සැබෑ ලෝකයේ එන්නත් බෙදා හැරීම සහ භාවිතයේ විවිධ පැතිකඩ ගැන විමසීමක්
ගෙවුණු සතියේ එක් රැස් කෙරුණු නව දත්ත සමූහයක් එන්නත් වල ඵලදායීතාවය සහ ඒවා වඩාත් හොඳින් බෙදා හරින ආකාරය පිළිබඳ වැඩි අවබෝධයක් අපට ලබා දීමට සමත්වෙයි. ෆයිසර්-බයෝ එන්ටෙක් කොවිඩ් -19 එන්නත(Pfizer-BioNTech Covid-19 vaccine) සඳහා ප්‍රවේශය පුළුල් කළ හැකි ධනාත්මක වර්ධනයන් කිහිපයකින් අපි කතාව ආරම්භ කරමු.
ඊශ්‍රායලයේ සිදු කල නව අධ්‍යයනයකින් හෙළි වූයේ එක් මාත්‍රාවකින් පසු ෆයිසර් එන්නත සියයට 85 ක් ඵලදායී වන බවයි. වැඩි දෙනෙකුට වඩා ඉක්මණින් එන්නත ලබා දීමට හැකි අයුරින් සමහර රටවලට දෙවන මාත්‍රාව ලබාදීම ප්‍රමාද කිරීමට මෙම සොයා ගැනීම මග පාදනු ඇත.

පළමු මාත්‍රාව ලබා දී සති කිහිපයක්ම ආරක්ෂාව සපයන බවට නිරීක්ෂනය වී ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ පර්යේෂණ මගින් දක්වනු ලබන ප්‍රතිඵලම මෙම ප්‍රතිඵලය ද ප්‍රතිඋච්චාරනය කෙරේ.
පසුගිය සිකුරාදා(පෙබ 19) ප්‍රකාශයට පත් කරන ලද වෙනම අධ්‍යයනයකින් කියැවුණේ ප්‍රථමමාත්‍රාව ලබා දී සති 6 ක් වෙනුවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාස තුනකට පසු දෙවන මාත්‍රාවක් ලබා ගත් විට වඩාත් ඵලදායී වන බවයි.
නව සොයාගැනීම් මගින් බ්‍රිතාන්‍යය ඇතුළු විශේෂඥයින්ට සහ රජයන්ට සිය ස්ථාවරය වන “පළමු මාත්‍රාව පළමුවෙන් ලබාදෙමු ” යන උපාය මාර්ගය තහවුරු කිරීමට අනුබල සැපයෙන අතර එම උපාය මාර්ගය මගින් උත්සායය කරනු ලබන්නේ හැකි තරම් පිරිසකට මූලික මාත්‍රාවක් ලබා දීමට ප්‍රමුඛත්වය සැපයීමයි. නමුත් ඇ.එ. ජ. ජාතික අසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුචි පැවසුවේ එක්සත් ජනපද සෞඛ්‍ය නිලධාරීන් සියළුම පුද්ගලයින්ට මාත්‍රා දෙකක් ලබා දෙන බවට සිදු කළ ඔවුන්ගේ නිර්දේශ වෙනස් කිරීමට අකමැති බවයි.
ෆයිසර් සහ බයෝ එන්ටෙක් ද(Pfizer and BioNTech ) පසුගිය සිකුරාදා නිවේදනය කළේ ඔවුන්ගේ එන්නත සිය මූලික මාර්ගෝපදේශ වල නිර්දේශ කර තිබූ පරිදි දින පහක් පමණක් සති දෙකක කාලයක් දක්වා සාමාන්‍ය සම්මත ශීතකරණයක ගබඩා කළ හැකි බවයි. එන්නත් අතිශය අධික සීතලක ගබඩා කර තැබීමේ අවශ්යතාවය හේතුවෙන් එන්නත් මාත්රා බෙදා හැරීම සංකීර්ණ වී ඇති අතර, එන්නත පරිපාලනය කළ හැකි කුඩා ඔසුසැල් සහ වෛද්යවරුන්ගේ බෙහෙත්ශාලා සංඛ්යාව පුළුල් කිරීමේ හැකියාව සිකුරාදා ඉදිරිපත් කළ වෙනස මගින් සැලසී ඇත.
මෙයට අමතරව, ෆයිසර් සහ බයෝ එන්ටෙක් සහ මෝඩර්නා(Moderna) වෙතින් ලබාගත් එන්නත් අපේක්ෂිත ලෙස ආරක්ෂිත බවත් අතුරු ආබාධ දුර්ලභ බවත් රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවල(Centers for Disease Control and Prevention- CDC) නව දත්ත මගින් සොයා ගන්නා ලදී. එම ආයතනය එන්නත් මිලියන 14 කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂා කර ඇති අතර හිසරදය, තෙහෙට්ටුව සහ මාංශ පේශි කැක්කුම ඇතුළු අහිතකර සිදුවීම් 7,000 කට ආසන්න සංඛ්‍යාවක් සොයා ගනු ලැබ ඇත. ඒවා අතුරෙන් සියයට 91 ක් බරපතල නොවන බව වාර්තාවේ.
සෞඛ්‍ය සේවාවන්ට අදාල කරුණු වාර්තා කරන නිව් යෝක් පුවත්පතේ කේටි තෝමස් පවසන්නේ මෙම නව අධ්‍යයන හා තොරතුරු වේගයෙන් ඉස්මතුවීම පෙන්වන්නේ වෛද්‍ය විද්‍යාව සැබෑ ලෝකයේදී භාවිතා කිරීමට පටන් ගත් විට සිදුවන්නේ කුමක්ද යන්න බවයි.
“එන්නත ලබාදීම පටන් ගනීමට පෙර, ඉදිරියට යාම පිණිස අප සතුව තිබුණේ මහා පරිමාණ සායනික අත්හදා බැලීම් පමණයි,” ඇය කියා සිටියි. “දැන්, ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනයා මෙම එන්නත් මාත්‍රා ලබා ගන්නා විට, අපි ඒවා සැබෑ ලෝකයේ වැඩ කරන ආකාරය — එක මාත්‍රාවක් ලබා ගත් පසු ඊළඟ මාත්‍රාව ගත යුතුකාලය, ඒවා ගබඩාකර තබා ගත යුතු ආකාරයේ සිට ඒවායේ අතුරු ඵලවිපාක දක්වා ගැන වැඩි විස්තර දැන ගැනීමට පටන් ගනිමින් සිටින්නෙමු. ඉතින්, මේ දක්වා, ප්‍රතිඵල බොහෝ දුරට ධනාත්මකය එමෙන්ම දිරිගන්වන සුළුය. ”

එන්නත් ගෙන එන බිය
නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ තවත් පුවත් පත් කලාවේදියෙකු වන ඩේවිඩ් ලියොන්හාර්ඩ්ට් පෙන්වාදෙන්නේ පරස්පර පණිවුඩ සංනිවේදනය ජනතාව එන්නත් ලබා ගැනීමෙන් වැළකී සිටීමට හේතු විය හැකි බවයි. මත විමසීම්වලින් පෙනී යන්නේ ඇමරිකානුවන්ගෙන් අඩකට ආසන්න පිරිසක් ඔවුන්ට එන්නත් ලබා දුන්නොත් ඒවා ප්‍රතික්ෂේප කිරීමට පුළුවන් බවයි.


කොවිඩ් -19 එන්නත ලබාගත් පළමු අය අතර වයස් ගත ඇමරිකානුවන් සිටි අතර, එහේ වාසිය භුක්ති විඳිමින් දැන් ඔවුන්ගෙන් සමහරු සිය ‘ජෛව බුබුලු’ බිඳීමින් ගමන් බිමන් යාමට් දැඩි උනන්දුවක් දක්වති..
ඔවුන්ගේ දරුවන් සහ මුනුබුරු මිනිබිරියන් එන්නතක් ලබා ගැනීම සඳහා තවදුරටත් දිගටම බලා සිටිද් දී, 65 ට වැඩි ඇමරිකානුවන් මුල්වී හෝටල්, යාත්‍රා කිරීම් සහවෙනත් චාරිකා සඳහා කලින් වෙන් කරවා ගැනීමේ නව රැල්ලක් නිර්මාණය කරමින් සිටිති.
මෙලෙස කලින් වෙන්කිරීම් ඉහළ යාම,මේ වනවිට හානියට පත්ව තිබෙන සංචාරක කර්මාන්තයට සහ හෝටල් සහ සංචාරක ක්‍රියාකරුවන්ට අත්‍යවශ්යව තිබූ ‘ගැම්මක් ‘ අත්පත් කර දී තිබේ යයි පුවත්කලාවේදී ඩෙබ්රා කමින් වාර්තා කරයි. ඊට ප්‍රතිචාර වශයෙන් එම ව්‍යාපාරිකයන්ද වයස්ගත් ජනතාව සඳහා නව වැඩසටහන් හා නව අංග යොමු කර තිබේ.
ගෝලිය මහා වසංගතයේ මුල් අවධියේදී, එක්සත් ජනපදයේ සහ ලොව පුරා බොහෝ රටවල සෞඛ්‍ය විශේෂඥයින් තීරණය කළේ මුහුණු ආවරණ පිළිබඳ සත්‍යය මහජනයා දැනගනිතයි විශ්වාස කළ නොහැකි බවයි. ඒ වෙනුවට, විශේෂඥයන් කළේ මුහුණු ආවරන භාවිතය අධෛර්යමත් කරමින් ජනතාවා නොමඟ යවන සුළු පණිවිඩයක් පතුරුවා හැරිමයි.

ඔවුන්ගේ අභිප්‍රාය බොහොමත්ම හොඳයි. ඉහළ මට්ටමේ වෛද්‍යමය මුහුණු ආවරණ මිල දී ගැනීමට මිනිසුන් වහ වහා ක්‍රියාත්මක වනු ඇතැයි යන සිතුවිල්ලෙන් එය හටගත් අතර ඒවා නැතුවම බැරි කණ්ඩායමක් වන වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට ඒවා ලබා ගැනීම අපහසු කරමින් හිඟයක් ඇතිවෙතැයි ද යනුවෙන් එම අවස්ථාවේ සැකයක් පැවතිණ. කොරෝනා වෛරසයහමුවේ සාමාන්‍ය මුහුණු ආවරණ කෙතරම් උපකාරී වේ දැයි යන්න ගැන විශේෂඥ්යින්ටත් නිසි අවබෝධයක් නොතිබිණි. ඉහළ මට්ටමේ වෛද්‍යමය මුහුණු ආවරණ සාමාන්‍ය මහජනතාවට ප්‍රයෝජනයක්නැතැයි යන අදහස සමාජ ගත විය. එහෙත්, එය ඒ අවස්ථාවේ සංනිවේදනය වූ වැරදි පණිවිඩයකි. එය මිනිසුන් අවුලට පත් කළේය. (“එම මුහුණු ආවරන ඵලදායී නොවූයේ නම්, වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට ඒවා අවශ්‍ය වූයේ ඇයි?“) එය, (ඒවා උපකාරී වෙතැයි විශ්වාස කිරීමට හොඳ හේතු තිබුණද) මුහුණු ආවරණ බහුලව භාවිතා කිරීම ප්‍රමාද කිරීමට හේතුවිය. එය මහජන සෞඛ්‍ය විශේෂඥයන් කෙරෙහි ඇති විශ්වාසය, ඔවුන්ගේ ප්‍රකාශවල වලංගුබාවය් පළුදු කළේය.


දැන් එම මුහුණු ආවරන කතාවේ තවත් අනුවාදයක් යළි කරළියට පැමිණෙමින් තිබේ. මෙවර එන්නත් සම්බන්ධ වේ. සම්පූර්ණ සත්‍යට මහජනයා සවන් දෙතැයි විශ්වාසයක් විශේෂඥයන් සතුව නැතිබවක් නැවත වරක් පෙන්නුම් කෙරේ.
මේ මොහොතේ, එන්නත් පිළිබඳව සමාජයේ පොදු සාකච්ඡාව වැඩිකොටම ඒවායේ(මුහුණු ආවරණවල) සීමාවන් පිළිබඳ බිය හා සැක සංකා වලින් පිරී ඇත: “ඒවා සියයට සියයක් ඵලදායී නොවේ”. “එන්නත ලබාගත් අය මගින් පවා වෛරසය පැතිරීමට හැකිය”. “එන්නත ලැබීමෙන් පසු මිනිසුන්, ඔවුන්ගේ හැසිරීම වෙනස් නොකළ යුතුය”.
මුහුණු ආවරණ අපරිපූර්ණ(imperfect) බව සත්‍යයක් සේම මෙම සැක සංකා තුළ ද සත්‍යයේ පදනමක් ඇත. නමුත් ඒවායින් කියැවෙන සමස්ථ අර්ථය නොමග යවන සුළු එකක් යයි වෛද්‍යවරුන් සහ වසංගත රෝග විද්‍යාඥයන් ගණනාවක්ම පසුගිය සතියේ ප්‍රකාශ කරන්නට යෙදුනාහ.
“ මට නම් දැනෙන්නේ මදක් පිස්සු වගෙයි” යැයි බ්‍රවුන් මහජන සෞඛ්‍ය පාසලේ(Brown School of Public Health) පීඨාධිපති වෛද්‍ය අෂිෂ් ජා පවසයි.
“අපි එන්නත අවතක්සේරු කරනවා” යයි පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ බෝවන රෝග විශේෂඥ, වෛද්‍ය ආරොන් රිච්ටර්මන් කියා සිටියි.
“එය ඔබගේ ජීවිතය බේරා ගන්නවා — දැන් අවධාරණය කළ යුත්තේ එයයි” යැයි බේලර් වෛද්‍ය විද්‍යාලයේ (Baylor College of Medicine) වෛද්‍ය පීටර් හොටෙස් පෙන්වාදෙයි.
The New York Times(Feb 19) හී පළවූ Vaccines in the real world යන ලිපිය ඇසුරෙනි