වේගයෙන් ව්‍යාප්ත වන COVID-19 ප්‍රභේදයකින් මියයාමේ අවදානම කුමක්ද?

Posted by

වේගයෙන් ව්‍යාප්ත වන COVID-19  ප්‍රභේදයකින් මියයාමේ අවදානම කුමක්ද?

බ්‍රිතාඥයෙන් සොයා ගැනුණු SARS-CoV-2  නව මාදිලිය වන B.1.1.7 ප්‍රභේදයට සම්බන්ධ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතී, නමුත් ඒවාට හේතුව කුමක්ද යන්න පිළිබඳ ප්‍රශ්නය තවමත් නොවිසඳී  පවතී.

ලැබෙන ප්‍රවෘත්ති ඉතා සිත්ගන්නා සුළු නමුත් සංකීර්ණය. වේගයෙන් ව්‍යාප්ත වන SARS-CoV-2 ප්‍රභේදය වන B.1.1.7,  පෙර ප්‍රභේද සමඟ සසඳන විට,  COVID-19 න් මිය යාමේ අවදානම වැඩි කරන බවට ජනවාරි අග සතියේ නිකුත් කල බ්‍රිතාන්‍ය රජයේ අනතුරු ඇඟවීම පිටුපස ඇති හෙවත් පාදක කර ගෙන ඇති දත්ත  විද්‍යාඥයින්  විසින් නිකුත් කර තිබේ. නමුත් සමහර  විද්‍යාඥයින්  අවධාරණය කරන්නේ  නවතම අධ්‍යයනය – රජයේ අනතුරු ඇඟවීම සේම — මූලික බවයි; එමෙන්ම ප්රභේදය වඩා මාරාන්තිකද යන්න හෝ ප්රභේදය වේගයෙන් ව්යාප්ත වෙමින් පවතින හෙයින් අවදානමට ලක්විය හැකි පුද්ගලයින් විශාල සංඛ්යාවක් වෙත ළඟා වන්නේද යන්න තවමත් එමගින් හරිහැටි දක්වනු නොලබන බවයි. නවතම සොයාගැනීම් ගැන සැලකිලිමත් විය යුතුව ඇත.  කෙසේ වෙතත්, නිගමනවලට එළඹීම පිණිස නම්  “කළ යුතු තවත් වැඩ ඇත” යැයි මුගේ සෙවික් පවසයි. ඔහු එක්සත් රාජධානියේ එඩින්බරෝ හි පිහිටි ශාන්ත ඇන්ඩෘස් විශ්ව විද්යාලයේ මහජන සෞඛ්ය පර්යේෂකයෙකි.

What’s the risk of dying from a fast-spreading COVID-19 variant? සඳහා පින්තුර ප්‍රතිඵල
What’s the risk of dying from a fast-spreading COVID-19 variant? සඳහා පින්තුර ප්‍රතිඵල

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් මාදිලිය වන B.1.1.7,  පෙර ප්‍රභේදයන්ට වඩා වේගයෙන් ව්‍යාප්ත වන බවත් මරණයේ වැඩි අවදානමක් සමඟ සම්බන්ධ වී ඇති බවත් පර්යේෂණ කණ්ඩායම් කිහිපයක මූලික දත්ත මගින් පෙන්වා දෙනු ලබන බවයි.  නව ප්‍රභේදය ආසාදිත බවට තහවුරු කල පුද්ගලයන් හට  මියයාමේ සියයට 35 ක වැඩියෙන් අවදානමක් පවතින බව  මෙකී දත්ත සමහරක් විශ්ලේෂණය කරමින් ස්වස්ථතාව හා නිවර්තන වෛද්‍යවිද්‍යාව පිලිබඳ ලන්ඩන් පාසලේ(London School of Hygiene & Tropical Medicine (LSHTM)) පර්යේෂකයන්  පෙබරවාරි 3 වන දින නිකුත් කළ වාර්තාවක් ගම්‍යකරයි.

එම විශ්ලේෂණයට අනුව ඇත්ත වශයෙන්ම වයස අවුරුදු 70-84 අතර පිරිමින් අතර, කලින් ප්‍රභේදයෙන් ආසාදිත බවට පරීක්ෂා කොට තහවුරු  වූ අයට, B.1.1.7 ආසාදිත අයට වඩා  COVID-19 හේතුවෙන් මිය යා හැකි සංඛ්‍යාව දළ වශයෙන් 5% සිට 6% ටත්  වඩා වැඩි වන බවයි.  වයස අවුරුදු 85 හෝ ඊට වැඩි පිරිමින් සඳහා සලකන විට, නව ප්‍රභේදයට ආසාදනය වී ඇති බව තහවුරු වූවන්  මිය යාමේ අවදානම 17% සිට 22% දක්වා වැඩි වේ. කෙසේවෙතත්, මෙම විශ්ලේෂණය සමාන විද්‍යාඥයන් විසින් සමාලෝචනය කරනු ලැබ නොමැත. වෛරසයේ මුල් ප්‍රභේදය වන SARS-CoV-2 ට  වඩා  එහි නව ප්‍රභේද  වඩා  මාරාන්තිකද  යන්න  ගැන අනෙකුත් කණ්ඩායම් ද  අධ්‍යයනය කරමින් සිටිති.

What’s the risk of dying from a fast-spreading COVID-19 variant? සඳහා පින්තුර ප්‍රතිඵල

ප්‍රමුඛ ප්රභේදය

සැප්තැම්බර් මාසයේ දකුණු එංගලන්තයේ දී ඹ්.1.1.7 ප්රථම වරට හඳුනාගත්තායින් පසුව එය එක්සත් රාජධානියේ ප්රමුඛ ප්රභේදය බවට පත්ව ඇති අතර එය රටවල් 30 කට වඩා ව්යාප්ත වී තිබේ.  SARS-CoV-2  පරම්පරාව මිය යාමේ වැඩි අවදානමක් ඇති  දැයි සොයා බැලීම පිණිස, LSHTM  හි වසංගත රෝග විද්යාඥ නිකලස් ඩේවිස් සහ සගයන් නොවැම්බර් 1 සිට ජනවාරි 11 දක්වා කාලය තුළ SARS-CoV-2  සඳහා පරීක්ෂාවට ලක් කෙරුණු එහෙත්රෝහල් ගතව නොසිටි 850,000 කට අධික පිරිසකගේ දත්ත විශ්ලේෂණය කළහ.

B.1.1.7 ප්රභේදය අළුත් එකක් වුවද, එක්සත් රාජධානියේ භාවිතා කරන සම්මත රෝග විනිශ්චය කට්ටලයක ඇති වූ දෝෂයක් හේතුවෙන් පර්යේෂකයන්ට එය ආසාදනය වූ පුද්ගලයින් හඳුනා ගැනීමට හැකි විය.  වෛරසයේ පැවැත්ම තහවරු කරගැනීම පිණිස මේ පරීක්ෂණයේ දී සාමාන්යයෙන් SARS-CoV-2  ජාන තුනක් ගැන සොයා බලනුලැබේ. නමුත් B.1.1.7 ප්‍රභේදය සලකන විට , ශූල(spike) ප්රෝටීන වල වෙනස්වීම් වලින් අදහස් වන්නේ ආසාදිත පුද්ගලයින් තවමත් ධනාත්මක වන්නේ මෙම ජාන වලින් දෙකක් සඳහා පමණි. සියලුම වයස් කණ්ඩායම්, ස්ත්‍රි-පුරුෂ කණ්ඩායම්, සහ සියලුම වර්ගික කණ්ඩායම් සඳහා පෙර ප්රභේදයන්ට වඩා B.1.1.7 මාරාන්තික බව අද්‍යයන කණ්ඩායම සොයා ගත්තේය.  එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ හෙන්රික් සල්ජේ පවසන්නේ “නව මාදිලිය හේතුවෙන්  මරණ අනුපාතය සැබවින්ම ඉහළින් පවතින බවට මෙය ප්‍රබල සාක්ෂියක්” බවයි.

covid-19 variants සඳහා පින්තුර ප්‍රතිඵල

කෙසේ වෙතත්, සෙවික් පවසන්නේ විශ්ලේෂණයට ඇතුළත් කර ඇති යෞවනයන් අතර සිදුවන මරණ කුඩා සංඛ්‍යාව නව ප්‍රභේදය සෑම වයස් කාණ්ඩයකටම එක හා සමානව බලපාන බව නිගමනය කිරීමට ප්‍රමාණවත් නොවන බවයි. “මෙය ඇත්ත වශයෙන්ම වැඩිහිටි වයස් කාණ්ඩවලට බලපාන බවයි  පේන්න තියෙන්නෙ” යයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ ටෝනි බ්ලේක්ලි පවසයි.

රජයේ උපදේශක කණ්ඩායමක් වන නව හා නැගී එන ශ්වසන වෛරස් තර්ජන උපදේශන කණ්ඩායම (New and Emerging Respiratory Virus Threats Advisory Group (known as NERVTAG)) විසින් ජනවාරි 22 වන දින ප්‍රකාශයට පත් කරන ලද ලේඛනයක සාරාංශගත කර ඇති අනෙකුත් මූලික කටයුතු සමඟ ද මෙම සොයා ගැනීම් අනුකූල වේ. ලන්ඩනයේ ඉම්පීරියල් ලීජියේ එක් පර්යේෂක කණ්ඩායමක් සොයා ගත් පරිදි, සාමාන්‍ය මාරාන්තික අනුපාතය, එනම් එහි ප්‍රති ඩී ලයක් ලෙස මිය යන  COVID-19 තහවුරු කර ඇති පුද්ගලයින්ගේ ප්‍රතිශතය ට වඩා B.1.1.7 ආසාදිත පුද්ගලයින් සඳහා 36% ක් පමණ ඉහළ අගයක් ගනී.

වෙනත් පැහැදිලි කිරීම්

සෙවික් පවසන්නේ ප්‍රභේදය අනෙක් පෙළැන්තිවලටට වඩා මාරාන්තිකද යන්න නිගමනය කිරීමට වැඩි දත්ත මෙන්ම  තවත් විශ්ලේෂණ ද අවශ්‍ය බවයි. නිදසුනක් වශයෙන් දක්වතොත් , නව ඉප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින්ට දියවැඩියාව හා තරබාරුකම වැනි එක්ව ඇතිවන රෝගාබාධ තිබේද යන්න නවතම අධ්‍යයනය මගින්  සලකා බලනු ලබන්නේ නැති අතර එම නිසා ඔවුන් වඩාත් අවදානමට ලක්විය හැකි අතර මිය යාමේ වැඩි අවදානමක් ද ඇතැයි ඇය කියයි

covid-19 variant strain සඳහා පින්තුර ප්‍රතිඵල
covid-19 deaths සඳහා පින්තුර ප්‍රතිඵල

මෙම අධ්‍යයනයෙන් එක්සත් රාජධානියේ COVID-19 මරණ වලින් ඉතා සුළු ප්‍රමාණයක් — එනම්   7% ක් —  පමණක් ආවරණය වන අතර රෝහල්වලදී  පරීක්ෂාවට ලක්වූවන්ගේ මරණ ද  ඇතුළත් කළ හොත් එහි බලපෑම අතුරුදන් විය හැකි බව සෙවික් පවසයි.  නව ප්‍රභේදය සමඟ රෝහල්වලට ඇතුළත් කර ඇති පුද්ගලයින්ගේ මරණ අවදානම වැඩි බව වෙනත් කණ්ඩායම් විසින් කරන ලද මූලික ක්‍රියාමාර්ග වලින් සොයාගෙන නොමැති අතර මෙය නවතම ප්‍රතිල අවුල් කරදමයි.

ඩේවිස් පවසන්නේ නව ප්‍රභේදය වඩාත් දරුණු රෝග ඇතිවීමට ඉඩ ඇති බවත්, එහි ප්‍රතිලයක් ලෙස වැඩි පිරිසක් රෝහල් ගත කළ හැකි බවත් ය.  නමුත් රෝහල් ගත වූ පසු ඔවුන් මරණයට පත්වීමෙ අවදානම පෙර තිබූ ප්‍රමාණයම බව ද ඔහුපෙන්වාදෙයි.  කෙසේනමුත් සිදුවන්නේ කුමක්ද යන්න පර්යේෂකයන්ට තේරුම් ගැනීමට නම් තවත් දත්ත අවශ්‍ය බවට ඔහු එකඟ වේ. සමහර පර්යේෂකයන් යෝජනා කර ඇත්තේ B.1.1.7 වේගයෙන් ව්‍යාප්ත වීම නිසා මරණ වැඩිවීමට දායක විය හැකි අතර එය රෝහල් පිරී ඉතිරී යාමට හේතුවීමෙන් සත්කාර සේවාවේ  ගුණාත්මක භාවයට බලපානු ඇති බවයි.

කෙසේවෙතත්, ඩේවිස් පවසන්නේ ඔහු සහ ඔහුගේ කණ්ඩායම එය ප්‍රතික්ෂේප කරන්නේ නව හා පැරණි ප්‍රභේදයන් හා සම්බන්ධ මරණ අවදානම එකම වේලාවක හා ස්ථානයකදී පරීක්ෂාවට ලක් කළ පුද්ගලයින් සඳහා සංසන්දනය කර ඇති නිසාත්, රෝහල්වල තිබෙන එකම තත්වයන්ට යටත් වන නිසාත් යනුවෙනි.

nature,com(05th February, 2021) හී පලවන  What’s the risk of dying from a fast-spreading COVID-19 variant?  යන  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.