ආසාදනවලින් ආරක්ෂාවීම
ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියන්නේ කුමක් ද කියලා ප්‍රතිශක්ති විද්‍යාව හදාරන ශිෂ්‍යයෙකු ගෙන් ඇහුවොත් කියාවි එය අතිශය සංකීර්ණ හා මනස අවුල් කරණ සුළු එකක් කියල. ඒත් මේ ලිපිය කියවන අපේ පාඨකයන් වෙනුවෙන් එය අපි උත්සාහ කර බලමු එය සරලව ලෙස තබා ගන්න.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇත්ත වශයෙන්ම එක් තනි දෙයක් නොවේ; ඒ වගේම එය එක හුදකලා තැනක පවතින්නක් ද නොවේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය යනු තනිකරම සුදු රුධිරාණු (ඒවායේ නියම නමින්ම කියනවා නම් ශ්වේත සෛට – leukocytes) ලෙස හැඳින්වෙන සෛලවල ‘චක්‍රාවාටයක්’. ප්‍රතිශක්තිකරණයට, වසා ඉන්ද්‍රීය (වසා ගැටිති, අස්ථි ඇටමිදුළු හා ප්ලීහාව වැනි), අණු (සයිටොකයින) සහ ඒවායේ සාමූහික ජෛව විද්‍යාත්මක ක්‍රියාකාරකම් ආවලියම ඇතුළත් වේ. ඇට මිදුළු යනු, ඔබගේ ප්‍රතිශක්තිකරණ සෛල වර්ග වලින් ඕනෑම එකක් ලෙසට පරිණාමය වීමේ හැකියාව ඇති ‘හිස් කැන්වසයක්’ බඳු මුල් කලල සෛල වලින්(stem cells) නව ප්‍රතිශක්තිකරණ සෛල බිහිකරන ඔබේ ප්‍රතිශක්තිකරණ සෛල නිෂ්පාදන කර්මාන්තශාලාව වේ. නමේ කොටසක් ලෙස රුධිරය සඳහන් වුනත්, සුදු රුධිරාණු ඔබේ රුධිරයේ පමණක් නොව ඔබේ ශරීරය පුරාම මර්මස්ථානවල දක්නට ලැබේ. ඒ ස්ථාන සෑම එකක්ම ඒවාට විශේෂිත කුසලතා කට්ටලයක් දරනු ලබන අතර, ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයේ විවිධ මානයන් දැක්වීමේ හැකියාව ඇති ප්‍රතිග්‍රාහක සහ අණු සමූහයකින් ලක්ෂිත වේ.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය යනු අපත් හා අපට නිරන්තරයෙන් තර්ජනය කරන (විෂබීජ ලෙසද හැඳින්වෙන පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා බැක්ටීරියා, දිලීර සහ වෛරස් අන්වීක්ෂීය ජීවීන් ඇතුළු) ක්ෂුද්‍ර ජීඉවීන් සමුදායත් වෙන්කර තබන සියල්ලයි. රෝග සම්බන්ධයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මුලින්ම සොයාගත්තේ හිපොක්‍රටීස් (ක්‍රි.පූ. 460-377) ය. ශරීරයේ ඇති චතුර් දෝෂ (කහපිත, කළු පිත, සෙම් සහ රුධිරය) පිළිබඳ න්‍යාය ඔහුගේය – මේවා නිරෝගී ජීවීන් තුළ සමතුලිත පවතින නමුත් රෝගී පුද්ගලයෙකු තුළ පවතින්නේ සමබරතාවයෙන් තොරය යන අදහසයි ඔහු ඉදිරිපත්කළේ. අසනීප යනු , මියාස්මා- miasma- (දිරාපත් වූ ද්‍රව්‍ය වල අංශු වලින් පුරවා ඇති විෂ සහිත වාෂ්ප හෝ මීදුම) හෝ මියාස්මාටා – miasmata- (අපද්‍රව්‍ය, පොහොර හෝ මළ සිරුරු වැනි කාබනික ද්‍රව්‍ය දිරාපත් වීමෙන් එන වාෂ්ප) නිසා චතුර් දෝෂ අතුරෙන් එකක අතිරික්තයක ප්‍රතිඵලයක් බව ඔහු කියා සිටියේය. මෙම න්‍යාය දැන් අපට ‘අමුතු’ දෙයක් ලෙස පෙනුනද එකල පවතින සීමිත මෙවලම් සහ තාක්ෂණයන් ඉන් පිළිබිඹු කරයි.

විෂබීජ (පියවි ඇසින්) ‘බැලීමට’ ක්‍රමයක් නොමැතිව විද්‍යාඥ්යන්ට ඊට වඩා ඉදිරියට යාමට ක්‍රමයක් නොවීය. 19 වන ශතවර්ෂයේ මැද භාගයේදී, සිදුරු කිරීම හා පරීක්ෂා කිරීම සඳහා උපකරණ කරළියට පැමිණීමත් සමග, (ප්‍රතිශක්ති විද්‍යාවේ පියා ලෙස සැලකෙන) ලුවී පාස්චර් සහ ඔහුගේ සමකාලීනයන් විසින් නිර්මාණය කරන ලද ‘විෂබීජ න්‍යාය’ ඉස්මත්තට ආ අතර එය ඉතා ඉක්මණින් මහජන විඥානයෙන් චතුර් දෝෂ ඉවත්කර ඒ වෙනුවට ආදේශනය කළේය. විෂබීජ න්‍යාය යනු අප අතුරෙන් බොහෝ දෙනෙක් ප්‍රතිශක්තිය ගැන සිතන ආකාරයයි: එනම් විෂබීජ නරකය; සහ ප්‍රතිශක්තියේ සුදු රුධිරාණු යනු අපගේ ආරක්ෂකයින් වේ යනුවෙනි. එහෙමනමුත් ඇත්ත වශයෙන්ම, සෞඛ්‍යට හා ප්‍රතිශක්තියට සම්බන්ධ කිසිවක් එතරම් සරල නැත.

අප (ස්වයං) සහ විෂබීජයක් වැනි අප නොවන බාහිර (ස්වයං නොවන) දේ හඳුනා ගැනීමට සහ වෙන්කර හඳුනා ගැනීමට ප්‍රතිශක්තිය නෛසර්ගිකව නිර්මිතය. පහර දිය යුත්තේ කුමකට දැයි අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් තීරණය කරණු ලැබීම මෙමගින් පහසු කෙරේ: (සාමන්‍යයෙන්) අපගේ වටිනා පටක ආරක්ෂා කරගනිමින්, ස්වයං-නොවන (අපේ නොවන) භයානක විෂබීජ ඉවත් කිරීම අවශ්‍ය වේ.
කාලය ගෙවී යද්දී, ප්‍රතිශක්තිකරණ පද්ධතිය විෂබීජ සමඟ ඇති කරගෙන ඇති සම්බන්ධය සංකීර්ණ තත්ත්වයක්ය, එහෙමත් නැතිනම් අමාරු, අසීරු තත්ත්වයක්ය යනුවෙන් පවා ඔබට පැවසිය හැකිය. අන්වීක්ෂීය විෂබීජ රෝගාබාධ ඇති කරන බවට — නිකම්ම නොව හොඳ හේතු ඇතිව — සියවස් ගණනාවක් තිස්සේ අපි සාමාන්‍ය ලෙස නිගමනය කර ඇත්තෙමු. ක්ෂ්ණික ව්‍යාප්තවීම්, ගෝලීය ආසාදන වසංගත සහ ව්‍යාකූල රෝග ආදී මේ සියල්ලම ඇති වී තිබෙන්නේ අප හා සම සමව මෙම මහ පොළව බෙදා හදා ගන්නා නැතිනම් භුක්ති විඳිනා ක්ෂුද්‍ර ජීවීන්ගේ සැබෑ සමිශ්‍රනයක් නිසා යයි අපි විශ්වාශ කරන්නෙමු. පසුගිය දශක කිහිපය තුළ සූකර උණ, සිකා(Zika), ඉබෝලා සහ තවත් බොහෝ විශබීජ මූලිකව හටගන්නා විනාශකාරී දේ පිළිබඳ බියජනනය කරන වාර්තා ඒවා පිළිබඳ අපගේ භීතිය තව තවත් වර්ධනය කිරීමට හේතුවී තිබේ. මේ සෑම එකකම හදිසි ඉස්මතුවීමක්ම ආසාදන ආරක්ෂාව පිළිබඳ අප තුළ නව උද්වේගයන් ඇති කරයි.
එය එසේ නමුත් උපතේ සිට මරණය දක්වා මිනිත්තුවෙන් මිනිත්තුවව සංඛ්‍යාවෙන් කිව නොහැකි අපට ලෙඩ රෝගගෙන ඒමේ හැකියාව ඇති විෂබීජ තර්ජනයන්ට අප නිහඩව ගොදුරුවන්නෙමු. අප අසනීප වේ ද නැද්ද යන්න තීරණය වන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආර්ජවය, පූර්ණ ශක්තිය අනුව ය. බොහෝ විට, අපගේ ප්‍රතිශක්තිය මෙම විෂබීජ සම්බන්ධයෙන් ගණුදෙනු සිදු කරන්නේ අපගේ අනුදනීමකින් තොරවමය. ප්‍රතිශක්ති පද්ධතිය සැබවින්ම කොතරම් බලවත්ද යන්න එයින්ම ගම්‍යවේ. ආසාදන පිරි මේ ලෝකය තුළ, අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තරම් අපට ආරක්ෂාව ගෙන ආ හැකි ඖෂධ කිසිවක් තවත් නොමැත.

