ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ගැලවීම පිණිස කොරෝනා වයිරසය හොර රහසේ විකෘති වන ආකාරය
නව කොරෝනා වයිරසය මගින් කරදරකාරීවන විකෘති ගණනාවක් වර්ධනය වී ඇති අතර එහි ප්‍රතිඵ ලයක් ලෙස ලොව පුරා නව ප්‍රභේද කිහිපයක් බිහි වෙයි. වෛරසය ඉතා පහසුවෙන් විකෘති වන්නේ කෙසේද සහ මෙම විකෘති මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයෙන් “ගැලවීමට” උපකාරී වෙන්නේ මන්ද යන්න ගැන දැන් නව අධ්‍යයනයක් මඟින් කරුණුහෙළිකරනු ලැබේ.

COVID-19 වලට හේතු වන SARS-CoV-2 වෛරසය බොහෝ විට විකෘති වන්නේ එහි ප්‍රවේණි කේතයේ කුඩා කොටස් ‘මකා’ ඉවත්කර දැමීමෙන් බව අධ්‍යයනයේ පර්යේෂකයෝ සොයා ගත්හ. වෛරසය ප්‍රතිවලනය විට දෝෂ නිවැරදි කෙරෙන වෛරසයට “සෝදුපත් කියවීමේ” තමන්ගේම යාන්ත්‍රණයක් තිබුණද, ‘මකා දැමිමක්’ සෝදුපත් කියවන්නන් හට හසු නොවේ.
“එය පුදුමාකාර දක්ෂකමක්” පිට්ස්බර්ග් විශ්ව විද්යාලයේ එන්නත් පර්යේෂණ මධ්යස්ථානයේ අධ්යක්ෂ, අධ්යනයේ ජ්යෙෂ්ට කතුවරයකු වන පෝල් ඩුප්රෙක්ස් පවසයි, ” පවතින්නේ නැති දෙයක් නිවැරදි කිරීමක් කරන්න බැහැනේ”.

එපමණක්ද නොව, SARS-CoV-2 ගන පවසතොත්, මෙම මකාදැමීම් නිතරම ජෙනෝමය මත සමාන ස්ථානවල දක්නට ලැබෙන බව පෙබරවාරි 3 වන දින විද්යා සඟරාවේ ප්රකාශයට පත් කරන ලද මෙම අධ්යයන වාර්තාවේ දැක්වේ. මේවා මිනිසුන්ගේ ප්රතිදේහ වෛරසයට බැඳී (වෛරස)අක්රිය කරන අඩවි වේ. නමුත් මෙම මකාදැමීම් නිසා ඇතැම් ප්රතිදේහ වලට වෛරසය හඳුනාගත නොහැක.
ප්‍රවේණි කේතයේ සිදුවන මෙම මකාදැමීම් ඩුප්‍රෙක්ස් සමාන කරන්නේ එක් පබුළක් එළියට ඇද ඉවත් කරන ලද පබළු වැලකටය. එය ‘මහ ලොකු දෙයක් නොවේය’ යි සැලකිය හැකි වුව ද, , ප්‍රතිදේහයකට නම් එය “සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. මේ සුළු ‘අඩුව’ මහා විශාල බලපෑමක් ඇති කළ හැකි දෙයක්” යි ඔහු කියා සිටියි.
හැංගිහොරා සිදුකෙරන මකාදැමීම්
ඩුප්‍රෙක්ස් සහ ඔහුගේ සගයන් මෙම මකාදැමීම් මුලින්ම දුටුවේ අසාමාන්‍ය ලෙස දීර්ඝ කාලයක් — ඒ කියන්නේ දින 74 ක් තරම් දීර්ඝ කාලයක් — තිස්සේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙකු තුළය. රෝගියාට දුර්වල වූ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබූ අතර එමගින්(ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින්) වෛරසය නිසියාකාරව ඉවත් කිරීමට නොහැකි විය. දිගු ආසාදනයකදී, රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සමඟ “හැංගිමුත්තන්” කෙළිමින් කොරෝනා වයිරසය පරිණාමය වීමට පටන් ගත් අතර අවසානයේ මකාදැමීම් වර්ධනය වූ බව පර්යේෂැකයෝ පෙන්වාදෙති. එවැනි මකාදැමීම් කෙතරම් සුලබ දැයි ඔවුහු කල්පනා කළහ.
ඒ අනුව, ලොව පුරා සාම්පල වලින් එකතු කරන ලද SARS-CoV-2 හි ජානමය අනුක්‍රම 150,000 ක් විශ්ලේෂණය කිරීමට ඔවුහු GISAID නමින් දත්ත සමුදායක් (database) භාවිතා කළහ. ඒ අනුව ඉන් රටාවක් මතු කරගැනීමට පර්යේෂකයෝ සමත් වූහ. පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ අණුක ජීව විද්‍යාව හා අණුක ජාන විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය කෙවින් මැකාති පැවසුවේ “මෙම මකාදැමීම් ඉතා සුවිශේෂී ස්ථාන පෙළ ගැසීමකට මග පෑදූ” බවයි.

ලෝකයේ විවිධ ප්‍රදේශවලින් විවිධ කාලවලදී එකතු කරන ලද SARS-CoV-2 සාම්පලවල “අපි ඒවා නැවත නැවතත් දැක ඇත්තෙමු” යනුවෙන් ඔහු පවසයි. “පොදු වරණීය පීඩනයක්” හේතුවෙන් මෙම වෛරස් මාදිලි නැතිනම් ප්‍රභේද මෙම මකාදැමීම් ස්වාධීනව වර්ධනය කරගන්නා බව පෙනෙන්නට තිබුණ බව පර්යේෂකයෝ සිය වාර්තාවෙහි දක්වති.
පර්යේෂකයන් විසින් මෙම අඩවි නම් කරණු ලැබුවේ “මකාදැමීමේ පුනරාවර්තන කලාප” ලෙසනි. වෛරසය අක්‍රීය කිරීම සඳහා ප්‍රතිදේහ බන්ධනය වන වෛරසයේ ශුල(spike) ප්‍රෝටීනවල ලප අතර මෙම කලාප ඇති බව ඔවුහු දුටහ. “මෙම වෛරසයට බන්ධනය වන ප්‍රතිදේහ වලින් ‘ඉවත්වීමට්’ හෙවත් (වෛරසයේ) පරිණාමයට මෙකි ‘මකාදමීම්’ තුඩු දෙන බවට පළමු ඉඟිය එය අපට ලබා දුන්නා” යනුවෙන් මැකාති පවසයි.
නව ප්‍රභේද ගැන කල් ඇතිව කීම(පුරෝකථනය කිරීම)
පර්යේෂකයන් සිය ව්‍යාපෘතිය ආරම්භ කළේ 2020 ගිම්හානයේදීය. නව කොරෝනා වයිරසය සැලකිය යුතු ආකාරයකින් විකෘති වනු ඇතැයි ඒ කාලයේ දි අදහස් නොකෙරිණ. “එහෙත් ඒවායේ දත්තවල මකාදැමීම් අපට කිවේ ඊට පටහණි කතාවක්” යයි පර්යේෂකයෝ දක්වති. 2020 ඔක්තෝම්බර් මාසයේදී ඔවුහු මෙම මකාදැමීම් සහිත ප්‍රභේදයක් සොයා ගත්හ. “U. K. ප්‍රභේදය” හෝ B.1.1.7 ලෙස පසුව හැදින්වූයෙ එයයි. මෙම ප්‍රභේදය 2020 දෙසැම්බර් මාසයේ මුල සිට එක්සත් රාජධානියේ වේගයෙන් ව්‍යාප්තවීම ආරම්භ වූ තැන් පටන් ගෝලීය වශයෙන් අවධානය දිනා ගත්තේය.

“මකාදැමීමේ ප්රභේද සඳහා වූ අපගේ සමීක්ෂණය මගින් B.1.1.7 පරම්පරාව බවට පත්වන පළමු නියෝජිතයා සොයාගන්න හැකිවුණා” යනුවෙන් කතුවරු අධ්‍යයන වාර්තාවේ සඳහන් කරති. ඔවුන්ගේ සොයාගැනීම් මගින් තහවුරු වන කාරණය වන්නේ මෙම මකාදැමීම් සහ වෙනත් විකෘති ගැන හොඳින් සොය බැලීම තුළින් වෛරසයේ පරිණාමය සමීපව නිරීක්ෂණය කිරීමේ වැදගත්කම අවධාරනය කරන බවයි.
“අපි මෙවලම් වැඩි දියුණු කර ගත යුතුයි. මේ දේවල් සොයා බලා ඒවා අනුගමනය කිරීම සඳහා අපගේ සුපරීක්ෂාකාරිත්වය ශක්තිමත් කර ගත යුතුයි…. එවිට සිදුවන්නේ කුමක්ද යන්න ගැන අපට අනාවැකි කීමට පටන් ගත හැකිය” මැකාති පවසයි.
සමහර ප්රතිදේහ මගහරවා ගැනීම පිණිස වෛරසය විකෘති වුවද, අනෙක් ප්රතිදේහවලට තවමත් ඵලදායී ලෙස වෛරසයට බන්ධනය වී ඒවා(වෛරස) අක්රිය කළ හැකිය.
“විවිධ ආකාරවලින් වෛරසය හඹා යාම යනු අපි ස්වරූපය කරන්නා පරාජය කරන ආකාරයයි” ඩුප්රෙක්ස් ප්රකාශයක් නිකුත් කරමින් කියා සිටියි. ” විවිධ ප්රතිදේහවල සංයෝජන [එනම් විවිධ නුමුහුන්(monoclonal) ප්රතිදේහ ප්රතිකාර]… විවිධ වර්ගයේ එන්නත්. අර්බුදයක් ඇතිවුවහොත් අපට මෙකී උපස්ථ ලබා ගැනීමට අවශ්ය වනු ඇත.”

මුහුණු ආවරණයක් පැළඳීම සහ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඕනෑකරන වෙනත් ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වන්නේ ඇයිද යන්න සොයාගැනීම් වලින් පෙන්නුම් කෙරේ – වෛරසය මගින් වැඩි වශයෙන් පුද්ගලයන් ආසාදනය වන තරමට, එය ප්‍රතිවර්තනය වීමට හා විකෘති වීමට ඇතිඅවස්ථා වැඩිවෙයි.
“එය ප්‍රතිවර්තනය වන වාර ගණන අඩු කිරීමට අපට කළ හැකි ඕනෑම දෙයක් සිදු කිරීමෙන් … අපට අපට ක්‍රියාත්මක වීමට ඇති කාලය දික්කර ගත හැකිය” යනුවෙන් ඩුප්‍රෙක්ස් කියා සිටී
Live Science හි පළවන The sneaky way the coronavirus mutates to escape the immune system යන ලිපිය ඇසුරෙනි