විකෘතිය, ප්‍රභේදය සහ මාදිලිය අතර වෙනස කුමක්ද? COVID ආශ්රිත පද සඳහා මාර්ගෝපදේශයකි
පසුගිය වසර පුරා ගෝලීය වසංගතයක සෙවනැල්ල තුළ ජීවත් වීමට සිදුවීමේ ප්‍රතිඵලයක් හැටියට අප සියලු දෙනාම අපගේ වාග්මාලාව පුළුල් කර ගෙන තිබේ. PPE ලෙස කෙටියෙන් දක්වෙන zzz (පෞද්ගලික සනීපාරක්ෂක උපකරන) , සමාජ දුරස්ථභාවය සහ ආශ්‍රිතයන් ලුහුබැඳීම වැනි වචන අපට දැන් වැටහෙන බවක් දැනෙයි. එලෙස, කොවිඩ් පාරිභාෂික ශබ්ද මාලාවෙන් බොහොමයක් තේරුම්ගත්තේ යයි අප සිතන්න පටන් ගන්නා විටම මෙන්න අපට සිදුව ඇත්තේ තවත් නව වචන සමූහයකට හුරුවීමටයි : විකෘතිය(mutation), ප්‍රභේදය(variant), සහ මාදිලිය(strain).
ඉතින්, ඒවායින් අදහස් කෙරෙන්නේ කුමක්ද?
COVID-19 ට හේතු වන කොරෝනා වෛරසය වන SARS-CoV-2 හි ජානමය ද්‍රව්‍ය රයිබොනියුක්ලික් අම්ලය ribonucleic acid (RNA) ලෙස හැඳින්වේ. ප්‍රතිනිර්මාණය කිරීමටත් සහ ඒ අනුව ආසාදනය ඇති කිරීමටත් SARS-CoV-2 RNA මඟින් ධාරක සෛලයක් ‘පැහැරගෙන’ නැතිනම් ‘ප්‍රාණ ඇපයට ගෙන’(වෛරසයේ} අනුපිටපත් සකසා ගැනීම පිණිස එම සෛලයේ යාන්ත්‍රනය භාවිතා කළ යුතුය.
වෛරස් ආර්එන්ඒ (RNA) අනුපිටපත් කිරීමේ ක්‍රියාවලියේදී බොහෝ විට දෝෂ ඇතිවේ. මෙහි ප්‍රතිඵලය වන්නේ මුල් වෛරසයට සමාන, එනමුත් තථ්‍ය හෙවත් සුනියත නොවන වෛරස් අනුපිටපත් ඇතිවීමය. වෛරස් ආර්එන්ඒ හි මෙම දෝෂ, විකෘති(mutations)ලෙස හැඳින්වෙන අතර මෙම විකෘති සහිත වෛරස් ප්‍රභේදvariants ලෙස හැඳින්වේ. ප්‍රභේද, තනි දෝෂයක් (විකෘතියක්= mutation) හෝ දෝෂ බොහොමයක්( විකෘති බොහොමයක්( many mutations) සහිත වීම හේතුවෙන් (මුල් වෛරසයෙන්) වෙනස් විය හැකිය.
සෑම විකෘතියක්ම එකම බලපෑමක් ඇති නොකරයි. මෙය වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා, අපගේ ජාන හෙවත් ප්රවේණි කේතයේ මූලික කරුණු (මිනිසුන් සඳහා DNA) සහ SARS-CoV-2 සඳහා RNA) තේරුම් ගත යුතුය. මෙම කේතය සියලු ජීවීන් ගොඩනැගීම පදනම්වී ඇතී ‘නිල්පතක්’ හෙවත් ‘ blueprint ‘ (නිශ්චිත සැලැස්මක්) වැනි ය.
එක් තනි තැනක දී හෝ අවස්ථාවක දී විකෘතියක් සිදු වූ විට, එය අනිවාර්යයෙන්ම ඇමයිනෝ අම්ල ලෙස හැඳින්වෙන තැනුම් ඒකක කිසිවක් වෙනස් නොකරයි. මෙම අවස්ථාවේ දී, එය ජීවියා (මානව හෝ වෛරස්) ගොඩනැගී ඇති ආකාරය වෙනස් නොකරයි.

කෙසේවෙතත්, සමහර අවස්ථාවලදී මෙම තනි විකෘති සිදුවන්නේ, විශේෂිත තැනුම් ඒකකයක වෙනසක් ඇති කරවන ආර්එන්ඒ වෛරසයේ කොටසකය. සමහර අවස්ථා වලදී තැනුම් ඒකකය එකට එක්ව වෙනස් කරන විකෘති බොහොමයක් තිබිය හැකිය. ප්‍රභේදයක් සුවිශේෂී භෞතික ගුණාංග පෙන්වන විට එය මාදිලියක් ලෙස දක්වනු ලැබේ. සරලව කිවහොත්, මාදිලියක් යනු එහි මව් වෛරසයට වෙනස් ආකාරයකින් ගොඩනැගී ඇති, එමෙන්ම ඒ හේතුව නිසාම වෙනස් ආකාරයකට හැසිරෙන ප්‍රභේදයකි. මෙම චර්යාත්මක වෙනස්කම් සියුම් හෝ පැහැදිලිව දැකිය හැකි ඒවා වන්නට පුළුවන.
නිදසුනක් ලෙස, මෙකී වෙනස්කම්වලට, වෙනස් සෛල ප්‍රතිග්‍රාහකයකට බන්ධනය වන හෝ ප්‍රතිග්‍රාහකයකට වඩා තදින් බැඳෙන හෝ වඩාත් ඉක්මණින් ප්රතිවර්තනය වන හෝ වඩාත් කාර්යක්ෂමව සම්ප්‍රේෂණය වන යනාදි වශයෙන් වන ප්‍රභේදයක් ඇතුළත් විය හැකිය. සියලු මාදිලි අවශ්‍යයෙන්ම ප්රභේදවේ. එසේ නමුත් සියලු ප්‍රභේද මාදිලි නොවේ. විකෘති සහිත වෛරස් ප්‍රභේද බවට පත්වේ. ප්‍රභේදය, මුල් වෛරසයට වෙනස් වූ භෞතික ගුණාංග පෙන්වන්නේ නම්, අපි එය නව මාදිලියක් ලෙස හඳුන්වමු.

සුලබ ප්‍රභේද (මේවා සුලබ මාදිලි ලෙස ද දැක්වේ)
වඩාත් සුලභ SARS-CoV-2 ප්‍රභේද තුන වන්නේ එක්සත් රාජධානියේ ප්‍රභේදය (B.1.1.7), දකුණු අප්‍රිකානු ප්‍රභේදය (B.1.351) සහ බ්‍රසීලියානු ප්‍රභේදය (P.1) යන තුනයි. සෑම එකක් පාසාම වෙනස් විකෘතින් කිහිපයක්ම අඩංගු වේ. උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේ ප්‍රභේදය ගැන බලමු. මෙම ප්‍රභේදයට ශූල ප්‍රෝටීන වල(ස්පයික් ප්‍රෝටීනවල ) විකෘති විශාල සංඛ්‍යාවක් ඇති අතර එය මිනිස් සෛල ආක්‍රමණය කිරීම පිණිස වෛරසයට උපකාරී වේ.
එක්සත් රාජධානියේ ප්‍රභේදයේ වැඩි සම්ප්‍රේෂණය N501Y යනුවෙන් දැක්වෙන විකෘතියක් සමඟ සම්බන්ධ වී ඇතැයි විශ්වාස කෙරේ, එම විකෘතිය, SARS-CoV-2 වෛරසය, ACE2 නැමැති මානව ප්‍රතිග්‍රාහකය සමඟ වඩාත් පහසුවෙන් බන්ධනය වීමට ඉඩ සලසයි. එම බැඳීමපුළුල් පරාසයක මානව සෛල වෙත ප්‍රවිෂ්ට වීම සඳහා SARS-CoV-2 වෛරසයට දොරටුවක් පාදා දෙයි. එක්සත් රාජධානියේ ප්‍රභේදය මෑතකදී ඕස්ට්‍රේලියාවේදී සොයා ගනු ලැබ ඇත. මෙම ප්‍රභේදය දැන් රටවල් 70 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති අතර ඕස්ට්‍රේලියාවෙන් හමුවී ඇත්තේ මෑතක දී ය. අප එය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ “එක්සත් රාජධානියේ ප්‍රභේදය”, එය දෙමව්පිය මාදිලියට වෙනස් හැසිරීම් පෙන්වන නිසාවෙන් එය එය ද මාදිලියකි.
අපට ඉගෙන ගැනීමට තවත් බොහෝ දේ ඇත
COVID ආශ්රිත මෙම පද නැතිනම් යෙදුම් වඩාත් සුදුසු ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව යම් ව්‍යාකූලතාවයක් පවතින බව පිළිගත යුත්තකි. සියලු මාදිලි ප්රභේදයන් වන්නේය (නමුත් සියලු ප්රභේදයන් වික්‍රියා නොවන්නේය) යන්න සලකිල්ලට ගන්නා විට ප්‍රභේදය යන වචනය වඩාත් සුලභ බව එයින් ගම්‍ය වේ. එසේනමුත් විද්‍යාව මෙම ප්රභේදයන් වෙනස් ආකාරව හැසිරෙන බව පෙන්වා දෙන විට, ඒවා මාදිලි ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි වනු ඇත.

SARS-CoV-2 සන්දර්භය තුළ , ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු මෙම පද නිවැරදිව භාවිතා කරන බව පෙනී යාම සතුටට කරුණකි. මේ මොහොතේ සියලු දෙනා අසන ලොකුම ප්රශ්නය වන්නේ නව ප්‍රභේද සහ මාදිලි අපගේ COVID එන්නත් වල කාර්යක්ෂමතාවයට බලපාන්නේ කෙසේද යන්නයි.
විද්‍යාත්මක ප්‍රජාව නිතරම අළුතෙන් ඉස්මතුවෙමින් පවතින විකෘති, ප්‍රභේද සහ මාදිලි පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කරගනිමින් සිටින අතර මේ සන්දර්භය තුළප්රමුඛ පෙළේ එන්නත් සංවර්ධකයෝ ඔවුන්ගේ එන්නත් වල කාර්යක්ෂමතාව පරීක්ෂා කර ඇගයීමට ලක් කරති.

මෑතකදී බලපත්‍ර හිමි කරගත් සමහර එන්නත් එක්සත් රාජධානියේ ප්‍රභේදයට එරෙහිව හොඳින් ආරක්ෂාව ලබාදෙන වන බවක් පෙනෙන්නට තිබුණත් ජොන්සන් සහ ජොන්සන්(Johnson & Johnson) , නොවාවාක්ස් (Novavax,) සහ ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රාසෙනෙකා(Oxford/AstraZeneca) වෙතින් මෑතක ලබා ගත් දත්ත දක්වන්නේ අප්‍රිකානු ප්‍රභේදයට එරෙහිව ආරක්ෂාවේ අඩුවක් තිබිය හකි බවකි.
දකුණු අප්‍රිකාවේ සෞඛ්‍ය බලධාරීන් ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රාසෙනෙකා එන්නත බෙදාහැරීම මෑතකදී තාවකාලිකව නවතා දැමුවේ මේ හේතුව නිසාය. කෙසේ වෙතත්, එන්නත් ලබාදීමේ ඕස්ට්‍රේලියාවේ සැළැස්ම කෙරෙහි මෙය බලපාන්නේ කෙසේද යන්න කීමට තවම කල් මදිය. ඕස්ට්‍රේලියාවේ එන්නත් සැපයීම පටන් ගනීමේ දී සියලු තොරතුරු අනාවරණය වන,අනාවරණය වන ආකාඅරය්ට ඇගැයීමෙට ලක් කර ජනතාවට ප්රශස්ත ප්රශස්ත ආරක්ෂාවක් ලබාදීම සහතික කරනු ඇත.
The Conversation (February 12, 2021) හී පළ වන What’s the difference between mutations, variants, and strains? A guide to COVID terminology යන ලිපිය ඇසුරෙනි