පස සහ ජනතා අන්තර් සම්බන්ධතාව

Posted by

පස සහ ජනතා අන්තර් සම්බන්ධතාව

ඔබේ ජීවිතයේ ඕනෑම දෙයක් ගැන හිතන්න. ඒ සිතට ආ දෙය  ඔබ ආපස්සට කල්පනාකර බලන විට එය කොතනක් දී හෝ  පසට සම්බන්ද බව සොයාගත හැකිය. පස් නොමැතිව අපට ජීවත් විය නොහැක! අප බොහෝ විට ඒ ගැන නොදැන සිටියද, පස් අපගේ ජීවිතයේ සෑම කොටසකටම හැම දෙයකටම සෘජුව හෝ වක්‍රව බලපායි: ඔව්, ආහාර, ජලය සහ වාතය ලබා ගැනීමේ හැකියාව සහ ගුණාත්මකභාවය, විවිධ අත්‍යවශ්‍ය පරිසර පද්ධති සේවාවන් සඳහා ඉංජිනේරු බලපෑම, මානව සංස්කෘතීන් හා වෘත්තීන් කෙරෙහි බලපෑම් කිරීම ආදී වශයෙනි.

පස් අපගේ ආහාර නිපදවයි: අපේ බෝග ශාක  වගා කෙරෙන්නේ පසෙහිය.  අපේ පශු සම්පත ආහාරයට ගන්නේ පසෙහි වගා කරන භෝගයි.  පසෙහි වගා කෙරුණු ශාක වන සතුන් පෝෂණය කිරීමෙහි ලා පිහිට වෙයි.  මාළු විසින් ආහාරයට ගන්නා ලබන  ශාක, කෘමීන් යනාදිය පවා ඒවායේ  ජීවන චක්‍රයේ යම් අවස්ථාවක කෙලින්ම පසට බැඳී තිබීණ.

Human and Soil Interactions සඳහා පින්තුර ප්‍රතිඵල

ඔබගේ පාදවලට යටින් ඇති පස අංශ කිහිපයකින් වැදගත් ය; ඔබගේ නිවස තැනිය යුත්තේ කොයිබ ද, ඔබගේ නිවස සෑදිය යුත්තේ කුමකින් ද: ගඩොල් හෝ ලී හෝ මෝඩ ගල්වලින් ද? ඔබට අවශ්ය වතුර එන්නේ කොහෙන්ද? භූගත ජලධර හෝ ගංගා වලින් ද? එම ජලය පිරිසිදු කරන්නේ කෙසේද?

ඔබ පැළඳ සිටින ජීන්ස් කපු වලින් සාදා ඇති අතර කපු  ශාකයක් ලෙස ආරම්භ වූ නමුත් එම ශාකයට පෝෂණය සැපයෙන්නේ  පසෙනි. ඔබ කන ආහාරය සමහරවිට කිකිළියක  දැමූ බිත්තරයක් විය හැකියි. එම කිකිළිය  ආහාරයට ගන්නේ පසෙහි වැඩෙන  ශාකයකින් ලැබෙන ධාන්‍යයි. ඉතින් කොයි විදිහට බැලුවත් ඔබේ  ජීවිතයේ මූලය පස තමයි.

මිනිසුන්ට අවශ්‍ය පස්

ආහාර නිෂ්පාදනය, ඇඳුම් පැළඳුම්, ජලය සහ වාතයේ ගුණාත්මකභාවය, නවාතැන් හා ගොඩනැගිලි, කලාව, වෛද්‍ය විද්‍යාව සහ ජීවිතයේ අනෙකුත් විවිධ අංශ  සම්බන්ධයෙන්  පස  ඉටු කරන්නේ විශාල එමෙන්ම වැදගත් කාර්යභාරයක් .

පරිසර පද්ධතියේ ක්‍රියාකාරිත්වය, ජලය සහ වාතයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන්  පසෙහි වටිනාකම විමසා දැන ගත හැකිය.  අවම පාරිසරික හානියක් සහිතව ආහාර හා තන්තු නිෂ්පාදනය කිරීමට පාංශු විද්‍යාඥයින් උදව් කරන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු මානව හා ආහාර අතර සම්බන්ධයෙන් සොයාගත හැකිය. තවද, පාංශු හා සංස්කෘතිය අතර බැඳීම සලකා බලනවිට සංගීතය, කලාව සහ වෛද්‍ය විද්‍යාව ඇතුළු සෑම අංශයකටම සම්බන්ධ  පාංශු වල වටිනාකම් දැක්වෙන තොරතුරු එහි ඇත. මේ සියල්ල එසේවන නමුත්  පසෙහි, තදින් වෙනස් කම් ඇති කිරීමට මිනිසුන්ට හැකියාව ඇති අතර පස්වලට හානි කිරීමට ද මිනිසුන්ට  හැකිය ඉංජිනේරු හා නාගරික සංවර්ධන අංශය ගැන විමසීමකින්  තම අවශ්‍යතාවන්ට සරිලන පරිදි මිනිසා පස් වෙනස් කරන ආකාරය දැකගත හැකියි.

පසෙහි විශාල වශයෙන් වෙනස්කිරීමට,  හා හානි පැමිණවීමට මිනිසුන්ට  හැකි ආකාරය මෙන්ම එය සුරැකීමට ද  මිනිසුන්ට ක්‍රියා කළ හැකි ආකාරය ආදී වශයෙන් මානව-පාංශු අන්තර්ක්‍රියා ගැන පස පිළිබඳ උනන්දුව දක්වන දුහුනන් සොය බැලිය යුතුය.

පස මිනිස් ජීවිතයට ඉතා වැදගත් බැවින් එය ප්රයෝජනයට ගැනීම පිණිස එය එහාමෙහා කිරීමට හා අවශ්‍ය ආකාරයට හැඩගස්වා ගැනීමට මිනිසුන්ට  සිදුවේ. කෙසේ වෙතත් මෙය පාරිසරික ගැටළු, පාංශු හානිය හා පිරිහීමට හේතු විය හැක. පාංශු හායනය යනු මිනිසා විසින් ඇති කරන ලද හෝ ස්වාභාවික ක්රියාවලියක් වන අතර එමඟින් පසෙහි ක්රියාකාරිත්වයට ඇති හැකියාව අඩාල වෙයි.

උදාහරණයක් ලෙස ක්රි.පූ 3000 දී සුමේරියානුවෝ  දකුණු මෙසපොතේමියාවේ කාන්තාරවල විශාල නගර ඉදි කළහ. වාරිමාර්ග උපයෝගී කරගනිමින් ඔවුහු කාන්තාර පසෙහි ගොවිතැන් කළ අතර විශාල ආහාර අතිරික්තයන් නිර්මාණය කළහ. ඔවුන්ගේ ශිෂ්ටාචාරය පවත්වාගෙන යාමට එම ආහාර අතිරික්තයන් ඉවහල් කර ගැනිණ. නමුත් ක්රි.පූ 2200 දී පමණ ශිෂ්ටාචාරය බිඳ වැටුණි. විද්යාඥයෝ ඊට හේතු මොනවාදැයි යන්න ගැන වාද විවාද කරති.  එක් හේතුවක් බාගදා පසට සම්බන්ධ කළ හැකිය. වියළි දේශගුණික තත්ත්වයන් තුළ වාරි ජලය සැපයීමෙන් ලුණු සෑදීම වර්ධනය විය හැක. ඉතින් ලුණුවලට ඔරොත්තු දෙන්නේ බෝග ස්වල්පයක් පමණකි. මෙම කලාපයේ පස තවමත් බෝග වගා කිරීමට නොහකි තරම්ට ලුණු අධික තත්ත්වයෙන් පවතී.(පස පිරිහීමට ලක් කරන සාධකයක් වන salinization හෙවත් ලවණිකරනයෙහි   ප්‍රතිඵල එලෙසය).

A Field Showing Salt Accumulation
salinization හෙවත් ලවණිකරනයෙහි   ප්‍රතිඵල

පස පිරිහීමට ලක් කරන අනෙකුත් ක්රියාකාරකම් අතර  ඛාදනය, වන විනාශය, අපවිත්‍රණය හෙවත් කෙළසීම, කාන්තාරකරණය, ආම්ලිකරණය,  කැණීම් සහ නාගරීකරණය  ද වේ. මේවා ගැන, කෙටියෙන් වුවත් අපි කරුණු මදක් කතා කරමු.

පාංශු ඛාදනය

පාංශු අංශු වෙන් කිරීමෙන් පසුව වෙන තැනකට ප්‍රවාහනය වී තැන්පත් වූ විට, ඛාදනය සිදු වේ. ඛාදනය ස්වාභාවික භූ විද්‍යාත්මක ක්‍රියාවලියකි. 

Erosion from a human trodded path near trees.

කෙසේ වෙතත්, පස මතුපිට ආවරණ ඉවත් කිරීමෙන් මිනිසුන්ට ස්වභාවික ඛාදන ක්‍රියාවලිය වේගවත් කළ හැකිය. වේගවත්වත් කළ ඛාදනය ස්වාභාවික අනුපාතයට වඩා 10-1000 ගුණයකින් සිදු වේ. පෘථිවිය මත  ඇති සියලුම ජෛව දර්ශ හෙවත් බියෝමන් හි  ඛාදනය සිදුවිය හැකි අතර ගස් හෝ තණකොළ ඉවත් කිරීමෙන් ද එය සිදු විය හැක. පස ඉවත් කිරීම සාමාන්‍යයෙන් වෙනත් වර්ගවල හායනයටට තුඩු දෙන අතර ආහාර නිෂ්පාදනය අඩු කිරීමට ද හේතුවේ.

වන විනාශය

වනාන්තර විනාශය පසෙහි විනාශකාරී බලපෑම් ඇති කළ හැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිර්වචනය කර ඇති පරිදි වන විනාශය යනු වනාන්තර භූමියෙන් 10% කටත් වඩා අඩු ප්‍රමාණයක් ඉතිරි වන තෙක් ගස් ස්ථිරවම ඉවත් කිරීමයි. කාර්මික විප්ලවයේ ආරම්භයේ සිටම මිනිසුන් පෘථිවියේ මුල් වනාන්තරවලින් අඩකට වඩා ඉවත් කර ඇත.

Haiti and Dominican Republic border

අද වන විටත් එවැනිම වනාන්තර විනාශයක්  නිවර්තන වැසි වනාන්තරවල සිදුවන්නේය. ඊට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ වැඩිවන ජනගහනයක් පෝෂණය කිරීම සඳහා බෝග වගාවන් වෙනෙවෙන් වනය ඉවත් කිරීමයි.

පස මත  ගස් නැතිවීමේ බලපෑම සැලකිය යුතු ය. ගස් හා පඳුරු, වැහි බිංදු වලින් පොළව ආරක්ෂා කරන අතර මතුපිට පාංශු උෂ්ණත්වය අඩු කරන සෙවන සපයයි. එමඟින් වාෂ්පීකරණය අඩු වේ. ගස් කැපීම හා කුඩා පරිමාණයෙන් ඉවත් කිරීම මගින් පාංශු අංශු ලිහිල් හා විසුරුවා හරින, පස ඛාදනය වන අතර වඩාත් අපිරිසිදු හිස් මතුපිටක් නිර්මාණය වේ. එමඟින් පිටාර ගලායාම වැඩි වේ.

කාන්තාරීකරණය

drought can turn into desert

කාන්තාරීකරණය යනු ශුෂ්ක හා අර්ධ ශුෂ්ක ප්‍රදේශවල ඵලදායී ඉඩම්වල සිදුවන අධික  මට්ටමේ හායනයයි. නිවර්තන සවානා සහ පරෙයාරි තණ බිම් පෙදෙස් වල මෙය වඩාත් සුලභ වේ. මෙමඟින් ගුණාත්මක බවින් දුර්වල වෘක්ෂලතාදිය ඇති කළ හැකි අතර පෙර කාන්තාර නොවූ ප්‍රදේශ කරා ද කාන්තාර ව්‍යාප්ත විය හැකිය.

ආම්ලිකරණය

හයිඩ්‍රජන්, ඇලුමිනියම්, යකඩ සහ මැන්ගනීස්  යන ආම්ලික කැටායන පසෙහි (acidic cations) ඉතිරි කරමින්  කැල්සියම් සහ මැග්නීසියම් වැනි මූලික කැටායන (basic cations) පසෙන් කාන්දු වී යන  විට ආම්ලික වීම සිදුවේ. PH අගය අඩු වන අතර පස වඩාත් ආම්ලික වේ. මෙය ජීරණයේ (weathering) ස්වාභාවික ක්‍රියාවලියකි. කෙසේ වෙතත්, ආහාර නිපදවීම සඳහා නිර්ජලීය ඇමෝනියා වැනි සමහර පොහොර භාවිතා කිරීම හේතුවෙන්  පස වඩාත් ඉක්මණට, වඩාත් ආම්ලික වීමට හේතු වේ. මෙය සියලුම ජෛව දර්ශ හෙවත් බියෝමවල  සිදුවිය හැකිය.

Anhydrous Ammonia fertilizer plant

කැණීම්

eroded strip mine
කැණීම්කරනලදඛාදනයවූඉඩම්ඊරෝඩ්ස්, විශේෂයෙන්නිව්ඇතන්ස්ඔහියෝ (1974)

මතුපිට පතල් කැණීමෙන් භූ දර්ශනය විශාල ලෙස වෙනස් කම් කළ හැකිය. ද්‍රව්‍ය නැති වූ විට, ගොඩකිරීමේ ක්‍රියාවලියට පාංශු විද්‍යාව ඉතා වැදගත් වන අතර එමඟින් භූ දර්ශනය සහ පැලෑටි පතල් කැණීමට පෙර තත්වයට පත් කිරීම අරමුණු කර ඇත.

නාගරීකරණය

මානව ව්‍යුහයන් සියල්ලම පාහේ (මාර්ග, නිවාස, නගර, බලශක්ති හා ජල සැපයුම් ව්‍යුහයන් ආදී) ඉදිකර ඇත්තේ පසෙහි හා පස් යොදා ගනිමිනි.  එක්සත් ජනපදයේ බොහෝ නිවාස සෑදෙන ගඩොල් (මැටි) සහ කොන්ක්‍රීට් (වැලි) කෙලින්ම පසෙන් පැමිණෙන අතර ගෘහ භාණ්ඩ හා  දැව සඳහා  යොදා ගන්නා ගස් කෙලින්ම පසෙහි වගා කෙරේ. ඇමරිකානු නිරිතදිග ‘මෝඩ ගල්'(adobe bricks) සෑදීම සඳහා පස් පිදුරු සමඟ මිශ්‍ර විය.

Urban construction site

කොබ් නිවාස ද (Cob houses) ලොව පුරා ඉදිකර ඇත. ඒවා සෑදී ඇත්තේ ඇඩෝබි ගඩොල්වල ඇති එකම ද්‍රව්‍යයෙන් වන අතර ඒවා නිදහස් ආකෘති නිර්මාණයකින්     යුක්ත ය. මෙම බිත්ති අඩි 2 ක් පමණ ඝනකමින් යුක්ත වන අතර ඒවා හැඩගස්වා නව දේ බවට පත් කළ හැකිය.

අපජලය  පවිත්‍ර කිරීම සඳහා පස් භාවිතා වේ. මහ නගර සභාවලින් පිටත බොහෝ ග්‍රාමීය නිවාසවල වැසිකිළි, බේසම සහ රෙදි සෝදන යන්ත්‍ර වලින් අපද්‍රව්‍ය පූතික ටැංකියක් (septoc tank) හරහා පස තුලට ගමන් කරයි. පූතික ටැංකිය ඝන ද්‍රව්‍ය ජීව විද්‍යාත්මකව පිරියම් කරන අතර සිදුරු සහිත පයිප්ප මාලාවක් හරහා ජලය පසට ගමන් කරයි. ජලය නල මාර්ගයෙන් පිට වී පස හරහා ගමන් කරන විට භූගත ජලය හෝ ළිං වෙත යාමට පෙර පිරිසිදු වේ.

World Soil Information(ISRIC) හී පළවන Human and Soil Interactions  යන ලිපි ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.