
ඇමෙරිකානු අභ්‍යවකාශ ගවේෂන ආයතනය වන නාසා (NASA) විසින් ඊයේ අඟහරුග්‍රහයා මතට යොමු කරන ලද පර්සෙවරන්ස් නමින් හැඳින්වෙන රොබෝ යානය අඟහරු ග්‍රහයාගේ ජෙසරෝ ක්‍රේටරය තුළ ආදි පුරාණයේ පිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කරන විල පිහිටි ප්‍රදේශය ගවේෂණය කිරීමට නියමිතියි. ඒ පැරනි විල තුළ අවසාදිතව ඇති ස්තර වල ෆොසිල. ගතව නෂ්ටව ගිය අඟහරු ක්ෂුද්‍ර ජීවීන්ගේ රසායනික සංඥා පවතීදැයි සොයා බැලීමට පර්සෙවරන්ස් රෝවර් යානය ආධාර කරනු ඇතැයි නාසා ආයතනය ප්‍රකාශයට පත් කර තිබේ. පර්සවෙරන්ස් යානය සමග ඇති ඩ්‍රෝනය අඟහරු ග්‍රහයා මත සරන ප්‍රථම ගුවන්යානයද වනු ඇත. නිව්යෝක් ටයිම්ස් වාර්තාවකට අනුව පසුගිය විසිවසර තුළ නාසා ආයතනය අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් කෙරෙන අනුක්‍රමික විමර්ශන වඩා සංකීර්ණ මට්ටමකට ගෙන ඒමට සමත්ව තිබේ. මුල් අවධානය යොමු වූයේ අඟහරු ග්‍රහයා තුළ ජීවය තිබීමේ කොන්දේසියක් ලෙස කවදා හෝ ජලය පැවතියේදැයි සොයා බැලීමටයි. ගැමුරු කැනියන් දොරු, ගලා ගිය ගංගා වල නටබුන්, වියලී ගිය විල් වල සලකුනු වලින් තහවුරු වූයේ අද වියලි සීතල ග්‍රහයෙකු වුණවද කලක අඟහරු ග්‍රහයා මත ජලය තිබූ බවයි.

පෘථිවියේ සිට සැතැපුම් මිලියන 126ක් ඇතින් පිහිටි අඟහරු ග්‍රහයා මත ගවේශනයේ යෙදෙන පර්සෙවරන්ස් රොබෝ යානයේ සිට නාසා ආයනයට ආලෝකෙයේ වේගයෙන් තොරතුරු සංඥා ලැබීමට විනාඩි 11ක කාලයක් ගත වෙනවා. මේ මාසය තුළ අඟහරු ගවේෂනය සඳහා යොමු වූ තුන්වෙනි යානයයි පර්සෙවරන්ස්. ඒ හැර චීනය සහ එක්සත් එමීර් රාජ්‍ය ද අඟහරු වටා කක්ෂ ගතවන යානා මේ මස තුළ යොමු කළද ඒවා පර්සෙවරන්ස් මෙන් ග්‍රහ මතුපිට සැරිසරමින් සොයා බලන පහසුකම් සහිත ඒවා නොවේ. පර්සෙවරනස් යානය අඟහරු ග්‍රහයා මතට පතිත කළ අභ්‍යවකාශ යානය අඟහරු වෙත ලඟාවීමෙේ විස්තර සහිත රූපවාහිනී විකාශනයයි මේ.
