නිලට නිලේ සාගරය පෙනෙන්නේ ඇයි? එය හුදෙක් නිල් අහසේ පිළිබිඹුවක් ද?
නැත කියා තමයි මුලින්ම කියන්න ඕන. එය හුදු පොදු විශ්වාසයක් වන අතර එහි සත්‍යයක් නැහැ. පළමුවෙන්ම දැන ගන්න ඕන දී තමයි, සාගරයේ මතුපිට හරියටම කැඩපතක් ලෙස හඳුන්වන නොහැකි බව. දෙවනුව, (අහසේ පිළිබිඹුවක් නම්) එය අහසට වඩා තද නිල් පැහැයක් ගන්නේ කෙසේද?
නැත පිළිබිඹුවක් නොව , ලෝකයේ සාගර සැබවින්ම හා ඇත්තවශයෙන්ම නිල් පැහැයෙන් යුක්තයි – සාධක කිහිපයක් මත පදනම්ව නිල් වර්ණයේ විවිධ පැහැවලින් යුක්තයි. (ඕනෑම නැවියෙකුගෙන් ඇහුවොත් මේ විවිධ පැහැ ගැන හොඳ විස්තරයක් දැන ගන්න පුළුවනි). ඒ සාධක වලින් කිහිපයක් ගැන අපි පස්සේ කතා කරමු. ඒත් මෙන්න පුදුම වෙන්න දෙයක්: ලුණු, රොන්මඩ හා මාළු නොමැති අතිශය පිරිසිදු ජලය පවා නිල් පාටයි. ඒ වුණත් සෑම ශබ්ද කෝෂයකම පාහේ ජලය “වර්ණ රහිත, ගන්ධය රහිත ද්රවයක්” ලෙසයි අර්ථ දක්වා ඇත්තේ. ඔබ කළ යුතුව ඇත්තේ ඔබේ නාන තටාකය පුරවා එය වර්ණ රහිතද නොවන්නේ ද යන බව ඔබටම බලාගන්න එකයි.

ඉතින් ජලය නිල් පාට ඇයි? මක්නිසාද යත් කීවොත්, ආලෝකයේ සියලු වර්ණ එකට මිශ්‍ර වී ඇති දිවා ආලෝකය ජලයට වැදී එය විනිවිද යන විට දිවා කල ආලෝකයේ ඇතැම් වර්ණ ජල අණු මගින් අවශෝෂණය කර ගන්නා බැවිනි. නාන තටාකයේ සිට නැවත පරාවර්තනය වී ජලය හරහා ගමන් කිරීමෙන් පසු ඔබේ ඇසට ළඟා වන ආලෝකයෙන් විශේෂිත වර්ණ අඩු වී යයි. එබැවින් එය මුල් දිවා කාලයේ ආලෝකයට වඩා වෙනස් වර්ණ සංයුතියකින් යුක්තයි.

ඔබේ නාන තටාකය පුරවා ජලය දෙස බලන්න. (ඔබගේ නාන තටාකය සුදු යැයි මම උපකල්පනය කර ඇත්තෙමි). එය ළා නිල් පැහැයක් බව ඔබට පෙනෙනු ඇත. ඒත් ඉතින් ඔබ වතුර වීදුරුවක් පරීක්ෂා කළොත් එහි නිල් පැහැයක් නොදකින්න පුළුවන්. එසේ නොදැකීමට එකම හේතුව ප්‍රමාණවත් තරම් ජලය වීදුරුවේ අඩංඟු නොවීමයි.. ඔබ ජලයෙහි තව තවත් ඝන ස්තර දෙස බලන විට වර්ණය ඒකරාශී වෙමින් (වර්ණය)වැඩි වී දර්ශනයවේ. ඔබේ ජනෙල් වීදුරුවත් අවර්ණ වගේ නේද පෙනෙන්නේ? ඔබේ නිවසේ ජනේලවල වීදුරු තහඩු දැනට තිබෙනවාක් මෙන් දස ගුණයක් ඝනකමින් යුක්ත නම්, “පාට නැති” (අවර්ණ)වීදුරුව ඇත්තෙන්ම කොළ පාට බව ඔබට පෙනෙනු ඇත.
විශේෂයෙන්ම, සූර්යාලෝකයේ තැඹිලි සහ රතු කොටස් අවශෝෂණය කර ගැනීම සඳහා ජල අණු සුළුවශයෙන් මනාපයක් දක්වයි. තැඹිලි සහ රතු පැහැයෙන් අඩු වී ඇති ආලෝකය අපට පෙනෙන්නේ එය “සුදු ආලෝකය” ලෙසින් හඳුන්වන දේ හා සසඳන විට වැඩි නිල් පැහැයක් ඇති බවය. ඉතින් ජලය නිල් පැහැයෙන් දිස් වේ. නමුත් සාගරයක් යනු බෙහෙවින් සංකීර්ණ, වෙනස්ම කතාවකි. පැහැදිලිව දැකිය හැකි ලවණ හා ඛනිජ වලට අමතරව == එක උදාහරනයක් දක්වන්නේ නම් == එහි ප්ලවාංග(plankton), කුඩාම ශාක සහ පාවෙන ඉතාමත් කුඩා සතුන් අඩංගු වේ. විද්‍යාඥයින් විසින් (එහි ජර්මානු නම වන ජෙල්බ්ස්ටොෆ් ලෙස හඳුන්වනු ලබන කහ පැහැති රොන්බොන් යන දළ අරුත ඇති) විවිධ වූ ද්‍රාවිත කාබනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද මුහුදු ජලයේ අඩංගු වේ.
ජලයේ පාවෙන අවසාදිත හා අංශු වලින් ආලෝකය පොළා පනින විට ඒවා සාගරයට කොළ, රතු හෝ වෙනත් වර්ණ එක් කළ හැකිය.
කෙසේ වෙතත්, සාගරයේ බොහෝම ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම අඳුරු ය. ආලෝකයක් අඩි 656 ට වඩා ගැඹුරට විනිවිද නොයන තරම් වන අතර කිසිදු ආලෝකයක් අඩි 3,280 ට වඩා ගැඹුරට විනිවිද යන්නේ නැත.
What EinsteinTold His Barber නම් ග්‍රන්ථයේ Why is the ocean blue? Is it just a reflection of the sky? සහ National Ocean Service වෙබ් අඩවියේ Why is the ocean blue? යන කොටස ඇසුරෙනි