මහා පරිමාණයෙන් ගස් සිටුවීම පිළිබඳ විද්‍යාඥ මතය

Posted by

මහා පරිමාණයෙන්  ගස් සිටුවීම පිළිබඳ  විද්‍යාඥ මතය

ගස් සිටුවීම සඳහා විද්‍යාඥයින් විසින් ස්වර්ණමය රීති 10 ක් යෝජනා කරණු ලැබ ඇති අතර, ඔවුන් පවසන්නේ  එම රීති වලට මෙම දශකය තුළ සියලුම ජාතීන් ප්‍රමුඛස්ථානයක් දිය යුතු බවයි.

දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා ගස් සිටුවීම වටිනා විසඳුමක් වන නමුත් වැරදි ස්ථානයේ සිටුවා ඇති වැරදි ගස යහපතකට වඩා හානියක් කළ හැකි බව කිව් රාජකීය උද්භිද උද්‍යානයේ(Royal Botanic Gardens, Kew) විශේෂඥයෝ  පවසති. පළමුව දැනටත්  පවත්නා වනාන්තර ආරක්ෂා කිරීම සහ අවටවාසීන් සම්බන්ධ කර ගැනීම මෙම  ස්වර්ණමය රීතිවලට ඇතුළත් ය.

පෘථිවිය මත  ජීවය පැවතීමට නම් වනාන්තර අත්‍යවශ්‍ය වේ.

වනාන්තර, ලෝකයේ ශාක හා සතුන්ගෙන් හතරෙන් තුනකට නිවහනක් ලබා දෙයි, කාබන් ඩයොක්සයිඩ් උරාගනියි (අවශෝෂණය කරයි), ආහාර, ඉන්ධන සහ ඖෂධ සපයයි. එසේවන නමුත් වනාන්තර, වේගයෙන් අතුරුදන් වෙමින් පවතී: ඩෙන්මාකය තරම් වන පෞරාණික  නිවර්තන වනාන්තර ප්‍රදේශයක් සෑම වසරක් පාසාම අපට  අහිමි වේ. “අපේ පෘථිවියේ අනාගතය සහතික කිරීම සඳහා තීරණාත්මක දශකයකට අප මුහුණ දෙන බැවින් නිවැරදි ගස් නිසි තැන සිටුවීමට ලොව  සියලු ජාතීන් ප්‍රමුඛස්ථානයක් හිමිකරදිය යුතුය” යනුවෙන් අධ්‍යනය සිදු කළ පර්යේෂකයෙකු වන ආචාර්ය පෝල් ස්මිත් පවසයි. හෙතෙම, එංගලන්තයේ කිව් හී  සංරක්ෂණ පුණ්‍යායතනයක් වන Botanic Gardens Conservation International(උද්‍යාන සංරක්ෂණ ජාත්‍යන්තරය) යේ මහලේකම්වරයායි.

Deforestation
හානියට පත් වනාන්තර යථා තත්ත්වයට පත් කිරීමට අවම වශයෙන් සියවසක්වත් ගත වේ

වනාන්තර විනාශ වී යාම වෙනුවට ලොව පුරා  ගස් සිටුවීමේ අභිලාෂකාමී ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතී. අගමැති බොරිස් ජොන්සන් පවසා ඇත්තේ මෙම පාර්ලිමේන්තුවේ කාලසීමාව අවසන් වන විට එක්සත් රාජධානිය පුරා වසරකට හෙක්ටයාර් 30,000 ක (වර්ග කිලෝමීටර් 300ක) නව වනාන්තර සිටුවීමට තමා අපේක්ෂා කරන බවයි. දේශගුණික අර්බුදයට එරෙහිව සටන් කිරීම සඳහා සැතපුම් 5,000ක (කි.මී. 8,048) වනාන්තර ‘පවුරක්’ සිටුවීමේ අප්‍රිකානු ප්‍රමුඛ ව්‍යාපාරය, මහා බාධක පරයේ මෙන් තුන් ගුණයක් විශාලවන, පෘථිවිය මත  විශාලතම ජීව්‍ය ව්‍යුහය බවට පත්වීමට නියමිතය.

Desertification a Frontline Against Climate Change: IPCC | Inter Press  Service
දේශගුණික විපර්යාසවල පෙරටුගාමීව එන කාන්තාරකරණය මන්දගාමී කරවන පිළියමක්.

කෙසේ වෙතත්,  රුක් රෝපණය වනහී, ලෝකයේ කොතැනක හෝ පහසු  විසඳුමක් වෙත යොමු විය  නොහැකි,  ඉතා සංකීර්ණ කාර්යයකි. “ඔබ වැරදි ගස් වැරදි තැනක සිටුවුවහොත් ඔබට යහපතට වඩා හානියක් සිදු කළ හැකිය” යනුවෙන් අධ්‍යනයේ ප්‍රධාන පර්යේෂක  කිව් හී රාජකීය උද්භිද් උද්‍යානයේ ආචාර්ය කේට් හාඩ්වික් පවසයි.

 

Forest, Colombia
හානියට පත්නොවූ පැරණි  වනාන්තර දිගු කාලීන ප්‍රධාන  කාබන් ද්‍රෝණීන්ය

බොහෝ විට සිදුවන්නේ ශාක, සතුන් සහ දිලීර වලින් පිරී ඇති ස්වාභාවික වනාන්තර යටපත් කරගනිමින් ඒ වෙනුවට  දැව සඳහා වවන ගස් පේළි ,පේළි ගනනින් ඇති වාණිජමය වතු  ඉස්මතුවීමයි. ඒවා දශක කිහිපයකට පසු කපා හෙළාඅස්වනු නෙළා ගන්නා බව හාඩ්වික් පෙන්වා දෙන්නීය.

“අප උත්සාහ කරන්නේ හැකි සෑම විටකම, ස්වාභාවික වනාන්තරවලට සමාන වන එමෙන්ම මිනිසුන්ට, පරිසරයට, හා සොබාදහමට විවිධ ප්‍රතිලාභ ලබා ගෙන එන  ඒ වගේම  කාබන් අවශෝෂනය කළ ගැනීමට  හැකි  වනාන්තර යළි නිර්මානය කිරීම පිණිස මිනිසුන් දිරිමත් කිරීමටයි.”

Global Change Biology යන සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ සමාලෝචනයෙන් දැක්වෙන්නේ සැලසුම්ගතව වුවත් සමහර අවස්ථාවල ගස් සිටුවීම කාබන් අවශෝෂනය  වැඩි නොකරන අතර සෘණාත්මක බලපෑම් ඇති කළ හැකි බව සොයා ගෙන ඇත යන්නය.

Ten golden rules for reforestation to optimize carbon sequestration,  biodiversity recovery and livelihood benefits - Di Sacco - - Global Change  Biology - Wiley Online Library
10 golden rules for tree-planting

ස්වර්ණමය රීති 10 :

දැනට පවතින වනාන්තර ආරක්ෂා කරන්න

වනාන්තර ඒවායේ මුල් තත්ත්වයෙන් තබා ගැනීම වඩාත් සුදුසුය. හානියට පත් නොවූ පැරණි  වනාන්තර කාබන් වඩා හොඳින් අවශෝෂණය කරන අතර ගින්න, කුණාටුව සහ නියඟයට වඩා ඔරොත්තු දෙයි. “තෝරා ගැනීමක් සිදු කල හැකි සෑම අවස්ථාවකම, වනාන්තර විනාශ කිරීම නතර කිරීම සහ ඉතිරි වනාන්තර ආරක්ෂා කිරීම ප්‍රමුඛතාවයක් විය යුතු බව අපි අවධාරණය කරමු,” කිව් හී රාජකීය උද්භිද් උද්‍යානයේ විද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය ඇලෙක්සාන්ඩ්‍රේ ඇන්ටොනෙලි පවසයි.

ගස් සිටුවීමේ ව්‍යාපෘතිවල කේන්ද්‍රයෙහි තැබිය යුත්තේ  දේශීය ජනතාවයි

ගස් සිටුවීමේ ව්‍යාපෘතිවල සාර්ථකත්වයට ප්‍රදේශබද ප්‍රජාවන් ඇතුළත් කර ගැනීම වැදගත් බව අධ්‍යයනවලින් පෙනී යයි. අනාගතයේ දී වනාන්තරය රැකබලා ගැනීමෙන් වැඩි වාසි ලබා ගත හැක්කේ බොහෝ විට දේශීය ජනතාවටයි.

විවිධ අරමුණු සපුරාලීම සඳහා ජෛව විවිධත්වය ප්‍රකෘතිමත් කිරීම උපරිමයට පත්කිරීම

නැවත වන වගාව අරමුණු කිහිපයක් සඳහා විය යුතුය. දේශගුණික විපර්යාසයන්ගෙන් ආරක්ෂා වීම, සංරක්ෂණය වැඩිදියුණු කිරීම සහ ආර්ථික හා සංස්කෘතික ප්‍රතිලාභ ලබා දීම එම අරමුණු අතරවේ.

නැවත වන වගාව සඳහා නිවැරදිම ප්‍රදේශය තෝරන්න

තෘණ බිම් හෝ තෙත්බිම් වැනි වෙනත් ස්වාභාවික වාසස්ථාන භාවිතා කරනවාට වඩා  ඓතිහාසිකව වනාන්තර වශයෙන් පැවති එහෙත් දැනට දිරාපත් වී ඇති ප්‍රදේශවල ගස් සිටුවන්න.

හැකි සෑම තැනකම ස්වාභාවික වනාන්තර නැවත වර්ධනයට වගබලාගන්න

ගස් ස්වාභාවිකවම නැවත වැඩීමට ඉඩ දීම ගස් සිටුවීමට වඩා ලාභදායී හා කාර්යක්ෂම විය හැකිය.

ජෛව විවිධත්වය උපරිම කළ හැකි නිවැරදි ශාක විශේෂ තෝරාගන්න

ගස් සිටුවීම අවශ්‍යව ඇති  විට නිවැරදි හෙවත් යෝග්‍යතම ගස් තෝරා ගැනීම ඉතා වැදගත් වේ. විද්‍යාඥයින් උපදෙස් දෙන්නේ සමහර දුර්ලභ විශේෂ හා ආර්ථික වැදගත්කමක් ඇති ගස් ද ඇතුළුව ප්‍රදේශයේ ස්වාභාවිකවම  දක්නට ලැබෙන දේශීය ශාක විශේෂවල මිශ්‍රණයකි.  ආක්‍රමණශීලී විය හැකි ශාක යොදා ගැනීමෙන් වැළකිය යුතුය.

වෙනස්වන දේශගුණයකට අනුවර්තනය වීමට ගස් ඔරොත්තු දෙන බවට වග බලා ගන්න

රෝපණය සඳහා බීජ තෝරා ගැනීමේ දී දේශීය දේශගුණයට ගැලපෙන සහ අනාගතයේදී එය වෙනස් විය හැකි ආකාරයට ගලපෙන  බීජ භාවිතා කරන්න.

ඉදිරිය ගැන සිතා සැලසුම් සකස්කරන්න

දේශීය ජනතාව සමඟ වැඩ කරමින් බීජ හෝ පැළ ලබා ගන්නේ කෙසේදැයි සැලසුම් කරන්න.

ක්‍රියාවෙන් ඉගෙනීම සිදු කරගන්න

විද්‍යාත්මක දැනුම දේශීය දැනුම සමඟ ඒකාබද්ධ කරන්න. ගස් විශාල ප්‍රමාණයක් සිටුවීමට පෙර කුඩා පරිමාණයේ අත්හදා බැලීම් සිදුකල යුතුය.

ආර්ථිකව ධරණීය බව රැකගන්න

ගස් නැවත සිටුවීමේ තිරසාරභාවය රඳා පවතින්නේ දුප්පතුන් ඇතුළු සියලු පාර්ශවකරුවන්ගේ ආදායම් මාර්ගයක් වීම මත ය.

bbc.com හී පළවූ   Scientists address myths over large-scale tree planting යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.