‘වසංගත තෙහෙට්ටුව’ සමඟ අපට කටයුතු කළ හැකි ආකාරය
ගෝලිය මහා වසංගතය හමුවේ කරළියට පැමීණි වාග් මාලාවට අළුතින් එක් වූ පදයකි ‘වසංගත තෙහෙට්ටුව’ යන්න. මෙය වහා වැටහෙන සුළු යෙදුමක් හෝ පහසුවෙන් වටහා ගත හැකි යෙදුමක් ද නොවෙන බව සැබවි. ඒ සඳහා සැබවින්ම වෙහෙසක් දැරිය යුතුය.
පළමු පියවර වන්නේ එය අධික වෙහෙසට පත්වීම(exhaustion) හෝ මහන්සියට පත්වීම(tiredness) හෝ මානසික සම්පතක් ක්ෂය කිරීමක්ම පමණක් නොවන බව වටහා ගැනීමයි.

එක්සත් ජනපදයෙහි COVID-19 මරණ සංඛ්යාව ඛේදජනක ලෙස 400,000 ඉක්මවා ඇති අතර ලොව පුරා ආතුර සංඛ්‍යා සහ රෝහල්ගත කිරීම් ද වාර්තාගත් මට්ටමින් ඉහළ යමින් තිබේ. දැන් එන්නත් නිකුත් කිරීම පටන් ගැනීමත් සමගම, ව්‍යසනයෙහි අවසානයක් ඇතැයි බලාපොරොත්තු වීමට හේතු හටගෙන තිබේ. කෙසේ වෙතත්, බොහෝ ඇස්තමේන්තු වලට අනුව නම් වසරේ මැද භාගය වන තුරු පුළුල් ලෙස එන්නත් ලබා දීමට හැකි නොවෙනු ඇත. ඉතින්, සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළඳීම සහ වසංගතය අවම කිරීමේ වෙනත් චර්‍යාවන් සමඟ අපට තව දුරටත් ගමන් කිරීමට සිදුව තිබේ.
එබැවින්, කාලයත් ගෙවී යද්දී වසංගතය අවම කිරීමේ හැසිරීම් වලට අනුකූල වීමේ අඛණ්ඩ අඩුවීමක් ලෝකය පුරා දැකීමට තිබීම කනගාටුවට කරුණකි. මහජන සෞඛ්‍ය විශේෂඥයින් මෙම සංසිද්ධිය “වසංගත තෙහෙට්ටුව” (“pandemic fatigue”) ලෙස හඳුන්වන අතර එය, එක්සත් ජනපදයෙහි මෙන්ම යුරෝපයේ දක්නට ලැබෙන සිදුවීම් අනුපාතය ඉහළ යාමට දායක වන බව ද සඳහන් කරති.
වසංගත තෙහෙට්ටුව අවබෝධ කර ගැනීම අභියෝගාත්මකය. එසේ වන්නේ එය එක් ප්‍රපංචයක් නොවන අතර හේතු කිහිපයක් නිසාවෙන් ඇති විය හැකි හෙයිනි. මේවායින් සමහරක, ස්වාධීනතා ආකල්ප ආකල්ප වෙනස්වීම්, හෝ විද්‍යාත්මක අධිකාරීන් කෙරෙහි ඇති විශ්වාසය හීන වීම වැනි දේශපාලන හා සමාජීය ප්‍රවණතා ඇතුළත් වේ. කෙසේ වෙතත්, වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සමාජීය වශයෙන් වෑයම් දරමින් සිටින බව පෙනෙන පුද්ගලයින්ටද වසංගත තෙහෙට්ටුව ඇතිවේ. එසේ නම්, මහජන සෞඛ්‍ය උපදෙස් වලට අනුකූල වීම මෙවැනි පුද්ගලයින් තුළත් අඩු වන්නේ ඇයි? එහි නම වසංගත තෙහෙට්ටුව වුව ද ඇත්ත වශයෙන්ම වසංගත තෙහෙට්ටුව යනු අධික වෙහෙසට පත්වීම හෝ මහන්සියට පත්වීම හෝ මානසික සම්පතක් ක්ෂය කිරීමක්ම පමණක්ම නොවේ. අප විසින් තෝරා ගනු ලබන නියමිත කාර්යයන් සඳහා ඇතිවන පෙළඹවීම අනුව වසංගත තෙහෙට්ටුව යන්න තේරුම් ගත යුතුය. එනිසා, මනෝ විද්‍යාවෙන් උගෙත ගත හැකි පාඩම් හා සංජානන පාලනයේ ස්නායු විද්‍යාවෙන් දැන ගත හැකි පාඩම් උපකාරී විය හැකිය.
මින් පෙර කිසි දිනෙක නොකළ කාර්යයක් සිත් තුළ පිළිසිඳ ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් මිනිසුන්ට විශිෂ්ට හැකියාවක් ඇත. නිදසුනක් වශයෙන්, අපගෙන් බොහෝ දෙනෙකුට මෙම වසංගතයට පෙර මුහුණ ආවරණ පැළඳීමේ පුරුද්දක් නොතිබුණි. නමුත්, එය COVID-19 පැතිරීම වැළැක්වීමට හේතු වන බව තේරුම් ගත් පසු, අපගෙන් බොහෝ දෙනා එසේ කිරීමට පටන් ගත්හ. මෙම හැසිරීම ඉගෙන ගැනීමට හෝ ඇත්ත වශයෙන්ම අවුරුදු දහස් ගණනක පරිණාමය වීම හෝ පුහුණුවීම්, අත්හදා බැලීම් සිය ගණනක් සිදු කිරීම හෝ අවශ්‍ය නොවීය. ඒ වෙනුවට, අපි මුහුණු ආවරණ පැළඳීම අපගේ දෛනික ජීවිතයට වහාම ඇතුළත් කර ගත්තෙමු. අපගේ වියුක්ත අරමුණු, අදහස්, රීති සහ දැනුම යන සියල්ල, වේගයෙන් හා වෙනත් කිසිදු විශේෂයකට ළං විය හැකි මට්ටමින් හා මෙතෙක් ගොඩනගා ඇති ඇඓ ජාලයකට අනුකරණය කළ නොහැකි පරිමාණයකින් අපගේ හැසිරීමට සම්බන්ධ කළ හැකිය. අපට මෙය කළ හැක්කේ සංජානන පාලනය යන යෙදුමෙන් විද්‍යාඥයින් දක්වන ශ්‍රීත හෙවත් කාර්යයන් පෙළැන්තියක නිසාවෙනි. එය, පූර්ව ලලාට-බාහිකය ද (prefrontal cortex) ඇතුළුව මිනිස් මොළයේ අද්විතීය ලෙස විස්තාරණය කරන අන්තර්ක්‍රියාකාරී පද්ධති සහ යාන්ත්‍රණ කිහිපයක සහාය ලබන්නකි.

වැදගත් වන්නේ, සංජානන පාලනය අභිප්‍රේරණය මගින් සිදුවන්නක් යන්න තේරුම් ගැනීමයි. යම් කාර්යයක් කිරීමට තීරණය කිරීමේදී, අපගේ පාලන පද්ධතිය අවම වශයෙන් සාධක දෙකක්වත් සමතුලිත කරයි: එම කාර්යය කිරීමෙන් අපට ලැබෙන වාසිය නැතිනම් අගය සහ එසේ කිරීමේදී අප දැරිය යුතු පිරිවැය. කලින් සඳහන් කළ කාරණය පැහැදිලිය.තමන් කිරීමට කැමති කාර්යයන් පිළිබඳ මිනිසුන්ගේ තේරීම් පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යයනවලින් කියැවෙන්නේ තමන් අපේක්ෂිත ප්‍රතිඵලවලට තුඩු දෙන කාර්යයන් සඳහා මිනිසුන් වැඩි කැමැත්තක් දක්වනවා මෙන්ම ඒවායේ නිරත වීමට වැඩි කැමැත්තක් බවයි. එම ප්‍රතිඵලය සමහරවිට මුදල් වෙන්නට පුළුවන. නැතිනම් හොඳ සෞඛ්‍යයක්, මිත්‍රසංගතියක් හෝ ඔවුන් අගයන වෙනත් ඕනෑම දෙයක් විය හැකිය. කෙසේ වෙතත්, වැදගත් වන්නේ, අපගේ පාලන පද්ධතිය මෙම අගය ගණනය කිරීමේදී අපගේ මානසික කාර්යක්ෂමතාව ද සැලකිල්ලට ගන්නේ යම් කාර්යයකින් වාසියක් ලබා ගැනීමට කොපමණ මානසික ආයෝජනයක් අවශ්‍ය ද යන්න බවය.
මේ අනුව, පෙණියන්නේ ලැබෙන ඕනෑම ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් මිනිසුන් ඕනෑ තරම් මානසික කාර්යයන් ඉටු කිරීමට සූදානම්නැති බවය. දුෂ්කර කාර්යයන්, සහ විශේෂයෙන්ම අධික මානසික ආයෝජනයක් සම්බන්ධ කාර්යයන්, මානසික වෑයමේ අමිහිරි අත්දැකීමක් හිමි කර දෙයි. මිනිසුන් එම මානසික උත්සාහය සලකන්නේ යම් කාර්යයකින් ලබා ගත හැකි ඕනෑම වටිනාකමක්, වාසියක් අඩු කරන පිරිවැයක් ලෙස ය. මෙම උත්සාහයන් සඳහා හේතුභූත වන කාරණා එතරම්ම පැහැදිලි නැති නමුත් එක් පැහැදිලි කිරීමක් හැටියට ඒවා ආවස්ථික පිරිවැයෙන් හට ගන්නා බව දැක්විය හැකියි. අපට එකවර දුෂ්කර කාර්යයන් එකකට වඩා කළ නොහැක. එබැවින්, අප දුෂ්කර කාර්යයන් කෙරෙහි කුඩම්මාගේ සැලකිල්ල දක්වනුයේ වෙනත් කාර්යයන් ඉටු කිරීමෙන් වටිනාකමක් ලබා ගැනීමේ හැකියාව ඒවා මගින් සීමා කරනු ලබන බැවිනි. මේ අනුව, අප යම් කාර්යයක් කිරීමට තීරණය කළ විට, අපගේ මොළය පිරිවැය-ප්‍රතිලාභ විශ්ලේෂණයක් සිදු කරයි: එනම්, අප ලබන මානසික වේදනාවන්ට එරෙහිව අප ලබන වාසි කිරා මැන බැලීම.

වසංගත කාලය තුළ ජීවිතය, පාලනය හා මානසික උත්සාහය අවශ්ය වන කාර්යයන් වලින් පිරී ඉතිරී පවතින්නකි. ඉතින් ඒ නිසාවෙන් මානසික වෙහෙස පිළිබඳ පුළුල් ආත්මීය අත්දැකීම් ලබන්නට සිදුවීම පුදුමයක් නොවේ. ගෝලිය වසංගත අභියෝගය හමුවේ අපි නිරන්තරයෙන් නව නීති හා ප්රතිපත්ති වලට හැඩගැසෙමින් සිටින්නෙමු; වැඩ නැත්නම් රැකියාව කිරීමේ සිට සිල්ලර බඩු ලබා ගැනීම දක්වා සෑම දෙයක්ම කිරීමට සිදුව ඇත්තේ අප දන්නා ආකාරයට වඩා වෙනස් ආකාරයෙනි; නව නීති සහ නියමාවලී ඊට අදාලවේ. එබැවින් නව චර්‍යා සැලසුම් කිරීමට සහ අප කරන සෑම දෙයක්ම පියවරෙන් පියවරක් පාසා නිරීක්ෂණය කිරීමට සංජානන පාලනය අවශ්ය වේ. තවද, අපගෙන් බොහෝ දෙනෙකුට, රැකියාව, දූ දරුවන් සහ අනෙකුත් ප්රමුඛතා අතර එකවරම අවධානය බෙදා යොමු කරමින් බහු කාර්යයන් සඳහා වන පිරිවැය අඛණ්ඩව දැරිය යුතුවේ. මෙම පරිසරය තුළ සාර්ථක වීමට නම් අපගේ පාලන පද්ධති අධික ලෙස යෙදවීම අවශ්ය වන අතර එම නිසා මෙම මානසික ප්රයත්නයේ වැය අප දැරිය යුතුවේ.. එම උත්සාහයන් මෙම හැසිරීම් වල ප්රත්යක්ෂ වටිනාකම හෝ කාර්යක්ෂමතාවයේ වෙනස්වීම් දිගු කාලීනව ඉවසා දරා ගැනීම තවත් අපහසු වන අතර (ඒවා)අනුකූලතාවය පහත වැටෙනු ඇත.
ඉතින්, කළ හැක්කේ කුමක් ද?
වසංගත තෙහෙට්ටුව අභියෝගයට මුහුණ දීම සඳහා දේශපාලන හා සමාජීය අංශ පමණක් නොව, පිරිවැය සහ අවම කිරීමේ හැසිරීම් වල ප්රතිලාභ පිළිබඳව ද පෙළඹවීමක් ඇති ශක්තිමත් හා බහුකාර්ය ප්රතිචාරයක් අවශ්ය බව මෙම විශ්ලේෂණයෙන් කියැවේ. එක් ඉලක්කයක් වන්නේ ආවස්ථික පිරිවැයයි. අප සමාජ දුරස්තබාවය රකින විට හෝ ස්ථානයක නවාතැන් ගෙන සිටින විට හෝ අපේ දරුවන්ට නිවසේ සිට අධ්යාපනය ලබා දෙන විට වෙනත් වැදගත් වැඩ අප අතින් මග හැරේ. දුරස්ථව වැඩ කිරීමේ අවස්ථා බොහෝ අයට අහිමිය; ව්යාපාර අඩපණ වී හෝ සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත, අප අපගේ ආදරණීයයන්ගෙන් වෙන්ව සිටිමු. මේ අනුව, මහා වසංගතයෙන් ජනිත නව ක්‍රියා පටිපාටීන්ට අනුකූල වීමේ වටිනාකම, දැනට තිබෙන විදිහට ඒ සඳහා දරණ මානසික උත්සාහයන්ගේ අගය කාලයත් සමඟ එසේ අනුකූල නොවීමේ වටිනාකම අභිබවා යයි.

පෞද්ගලිකව සැපයෙන විශාල උත්තේජක සහන පැකේජයකින් අත්වන ආර්ථික සහන අවශ්‍ය වීමට මෙය එක් හේතුවකි; ඒ එය ආර්ථික සහනයක් සපයන නිසා පමණක් නොව, අනුකූල වීමේ මෙකී ආවස්ථික පිරිවැය කෙරෙහි ද යොමු වන නිසාවේනි.
දෙවනුව, ඉහත ද සඳහන් කළ පරිදි, යම් කාර්යයක් සඳහා මානසික උත්සාහයක් ආයෝජනය කිරීමට අප දක්වන කැමැත්ත රඳා පවතින්නේ එසේ කිරීමේ කාර්යක්ෂමතාව පිළිබඳ අපගේ විශ්වාසය මත ය. කර්තව්‍යය වඩාත් දුෂ්කර වන තරමට ධනාත්මක ප්‍රතිඵලයක් වඩාත් අවශ්‍ය වේ. සාවද්‍ය තොරතුරු බහුලව පවතින අතර, සනීපාරක්ෂක නියමාවලින්වල සිට පාසැල් ආරක්ෂිතව විවෘත කරන්නේ කෙසේද යන්න දක්වා ගත යුතු ඵලදායී ක්‍රියාමාර්ග පිළිබඳව නිරන්තර මග පෙන්වීමක් අපට තවමත් නොමැත. අපගේ පළපුරුදු උත්සාහක පිරිවැයට ගැලපෙන තුලනයක් සඳහා ඇඑජ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන(USA Centers for Disease Controland Prevention -CDC ) වැනි විශේෂඥ ප්‍රභවයකින් සැපයෙන, ඵලදායී බව අපට ඒත්තු යන පැහැදිලි මාර්ගෝපදේශ මාලාවක් අපට අවශ්‍ය වේ.
ඊටම සම්බන්ධවව, ඵලදායී නීති මාලාවක් ක්‍රියාවට නැංවූ පසු, අපට එම නීති හැකි තරම් ස්ථාවරව තබා ගැනිමට අවශ්‍ය වේ. සංසන්දනාත්මකව බලද්දී, තත්වය ස්ථාවරව තබා ගැනීමෙන් අපගේ දෛනික පුරුදු හා චර්යාවන්ට සංගත හැසිරීම් සමූහයක් ඒකාබද්ධ කරමින් උත්සාහයේ පිරිවැය අඩු කර ගැනීමට අවස්ථාව සැලසෙයි.
අවසාන වශයෙන්, අප සැම, නිවෙස් වැනි එකම ස්ථානයක ජීවත්වීම හා වැඩ කිරීම නිසා බහු කාර්යයන් බහුලව කිරීමට සිදු වේ. රැකියාවෙ කාර්යයන් සහ නිවාසේ කාර්යයන් සඳහා අපට වෙනම පරිසරයක් නොමැත, එබැවින් ඒවා එකිනෙකාට මැදිහත් වන අතර එමඟින් අපගේ පාලන පද්ධතියට වෙහෙස ගෙන එයි. කුඩා දරුවන් සිටින දෙමාපියන් සඳහා බහු කාර්ය පිරිවැය විශේෂයෙන් දැඩි වේ. එබැවින්, පාසැල් සහ සේවා ස්ථාන විවෘත කිරීම සඳහා ආරක්ෂිත ක්‍රියා පටිපාටි වැනි මෙම බර අඩු කර ගැනීමට උපකාරී වන වෙනත් පියවර මානසික පිරිවැය අඩු කිරීමට බෙහෙවින් උපකාරී වේ.
වසංගත තෙහෙට්ටුවේ එක් මූලික අංගයක් ස්වභාවධර්මයේ අභිප්‍රේරණය වන්නෙය. මානසික ප්‍රයත්නයේ පිරිවැය අඩු කිරීමට උපකාරී වන ඉහත විස්තර කර ඇති පියවර එහි පහළට ඇද වැටීම වළක්වා ගැනීමට උපකාරී වනු ඇත.
Scientific American හී පළවන How We Can Deal with ‘Pandemic Fatigue’යන ලිපිය ඇසුරෙනි