සමහර අය කිසිමදාක අසනීප වන බවක් නොපෙන්වන්නේ ඇයි?

Posted by

සමහර අය කිසිමදාක  අසනීප වන බවක් නොපෙන්වන්නේ ඇයි?

අප සියළු දෙනාම නොවුණත්, ටික දෙනෙක් හෝ තමන්ගේ සෞඛ්‍යය ගැන අවධානය යොමුකරමින් ශරීර සෞඛ්යය යහපත්ව තබා ගනීමට වෙහෙසෙති. එහෙත් ඒ අය පවා උණක් හෙම්බිරිස්සාවක් වගේ බෝවෙන රෝගාබාධයකට ඉඳ හිට හෝ ගොදුරු වෙති. සාමාන්ය වැඩිහිටියෙකුට වසරකට සෙම්ප්රතිශ්‍යාව දෙතුන් වතාවක්,  හෝ හතර වතාවක් වුණත් වැළඳෙන බව අපි අත්දැකීමෙන් දන්නෙමු. කෙසේනමුත් සමහර වාසනාවන්තයින් කියා සිටින්නේ කිසිදාක උණක් හෙම්බිරිස්සාවක් වත් හැදිලා නෑ යනුවෙනි.  ජීවිතේට අසනීප නිවාඩු නොගත් අයත් සිටිති.  එවැනි ‘වාසනවන්තයින්’, අප සියල්ලන්ටම පාහේ අපේ නෑ හිතමිතුරන් අතරේ හෝ  එහෙම නැතිනම් රැකියා ස්ථානවල දී මුණගැසී ඇත. ඔවුන්  සෙම්ප්‍රතිෂ්‍යාව හා උණරෝග බහුල සීතල සමය පසුකරන්නේ අඩුම් තරමින් කිවිසුමක් වත් යවන්නේ නැතුවයි. ඉතින් මේ අයගේ රහස කුමක්ද? අපි ඔවුන් හා සමාන වන්නේ කෙසේද?

ඔබේ ප්රතිශක්තිය ඔබට සුවිශේෂී වන අතර එය සාධක කිහිපයකින් තීරණය වේ. මෙහිදී ජාන විද්යාව යම් කාර්යභාරයක් ඉටු කරන බව ඇත්තයි. ඒත් ඒ ඔබ සිතන ආකාරයට නොවේ. අප සතුව ජාන 25,000 ක් පමණ ඇත, නමුත් ඔබේ ජාන කේතය වෙනස් වන්නේ ඔබ අසල සිටින පුද්ගලයාගේ සංඛ්යාවට වඩා සියයට 1 කින් පමණි. අපගේ හිසකෙස් වර්ණය, උස හෝ පෞරුෂත්වය වෙනස් කම් හේතුවෙන් අප සියලු දෙනා එකිනෙකාගෙන්  වෙනස් ලෙස පෙනෙන්නේ ඇයිද යන්න මෙම වෙනස්කම් බහුතරයකට  සම්බන්ධ යැයි ඔබ සිතනු ඇත. එහෙත්, අපගේ මොළය හැරුණු විට, අප අතර බොහෝ දුරට වෙනස් වන ජාන ඇත්ත වශයෙන්ම අපගේ සෞඛ්යයට අනුපාතික නොවන ලෙස විශාල කාර්යභාරයක් ඉටු කරන ඉතා කුඩා පොකුරකි. මෙම ජාන පොකුර මානව ශ්වේත සෛට  ප්රතිදේහජනක (human leukocyte antigen – HLA) ලෙස හැඳින්වේ.  එය ප්‍රධාන පටක සංගතික සංකීර්ණය(major histocompatibility complex – MHC)ලෙසද හැඳින්වනු ලැබේ.  අපි මෙම ජාන කෙටියෙන් ‘අනුකූලතා ජාන’ (‘compatibility’ genes) ලෙස හඳුන්වමු.

අපගේ අනුකූලතා ජාන, අපගේ ප්‍රතිශක්තිය ආකේතනය(encode) කරයි; එසේ නමුත් ඒවා මගින් වැළැක්වීමට අරමුණු කරනු ලබන  ව්‍යාධි කාරක (බැක්ටීරියා හෝ වෛරස්) තරම් ම පරිවර්තනීය(වෙනස් කළ හකි) වේ. මෙම අණු පරිණාමය වී ඇත්තේ විවිධ හැඩයන්ගෙන් සහ ප්‍රමාන වලින් ය. අපගේ ශරීරයේ ඇති වෙනත් ජාන මෙන් නොව, ඒවා සෑම පරම්පරාවක් සමඟම විකෘති වන්නේ(mutate) අප මුහුණ දෙන නිරතුරුව වෙනස්වන්නා වූ  සංක්‍රාමී තර්ජන සොයා ගැනීමේ උත්සාහයක් වශයෙනි. ඒවා යේ ඒකාබද්ධ කාර්ය සාධනය මත අපගේ ප්‍රතිශක්තිය රඳා පවතී

අපගේ අනුකූලතා ජාන මගින් වෛරස් හා බැක්ටීරියා සලකුණු කර අනතුරුව  ඒවා තුරන් කර දැමීම පිණිස ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉදිරිපත් කරයි. ඒවා විවිධ හැඩයන්ගෙන් සහ ප්‍රමාණයන්ගෙන් යුක්ත වීම යන කාරණාව වෛරසයක් හෝ බැක්ටීරියාවක් විකෘති වීම සහ  ඉන් පසුව  ඒවායින් ආසාදනය කරනු ලබන  සෑම පුද්ගලයෙකුගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය මග හැරීම වළක්වාලීමට හේතුවෙ.

මෙම විශේෂ ජාන අපගේ සෞඛ්‍යයට පමණක් නොව අපගේ විශේෂයේ(එනම් නූතන මානවයන්ගේ)  පැවැත්මට පවා අත්‍යවශ්‍ය සූක්ෂම තුලන ක්‍රියාව ගැන මොනවට පෙන්වා දෙයි. මිනිසුන් වනාහී ඇදහිය නොහැකි තරම් සමාන වන නමුත් ඒ එක්කම  මූලික වශයෙන් විවිධාකාරය.  අනුකූලතා ජාන අප එකිනෙකාගෙගේ පියත් බව හෙවත් පුද්ගලිකභාවයට  මග පාදන ‘යතුර’යි. සරලව කිවහොත්, අප සියලුදෙනාගේ ප්‍රතිශක්තිකරණ ආරක්ෂක පද්ධති සියල්ල එක සමාන නම්, එක් මාරාන්තික රෝගයක් පැමිණ අප සියල්ලන්ම අතුගා දැමිය හැකිය. නමුත් මෙම විචක්ෂණ ක්‍රියාවලිය  යම් යම් තුලනාත්මක්ව වාසිදායක අංග වලින් සමන්විතය.උදාහරණයක් ලෙස, අපට  අපගේ ශරීර කොටස් (එකිනෙකා අතර) පහසුවෙන් හුවමාරු කර ගත නොහැක; ඔබට කවදා හෝ අවයව බද්ධ කිරීමක් සිදු කර තිබේ නම් ඔබේ ශරීරය, එම  නව පටක නැවත පිළිකෙව්කිරීම  කිරීම නැවැත්වීම පිණිස  ජීවිත කාලය පුරාම ඇති වන අභියෝග පිළිබඳව ඔබට වැටහීමක් තිබෙනු ඇත. ඇත්ත වශයෙන්ම, එක් පුද්ගලයෙකු ආරක්ෂා කිරීම සඳහා අරුම පුදුම ක්‍රියා කරන ප්‍රතිශක්තිය තවත් පුද්ගලයෙකුගේ ජීවිතය සම්බන්ධයෙන් බෙහෙවින්  මාරාන්තික විය හැකිය.

අනුකූලතා ජාන යනු අප සියල්ලන්ම  එකම ආසාදනයකට මුහුණ දී සිටින අවස්ථාවේ  එකිනෙකා වෙනස් ආකාරවලින් ප්‍රතිඵල ලැබීමට හේතුවයි. එක් විශේෂිත වෛරසයක්  —  අපි කියමුකෝ සෙම්ප්‍රතිෂ්‍යාව ගෙන එන වෛරසයක් කියලා — සමඟ ගනුදෙනු කිරීමේ විශේෂඥ  හැකියාවක් ඇති අනුකූලතා ජාන සමූහයක් ඔබට උරුම වී තිබිය හැකිය. එහෙත්,  ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙන අයෙකුට  වඩා හොඳ හෝ නරක යැයි මින් අදහස් නොවේ; ඔබට උරුමව ඇති අනුකූලතා ජාන සමූහයේ එම  විශේෂඥ  හැකියාව සැලකිය යුත්තේ සෘතුමය වශයෙන් පැමිණෙන රෝගයකට  එරෙහිව සටන් කිරීම සඳහා ඔබේ පද්ධතිය හුදෙක් හොඳින් ක්‍රියා කරන්නේය යනුවෙන්  පමනයි.  නමුත් වෙනත් වර්ගයේ විෂබීජ වර්ගයක් සම්බන්දයෙන් වෙනකෙකු  ඊට වඩා හොඳින් මුහුණ දෙනවා විය හැකිය.

තවද, අපගේම අද්විතීය අනුකූලතා ජාන සංයෝජනය මගින්  බලපෑමට ලක් වණු ලබන්නේ  හුදෙක් ආසාදනයකට තනි පුද්ගලයෙකු වශයෙන් ඇති   අපගේ අවදානම ම නොවේ. නිදසුනක් වශයෙන් දක්වතොත්,  එච්.අයි.වී වෛරසයෙන් සමහර පුද්ගලයින් ආරක්ෂා කරන ප්‍රතිශක්තිකරණ අනුකූලතා ජානවල ජානමය ප්‍රභේද ඇති නමුත් ‘ankylosing spondylitis’ (කණ්ටක ප්‍රදේශයේ ඇතිවන අස්ථි ප්‍රදාහය ) නමින් දක්වෙන භයානක ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් වැළඳීමේ සියයට 80 ක අවස්ථාවක් එම පුද්ගලයන්ට ඇතිවිය හැකිය.

අපගේ ඇඟිලි සලකුණු මෙන්, ප්‍රතිශක්තිය අපව සැබවින්ම අද්විතීය පුද්ගලයකු බවට පත් කරයි. අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විවිධ රෝග වලට ප්‍රතිචාර දක්වන ආකාරයෙහි ආවේනික විවිධත්වය ධූරාවලියකින් තොරව සොබාදම් මාතාව විසින් මුළුමනින්ම හිතාමතා සිදු කරනු ලබන  නිර්මාණය කිරීමකි.

ඒ ඒ පුද්ගලයින් අතර භෞතික, දෘශ්‍යමාන වෙනස්කම් පිළිබඳව ලෝකයා තර්ක විතර්ක ගෙන හැර පාමින් වාද විවාදවල පැටලී වෙහෙසෙද්දී අපගේ ප්‍රතිශක්තිකරණ අනුකූලතා ජාන වෙනස් කොට සැලකීමක් කරන්නේ නැත. කිසිවෙකුටත් ඒවායේ වඩා හොඳ හෝ වඩා නරක කට්ටලයක් හිමි වන්නේ නැත. ඇත්තටම වැදගත් වන්නේ  සාමූහික විවිධත්වයයි. මෙම විවිධත්වය පරිණාමය විසින් ප්‍රවේශමෙන් සකස් කරනු ලැබ  ඇත. වසර මිලියන ගණනක පරිණාමය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රශස්ත ලෙස ක්‍රියාත්මක වීමට සුසර කර ඇත. අපි එසේ නොවිය හැකිය රෝග වලට සම්පූර්ණයෙන්ම ප්‍රතිරෝධී වීමට බාගදා අපට හැකියාව නැති විය හකි  නමුත් ඒ විවිධත්වය නොවන්නට   අප සියල්ලන්ම මිහිතලයෙන් දැනටමත් අතුගා දමා හමාරය.

අපේ ප්‍රතිශක්තිය වසර මිලියන 500 ක් පමණ තිස්සේ පවතින්නකි. එහි ඉතිහාසය කොතරම් ආපස්සට  යන්නේ ද කියතොත් අපට වගේම  එය වෙනත් හනු සහිත  පෘෂ්ඨවංශීන්ට ද පොදුය. එය ප්‍රථමයෙන්ම පරිණාමය වූ දා සිට එය බොහෝ දුරට එක හා සමානවම පවතී. අපගේ ප්‍රතිශක්තිය සහස්‍ර ගණනක් පැරණිය; පරිණාමය මගින් හැඩගස්වනු  හා  ඔප දමනු ලැබ ඇතිය; තවද,  එහි ප්‍රතිඵලයක් හැටියට  අපේ ප්‍රතිශක්තියට තමන්  කරන කාර්ය   ඉතා හොඳින් ඉටු කළ හැකිය. අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බොහෝ දුරට පරිණාමය විසින් වෙනස් කරනු නොලැබීමම  එය කෙතරම් වැදගත් හා පලලදායී ද යන්න පිළිබඳ සාක්ෂියකි. පරිණාමය යනු කලින් තීරණය කළ සැලසුම් ක්‍රියාවලියක් නොවේ; ඒ වෙනුවට, එය තැත් වැරදි() අවස්ථාවන් මෙන්ම  අවශ්‍යතාවයන් සහ ප්‍රස්ථාවන් අනුව ඉදිරියට යන ඇදෙන්නකි. ඔබේ අනුප්‍රාප්තිකයන්,  මෙම ප්‍රයත්නයන්හි අවසාන ප්‍රතිඵලය වන අද්විතීය පරිපූර්ණ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පමණක් නොව බොහෝ ප්‍රතිශක්තිකරණ පද්ධතිවල සලකුණු සහ අවශේෂ ද ඔවුන් තුළ රඳවා ගනු ඇත.

This image has an empty alt attribute; its file name is immunity-20.jpg

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.