ගෝලීය වසංගතය ඉදිරියට ඇදෙද්දී වඩා හොඳ මුහුණු ආවරණ අවශ්‍ය මන්ද යන්න මෙම ලිපියෙන් අවධාරණය කෙරේ.
N95 භාවිතය සම්බන්ධයෙන් බොහෝ අභියෝග ඇති බව වෛදය අබ්රාර් කරන් (ඊයේ ලිපිය බලන්න) පිළිගනියි. N95 මුව ආවරණ වලින් වඩාත්ම ආරක්ෂාව සැපයෙන නමුත් ඒවා හිඟය; බොහෝ දුරට වෙන් කර ඇත්තේ සෞඛ්ය සේවකයින් සඳහාය. එපමණක්ද නොව බොහෝ වෛද්යවරු පවසන්නේ ඒවා මහජනයාට විශේෂයෙන් ප්රායෝගික නොවන බවයි. ඒවා විශේෂයෙන් සුදුසු වන්නේ, සෞඛ්ය සේවකයින් සඳහාය. N95 දිගු කාලයක් පැළඳ සිටීම පහසු නොවන අතර ඒවා මිලෙන් ද අධිකය.

“අපට ඇති එකම විකල්පය ඒවානොවිය යුතුය,” කරන් පවසයි. “පෙර තිබූ මුව ආවරණවලට වඩා කාර්යක්ෂම මුව ආවරණ සඳහා යොමු වීම පිණිස අප සතුව රාජ්ය-පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයක් තිබිය යුතු වෙනවා”. මෙම අවකාශය තුළ යම් නවෝත්පාදනයක් තිබිය යුතුය. මන්ද ඔබ මිනිසුන්ට නිසි ආරක්ෂාවක් ලබා දෙන්නේ නම්, එමඟින් සම්ප්රේෂණය නැවැත්විය හැකි අතර ආසාදනය විය හැකි පුද්ගලයින්ගේ සංඛ්යාව සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය. ”

ඉතින් වර්තමානයේ ඔබ දැන් පැළඳිය යුත්තේ කුමන ආකාරයේ මුහුණු ආවරණක්ද? ඔබේ අපේක්ෂාව COVඓඪ් වලින් ආරක්ෂා වීම නම්, මේ මොහොත සඳහා හොඳම මුහුණු ආවරණ කුමක්ද?
WebMD වෙබ් අඩවිය වෙනුවෙන් ෆ්රීඩන් ඒවා ශ්රේණිගත කර දක්වන්නේ මෙසේය:
“N95 මුහුණු ආවරණ යනු වඩාත් ආරක්ෂිත මුහුණු ආවරණයයි. ඉන් පසුව එන්නේ ශල්‍ය මුහුණු ආවරණයි(three-ply surgical mask). ඉන්පසුව රෙදි ආවරණයි.. රෙදි ආවරණයක් (වුව)කිසිදු මුහුණු ආවරණක් පැළඳ නොසිටිනවාට වඩා හොඳය. කෙසේවෙතත් රෙදි මුහුණු ආවරණ වෙනත් මුහුණු ආවරණ වලට වඩා අඩු ආරක්ෂාවක් සපයයි. නැවතත් කිවයුත්තේ, යම් ආරක්ෂාවක් තිබීම කිසිදු ආරක්ෂාවක් නොමැතිව සිටිනවාට වඩා හොඳ බවයි. එහෙත්, ප්‍රතිශක්තිය හීනවී ඇති පුද්ගල්යෙකුට මනාව ගැලපෙනසේ පැළඳීමට හැකි N95 මුහුණු ආවරණ ප්‍රශස්ත වන්නේ ඒවා වඩාත්ම ආරක්ෂාව සපයන හෙයිනි.”
සැන් ෆ්රැන්සිස්කෝ හි කැලිෆෝනියා විශ්ව විද්යාලයේ බෝවන රෝග පිළිබඳ වෛද්යවරියක සහ වෛද්යවිද්‍යා මහාචාර්යවරියක වන මොනිකා ගාන්ධි සහ වර්ජිනියා ටෙක් හි ඉංජිනේරු මහාචාර්යවරියක වන ලින්සේ මාර් මුහුණු ආවරණ 10 ක් සංසන්දනය කර Cell සඟරාවේ ඔවුන්ගේ සොයාගැනීම් ගැන සඳහන්කර තිබේ. ඔවුන්ගේ පර්යේෂණ මත පදනම්ව ඔවුන් කියාසිටින්නේ, අවම වශයෙන් ස්ථර(පට) දෙකක රෙදි ආවරණ මූලික ආරක්ෂාවක් සපයන බවයි. උපරිම ආරක්ෂාව සඳහා, මුහුණු ආවරණ දෙකක් — ඒ කියන්නේ (පෙරීමේ අතිරේක තට්ටුවක් සහ මුහුණට ගැළපෙන පරිදි පැළඳිය හැකි) ස්තර සහිත රෙදි ආවරණයක් සහ ශල්‍ය මුහුණු ආවරණ යක් යන දෙකම එකවර පැළඳීම ඔවුහු නිර්දේශ කරති .

“මගේ නියත නිර්දේශය වන්නේ ශල්‍ය මුහුණු ආවරණයක් සහ රෙදි ආවරණයක් එකට තබා ගැනීමයි. ”ගාන්ධි පවසයි. “මෙය දැඩිව පිළිපැදිය යුතු නීතියක් කියලා මම කියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මෙය කිරීමට මම තරුණ පිරිස්වලට උපදෙස් දෙනෙත් නෑ. නමුත් N95 ලබා ගත නොහැකි, යම් ආකාරයක අවදානමක් ඇති, ඉහළ සම්ප්රේෂණ අනුපාතයක් ඇති ප්රදේශවල ජීවත් වන, අන් අය වටපිටාවේ සිටියදී ගෘහස්ථව වැඩ කිරීමට සිදුවන හෝ මෙම වෛරසය පිළිබඳව දැඩිසැලකිල්ලක් දක්වන පුද්ගලයින්ට විකල්පයක් මින් සැපයෙනවා. ”
ගාන්ධි පවසන්නේ, විද්යාත්මකව ගතහොත් ඔබ මුලින්ම පැළඳ සිටින්නේ කුමන ආවරණයක්ද යන්න ගැටළුවක් නොවන බවයි. මුහුණු ආවරණය පැළඳ සිටීමේ පහසුව මත හෝ දිගු කලක් භාවිත කිරීමට අදහස් කිරීම මත පදනම්ව එම තීරණ ගත යුතු යයි ඇය යෝජනා කරයි. සමට ගෑවෙන සේ රෙදි ආවරණයක් ද සහ ඊට උඩින් ශල්ය මුහුණු ආවරණක් ද පැළඳීම ඇය නිර්දේශ කරයි.
ගාන්ධි පවසන්නේ ලබාගැනීමට බොහෝ මුහුණු ආවරණ විකල්පයන් තිබෙන අතර වඩාත්ම ආරක්ෂාව සපයන්නේ කුමක් දැයි සොයා ගැනීම පුද්ගලයෙකුට කෙතරම් ව්යාකූල වීම පිළිබඳව තමා වඩාත් කලකිරීමට පත් වන බවයි. “මම හිතන්නේ අපි එම තීරණ වඩාත් සරල කිරීමට උත්සාහ කළ යුතුයි කියලයි”.

ඔමාහා හි, නෙබ්රස්කා විශ්ව විද්යාලයේ වෛද්ය මධ්යස්ථානයේ ළමා බෝවන රෝග පිළිබඳ සහකාර මහාචාර්ය ඇලිස් සැටෝ ගාන්ධි සමග එකඟ වේ. සැටෝ මේ දිනවල තරුණ රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල අය සමඟ මුහුණු ආවරණ පිළිබඳව බොහෝ සාකච්ඡා පවත්වමින් සිටින අතර වඩා හොඳ විකල්ප පහසුවෙන් ලබා ගැනීමට හැකිවෙන තුරු ඇය තම රෝගීන්ට අවධාරණය කරන්නේ මේ මොහොතේ ඇති හොඳම මුහුණ ආවරණ ලෙස සලකිය යුත්තේ ඔබ ඇත්තටම දැනටමත් ඇඳ සිටින එක විය හකි බවයි. “ එසේ වුවත් රටක් වශයෙන් අපට වඩා හොඳ මුහුණු ආවරණ සැපයීමට උදව් කළ හැකි නම් , අප එසේ කළ යුතුමයි.”
ඇලිස් සැටෝ මුහුණු ආවරණයේ යෝග්යතාවය ද ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල වෙනසක් ඇති කරන බව අවධාරණ කරයි. “මුහුණු ආවරණ නිසි ලෙස පැළඳීම සම්බන්ධයෙන් අප ජනතාවට කරුණු පහැදිලි කිරීම ද අවශ්යයි. එයින් අදහස් කරන්නේ මුහුණු ආවරණය වාතය ඇතුල්වීමට හිඩැස් නැතිවෙන ආකාරයට ඔබේ නාසයට, නිකට යටට සහ කම්මුල් වලට ඇළී මුහුණට ගැළපෙනවා යන්නයි. ද්විත්ව ස්ථර අමතර පෙරනයක් එක් කරන නමුත් ඔබ මුහුණු ආවරණය වටා ඇති හිඩැස් ආවරණය කරන බවට වග බලා ගැනීමෙන් බොහෝ වාසි ලැබෙනු ඇත, මන්ද ඔබ පැළඳ සිටින සෑම මුහුණු ආවරණක්ම එක හා සමාන නොවන නිසයි.”
කරන් අවධාරණය කරන්නේ ගෝලීය වසංගතයට මෙපමණ කලක් ගතවී ඇතත් ආරක්ෂාව වැඩි දියුණු කර ගන්නේ කෙසේදැයි සොයා බලන ලෙස ජනතාවගෙන්ම ඉල්ලා සිටීම කෙතරම් අසාධාරන ද යන්නයි.
“මේවාට සම්බන්ධ සංකීර්ණ ඉංජිනේරුමය කාරණා කිහිපයක් තියෙනවා. රෙදි කැබලි කිහිපයක් ගෙන එය එකට තබා මසා N95 හි යෝග්යතාවය සහ පෙරීම අපේක්ෂා කරන්න බැරි බව අප තේරුම් ගැත යුතුයි ”ඔහු පවසයි. “මාස 10 කට පසු, ඇත්ත වශයෙන්ම යම් මට්ටමක ෆෙඩරල් රජයේ යම් සම්බන්ධීකරණයක් තිබිය යුතුය, එවිට පහසුවෙන් ආරක්ෂා සැලසිය හැකි මුහුණු ආවරණ ජනතාවට ලබා ගත හැකි වෙනු ඇති.”
WebMD Health News හී පළවන Experts Call for Better Masks As Pandemic Rolls On යන ලිපිය ඇසුරෙනි