පූර්ණ අවධානය කොවිඩ් -19ට යොමුවෙද්දී, ඖෂධ-ප්රතිරෝධී ආසාදන හිස ඔසවයි
වෙනත් භයානක විෂබීජ පැතිරීම ඉහළ යමින් පැවතීමට අර්ධවශයෙන් හේතුවන්නේ ගෝලීය වසංගතයට ඇති අවුල් සහගත ප්රතිචාරයන්ය. මේ අනුව, කොරෝනා වෛරසය කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීම වෙනස් විෂබීජ සමූහයක් පැතිරීමට උපකාරී වී තිබේ.
පසුගිය වසරේ ලොව පුරා කොවිඩ් -19 ස්ථපිත වෙද්දී, රෝහල් සහ සාත්තු නිවාසවල මුහුණු ආවරණ, අත්වැසුම්, කබා වැනි හිඟ සෞඛ්‍යආරක්ෂක උපකරණ නැවත නැවතත් භාවිත කිරීම බහුලව සිදුවිය. අවස්ථාවේ හැටියට සිදුවූ මෙම අරපිරිමැසුම් දායක පිළිවෙත කොරෝනා වෛරසය වාතය හරහා සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට උපකාරී විය. නමුත් එය ඖෂධවලට ඔරොත්තු දෙන(drug-resistant) බැක්ටීරියා සහ දිලීර වැනි විෂබීජ සමූහයක් පැතිරවීමට උපකාරී වූ බව ද පෙනේ. ගෝලීය වසංගතය හේතුවෙන් නිර්මිත ව්‍යාකූලත්වය ලොව පුරා සෞඛ්ය සේවා පසුබිම තුළ අවස්ථාවාදී ලෙස මේ විෂබීජ වර්ධනය වීමට උපයෝගී කර ගෙන ඇත.

කැලිෆෝනියා විශ්ව විද්යාලයේ, අර්වින් වෛද්ය විද්යාලයේ බෝවන රෝග විශේෂඥ වෛද්ය සුසාන් එස්. හුවාන් පවසන්නේ “ලෝකය, එකම ව්‍යාධිජනක ලෝකයක් ලෙස දැකීම ඇත්තෙන්ම ගැටලු සහගතය” යනුවෙනි. ගෝලීය වසංගතය කෙරෙහී මුළුමනින්ම පාහේ අවධානය යොමුකිරීම හේතුවෙන් ඖෂධ-ප්රතිරෝධී ආසාදන(drug-resistant infections) වැඩි වශයෙන් පැතිරීමට මග පාදා ඇතැයි ද පවසන ඇය “ගැටලුව තවත් උග්ර වී ඇතැයි විශ්වාස කිරීමට අපට ඕනෑ තරම් හේතු තිබේ. ” යයි කියයි. ඇගේ බිය තවත් වැඩි කිරීමට දත්ත කිහිපයක් හේතුවෙයි.. මෙම දත්ත වලට ෆ්ලොරිඩා, නිව් ජර්සි සහ කැලිෆෝනියාවේ මෙන්ම ඉන්දියාව, ඉතාලිය, පේරු සහ ප්රංශය යන රටවල විවිධ ඖෂධ-ප්රතිරෝධී ආසාදන හුදකලා ලෙස පැතිරීම ඇතුළත් වේ. සමස්ත සංඛ්යා ලේඛන සොයා ගැනීම දුෂ්කර වී ඇත. ඊට හේතුව කොවිඩ් -19 වෙත සම්පත් යොමු කිරීම නිසා බොහෝ සාත්තු නිවාස හා රෝහල් විෂබීජ ගැන සෙවීම තනිකරම නතර කර දැමීමයි.

ගිම්හානයේ මුල් අවධියේදී සාමන්‍ය මට්ටමේ පරීක්ෂණයක් සිදු කළ විට පවා, ප්රතිඵලවලින් පෙනී ගියේ ඖෂධවලට ඔරොත්තු දෙන ඇතැම් ජීවීන් මුල් බැස ගනිමින් පැතිරී ඇති බවයි. විශේෂයෙන් කරදරකාරී වන්නේ Candida auris නම් දිලීරය ආසාදිත ආතුරයන් ගණන වැඩීමයි. වසංගතයට පෙර මෙම දිලීරයට එරෙහිව සටන් කිරීමට බලධාරීන් උත්සාහ කර ඇත්තේ පරීක්ෂාව වැඩි කිරීම, ආසාදිත රෝගීන් හුදකලා කිරීම සහ වඩා හොඳ සනීපාරක්ෂා මාර්ගයෙනි.
මීට පෙර ගත් මෙම දැඩි උත්සාහයන් නිසා ලොස් ඇන්ජලීස් ප්රාන්තයේ zzසී. ඕරිස් පැතිරීම ඉතා අඩු මට්ටමක් දක්වා සීමා විය. එහෙත් දැන් 250 ක් පමණ සිටින බව සෞඛ්ය ආරක්ෂණ පහසුකම් තුළ ආසාදන පාලනය කිරීමේ ප්රයත්නයන්හි නායකත්වය දරන වෛද්ය සැකරි රූබින් පවසයි. “Candida auris හි ක්ෂණික වර්ධනයක් අපට පෙනේ” යැයි වෛද්ය රූබින් පවසයි. මෙම වෙනස ඇතිකිරීමට සාධක අතළොස්සක් බලපෑ බව ඔහුගේ අදහසය. මෙම සාධක අතර, පරීක්ෂණකිරීම පිණිස පවතින සම්පත් බොහොමයක් කොවිඩ් -19 දෙසට යොමු කිරීම හේතුවෙන් විෂබීජ පරීක්ෂා කිරීමේදී ඇති වූ අභියෝග දැක්විය හැකිය.
ඖෂධ-ප්රතිරෝධී එමෙන්ම හිංසක නැතිනම් හානිකර (Noxious) බැක්ටීරියා ද මතු වෙමින් පවති. මේවා අතරට Carbapenem -ප්රතිරෝධක Acinetobacter baumannii අයත්වේ. ඇ.එ.ජ. රෝග පාලනය හා වැළැක්වීමේ මධ්යස්ථාන(Centers for Disease Control and Prevention – CDC) විසින් එය “හදිසි සෞඛ්ය තර්ජනයක්” ලෙස නම් කර ඇත. ඇඳන් 500 ක් පමණ ඇති නාගරික නිව් ජර්සි රෝහලක කොවිඩ් -19 රෝගීන් වැඩිවීමකදී Acinetobacter baumannii පොකුරක් සොය ගැනීම ගැන දෙසැම්බර් මාසයේදී සී.ඩී.සී.ය වාර්තා කළේය.. ඉතාලියේ සහ පේරු හි රෝහල්වල zzක්ලෙබ්සියෙල්ලා නියුමෝනියාව නම් බැක්ටීරියා පැතිරීම ගැන වාර්තා විය.

මෙම ගැටළුව පවතින බව පිළිගනිමින් ප්රධාන වෛද්ය සංගම් තුනක් වෛද්ය හා වෛද්ය සේවා මධ්යස්ථාන(Centers for Medicare and Medicaid Services) වෙත දෙසැම්බර් 28 වන දින ලිපියක් යවා ඇත. රෝහලෙන් අත්පත් කරගත් ආසාදනවලට සම්බන්ධකෙරෙන ප්රතිපූරණය කිරීමේ ගාස්තු තාවකාලිකව අත්හිටුවන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. මෙම කණ්ඩායම් තුන වන්නේ ඇමරිකාවේ සෞඛ්ය ආරක්ෂණ වසංගත විද්යා සංගමය, බෝවන රෝග ඖෂධවේදීන්ගේ සංගමය සහ ආසාදන පාලනය හා වසංගත රෝග විද්යා සංගමයයි. කොවිඩ් -19 නිසා ආසාදන අනුපාතය ඉහළ යා හැකි බවට කණ්ඩායම් තුන මගින් බිය පළකෙරිණ. “මෙම අසාමාන්ය කාලය තුළ රෝගීන් රැකබලා ගැනීමේ කාර්ය මණ්ඩලය, සැපයුම්, සත්කාරක ස්ථාන සහ සම්මත භාවිතයන් සියල්ල වෙනස් වී ඇත” යනුවෙන් කණ්ඩායම් යැවූ ලිපියේ සඳහන්වේ.
කෙසේවෙතත් ඖෂධවලට ඔරොත්තු දෙන ආසාදන සෑම වර්ගයක්ම ඉහළ ගොස් නැත. නිදසුනක් වශයෙන්, ගෝලීය වසංගතය තුළ, ක්ලෝස්ට්රිඩියොයිඩ්ස් බැක්ටීරියාව ආසාදනය වන රෝගීන්ගේ අනුපාතයේ විශේෂ වෙනසක් සිදු නොවන බව සමහර පර්යේෂණවලින් පෙනී යයි. මෙම ආසාදන මත සමස්තයක් වශයෙන් ගෝලීය වසංගතයේ දිගුකාලීන බලපෑම තවමත් පැහැදිලි නැති බව මෙම සොයා ගැනීම හඟවයි. ආචාර්ය හුවාන්ග් සහ අනෙකුත් විශේෂඥයන් පවසන්නේ කොවිඩ් -19 සමඟ සටන් කිරීමට ප්රමුඛතාවය ලබාදීම අයෝග්‍ය යයි ඔවුන් යෝජනා නොකරන බවයි. ඒ වෙනුවට ඔවුන් පවසන්නේ ඖෂධවලට ඔරොත්තු දෙන විෂබීජ කෙරෙහි යළි අවධානයක් අළුතෙන් යොමු කළ යුතු බවයි. සාත්තු නිවාසවල පදිංචිකරුවන්ගෙන් සියයට 65 කට පමණ කිසියම් ආකාරයක ඖෂධ-ප්රතිරෝධී ආසාදනයක් ඇති බව මීට පෙර කළ පර්යේෂණවලින් හෙළි වී තිබේ.

මෙම ආසාදනවලට මුහුණ දීම සඳහා රෝහල්වල සහ විශේෂයෙන් සාත්තු නිවාසවල ප්රයත්නයන් අඩපණ වී ඇති බවට විවේචකයන් චෝදනා එල්ල කරමින් සිටින්නේ වසර ගණනාවක් තිස්සේය. උපකරණ විෂබීජහරණය, කාර්ය මණ්ඩලය පුහුණුකිරීම, ආසාදිත රෝගීන් හුදකලා කිරීම සහ විෂබීජ ඇත්දැයි පරීක්ෂා කිරීම පිණිස අධිකව මුදල් වැය කිරීමට සිදුවීම මෙම අඩපණවීමට හේතුවකි. මෙයට සහ වෙනත් ගැටළු වලට ප්රතිචාර වශයෙන්, මෙම ආසාදන හට ගෙන ඇත්දැයි දැනගැනීමට විශේෂයෙන්ම රෝගීන් සාත්තු නිවාසවල සහ දැඩි සත්කාර ඒකක තුළටඇතුල්වෙමින් සහ ඉන් නැවත පිටවී යළි අතුල්වෙමින් චක්‍රාකාරව හැසිරෙද්දී ඔවුන් නිරීක්ෂණය කිරීම සඳහා ගෝලීය වසංගතයට පෙර වැඩි ප්‍රයත්නයක් දැරිම පටන්ගෙනතිබුණි. මෙම ‘කැරකෙන දොර’ ආසාදිත රෝගීන් විසින් ගෙන එන විෂබීජ පතුරුවන බව ප්‍රකටය.
එසේවුවත්, මහා වසංගතය ආරම්භ වූ පසු, අධීක්ෂණය බෙහෙවින් අඩු විය. සමහර විට, එවැනි රෝගීන් මාරු කිරීම පිළිබඳ සන්නිවේදනය සහමුලින්ම බිඳ වැටුණු අවස්ථා පවා වූ බව විශේෂඥ යෝ පවසති. ඒ මදිවාට වඩාත්ම රෝගී තත්ත්වයේ කොවිඩ් -19 ආතුරයන් සංවාතකවල(ventilators) තබනලද අතර ඒවාට ඖෂධවලට ඔරොත්තු දෙන ආසාදන ඇළී පසුව පැතිර යා හැකි විය. කොවිඩ් -19 සඳහා ප්රතිකාර කිරීම සඳහා අධික ලෙස සහ නිරතුරුව ස්ටෙරොයිඩ් භාවිතා කිරීමද මෙයට දායකත්වයක් සපයන්නට ඇත. මේවා වෛරසයේ වඩාත්ම භයානක රෝග ලක්ෂණ සමනය කිරීමට උපකාරී වේ. අනෙක් අතට, මෙම ඖෂධ මගින් වෙනත් විෂබීජ වලට පහසුවෙන් ශරීරයට ඇතුල්වීමට ඉඩ සලසන ආකාරයට ප්රතිශක්තිකරණ පද්ධතිය අඩාල කර දැමිය හැකිය. මෙම සාධකවල එකතුව දිලීරය “පැළපදියම් වීම” සඳහා “පරිපූර්ණයි” යයි වෛද්ය ටොම් චිල් පවසයි. ඔහු CDC හි දිලීර අංශයේ ප්රධානියා වේ.

ෆ්ලොරිඩාවේ රෝහලක දී කැන්ඩීඩා ඕරිස් රෝගීන් හතර දෙනෙකුගේ සිද්ධි වාර්තාවක් මේ මස මුලදී ෆ්ලොරිඩා සෞඛ්ය දෙපාර්තමේන්තුව මගින් ප්රකාශයට පත් කෙරිණ. ව්‍යාප්තිය හරිහැටි වටහාගනු වස් ෆ්ලොරිඩාසෞඛ්‍ය දෙපාර්තමේන්තුවෑහි කොවිඩ් ඒකකය වෙත අගෝස්තුවේ ගියේය. පරීක්ෂණයෙන් හෙළි වූයේ අගෝස්තු 4 සිට 18 දක්වා මෙම ඒකකයට ඇතුළත් කර ඇති රෝගීන් 67 දෙනෙකුගෙන් 35 දෙනෙකුට අතරේ ගණවාස පිහිටුවා ඇතිබවයි . මෙයින් අදහස් කරන්නේ දිලීර ඔවුන්ගේ සම මත තිබුනේ වී නමුත් ඒවා ඒවන විටත් ආසාදනය වී නොමැති බවයි. පසුව රෝගීන් හය දෙනෙකු ආසාදනය විය.
එක් රෝගියෙකුගේ සිට තවත් රෝගියෙකු දක්වා දිලීර පැතිරීම සෞඛ්ය සේවා සපයන්නන් පළඳින සෞඛ්යාරක්ෂක කබාය හෝ අත්වැසුම් මත ඇති විෂබීජ මෙන්ම ජංගම පරිගණක සහ ප්රමාණවත් ලෙස පිරිසිදු කර නොමැති වෙනත් උපකරණවලින් ද විය හැකි බව අධ්යයනයෙන් සොයාගෙන ඇත. CDCය සහ වෙනත් විශේෂඥ්යන් පවසන්නේ මෙය ඊනියා ආසාදන පාලනයේ බිඳවැටීමක් බවයි. Candida auris නැගෙනහිර වෙරළ තීරයේ මුල් බැසගෙන පැතිරීමට පටන් ගැනීමෙන් පසුව මෙය 2019 දී දැඩි පරීක්ෂාවට ලක් කරන ලද භාවිතයකි.
ජාතික වශයෙන් ගත් කල, 2019 නොවැම්බර් මස අවසානය තිබූ 952 සිට 2020 නොවැම්බර් වන විට ආසාදන සංඛ්යාව 1,625 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වෛද්ය චිලර් පවසන්නේ වසංගතයේ මුල් අවධියේදී විෂබීජ සඳහා වන පරීක්ෂාව බොහෝ දුරට නතර වී ඇති හෙයින් වර්තමාන සංඛ්යාව ඊට වඩා බෙහෙවින් වැඩි බවයි. එය යළිත් වරක් ලබා ගත් විට, අගෝස්තු මාසයේදී එම සංඛ්යාව ආසාදන 83 ක් දක්වා ඉහළ ගිය අතර රෝගීන් 195 කු අතරෙ ජනපදකරණය විය. තවද, එසේ වූයේ වී නමුත් පරීක්ෂාව පූර්ව වසංගත සමයේ දී තරම් පුළුල් නොවීය.
මෙහි ප්රති ඵ්ලය වනුයේ තහවුරු වූ සිද්ධීන් හුදෙක් පාවෙන හිමකන්දක (අයිස් කුළක ජලයෙන් උඩ ඇති) ඇසට පෙනෙන මුදුන් කොටස පමණක් බවය” යි වෛද්ය චිලර් පවසයි.
The New York Times(January 27th) හී පළවනWith All Eyes on Covid-19, Drug-Resistant Infections Crept In යන ලිපිය ඇසුරෙනි