සෞරග්‍රහ මණ්ඩලයේ නව වෙනි ග්‍රහයෙකු ගැන අදහස පසුබෑමට ලක්වෙයි
“අපේ මේ සෞරග්රහ මණ්ඩලයේ මායිමේ, පෘථිවියේ ස්කන්ධය මෙන් 10 ගුණයක් තරම් වන අමතර ග්රහලෝකයක් නෙප්චූන් වලින් ඔබ්බට අපට නොපෙනී සැඟව සිටී” යනුවෙන් කෙරෙන කියා පෑම ග්රහලෝක විද්යාඥයන් සම්බන්ධයෙන් ගත් කල එය පරම්පරාවක් ඇතුළත කරන වඩාත්ම එඩිතර ප්රකාශය විය හකියි. තාරකා විද්යාඥයින් කණ්ඩායමක් පසුගිය සතියේ වාර්තා කළ කාරණාවක් හේතුවෙන් මේ කියා පෑම එන්ට එන්ටම අතරමං වන ගතියක් පළවේ. නව වැනි ග්‍රහයෙකු ගැන විශ්වාස කරන පරිදි, දුර ඈත පාෂාණ පිණ්ඩ අතළොස්සක් එකට එකතු වී ඇත්තේ “නව වැනි ග්‍රහයාගේ” ගුරුත්වාකර්ෂණය මගින් නොවන බවයි තාරකා විද්යාඥයින් කණ්ඩායම වාර්තා කළේ. ඒවා පොකුරක් ලෙස පෙනෙන්නේ දුරේක්ෂ මගින් බලනු ලබන්නේ එහිම පමනක් වීම හේතුවෙනි.

එසේ වුවද, ‘නවග්‍රහයා'(Planet Nine) ඇත්තක්ය යන මතය දරන්නන් තවමත් පසුබසින්නට සිතා නැත. නමුත් නව කාර්යයට සම්බන්ධ නැති එක් ශංසයවාදියෙකු පවසන්නේ එය දකින්න ලැබුණොත් “ඉතා සතුටට” පත් වන බවයි. ‘පාර-නෙප්චූනියානු වස්තූන්’ හෙවත් ‘නෙප්චූන් ඔබ්බෙහි වස්තූන්’ (Trans-Neptunian Objects (TNOs) එනම්,නෙප්චූන් ග්‍රහයාට ඔබ්බෙන් අභ්‍යවකාශ ගතව ඇති වස්තූන්)) ලෙස හැඳින්වෙන දුර බැහැර පාෂාණමය වස්තූන් පිළිබඳව පෙර සිදු කලාට වඩා මෙම අධ්යයනය “වඩා ඒකාකාරී විශ්ලේෂණයක්” සිදු කර ඇති බව රෙජිනා විශ්ව විද්යාලයේ තාරකා විද්යාඥ සමන්තා ලෝලර් පවසයි. ලෝලර්, අතිරේක ග්රහලෝකයක් සහිත පරිගණක ආකෘති යොදා ගනිමින් පොකුරු කක්ෂ විඩම්භනය කිරීමට උත්සාහ දරා ඇත ද සාර්ථකවත්යක් ලබා ගනීමට සමත් වී නැත.
කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ මයික් බ්‍රවුන් සහ කොන්ස්ටන්ටින් බැටිජින් දුර ඈත පිහිටි නව ග්‍රහය ලෝකයක් පිළිබඳ අනාවැකි පළකරමින් 2016 දී ලොව පුරා ශීර්ෂ පාඨ නිර්මාණය කළේය. ඔවුන් සිය නිගමනය පදනම් කළේ සූර්යයා වටා අතිශයින් දිගටි හා ඇලවූ කක්ෂවල ගමන් කරන ප්ලූටෝට වඩා කුඩා TNO හයක් පිළිබඳ අධ්‍යයනයක් මත ය. ඒවා හයෙන් සෑම එකකම (කලින් ග්‍රහ ලෝකයක් වශයෙන් තිබූ) ප්ලූටෝට වඩා කුඩාය. මෙම “ආන්තික” TNOවල කක්ෂයන් එකට එකතු වී ඇති බව බ්‍රවුන් සහ බැටිජින් කියා සිටියේ 9 වෙනි ග්‍රහ ලෝකයේ ගුරුත්වාකර්ෂණය වසර බිලියන ගණනක් තිස්සේ ඒවා එහි ‘තබාගෙන’ සිට ඇති බැවිනි. එතැන් සිට සොයාගත් තවත් ආන්තික TNO කිහිපයක්ම ද පොකුරු ලෙස පෙනේ. “අදාළ [ග්‍රහලෝක 9] දත්ත කට්ටලය හොඳ තත්ත්වයේ පවතින බව මම තරයේ කියා සිටිනවා” යනුවෙන් බැටිගින් පවසයි.

නෙප්චූන්ගේ සිට බොහෝ ඈත් කකෂයක ඇති 9 වෙනි ග්‍රහ ලෝකය පෘථිවිය මෙන් පස් ගුණයක සිට දශ ගුණයක් අතර ප්‍රමාණයකින් විශාල යයි කියනු ලැබේ.
කෙසේ වෙතත්, තෝරා ගැනීමේදී ඇතිවන අගතීන් ගැන ලෝලර් සහ අනෙකුත් තාරකා විද්‍යාඥයෝ සැලකිලිමත් වෙති. ආන්තික TNO කෙතරම් කුඩා හා අඳුරු ද යත් ඒවා දෘශ්‍යමාන වෙනවා නම් දෘශ්‍යමාන වන්නේ ඒවා, සිය කකෂ ගත ගමන් මාර්ගයේ අභ්‍යන්තර සෞරග්‍රහ මණ්ඩලයට සමීපතම අවස්ථාවන් තුළ පමණක් වන අතර, බොහෝ විට ඒවා ක්ෂීරපථයේ තැටියේ දීප්තිමත් පසුබිම තුළ ඒවා නිරීක්ෂණය අපහසුය. 9 වෙනි ග්‍රහ ලෝකයක් පිළිබඳ අදහස පිළිනොගන්නා විවේචකයින් කියා සිටියේ සොයාගනු ලබන TNO වල පෙනෙන්නට ඇති පොකුරුකරණය එක්කෝ දුරේක්ෂ යොමුව ඇත්තේ ඒ දෙසටම පමණක් වීමෙන් හෝ නැතිනම් වඩාත් සංවේදී බැවින් සිදුවන්නක් ලෙසටය.. “සෑම සමීක්ෂණයක් තුළම අගතියක්, පක්ෂග්‍රාහී බවක් ඇත,” ලෝලර් පවසයි. “සමහරු ඒවා ගැන දන්නවා, සමහරු දන්නේ නැහැ.”


තෝරා ගැනීමේ දී ඇතිවන යම් අගතියක් මෙහිදී යම් කාර්යභාරයක් ඉටු කරන්නේ දැයි පරීක්ෂා කිරීමට මිචිගන් විශ්ව විද්‍යාලයේ කෙවින් නේපියර්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් තීරණය කළහ. විවිධ සමීක්ෂණ තුනකින් සොයාගත් ඒ හා සමාන දුරස්ථ TNO 14 ක් ඔවුන් රැස් කර ගත්හ: චිලියේ, බ්ලැන්කෝ දුරේක්ෂය භාවිතා කරන Dark Energy Survey (DES) (අඳුරු බලශක්ති සමීක්ෂණය), හවායි හි කැනඩාව-ප්‍රංශය-හවායි දුරේක්ෂය යොදා ගන්නා Outer Solar System Origins Survey (බාහිර සෞරග්‍රහ මණ්ඩල සම්භව සමීක්ෂණය) සහ විවිධ දුරේක්ෂ ගනනාවක් භාවිතා කරන තුන්වැන්න එම සමීක්ෂන වේ. තෝරා ගනු ලැබූ තුනෙහිම තොරා ගැනීමේ කැපී පෙණෙන අගතීන්(selection biases) තිබින.. බ්‍රවුන් සහ බැටිජින් විසින් යොදා ගන්නා ලද මුල් හය අතර මෙම TNO 14 න් එකක්වත් නොතිබුණි.
නේපියර් පවසන්නේ දුරේක්ෂ යොමු වූයේ කවදාද සහ කොතැනද යන්න සහ එතරම් පැහැදිලිව නොපෙනෙන වස්තූන් කෙරෙහි ඒවා කෙතරම් සංවේදීද යන්න කණ්ඩායම විසින් සැලකිල්ලට ගනු ලැබූ බවයි. එම දත්ත සමඟ, කණ්ඩායම අහස පුරා වෙනස්කම් දක්වන “තේරීමේ ශ්‍රිතයක්” (“selection function”) ගණනය කළේය. සමීක්ෂණ තුනෙන්ම සොයාගත් ආන්තික TNO වර්‍ගයන් තෝරා ගැනීමේ කාර්යය ඉහළම මට්ටමක හෝ ඒ ආසන්නයේ ඇති බව නිසැකවම පෙනී ගියේ යයි කණ්ඩායම වාර්තා කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ආන්තික TNO සෞරග්‍රහ මණ්ඩලය වටා ඒකාකාරව විසිරී ඇති බවට වන ශූන්‍ය උපකල්පනය ප්‍රතික්ෂේප කිරීමට කණ්ඩායමට නොහැකි වූ අතර එමඟින් 9වෙනි ග්‍රහ ලෝකය පිළිබඳ පදනම් සාක්ෂි අහිමිවනු ඇත. පොකුරුකරණය “අප බලන ස්ථානය හා අප බලන අවස්ථාව අනුව ඇතිවන ප්‍රතිඵලයකි” යනුවෙන් ඔහු පවසයි. “දත්ත වලට ගැලපීමපිණිස වෙනත් ආකෘතියක් අවශ්‍ය නොවේ.”
බැටිගින් එම නිගමනය පිළිගන්නේ නැත. ඔහු පෙන්වා දෙන්නේ Dark Energy Survey (DES) සමීක්ෂණය බොහෝ දුරට බැලුවේ තමන් සහ බ්‍රවුන් විසින් හඳුනා ගන්නා ලද අහසේ TNO පොකුරුකරණය වන ප්රදේශය දෙස බවත් ඔහු සහ බ්රවුන් හඳුනාගත් බවත් වඩාත් ආන්තික TNO සොයා ගත් බවත්ය. එබැවින් පොකුරුකරණය බැහැර කිරීම “තාර්කික නොවේ” යයි ඔහු පවසයි. “ඇසීය යුතු වඩාත්ම අදාළ ප්රශ්නය නම්: ‘ඔවුන්ගේ විශ්ලේෂණය පොකුරු හා ඒකාකාර ව්යාප්තියක් අතර වෙනස හඳුනා ගෙන ඇත්ද?’ යන්නය. පිළිතුර‘ නැත ’යනුවෙන් පෙනේ යයි හෙතෙම කියා සිටියි.
TNO 14 ක නියැදියකින් නිගමන උකහා ගැනීමට උත්සාහ කිරීම උපක්රමශීලී බව නේපියර් පිළිගනී. “ඔබට ඇත්තේ වස්තූන් ස්වල්පයක් සමඟ ඇඳිය හැකි සංඛ්යානමය බලයක් පමණි,” ඔහු පවසයි. චිලියේ ඉදිවන ප්රබල නව සමීක්ෂණ දුරේක්ෂයක් වන වේරා රූබින් නිරීක්ෂණාගාරය 2023 දී නිරීක්ෂණ කටයුතු ආරම්භ වන තෙක් මෙම කාරණය සමථයකට පත් නොවනු ඇතැයි ඔහු තවදුරටත් පවසයි. එමගින් සිය ගනන් අළුතෙන් ආන්තික TNO සොයා ගැනීමට ඉඩ ඇති අතර නේපියර් පවසන්නේ එසේ වුවහොත් එය “නත්තල් දින උදෑසන වගේ වෙයි” කියායි.
