COVID-19: සෞඛ්ය සේවකයින්ගේ සෞඛ්‍යය සහ වෘත්තීය ආරක්ෂාව

Posted by

COVID-19: සෞඛ්ය සේවකයින්ගේ සෞඛ්‍යය සහ වෘත්තීය ආරක්ෂාව

COVID-19 ව්‍යාප්තිය සමග ඊට එරෙහි ප්‍රතිචාර දැක්වීමෙදී ඉදිරියෙන්ම සිටියේ සෞඛ්‍ය සේවකයින්ය. ඒ අනුව් ඔවුන්  විවිධ ආකාර ගැහටවලට  මුහුණ් දීමට සිදු වීම නිසා  ඔවුන් දැඩි අවදානමට ලක් වේ. වෘත්තීය උපද්‍රව අතරට SARS-CoV-2 සහ වෙනත් රෝග කාරක වලට නිරාවරණය වීම, ප්‍රචණ්ඩත්වය, හිරිහැර කිරීම, අපකීර්තිය, වෙනස් කොට සැලකීම, අධික වැඩ බර සහ පුද්ගලික ආරක්ෂක උපකරණ (personal protective equipment — PPE) දීර්ඝව දිගින් දිගට  භාවිතා කිරීමට සිදුවීම  ඇතුළත් වේ. මෙම ලිපිය මගින්,  සෞඛ්‍ය සේවකයින්ගේ වෘත්තීය සෞඛ්‍යය රැකගැනීම හා ඔවුන්  ආරක්ෂා කිරීම සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ඉදිරි පත් කරනු ලබන අතර  COVID-19 සන්දර්භය තුළ වැඩ කිරීමේදී සෞඛ්‍යය හා ආරක්ෂාව සඳහා වන යුතුකම්, අයිතිවාසිකම් සහ වගකීම් ඉස්මතු කර දක්වනු ලැබේ.

Protecting Community Health Workers: PPE Needs and Recommendations for  Policy Action | Center For Global Development

PPE දීර්ඝ කාලීන භාවිතය

ප්‍රතිපත්තිමය වශයෙන් ගත් කල, PPE වල  අපේක්ෂිත භාවිතය වන්නේ  උපද්‍රවයට නිරාවරණය වීම වළක්වා ගැනීමට හෝ වෙනත් ආකාරයකින් පාලනය කිරීමට නොහැකි වූ විට කෙටි කාලයක් සඳහා  භාවිතයට යොදා ගැනීමයි. COVID-19 සන්දර්භය තුළ, අධික වැඩ බර, රෝගීන් පැමිණෙන ප්‍රමාණය  සහ PPE හිගය හේතුවෙන් සෞඛ්‍ය සේවකයින්ට දීර්ඝ  කාලයක් තිස්සේ PPE  පැළඳීමට අවශ්‍ය විය හැකිය.

PPE – Best Practice and Guidelines - Lifebox

අත්වැසුම් දිගින් දිගටම භාවිතා කිරීම සහ නිරන්තරයෙන් හස්ත සනීපාරක්ෂාව කෙරෙහි යොමුවීම  හස්ත එක්සීමාව(hand eczema  = කඩුවේගන්)) ඇතිවීමට හෝ දැනටත් පවතින එක්සීමා තත්ත්වය උග්‍ර කිරීමට හේතු විය හැකි බව පර්යේෂණවලින් පෙනී යයි. සෞඛ්‍ය සේවකයෙකුට ලේටෙක්ස්(රබර් කිරි) ආසාත්මිකතාවයක් ඇත්නම්, ලේටෙක්ස් නොවන ද්‍රව්‍යයකින්  හෝ නයිට්‍රයිල් වලින් තැනූ  අත්වැසුම් භාවිත කිරීමට උපදෙස් දෙනු ලැබේ. මොයිස්චරයිසින් ක්‍රීම් නිතර නිතර යෙදීම අතෙහි ඇතිවන උත්කෝපනය(irritation) අඩු කිරීම සඳහා යෙදිය හැකි හොඳ පුරුද්දකි. පෙට්‍රෝලියම් අඩංගු නිෂ්පාදන ලේටෙක්ස් අත්වැසුම් වලට හානි කළ හැකි අතර සමෙහි රැකවරණය සඳහා එය වළක්වා ගත යුතුය. දිගට පවතින්  කුෂ්ඨ  හෝ ප්‍රදාහය අවුලුවන සමේ රෝග ලක්ෂණ ඇති සෞඛ්‍ය සේවකයින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුය.   

ශ්වසන සහ අක්ෂි ආරක්ෂණය සඳහා PPE ( මුහුණු ආවරණ, ශ්වසන යන්ත්ර, සහ ආරක්ෂක කණ්ණාඩි(goggles)) දීර්ඝ කාලයක් භාවිතා කිරීම ද සමට හානි කළ හැකි බවට සාක්ෂි තිබේ: කැසීම, පලු, ඇක්නිය, පීඩනයෙන් සිදුවන  තුවාල, ස්පර්ශයෙන් ඇතිවන  සමේ රෝග, ආසාත්මිකතාව නිසාවෙන් ඇතිවන අටිකේරියාවනම් සමේ රෝගය  සහ පෙර පැවති සමේ රෝග උග්රවීම ආදියයි. සමට හානිවීමේ අවදානම අඩු කිරීම සඳහා, සෞඛ්‍ය සේවකයින්ට නිසි ලෙස නිෂ්පාදනය කර ඇති PPE  ලබා දීම, ශරීරයේ එකම තැනකට අඛණ්ඩව ඇතිවන  ඝර්ෂණය හෝ පීඩනය වළක්වා ගැනීම ; සම සහ  මුහුණු ආවරණ හෝ ඇස් කණ්නාඩි අතර ඝර්ෂණය ලිහිසි කිරීමට හා අඩු කිරීමට මුහුණේ ආරක්ෂක උපකරණ පැළඳීමට පෙර මොයිස්චරයිසර් හෝ ජෙල් යෙදීම; සමට හානි කළ හැකි සහ අධික මීදුමක් බැඳීමේ ගතියක  ඇති කළ හැකි ආරක්ෂක කණ්ණාඩි (goggles)භාවිතා කිරීමෙන් වැළකීම හොඳ පුරුදුය .

COVID-19: Personal Protective Equipment Function and Usage | Lecturio -  YouTube

 COVID-19  : සෞඛ්‍ය සේවකයින් සඳහා වෘත්තීය සෞඛ්‍යය ආරකෂාව සහ වෘත්තීය ආරක්ෂාව  —  අතුරු මඟ පෙන්වීම

(කබා, වෙස් මුහුණු, හිස් ආවරණ, වෙනත් ආවරණ වැනි) සම්පූර්ණ PPE   දිගු කාලයක් භාවිතා කිරීම තාපය හා දහඩිය පිටවීම අවහිරකරන අතර කිරීම හේතුවෙන් ශරීරයේ ස්වභාවික වාෂ්පීකරණ සිසිලනය සීමා කරන අතර තාප ආතතියට හේතු විය හැක (තාපයෙන් ඇතිවන පලු,  මාංශ පේශි කැක්කුම, ක්ලාන්තය, වෙහෙස, සැකිලි මාංශ පේශි බිඳවැටීම සහ තාප ආ ඝාතය). filovirus වයිරස් රෝග පැතිරීමේ දී (උදා: ඉබෝලා වෛරසය)  අනුගමනය කරන, ශරීරය මුළුමණින්ම ආවරණය වන ඇඳුම්, පට දෙකක කබා, පාවහන් වලින්  ලැබෙන ආරක්ෂණය හෝ හිස සහ බෙල්ල ආවරණය කරන හිස් ආවරණ පැළඳීම, වැනි ආරක්ෂක විධිවිධාන භාවිතා කිරීම අවශ්‍ය නොවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) සහ අන්තර් ජාතික කම්කරු සංවිධනය(ILO) නිර්දේශ කරන්නේ තාප ආතතිය අවදානමට ලක්ව ඇති සෞඛ්‍ය සේවකයින්ගේ මුත්රා වල  වර්ණය හා පරිමාව ආවේක්ෂණය කිරීම ඇතුළු තාප ආශ්‍රිත රෝග ලක්ෂණ නිරීක්ෂණය කිරීමට උපදෙස් දිය යුතු බවයි. සම්පූර්ණ PPE  වලින් සැරසී ගත කරන කාලය සීමිත විය යුතු අතර විවේකව ගත කිරීම සඳහා ය සිසිල් ප්‍රදේශයක් සකස් කළ යුතුය. සියලුම සෞඛ්‍ය සේවකයින්ට ප්‍රමාණවත් අයුරින් ආරක්ෂිත හා සිසිල් පානීය ජලය ලබා දිය යුතුය.

විෂබීජ නාශක භාවිතය

සෞඛ්‍ය පහසුකම් සැපයෙන් ස්ථාන  සහ පොදු ස්ථානවල විෂබීජ නාශක භාවිතය වැඩිවීම සෞඛ්‍ය සේවකයින්, පිරිසිදු කරන්නන් සහ සනීපාරක්ෂක සේවකයින් අතර ධූලක(විෂ සහිත) බලපෑම් ඇති කළ හැකිය. නාසික සහ අක්ෂි උත්කෝපනය, පපුවේ තද ගතිය, හුස්ම හිරවීම, හුස්ම ගැනීමේ අපහසුතා සහ සමේ උත්කෝපනයත් ඇති විය හැක. නිෂ්පාදකයාගේ නිර්දේශයන්ට අනුකූල වන පරිදි ක්‍රියාකිරීම සහ  විවිධ විෂබීජ නාශක මිශ්‍ර කිරීමෙන් වැළකී හොඳින් වාතාශ්‍රය ඇති ස්ථානයක පමනක් විෂබීජ නාශක මිශ්‍ර කිරීම සිදු කළ යුතුය.

Mass disinfections to combat coronavirus | Reuters.com

විෂබීජ නාශක පිළියෙළ කිරීම හා යෙදවීම හා සම්බන්ධ සෞඛ්‍ය සේවකයින් වෛද්‍ය වෛද්‍යමය වශයෙන් නොකළ යුතු භාවිතයන් සඳහා ඇගයීමට ලක්කිරීම; විෂබීජ නාශක ආරක්ෂිතව භාවිතා කිරීම පිළිබඳව පුහුණු කිරීම; සහ ප්‍රමාණවත් PPE ලබා දී (ඒවා)නිසි ලෙස භාවිතා කිරීමට උපදෙස් දිය යුතුය. ඕනෑම තත්වයක් යටතේ වුව, උදාහරනයකට උමගක්, හෝ කුටියක් වැනි තැනක්දී වුව පුද්ගලයින් මත විෂබීජ නාශක ඉසීම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ නොකරයි.

COVID-19 වසංගතය අතරතුර, සෞඛ්ය සේවකයින් අධික වැඩ බරක් සහිතව දිගු වේලාවක් වැඩ කිරීමට මෙන්ම  විවේකය හා ප්‍රකෘතිමත්වීම සඳහා ප්රමාණවත් කාලයක් නොමැතිව ගත කිරීමට සිදුවිය හැකිය.  මෙම හේතු නිසාවෙන්, නිදන්ගත තෙහෙට්ටුව සහ ශක්තිය හීනවීම  මෙන්ම සාවධන බව, සම්බන්ධීකරණය හා කාර්යක්ෂමතාව අඩුවිය හැකිය; ප්රතික්රියා කාලය වැඩිවීම,  දුර්වල සංජානනය සහ චිත්තවේග බොඳවීම හෝ මනෝභාවයන් වෙනස් වීම ඇතිවිය හැකිය. ආරක්ෂිත කාර්ය මණ්ඩල මට්ටම්, වැඩ ප්රමාණය සාධාරණ ලෙස වෙන් කිරීම සහ වැඩ කරන කාලය හා වැඩ සංවිධානය කළමනාකරණය කිරීම සහතික කිරීම සඳහා ලෝක සෞඛ්ය සංවිධානයේ අතුරු මඟ පෙන්වීමට  අනුකූලව,  COVID-19 වසංගත ප්රතිචාරය යන සංදර්භය තුළ සෞඛ්ය ශ්රම බලකායේ උපායමාර්ගික කළමනාකරණය, සැලසුම්කිරීම සහ හැකියා වර්ධනය(capacity building) අවශ්යවේ.

COVID-19 ගෝලිය වසංගතය වැනි ප්රකාශිත මහජන හදිසි අවස්ථාවකදී, සාමාන්ය වැඩ කරන වේලාවන්හි විධිවිධානවලට ව්යතිරේකයන් ලබා දීම පිණිස අවසර දිය යුත්තේ තාවකාලිකව,  ILO නිර්දේශයන්ට අනුකූලවය. දේශීය තත්වය මත පදනම්ව ප්රායෝගිකව කළ හැකි පරිදි වැඩකරන වේලාවන්, වැඩ මුරසහ විවේක වේලාවන් ප්රශස්ත ලෙස සංවිධානය කිරීම සඳහා පියවර ගත යුතුය.

WHO වෙබ් අඩවියේ පළවන COVID-19: Occupational health and safety for health workers යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.