිය හැකිය. අඟුරු සම්භාව්‍ය ලෝකයේ ප්‍රචලිත වූ බවත් අඟුරු සෑදීමේ ක්‍රියාවලියේ අතුරු ප්‍රොඩුශ්ට් ඵ්ලයක් ලෙස ගිනි ඇවිළෙන සුළු ද්‍රව්‍ය ඇති බවත් අපි දනිමු. එම නිසා එවැනි ද්‍රව්‍යවල ප්‍රභවය මෙය විය හැකිය.
එසේ නම් ගින්න යනු විරුද්ධවාදියෙකු විනාශ කිරීමේ ක්‍රමයකි. විශේෂයෙන්ම, වාසස්ථාන, මෙන්ම පන්සල් වැනි පරිපාලන හා සංස්කෘතික ගොඩනැගිලි ගිනිබත් කිරීම ආදී වශයෙන් ට්‍රෝයි විනාශ කිරීමේදී ග්‍රීකයන් විසින් අනුගමනය කරන ලද ක්‍රමයකි. සහස්‍ර කිහිපයකට පෙර පවා නගරයක් සමතලා කර හැරීම යන්නෙන් ගින්නෙන් එය විනාශ වූයේ යයි සිතීමට අපි පෙළඹෙන්නෙමු. කෙසේ වෙතත් ගැටළුව වන්නේ අහම්බෙන් ඇති වී පාලනයෙන් තොරව පැතිර ගිය ගින්න සහ ප්‍රහාරාත්මක සතුරෙකු විසින් හිතාමතාම ආරම්භ කරන ලද ගින්න අතර වෙනස පුරාවිද්‍යාත්මක වාර්තා අතරේ වෙන්කොට හඳුනා ගැනීමයි.

ගින්න ගොඩබිමෙහි දී ආයුධයක් හැටියට සාර්ථකව යොදා ගත හැකි බව දනිමු. එසේ නමුත් එය මුහුදේ දී ද ආයුධයක් හැටියට භාවිතා කළ හැකිය. ඒ, දැවෙන ප්‍රක්ෂේපන එක් බෝට්ටුවක සිට තවත් බෝට්ටුවකට විදිය හැකිවීමෙනි. දියමත ගමන් කරණ යානා දියවරණය සඳහා යොදාගත් ඉදිකිරීම් ද්‍රව්‍ය හා ගල්තාර මුල් නැව් අතිශයින්ම (ගිනිගැනීමේ) අවදානමට ලක් කළේය.
අවි ආයුධ හැටියට ගින්දර භාවිතා කිරීමේ විශාල වෙනසක් සිදු වූයේ චීනයේ වෙඩි බෙහෙත්(gunpowder) සොයා ගැනීමත් සමඟ යයි කේම්බ්රිජ් විශ්ව විද්යාලයේ ජෝශප් නීඩ්හැම් විසින් චීනයේ විද්යාව හා ශිෂ්ඨා චාරය පිළිබඳ ඔහුගේ සුවිසල් වාර්තාවේ ලේඛනගත කර ඇත. වෙඩි බෙ හෙත් යනු අඟුරු, ගෙන්දගම්(sulphur) සහ වෙඩි ලුණු(saltpetre) ලෙස දැක්වෙන පොටෑසියම් න්යිට්‍රේට්වල මිශ්‍රනයකි. මෙම අවස්ථාවේ දී අඟුරු සහ සල්ෆර් ඉන්ධන වශයෙන් ක්‍රියාකරන අතර අතර පොටෑසියම් නයිට්රේට් ඔක්සිකාරක කාරකයක් ලෙස ක්රියා කරයි. වෙඩිබෙහෙත් තාපය ජනනය කරනවා පමණක් නොව ප්‍රචාලකයක්(propellant) ලෙස භාවිත කළ හැකි වායු විශාල ප්‍රමාණයක් ද නිපදවිය හැකියි . වෙඩිබෙහෙත් මුලින්ම චීනයේ දී සොයා ගනු ලැබුවේ 7 වැනි සිය වසේ දී වුව ද 13 වැනි සියවස වන තුරු යුරෝපය වෙත පැතිර ගියේ නැත. ඉතින් යුරෝපයේ දී සිදුවුණේ කුමක් ද යන්න ඇතුළුව ලිපියේ ඉතිරි කොටස ලබන සතියේ බලාපොරොත්තු වන්න.
FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි