ශරීර බර අඩු කරගන්න අළුත් ක්‍රමයක්?
ශරීර බර ඉක්මණින්ම අඩු කර ගැනීමට ඔබට අවශ්‍යද? ඒ වෙනුවෙන් ඔබේ ආහාර වේල අමුතුවෙන් සකස් කර ගැනීමට හෝ වෙහෙසකර ව්‍යයාම් සිදුකිරීම අවශ්ය නැත. කල යුතු එකම දෙය උස් ස්ථානයකට යාමපමනයි. මෙම බර වෙනස් වීම ඇත්තටම ශරීරයේ බර වෙනස් වීමක් නොව පෘථිවියේ ගුරුත්වාකර්ෂණයේ උච්චාවචනයන්හි ප්රතිඵලයකි. පෘථිවි ගුරුත්වාකර්ෂණ අඩු වැඩිවීම් විද්‍යාඥයන් කලින් සිතා සිටියාට වඩා විශාල බව නව අධි-විභේදන සිතියමක්(high-resolution map) පෙන්වයි.
ගුරුත්වාකර්ෂණය බොහෝ විට පෘථිවියේ සෑම තැනකම එක හා සමාන යයි යන්න අප බොහෝ දෙනා උපකල්පනය කරන්නකි. නමුත් එය වෙනස් වන්නේ පෘථිවි ග්‍රහයා පරිපූර්ණ ගෝලාකාර හෝ ඒකාකාරව ඝන නොවන බැවිනි. ඊට අමතරව, පෘථිවියේ භ්රමණය මගින් නිපදවන කේන්ද්රාපසාරී බලයන් හේතුවෙන් සමකයේ දී ගුරුත්වාකර්ෂණය දුර්වල වේ. තවද, පෘථිවි කේන්ද්රයේ සිට තවත් ඈත එවරස්ට් කන්ද මුදුන වැනි තවත් ඉහළ උන්නතාංශ වලදී ද එය දුර්වල වේ.

ඉතින් අපි මේ පූර්විකාව දක්වුයේ දරුවෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නයි
අපි හිතමු කෝ ඔබේ දස හැවිරිදි දියණිය ඔබෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇසුවා කියලා: හිම වලසෙකු දකුණු ධ්රැවය දී ට වඩා සමකයේ දි බරින් අඩු වේද? ඔබට මුලින්ම හිතන්න පුළුවන් ප්‍රශ්නය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් අසන ලද්දක්ද? නැත්නම් හුදු තේරවිල්ලක් ද? කියල.
ඒ දෙකම කියලා තමයි පිළිතුර වශයෙන් කියන්න තියෙන්නෙ. තේරවිල්ලක් නම් පිළිතුරු වශයෙන් මුලින්ම කියන්න තියෙන්නේ හිම වලසුන් ජීවත් වන්නේ දක්ෂිණ ධ්රැවයේ නොව උත්තර ධ්රැවයේ කියලයි. තවද, සමකයට ආසන්නයේ ජීවත්වෙනවා නම් ඒ හිම වලසෙකු නොව, ඌ ‘සමක’ වලසෙක් විය යුතුය. ඒත් ඉතින් අපි කෙළින්ම ප්රශ්නයට බහිමු කෝ. එනම්, වලසෙකු හෝ — වලසෙකු, මිනිසෙකු හෝ වෙනත් ද්‍රව්‍යයක් වුණත්, ධ්රැවයක දී ට වඩා සමකයේ දී වඩා බරින් අඩු වේද? අනෙක් සෑම සාධකයක් ම සමාන නම් (ඇත්ත වශයෙන්ම ඒවායේ කිසි විටෙකත් සමාන කම් දකින්න අපහසුයි), පිළිතුර ඔව් වනු ඇත. ඔව්, ඒත් සුළු වශයෙන්.

පළමුවෙන්ම, සමකය ආසන්නයේ පෘථිවිය තරමක් නෙරා ඇවිත් ඇති හෙයින් (සමකයේ නම්)වලසා සිටින්නේ පෘථිවියේ කේන්ද්රයේ සිට මඳක් ඈතකිනි. පෘථිවි කේන්ද්රයේ සිට මදක් ඈත නිසා ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ඇතිවන ඇදිල්ල තරමක් දුර්වල වනු ඇත. නමුත් ප්‍රශ්නය ඇසූ දරුවාගේ මනසෙහි නිසැකවම සටහන්ව තිබුනේ අපගේ පෘථිවියේ භ්රමනයේ බලපෑම ගැන විය හැකියි, එය සෑම පැය විසිහතරකට වරක් සම්පූර්ණ රවුමක් කරකැවේ.(විසි හතර පැයේ දවස මානවයන් තීරණය කළේ ඔය කාරණාව අනුවයි) ඉතින් මදක් බණ්ඩිය නෙරා ඇවිත් තිබෙන පෘථිවියේ සමකයේ වට ප්‍රමාණය කිලෝ මීටර 40,070 හැට්යට ගත්තහම වලසුන් විතරක් නොවෙයි, ගහකොළ, ගොඩ නැගිලි, ඇයි එතකොට මිනිස් අපි මේ සියල්ලම (පැයට කිලෝමීටර් 1,670 ක(පැයට සැතපුම් 1,037 ක). කෙසේ වෙතත්, වලසා තමන්ගේ නිජබිම වන නියම නැතිනම් තථ්‍ය උතුරු ධ්රැවය ආපසු ගියද, වලහා ගමන් නොකර එකම තැන, ඒ කියන්නේ ‘මැරිගෝ රවුමේ’ (තථ්‍ය උතුරු ධ්රැවයේ) මධ්යයේ භ්රමණය වෙමින් සිටියි.

පෘථිවිය එහි අක්ෂය වටා කොපමන වේගයෙන් භ්‍රමණය වන්නේ ද?
පෘථිවිය දිනකට එක් වරක් එහි අක්ෂය වටා භ්‍රමණය වේ. සමකයට පෘථිවියේ වට ප්‍රමාණය සැතපුම් 24,901.55 ක් වන නිසා සමකයේ ඇති ඕනෑම ස්ථානයක් දළ වශයෙන් පැයට සැතපුම් 1,037.5646 ක් (1,037.5646 වාර 24 ක් 24,901.55 ට සමාන වේ) හෝ පැයට කි.මී. 1,669.8 ක් භ්‍රමණය වේ.
උතුරු ධ්‍රැවයේ (අංශක 90 ක් උතුරට) සහ දකුණු ධ්‍රැවයට (අංශක 90 ක් දකුණට) වේගය ඵලදායී ලෙස ගතහොත් ශුන්‍ය වේ. මන්ද යත් එම ස්ථානය භ්‍රමණය වන්නේ පැය 24 කට වරක් බැවිනි.එය ඉතාමාත මන්දාගාමීහෝ ශූන්‍ය වේගයකි.
වෙනත් ඕනෑම අක්ෂාංශයක වේගය තීරණය කිරීම සඳහා, අංශක අක්ෂාංශයේ කොසයිනය, 1,037.5646 වේගයෙන් ගුණ කරන්න.

පෘථිවියේ වේගවත් භ්‍රමණ වේගය නිසා (වලසුන්, අපි ඇතුළු) සියල්ලම බාහිර කේන්ද්‍රාපසාරී බලවේගයකට යටත් වන අතර ඒවා ග්‍රහලෝකයෙන් ඉවතට විසිවී යාමේ ප්‍රවණ තාවක් දක්වයි. හරියට, බල්ලෙකු නෑවාට පස්සේ පසු වේගයෙන් ඇඟ සෙලවීමේ දී ජලය ඉවතට වීසී වෙනවා වාගෙයි. නමුත් පෘථිවිය වටා ඇති අවකාශය පියාඹන වලසුන්ගෙන්, මිනිසුන්ගෙන්, ගේදොර ගහ කොළ ආදියෙන් පිරී නොතිබීමට හේතුව (ඉවතට විසිවී යාමේ ප්‍රවණතාවයට වඩ) පෘථිවියේ වැඩි බලවත් ගුරුත්වාකර්ෂණ ‘ඇදිල්ල’ හේතුවෙන් සියල්ල පොළවට ඇද තබා ගැනීමයි.
එසේ වුවද, පිටතට එසේ වුවද, පිටතට විසිවී යාමේ ප්රවණතාවය ඇතිකරන කේන්ද්‍රාපසාරී බලය පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය තරමක් ‘අපකර්ෂණය'() කරවන අතර එමඟින් සමක වලසෙකුගේ බර ඉතා සුළු වශයෙන් වුව මදක් අඩු වේ. එනම් සියයට දහයෙන්තුනකට වඩා මදක්වැඩි ප්‍රමාණයකිනි. ඒ අනුව කිලෝග්‍රෑම් 360(රාත්තල් 800) ක් බර වලසෙකු බර සමකයේ දී කිලෝග්‍රෑම් 1.4 ක්(රාත්තල් 3 ක්)පමණ අඩු වනු ඇත. මනුෂ්‍යයන්ට සම්බන්ධ කරබලන විට කිලෝග්‍රෑම් 68ක (රාත්තල් 150 ක) පුද්ගලයෙකු සමකයේ දී ග්‍රෑම් 200ක්(රාත්තල් භාගයක් ) අඩු වනු ඇත.
ඇත්ත වශයෙන්ම, මේවා අන්තයන් ය. සමකයට හා ධ්‍රැව අතර ඕනෑම තැනක, ගෝලය වටා ඇති දුර ක්‍රමයෙන් අඩුවන හෙයින් ග්‍රහලෝකයේ භ්‍රමණ වේගය ශුන්‍යය හා සමක වේගය අතර තැනක්(අගයක්) ගනී . එබැවින් උතුරු හෝ දකුණු අර්ධගෝලයේ ඕනෑම තැනක සිට සමකයට දෙසට ගමන් කරන විට ක්‍රමයෙන් බර අඩු වේ. උදාහරණයක් ලෙස ඔබගේ බර වොෂිංටන් ඩී. සී හෝ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර දී කිලෝග්‍රෑම් 68 ක් (රාත්තල් 150 ක් ) නම්, ඔබ සමකයට පැමිණ බර බැලුවොත ග්‍රෑම් 14 ක් ( අවුන්ස 5 ක් ) පමණ බරින් අඩුය..
කෙසේ වෙතත්, මෙය සැබෑ බර අඩු කර ගැනීමේ උපාය මාර්ගයක් නොවන්නක් බව දැන් ඔබට පැහැදිලි විය යුතුය. පහසු මගක් නොවුණත්, වොෂිංටන් ඩී. සී හෝ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර සිට පයින්ම සමකය වෙත ගමන් කළොත් නම් ඇත්තටම බර අඩු කර ගත හැකියි.

අතිරේක තොරතුරු New Scientist සඟරාවෙනි.
What Einstein told his barber නම් ග්‍රන්ථයෙහි පළ වී ඇති යන ලිපිය ඇසුරෙනි