පස හා වටපිටාව අතර සම්බන්ධය
පාංශු යනු අපගේ ජීවිත ආධාරක පද්ධතියයි. පාංශු, පෘථිවි පරිසර පද්ධතිය තුළ පස වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පස නොමැතිව මිනිස් ජීවිතය ගතකිරීම ඉතා දුෂ්කර වනු ඇත. පස විවිධ කෘෂිකාර්මික, පාරිසරික, සොබාදහම ආරක්ෂා කිරීම, භූ දර්ශන ගෘහ නිර්මාණ ශිල්පය සහ නාගරික යෙදීම් සඳහා වැදගත් වන හැකියාවන් ගෙන් යුක්තය. අද තතු ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ පස සහ අවට පරිසරය අතර සම්බන්ධතාවන් ගැනය.
“පස ගැන සොයා බැලීමට අමතක කිරීම අප, අපවම අමතක කරගැනිමකි” — මහත්මා ගාන්ධි
පස හා ජලය
පෘථිවි පෘෂ්ඨයේ ඇති පසෙහි සමස්ත මිරිදිය ජලයෙන් තුනෙන් දෙකක් ගබඩා කරන අතර විශාලතම භෞමික ජලාශය වේ. භෞමික පරිසර පද්ධතියේ කාර්යයන් හා සේවාවන් පවත්වා ගැනීම සඳහා පාංශු ජල සම්පත් නිසි ලෙස කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. පාංශු ජල සම්පත් කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා නෙදර්ලන්තය පාදක කර ගත් ලෝක පාංශු තොරතුරු ආයතනය( World Soil Information- ISRIC) විසින් හරිත ජල ණය (green water credits -GWC) සංකල්පය ද එමෙන්ම තක්සේරු කිරීමේ මෙවලම් ද වැඩි දියුණු කරනු ලැබ ඇති අතර, අප්රිකානු රටවල (උදා: කෙන්යාව සහ මොරොක්කෝව) සහ චීනයේ හරිත ජල ණය ප්රවේශය ප්‍රදර්ශනය කර ඇත. අනෙක් පාර්ශව හා සහයෝගයෙන් ISRIC ආයතනය එවැනි ක්රියාකාරකම් වෙනත් කලාපවලට ජලග්‍රහ මට්ටමින් ව්යාප්ත කිරීමට බලාපොරොත්තු වේ.


පාංශු ජල සම්පත්වල වැදගත්කම
පාංශු ජලය හෝ පසෙහි ජලය පරිසර පද්ධතිවල වැදගත් අංගයකි:
1. එය භෞමික පද්ධතියේ ජලය ගබඩා කරන විශාලතම ‘ජලාශය’ වන අතර, ගෝලීය වශයෙන් මිරිදිය ජලයෙන් තුනෙන් දෙකක් රඳවා ඇත්තේ පසෙහිය, එය ‘හරිත ජලය’ ලෙසද හැඳින්වෙන එම ජලය ශාක සඳහා ලබාගත හැක.. මිරිදිය ජලයෙන් දහයෙන් එකක් පමණකි, ‘නිල් ජලය’ ව්න්නේ – එනම්, සාමාන්‍ය භාවිතය සඳහා අමූර්තනය කළ හැකි ප්‍රවාහ සහ භූගත ජලය යි

2. එය ශාක සඳහා ඉතා වැදගත් පෝෂ්‍ය පදාර්ථයක් වන අතර ශාක වර්ධනය සඳහා වුවමනා වන පෝෂ්‍ය පදාර්ථ ප්‍රවාහනය කිරීමේ මාධ්‍යයකි. එය, පාංශු සැකසීමේ ක්‍රියාවලියේ දී, පාෂාණවල ජීරණයේ දී(weathering) සහ ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියේ දී ද එය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.
3. එය නිල් ජලය බවට පත්විය හැකිය හෝ ගුරුත්වාකර්ෂණය මගින් භූගත ජලය නැවත ආරෝපණය කළ හැකිය.
4. එය වායුගෝලය සහ ගොඩබිම අතර තාපය හා ජල ශක්තිය හුවමාරුව පාලනය කරයි.
පාංශු ජල ක්රියාකාරිත්වය පවත්වා ගැනීම
භෞමික පරිසර පද්ධතිවල වර්ධනය හා පරිණාමය පිළිබඳ මෑතක අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ හරිත ජල ජලාශයක් ලෙස පස කළමනාකරණය කිරීම සහ ඇළ දොළ සහ භූගත ජල ප්‍රවාහ නියාමකයා යන්න තීරණාත්මක හා සක්‍රීය සාධකය බවයි. එනම් ‘ගාමක බලය’ බවයි. පාංශු ජලාශය නිසි ලෙස නඩත්තු කරන තාක් කල්, පරිසර පද්ධතිය හා පරිසරය ආරක්ෂා කිරීම සහතික කෙරේ. ‘3R’ ප්‍රවේශය, එනම් නැවත ආරෝපණය කිරීම (වර්ෂාපතනය හා පිටාර ගැලීම ප්‍රශස්ත කිරීම මගින් භූගත ජලය නැවත ආරෝපණය කිරීම හා පාංශු තෙතමනය ප්‍රතිපූරණයවැඩිදියුණු කිරීම), රඳවා තබා ගැනීම (භූගත ජලය පහසුවෙන් ලබා ගැනීමට උපකාරී වෙමින්, ප්‍රදේශය තුළ ජලය තබා ගැනීම සහ පිටතට ගලායාම මන්දගාමී කිරීම), සහ නැවත භාවිතා කිරීම(භාවිතකරන්නන්ගේ දාමය පුළුල් කිරීම) පාංශු ජලාශයේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා ගැනීම සඳහා යෙදිය හැකිය. 3R ප්‍රවේශය ක්‍රියාත්මක කිරීමේදී හරිත ජල ණය (GWC) ප්‍රවේශයට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැකිය.
පාංශු හා ජෛව විවිධත්වය
ලෝකය පුරා ව්‍යාප්තව ඇති පසෙහි පෘථිවියේ ජෛව විවිධත්වයෙන් හතරෙන් එකක් අඩංගු වේ. පසෙහි ජීවනය නිසි ලෙස අවබෝධ කර ගැනීම සහ කළමනාකරණය කිරීම පාංශු සෞඛ්‍යය පවත්වා ගැනීමේ දී කේන්ද්‍රීයවේ. වෙනත් හවුල්කරුවන් සමඟ එක්ව ISRIC ආයතනය පාංශු ජෛව විවිධත්වය පිළිබඳ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වී ඇත. ගෝලීය පාංශු ජෛව විවිධත්ව තොරතුරු සම්පාදනය හා සත්කාරකත්වය සැපයීමේ ක්‍රියාකාරී භූමිකාවක් තුළින් තවත් බොහෝ දේ කළ හැකිය.

ජෛව විවිධත්වය සඳහා පසෙහි වැදගත්කම
ජෛව විවිධත්වය යනු ‘පෘථිවියේ ජීවය’ යන්න සඳහා යොදා ගත හකි සමානාර්ථ පදයකි. අපගේ පාදවලට පහළින් ඇති පසෙහි ජෛව විවිධත්වය පෘථිවියේ ඇති ජෛව විවිධත්වයෙන් හතරෙන් එකක් පමණ නියෝජනය කරයි! ඇදහිය නොහැකි විවිධත්වයකින් යුතු ජීවීහු පසෙහි ජීවත් වන අතර සංකීර්ණ ආහාර ජාලයක අන්තර්ක්‍රියා කරති. තවද, එම ජීවීන් ආහාර ගන්නා විට, වර්ධනය වන විට සහ පස හරහා ගමන් කරන විට (ඔවුන්ගෙ එම ක්‍රියා තුළින්) පිරිසිදු ජලය, පිරිසිදු වාතය, ජවසම්පන්න පැලෑටි සහ ප්‍රමිතිත ජල ප්‍රවාහයක් ලබා ගත හැකිය. ස්වාභාවික හා කෘතිම යන ජෛව පද්ධති දෙකම සෞඛ්‍ය සම්පන්න පස් මත දැඩි ලෙස රඳා පවතී.
පාංශු හා දේශගුණික විපර්යාස
පස් යනු පෘථිවියේ විශාලතම භෞමික කාබන් ගබඩාවයි. (පසෙහි ඓන්ද්‍රීය ද්‍රව්‍ය තුළ හිබෙන) කාබන් විචාරශීලී පාංශු භාවිතය සහ ඉඩම් කළමනාකරණය තුළින් කාබන් සංරක්ෂණය හා වැඩිදියුණු කිරීම දේශගුණික විපර්යාස අවම කිරීම, පාංශු හා ජලයේ ගුණාත්මකභාවය පිරිහීමට එරෙහිව සටන් කිරීම සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා උපකාරී වේ.

බහුවිධ පරිසර පද්ධති සේවාවන්ගෙන් පැන නගින පාංශු කාබන් වල ප්‍රතිලාභ බොහෝමයක් හඳුනාගෙන නොමැත.නැතහොත් ඒවා පවත්නා වෙළඳපොලවලට පරිබාහිර ය. සංරක්ෂණයට තුඩු දෙන ලෙස බිම් සකස් කිරීම(conservation tillage), අවශේෂකළමණාකරණය, බහු භෝග වගාකිරීම වැනි භාවිතයන් හරහා ගොවීන්ට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට පසෙන් හරිතාගාර වායු විමෝචනය අවම කරගැනීමට උපකාරී විය හැකිය. එවැනි මැදිහත්වීම් මඟින් පස තුළට කාබනික ද්‍රව්‍ය යෙදවීම වැඩි කරන අතර පාංශු කාබනික ද්‍රව්‍ය දිරාපත් වීම අඩු කරයි.
කෙසේ වෙතත්, නිශ්චිත ඉඩම් පරිහරණ පිළිවෙත් වල ශුද්ධ බලපෑම නිරන්තරයෙන් ඉඩම් කළමනාකරුවන්ට සහ සැලසුම්කරුවන්ට තීරණය කරන්නේ කෙසේද? (හානි)අවම කිරීම හා අනුවර්තනය වීම අරමුණ ඇතිව ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳ දැනුවත් තීරණවලට එළඹීමෙ දී සහාය වීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහ අනෙකුත් පාර්ශවකරුවන්ට විශ්වාසදායක දත්ත සහ මෙවලම් අවශ්‍ය වේ.
අපි ඊළඟට පස සහ ආහාර සුරක්ෂිතතාව ගැන කතාකරමු.
World Soil Information(ISRIC) හී පළවන Soil and Water යන ලිපි ඇසුරෙනි
ඉතා වැදගත් තොරතුරු අඩංගු ලිපියකිි
.