කොවිඩ් මිනිත්තු 15 කට අඩු කාලයකදී පැතිර යා හැකිය යයි අළුත්ම අධ්ය‍යනයක් කියයි

Posted by

කොවිඩ් මිනිත්තු 15 කට අඩු කාලයකදී පැතිර යා හැකිය යයි  අළුත්ම අධ්ය‍යනයක් කියයි

කොවිඩ් එරෙහි සටනේදී තවදුරටත් මූලික සෞඛ් භාවිතයන් අනුගමනය කිරීමේ වැදගත් කම විදහා දැක්වෙන සිද්ධි අධ්යනයක්

මෙම ගෝලීය  වසංගත සමයේදී, අන් අය සමඟ විනාඩි 15 කටත් වඩා අඩු කාලයක් අන්තර්ක්‍රියා කිරීමෙදී මිනිසුන්ට කොරෝනා වෛරසය සම්ප්රේෂණය විය හැකි යයි එක්සත් ජනප දයේ ජාතික පාපන්දු ලීගය(National Football League – NFL)  සොය ගන්නා ලද  බව රෝග පාලනය සහ වැලැක්වීමේ කෙන්ද්‍රයන්(Centers for Disease Control and Prevention – CDC) විසින් පසුගිය සඳුදා(ජනවාරි 25දා) ප්රකාශයට පත් කරන ලද නව වාර්තාවක දැක්වේ.

NFL tightens COVID-19 rules, will discipline players who don't wear mask on  sidelines
Masks now required for players on sideline as part of new NFL COVID-19  protocols

කොවිඩ්-19 සම්ප්රේෂණයට ප්රධාන සාධක හතරක් බලපානු ලැබේ: මුහුණු ආවරණ පැළඳ සිටියේද,  කාමරයට කොතරම් හොඳින් වාතාශ්රය ලැබේද, අන්තර්ක්රියාකාරිත්වය කොපමණ කාලයක් පැවතුණේද සහ ජනතාව එකිනෙකා අතර ඇති දුර එම සාධක හතරයි.

කොවිඩ්-19 සම්ප්රේෂණයට ප්රධාන සාධක හතරක් බලපානු ලැබේ: මුහුණු ආවරණ පැළඳ සිටියේද,  කාමරයට කොතරම් හොඳින් වාතාශ්රය ලැබේද, අන්තර්ක්රියාකාරිත්වය කොපමණ කාලයක් පැවතුණේද සහ ජනතාව එකිනෙකා අතර ඇති දුර එම සාධක හතරයි.

වඩාත්ම ඵලදායී මැදිහත්වීම් වූයේ මුහුණු ආවරණ සැවොම පාහේ භාවිත කිරීම,  පිටත එළිමහනේ රැස්වීම් පැවැත්වීම සහ පුද්ගලයන් අභිමුඛව රැස්වීම් අවම කිරීම, එක්ව වාඩිවී කෑම කන කාමර වසා දැමීමයි — මේ සියල්ල පාපන්දු ක්රීඩාවෙන් පරිබාහිරව පුළුල් ලෙස අදාළත්වයක් පැවති ඒවා වේ” යැයි  එක්සත් ජනප දයේ ජාතික පාපන්දු ලීගය හෙවත් NFL  ප්රධාන වෛද්ය නිලධාරී ඇලන් සිල්ස්   පැවසීය.  

Preventing the spread of the coronavirus - Harvard Health

වසර පුරා ඉගෙන ගත් පාඩම්,  එකට එක් වී ඇගැයීමට ලක්කිරීමට ජාතික පාපන්දු ලීගය සහ රෝග පාලනය සහ වැලැක්වීමේ කෙන්ද්‍රයන් තීරණය කළේය.  සමස්තයක් ලෙස ගත් කල, ජූලි මාසයේදී ක්රියාත්මක කරන ලද COVඓඪ්-19 නියමාවලීන්  සහ ආශ්‍රිතයන් සෙවීමේ උත්සාහයන් නිසා කණ්ඩායම් 32 කට මෙම ක්‍රීඩාවාරයේ දී  ක්රීඩා පිටියේ තරඟ කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර සුපර් බෝල් තරඟ ඉදිරියට පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩා වාරය පුරාම ක්රීඩකයෝ සහ  කණ්ඩායම්වල අනෙකුත් සාමාජිකයෝ වෙනත් පුද්ගලයෙකු ගෙන්  අඩි හයක දුරක් ඇතුළත සිටියදී ඔවුන් අන් අය සමඟ කොපමණ කාලයක් අන්තර් ක්‍රියා කරමින් සිටියේ ද  යන්න සොයා ගැනීමට හැකි උපකරණ පැළඳ සිටියහ. COVID-19 නිරාවරණය වීමේ හැකියාවකින් පසු අධි අවදානම් ආස්‍රිත්යන් නිරෝධායනය කිරීම සහ  මුහුණු ආවරණ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ගැනීම වැනි දැඩි නියමාවලීන් ක්‍රියාවට නැංවීම  වෛරසය පැතිරීම වැළැක්වීමට වඩාත්ම ප්රයෝජනවත් වූ ක්රම බව පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගන්නා ලදී.

Coronavirus: Privacy in a pandemic - BBC News

අගෝස්තු සිට නොවැම්බර් දක්වා කාලය තුළ ක්‍රීඩකයින් හා කාර්ය මණ්ඩලයේ 11,400 ක් පමණ COVID-19 පරීක්ෂණ 623,000 ක් ලබා ගත් අතර 329 ක් ධනාත්මක බව හෙළිවිය. සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 10 දක්වා කාලය තුළ එකම කණ්ඩායමක් අතර සම්ප්‍රේෂණයට සම්බන්ධ 21 ක් ද ඇතුළුව රෝගීන් 41 දෙනෙකු හඳුනාගෙන ඇති අතර කණ්ඩායමට එහි පහසුකම් සලසන ස්ථාන වසා දැමීමට බල කෙරිණි.

ආශ්‍රිතයන්  ලුහුබැඳීම් වලින් අනාවරණය වූයේ  අඩි හයක අවකාශයක්  ඇතුළත මිනිත්තු 15 කට අඩු කාලයක් (ගතකිරීම) තුළ සම්ප්‍රේෂණය වීමේ අවස්ථා කිහිපයක්ම ඇතිවන බවයි. සම්බන්ධ වූ ක්‍රීඩකයින් 21 දෙනාගෙන් 12 දෙනෙකුට මිනිත්තු 15 කට වඩා වැඩි කාලයක් ඉක්මවූ අන්තර්ක්‍රියා කර නොතිබූ අතර එයිනුත් 8 දෙනෙකු  විනාඩි 5 කට වඩා වැඩි කාලයක් ගත වන  අන්තර්ක්‍රියා කර නොතිබුණි.

(මොවුන් සමග) “සම්මුඛ සාකච්ඡා වලින් හෙළි වූයේ, සිදු වූ වේ යයි කියන  කෙටි අන්තර්ක්‍රියා  අතරතුර, සමහරක්දෙනා   කුඩා කාමර තුල රැස්වීම් වලට සහභාගී වීමේ දී හෝ ආහාර ගැනීමේදී  මුහුණු ආවරන නොපැළඳ  සිට ඇති බවය” යි වාර්තාවේ දැක්වේ.

ආතුරයන් පොකුරක් සෑදීමෙන්  පසුව, ධනාත්මක පරීක්ෂණයක් වාර්තාවන සෑම අවස්ථාවකම දැඩි නියමාවලීන් ඇතුළුව ලීගය පුරාවට -පුළුල් වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී. ඒ වෙනස්කම් අතරට, අධි අවදානම් සහිත ආශ්‍රිතයන් දෛනික පරීක්ෂණවලට ලක්කිරීම  සහ දින 5 ක් නිරෝධායනය කිරීම යන ක්‍රියාමාර්ග ඇතුළත් විය. කිසියම් ක්‍රීඩකයෙකු හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ධනාත්මක බව පරීක්‍ෂාවෙන් හෙළිවුවහොත්, මුළු ක්‍රීඩා සමාජයම දැඩි නියමාවලීන්  අනුගමනය කරනු ඇත.

ඔක්තෝබර් 1 සිට නොවැම්බර් 21 දක්වා කාලය තුළ මිනිත්තු 15 ක් හෝ ඊට වැඩි කාලයක් පැවති අන්තර්ක්‍රියා ගණන 60% කින් පහත වැටුණු අතර නිරාවරණය වීමට හැකියාවක්  ඇතැයි තීරණය වූ  ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 189 දෙනෙකු නිරෝධායනය කරන ලදී. ඒ අතර කණ්ඩායම් 12 කින් පුද්ගලයින් 20 දෙනෙකු ධනාත්මක බව පරීක්‍ෂාවෙන් අනාවරණය වූ අතර බොහෝ ආතුරයන් ගෘහස්ථ සාමාජිකයන් හෝ බාහිර සම්බන්ධතා පැවැත්වූ අය වූහ. කණ්ඩායම තුළ ද්විතියික අවස්ථා ආතුරයන් හඳුනාගනු ලැබ ඇත.

මෙම ආතුරයන් ගතහොත් බොහෝ විට ඔවුන්  මුහුණු ආවරණ නොමැතිව ගෘහස්ථ ක්‍රියාකාරකම්වල යෙදීම, මුහුණු ආවරණ නොමැතිව එකට ගමන් බිමන් යෑම සහ ආසන්නයේ එකට ගතකරමින් කෑමට හා බීම  ගැනීම සිදු කළ අය බව වාර්තාවේ දැක්වේ.

Somali Coast Guard improving their skills on confined space search  operations - EUCAP Somalia
Family meals take on renewed value amid pandemic | Supermarket News

නිරාවරණය වී ඇති පුද්ගලයින් නිරෝධායනය කිරීම වැනි  දැඩි නියමාවලීන්, පාසල්, දිගු කාලීන සත්කාර පහසුකම් සහ ඉහළ ඝනත්ව පරිසරයන් තුළ  වඩාත් උපකාරී වන බව පර්යේෂණ කණ්ඩායම සිය වාර්තාවේ දක්වති. ඒ එ  පරිසරයන්  සඳහා වෙන වෙනම දැඩි නියමාවලීන් සකස් කළ යුතු අතර පුළුල් මුහුණු ආවරණ පැළඳීම, එළිමහන් ස්ථාන භාවිතය සහ ආහාර ගැනීමේ කාලවේලාවන් තුළ අන්තර්ක්‍රියා සීමාකිරීම ඇතුළත් වේ.

“සහභාගිවන්නන්ට ඇති අවදානම අවම කර ගනිමින් ඔබට කණ්ඩායම් ක්‍රීඩාවල යෙදිය  හැකි බව පෙන්වාදීමට අපට හැකි විය,” සිල්ස්  පවසයි,  “සෑම කෙනෙකුම, සෑම දිනකම තමන්ට පැවරී ඇති කාර්යභාරය ඉටු කිරීම අවශ්‍ය වේ. එයට ඇතැම් ක්‍රියාකාරකම්වල යම් වෙනස් කිරීම් ද අවශ්‍ය වේ. ”

(අවධාරණය අපෙනි —  සංස්කාරක)

WebMD News Brief (Jan. 27, 2021) හී පළ වන  Study: COVID Can Be Spread in Less Than 15 Minutes  යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.