ගෝලීය වසංගතය ඉදිරියට ඇදෙද්දී වඩා හොඳ මුහුණු ආවරණ අවශ්‍ය බව අවධාරණය කෙරේ.

Posted by

ගෝලීය වසංගතය ඉදිරියට ඇදෙද්දී  වඩා හොඳ මුහුණු ආවරණ අවශ්‍ය බව අවධාරණය කෙරේ.

වෛද‍ය අබ්රාර් කරන්, මාස 10 ක් තිස්සේ COVID-19 රෝගීන්ට ප්රතිකාර ලබා දී ඇතත් එම කාලය තුළ ඔහුට වෛරසය වැළඳී නැති අතර, තමන්  ආරක්ෂා කිරීම ගැන ඔහු ගෞරවය හිමිකරදෙන්නේ ඔහුගේ N95 මුහුණ ආවරණයටයි.

“මම අපේක්ෂාකරන්නේ අනෙක් අයටත්  එවැනි ආරක්ෂාවක් ලැබෙනු ඇතැයි කියලයි”

නමුත් N95 මුහුණු ආවරණ හිඟය. Brigham සහ කාන්තා රෝහලේ හා හාවඩ් වෛද්ය විද්යාලයේ අභ්යන්තර වෛද්යවරයෙකු  වන කරන් පවසන්නේ කොරොනා වයිරස් වසංගතයට වසර 1 කට ආසන්න කාලයක් ගතව ඇතත් මහජනතාවට  ඉහළ  ප්‍රමිතියක පරිස්‍රාවණය(පෙරීම)  හෙවත්  hi-fi මුහුණු ආවරණ ලබා ගත නොහැකි වීම ගැන තමා කලකිරී සිටින බවයි.

මෑතකදී රචිත පුවත් පත් මැදපිටු ලිපියක සම-කතුවරයකු වන කරන් ඔහුගේ ගැටළු ඉස්මතු කරමින්,  රජය ඒවා ජනතාවගේ නිවෙස්වලට යැවීමට  පවා ඉදිරිපත්වෙමින්  ඉහළ පෙරනයක් සහිත මුහුණු ආවරණ ලබා ගැනීම පහසු කිරීම සඳහා ජාතික මුලපිරීමක් සිදු කළ යුතු යයි ඉල්ලා සිටියේය –

මෙම ගැටළුව,  මීට වසරකට පෙර එක්සත් ජනපදයේ කොරෝනා වයිරසයේ පළමු අවස්ථා හඳුනාගත් අවස්ථාවේ දී සේම අදටත් අදාළ වන්නේය.  පසුගියදා පළවූ   The Lancet  අධ්යයන  වාර්තාවකින් හෙළි වූයේ මුහුණු ආවරණ පැළඳීම 10% කින් වැඩිවීම කොරොනා වයිරසය  පැතිරීම  තුන් ගුණයකින්  මන්දගාමී වීමට හේතු වන බවයි.

Face shield vs. face mask: Which is more effective in keeping viruses away?  | The Times of India

ඔහු පෙන්වාදෙන්නේ එක්සත් ජනපදයට කාරණා දෙකක් කිරීම පිණිස වඩාත් හොඳ  සම්බන්ධීකරණයකින්යුතු  උත්සාහයක් අවශ්ය බවයි: වෛරසය බෝවීමෙන් මුහුණු ආවරණ පැළඳ සිටින අයව  ආරක්ෂා කරන්න  සහ වෛරසය ඇති අය COVID-19 පැතිරෙන ජල බිඳිති සහ එයරොසෝල් විමෝචනය කිරීමෙන් වළක්වා ගන්න. විශේෂයෙන් සඳහන්කළ යුත්තේ රෝග ලක්ෂණ නොමැති විට තමන්  ආසාදනය වී ඇති බව එකී ආසාදිතන් බොහෝවිට නොදන්නා බවයි.

“අපි මුලදි කිව්වේ කොහොම හරි මුහුණු ආවරණයක් පළඳින්න කියලානේ. හොඳයි, මාස 10 ක් ගත ගතවෙලත් අපි තවමත් මිනිසුන්ට කියන්නේ මොකකහරි මුහුණු ආවරණයක් පැළඳිය යුතු බවමයි.  නමුත් ඒවා අපට ලබා ගත හැකි හොඳම ආරක්ෂාව නොවන බව අපි දන්දන්නවා.  N95 මට්ටමේ රැකවරණය  හොඳම දේ බව අපි දැනටමත් දන්නවා. ඒත් ඒවා ලබාගන්න අමාරුයි. මෙතන තියෙන්නේ සැපයුම් ගැටළුවක්.  ඉතින්  එය නිවැරදි කරන්න ඕන.”

කරන් පවසන්නේ, තම පුරවැසියන්ට වඩා හොඳ මුහුණු ආවරණ ලබා ගැනීමට තවත් බොහෝ රටවල් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. නිදසුනකට, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සඳහා මේ මාසයේ නොමිලේ  FFP2 මුහුණු ආවරණ (ඔවුන් නිපදවන එන් 95 ට සමාන මුව ආවරණ) බෙදා දෙන බව ඔස්ට්රියාවේ රජය පවසයි.

මෙම අදහස දරණ එකම පුද්ගලයා කරන් පමණක් නොවේ. පර්යේෂකයෝ මෑතකදී The Atlantic,  පුවත්පත හරහා මෙම  ප්රශ්නය මතු කළහ. එක්සත් ජනපදයේ රෙදිවලින් තැනූ මුව  ආවරණ “හදිසි තාවකාලික පියවරක්”පමණක්  ලෙස බලාපොරොත්තු වූ  බවත් වෙනත් රටවල් තම ජනතාවට වඩාත්  හොඳ මුහුණු ආවරණ ලබා දීම සඳහා  බොහෝ දේ කර ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.  උදාහරණ ලෙස හොංකොං  රාජ්‍යය  විසින්  පරීක්ෂණාගාර පරීක්ෂාවට ලක් කරන ලද ස්තර හයක මුහුණු ආවරණ මහජනයාට ලබා දීම, ජනතාවට සතිපතා  වඩා උසස් තත්ත්වයේ මුහුණු ආවරණ ලබා දීම  සඳහා  තායිවානය නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ජර්මනිය දැන් ඉහළ ශ්රේණියේ මුහුණු ආවරණ පැළඳිය යුතු යයි  සිය ජනතාවට නියම කිරීම දැක්විය හැකියි.

KN95 - N95 Disposable Face Mask 95% Filtration Protective Masks
What's The Difference Between N95 and KN95 Masks? - Smart Air

“අපි මේ වැඩේට බැහැලා මාස 10 යි. (පරිස්‍රාවනයේ)පෙරීමේ  ඉහළ කාර්යක්ෂමතාවයක් ඇති වඩාත් සුවපහසු මෝස්තර අපට තිබිය යුතුයි ”කරන් කියා සිටියි, “මම දැන් විවිධ මෝස්තරවල මුහුණු ආවරණ සැලසුම් කරමින් සිටින සමහර සමාගම් සමඟ කතා කර, කුඩා අංශු නැවැත්විය හැකි විද්යුත් ස්ථිතික ආරෝපණයක් ලබා දිය හැකි රෙදි මුහුණු ආවරණ වලට පෙරීමේ වැඩි හැකියාවක්ලබා ගැනීමට උත්සාහ කරනවා”

ඉංජිනේරුමය ගැටලු මඟහරවා ගත යුතුව ඇති බව ඇත්තකි. නමුත් මේ අවස්ථාවේදී කරන් පවසන්නේ, “අපට තවමත් නිසි මට්ටමක නිෂ්පාදන නොමැති වීම කනගාටුවට කරුණක්” බවයි. ‘මුහුණු ආවරණ  පළඳින්න’, ‘මුහුණු ආවරණ  පළඳින්න?’ යැයි නායකයන් කියාසිටිනවා කී වතාවක් ඔබ අහලා තියෙනවා ද?  එත් වඩා හොඳ මුහුණු ආවරණ ගැන  කවුරුවත් කතා නොකරන්නේ ඇයි? ”

රෙදි මුහුණු ආවරණ   ප්රමාණවත්ද?

බස් රථ, දුම්රිය සහ ගුවන් යානා ඇතුළුව ඕනෑම පොදු ස්ථනයක් දී, උත්සව,රැස්වීම් ආදියෙහි දී, සහ අන් අය අවට සිටිය දී  මුහුණු ආවරණ පැළඳිය යුතු බව එ. ජ. රෝග පාලනය හා වැළැක්වීමේ කේන්ද්‍ර (Centers for Disease Controland Prevention- CDC)නිර්දේශ කරයි; මිනිසුන් මුහුණු ආවරණ පැළඳ සිටින විට COVID-19 සම්ප්රේෂණය අඩු වන බව බහුවිධ අධ්යයනවලින් පෙනී යයි – ජර්මනියේ එක් අධ්යයනයකදී පෙණීගොස් ඇත්තේ  දින 20 කින් 45% ක් අඩු වූ බවයි. මුහුණු ආවරන පැළඳීම බලකෙරෙන  ප්රදේශවල COVID-19 සම්ප්රේෂණ අනුපාතය පහත වැටෙන බව පෙන්වන ඇරිසෝනා සහ කැන්සාස්වලින් ලැබෙන  දත්ත ද සීඩීසී විසින් බෙදාහදා ගෙන ඇත.

Old Navy's 5 for $12.50 cloth face masks bundles for adults and children  are back (how to find and purchase online) - cleveland.com

CDCය  මහජනයා සඳහා N95  නිර්දේශ නොකරන නමුත්

  • සේදිය හැකි රෙදි ස්ථර දෙකක් හෝ වැඩි ගණනක් ඇති,
  • නාසය සහ මුඛය සම්පූර්ණයෙන්ම ආවරණය කරන,
  • හිඩැස්වලින් තොරව ඔබේ මුහුණට හොඳින් තදවි සිටින

මුහුණු ආවරන ලබා දිය යුතු යයි යෝජනා කරයි.

එසේ වුව ද,  වෙනත් සෞඛ්ය විශේෂඥ් යින් වැඩි වැඩියෙන් දෙනා පවසන්නේ මෙම මග පෙන්වීම ප්රමාණවත් නොවන අතර වැඩි ආරක්ෂාවක් අවශ්ය බවයි.

“පසුගිය වසරේදී, හැකි තරම් වැඩි පිරිසක් මුහුණු ආවරණ පැළඳ සිටීම වැදගත් වුණා:. ඒ කාලේ දැරූ අදහස වුණේ කිසිවක් නැතුවාට වඩා කුමක් හෝ තිබීම වැදගත් කියලයි.  ඒත් දැන් B.1.1.7 වෛරස මාදිලිය  යනාදිය නිසා අපගේ මුහුණු ආවරණ වැඩි දියුණු කිරීමට කාලය  පැමිණ තිබෙනවා ” යයි  Virginia Tech හි ඉංජිනේරු මහාචාර්යවරියක වන  ලින්සේ මාර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි. වාතය හරහ වෛරස් සම්ප්රේෂණය පිළිබඳ විශේෂඥතාවක් ඇති  ඇය තවත් ට්වීටර්  පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වෛරසයට එරෙහිව විවිධ මට්ටම්වල ආරක්ෂාව අවශ්ය බවයි:  “ඔව්, දැන් එන්නත් ඇවිත් තියෙනවා තමයි. නමුත්  ඒ වගේ තමයි B.1.1.7 මාදිලියත් අප අතරට ඇවිත් තිබෙනවා. උසස් තත්ත්වයේ මුහුණු ආවරණ නිපදවීමට අප වෙහෙසිය යුතුයි,  සැමට N95 ලබා දිය යුතුයි ”

New SARS-CoV2 Mutations: Variant of Concern 202012/01 (Variant B.1.1.7) –  Ingenetix

“B 1.1.7” යනු එක්සත් රාජධානියේ ප්රථම වරට හඳුනාගත් කොරෝනා වයිරසයේ සුපිරි මාදිලියකි. පෙර කොරෝනා වයිරසයට වඩා 70% වඩා බෝවනසුළු  බවට ඇස්තමේන්තු කර ඇති ඊනියා ප්රභේදය එක්සත් ජනපදය පුරා වේගයෙන් ව්යාප්ත වෙමින් පවතී.

CDCහි හිටපු අධ්යක්ෂ ටොම් ෆ්රීඩන්,  මේ කාරණාව ගැන උනන්දුව දක්වන තවත් මහජන සෞඛ්ය විශේෂඥයෙකි.  බෝවන රෝග  පිළිබඳ මෙම වෛද්යවරයා 2021 දී කිහිප වතාවක්ම මෙම විෂය ගැන ට්වීට් පණිවුඩ නිකුත් කර ඇති අතර මහජන ආරක්ෂාව ඉහළ නැංවීමේ අවශ්යතාව ඒවායින් අවධාරණය කරයි.  ජනවාරි 10 වන දින ඔහු මෙසේ පැවසීය: “වෛරසය ඇති අයෙකුගෙන්  තව අයෙකුට පැතිරීම ඕනෑම මුහුණු ආවාරණයකින්ම පාහේ බෙහෙවින් අඩු කරයි. නමුත් අපව වඩා හොඳින් ආරක්ෂාව සලසා ගැනීමට, නිවස තුළ අන් අය අසල සිටින විට අපට N95 / KN95 ම්මදිලි අවශ්ය විය හැකිය. වඩාත් බෝවනසුළු වෛරස මාදිලි ඇති විට  වඩාත්  ශක්තිමත් ආරක්ෂාවක් අවශ්ය වෙනවා. සීඝ්‍රයෙන් සම්ප්රේෂණය කළ හැකි ප්රභේදයන් ගැන වැඩි විස්තර දැනගත් විට, මුහුණු ආවරනවල ගුණාත්මකභාවය ඊටත් වඩා වැදගත් වනු ඇත” යනුවෙන් ෆ්රීඩන් තවදුරටත් පවසයි.

සෑම අවස්තාවක්ම එක හා සමාන නොවන බව කරන් පවසයි. COVID-19  වෛරසය වාතය තුළ පාවෙන හා වාතයේ රැඳී ඇති කුඩා අංශු මගින් වඩාත් කාර්යක්ෂමව සම්ප්‍රේෂණය වන ඇතැම් අවස්ථා තිබේ. එම අවස්ථාවන්  ඇතිවන්නේ  අප වැඩි වැඩියෙන් ගැවසෙන විශාල වශයෙන් ජනයා එහා මෙහා යන,  සිල්ලර වෙළඳසැල්, ෆාමසි, සාප්පු, විදුලි සෝපාන  වැනි  දුර්වල වාතාශ්‍රයක් සහිත, ජනයා වැඩි පිරිස ඇතුළත  පරිසරයන් තුළ සිටින විට වැනි අවස්ථාවල  බව ඔහු පවසයි, “මෙම ස්ථානවල ගැවසෙන අයට කියන්නන් වාලේ මොකක් හරි මුහුණු ආවරණයක්  පළදින්න කීවාට ඒවායින් හොඳම ආරක්ෂාව සැපයන්නේ නැහැ. අපි  වඩාත්ම හොඳ දේවල් තමයි  ඔවුනට ලබාදෙන්න ඕන”.

වෛරසයෙන් ආරක්ෂාවීම අරභයා මුහුණු ආවරණ පැළඳීම ගැන කෙරෙන සාකච්ඡාව හෙට තව දුරටත් ඉදිරියට ගෙන යමු.

WebMD Health News හී පළවන  Experts Call for Better Masks As Pandemic Rolls On  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.