මිත්රත්වයේ පරිණාමීය සම්භවය
මිත්‍රත්වය යන මෙම වැදගත් ආකාරයේ සම්බන්ධතාවය ඉස්මත්තට ඒම රඳා පවතින්නේ අන් අයට ලබා දිය හැකි අද්විතීය ප්රතිලාභ හඳුනා ගැනීමේ හැකියාව මත ය.
2020 වසර අප සැමට භයානක වූ තරමටම, අපගේ සබඳතාවල අව්යාජ ශක්තීන් හා දුර්වලතා හෙළි කිරීමට ඊට ඇති හැකියාව අනපේක්ෂිත ආශීර්වාදයක් විය. පවුල ලේ මරණයක්, දික්කසාදවීමක්, ධනය අහිමිවයාම, යම් සිදුවීමක් ප්රසිද්ධියේ අවලංගු කිරීම හෝ ගෝලීය අර්බුදය වැනි දරුණු කරදර ඇති වූ විට සැබෑ මිතුරෝ බොරුවට පෙන්නාගෙන ඉන්නා අයට වඩා ඉහළින් නැගී සිටිති.
පුදුමයට කරුණක් වන නමුත්, දැඩි පසුබෑම් යනු හැරවුම් ලක්ෂ්‍යයන්ය. අර්බුදයක දී අප හැරයන ‘ව්‍යාජ” මිතුරන් සහ නැවත නැවතත් තම අගය තහවුරු කළ සත්ය වූ මිතුරන්ගෙන් වෙන්කොට වටහා ගැනීමට ඒවා අපට හැකියාව ලබා දෙයි. කරුණු කාරණා නරක අතට හැරුණු විට අපගේ ආධාරයට පැමිණෙන්නේ කවුරුන්දැයි දැන බලා ගැනීමට සියල්ල හොඳින් සිදුවන විට අපට අවස්ථා සැපයෙන්නේ නැත. ඇත්ත වශයෙන්ම, මේ සම්බන්ද උත්ප්රාසාත්මක ඇඟවුම වන්නේ ‘ සැබෑ මිතුරන් හඳුනා ගැනීමේ හැකියාව වාසනාව ඇති කාලවලදී අඩු අතර සැබවින්ම අපගේ මිතුරන් කවුරුන්ද යන්න පිළිබඳව අපට හැඟීමක් ඇතිකර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ අප දුෂ්කර කාලවලට මුහුණ දෙන විට පමණි’ යන්නය..

පසුගිය වසර පුරාවට ගතහොත් මීට පෙර සමීපව නොසිටි පුද්ගලයන් සමඟ සබඳතා ශක්තිමත් කිරීම සතුටින් අත්විඳ ඇති අතර, එලෙසම දැඩි විශ්වාසවන්තයින් යයි සිතා සිටි අය එලෙස නොවන බව නිරාවරණය වී තිබේ යයි සැන්ටා බාබරා හී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සහායක මහාචාර්යණී Debra Lieberman පවසයි. සමහර සබඳතාවලට දැඩි ආතතියට ඔරොත්තු දිය හැකිය; තවත් සමහරක් සබඳතා වියළි දර කෝටු මෙන් බිඳී යයි.
පරිණාමීය මනෝ විද්‍යාඥයෙකු ලෙස Lieberman වසර 20 කට වැඩි කාලයක් තිස්සේ සමාජ සම්බන්ධතා සහ හැඟීම් පිළිබඳ පර්යේෂණ පවත්වා ඇත. මිත්‍රත්වයන් යනු කෙනෙකුගේ සුභසාධනය ගැන සැලකිලි මත්වන අතිරේක පුද්ගලයින් පිරිසක් පවුලෙන් පරිබාහිරව සිටීමෙන් ලැබෙන ප්‍රතිලාභවලට ප්‍රතිචාරයක් ලෙස විකාශනය වූ වැදගත් සබඳතා පන්තියකි. නමුත් අප අනෙක් අයව අප කෙරෙහි සැලකිලිමත් කරගැනීම — එනම්, ඔවුන්ගේ කාලය, මුදල් සහ සමාජ ප්‍රතිලාභ ඔවුන් හෝ ඔවුන්ගේ ඥාතීන් වෙනුවට අප වෙත යොමු කිරීම සිදුවන්නේ කෙසේද? පිළිතුර: අප (ඔවුන්ට) වටිනා අය බවට අප විසින්ම පත් කරගැනු ලැබීමයි.

මිත්‍රත්වයන්ගේ හෙවත් මිත්‍ර සම්බන්ධතාවන්ගේ පරිණාමය රඳා පවතින්නේ අනෙක් පුද්ගලයින් ලබා දීමට සුදානමින් සිටින සුවිශේෂී ප්‍රතිලාභ හඳුනා ගැනීමේ හැකියාව මත ය. මෙම ප්‍රතිලාභවල අතරට කීර්තිය, තත්ත්වය සහ ආකර්ශනීය බව යන සාමාන්‍යයෙන් ප්‍රකට සාධක ඇතුළත් විය හැකිය, නමුත් ඔබ වෙනත් පුද්ගලයෙකු අගය කිරීමට හේතු රාශියක් ඇත: ඔවුන් (මා මෙන්ම) එකම දේශපාලන පක්ෂයට අයත් අය, ඔවුන් (මා මෙන්ම) එකම වර්ගයේ ආහාර වලට කැමතියි, ඔවුන් ගොල්ෆ් හෝ චෙස් ක්‍රීඩා කිරීමට කැමතියි , නැතහොත් ඔවුහු (මා මෙන්ම) කැමැති සිනමා පටයක් ගැන නිමක් නැතිව කථා කිරීමෙන් සතුටක් ලබතිි.
එක් පුද්ගලයෙකු තවත් අයෙකුගේ වටිනාකම වටහාගෙන ප්‍රතිලාභී ක්‍රියාවක් කරන විට මිත්‍රත්වයන් ආරම්භවන්නට මග පාදන්නේය:
“ඔබට ඇමතුමක් ගැනීමට අවශ්‍ය නම් (ඔබට) මගේ දුරකථනය දිය හැකිය”
“ඔය බෑගය රැගෙන යාමට මම ඔබට උදව් කරන්නද? ”
ඉලක්කගත පුද්ගලයා නව මිතුරෙකු සොයමින් සිටින්නෙක් දැයි සොයා බැලීමට මෙවන් ක්‍රියාවන් කදිමට උපකාරීවෙන උපාය මාර්ගයි, කෘතඥැතාව හඟවන ඔවුන්ගේ සංඥා (ඔවුන් දක්වන ධනාත්මක ප්‍රතිචාර පිළිබඳ) හොඳ දර්ශක වේ; කෝපයක් හෝ අප්‍රසන්නකමක් නැතිනම් කන්කරච්චලයක් ලෙස(ප්‍රතිචාර දැක්වීම යනු) ආකර්ෂණයක් නැති බවේ දර්ශකයකි.

කෙසේවෙතතත් එතරම් වැඩක් නැති දෙයක් ලෙස ඇරඹෙන දෙය පසුව ගැඹුරු සම්බන්දතාවක් දක්වා වර්ධනය විය හකියි. මම ඔබව අගය කරන බව පෙන්නුම් කළහොත්, (අනෙක් සාධක සියල්ලම එක සමාන නම්) ඊට ප්‍රතිචාර වශයෙන් එවිට ඔබ ද මා අගය කිරීම සඳහා පෙළඹීම මට වාසිදායකවේ. මා පිළිබඳ ඔබගේ තක්සේරුව ක්‍රමයෙන් වැඩි වන විට ඔබ ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමට මට හැකි වේ. අපට එකිනෙකාට වටිනාකමක් ලබා දිය හැකි තාක් දුරට, එකිනෙකා අතර ඇසුර තබා ගැනීමට අපට දැඩි උනන්දුවක් ඇත. එවැනි සබඳතා එකිනෙකාගේ අවාසනාවන්ත කාල වකවානුවලදී ප්‍රයෝජනවත් වේ.
ඇගැයීමට ලක් කිරීම මෙන්ම (අනෙකා) සැපයීමට බලා සිටින වාසි ආදිය ගැන කෙරෙන කතා, මාන බලා සිදුකරන, අකාරුණික, ළතෙත් ගතියක් නැති ඒවා සේ පෙණි යාහැක. එය එසේය. නමුත් මෙම ‘දෙඩවිලි’ අප අත්විඳින සිතුවිලි හා හැඟීම් පවතින්නේ මන්ද යන්න පිටුපස ඇති තාර්කිකත්වය ගැන සඳහන් කරයි. යම් පුද්ගලයෙක් ඔබව අගය කිරීමේ සම්භාවිතාව හෝ (එම පුද්ගලයා හා)සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් ලෙස ඇති විය හැකි ප්‍රතිලාභ ඔබ සවිඤ්ඤානකව ගණනය කර නොබලයි. ඒ වෙනුවට මෙම ගණනය කිරීම් සිදු කරන ඇල්ගොරිතම මඟින් ප්‍රතිදානයන් ජනනය කරයි. එය අවිඥානයෙන් වෑස්සෙනු ලබන්නේ “කැමති” යන ආකාරය දැක්වීමටය.
ඔබ කවදා හෝ කෙනෙකුව මුණගැසී පැය ගණනක් කතාබස් කර කර සිටීමෙන් පසුව දිගු කාලයක් නොදැක පසුවූ සහෝදරයෙකු, සහෝදරියක හෝ ජීවන සහකරුවෙකු හෝ සහකාරියක හමුවූවා වැනි හැඟීමක් ඔබට ඇතිවී තිබේ ද? කිට්ටු සමීප බවක් පිළිබඳ හැඟීමක් ජනනය කිරීමට සමත් සමානකම් දැකීමට එමෙන්ම, (සම්බන්ධතාව මගින්) ගෙන් ආ හකි අනාගත ප්‍රතිලාභ ඇගයීමට බොහෝ දුරට අවස්ථාව උදාවෙන්නට ඇත. අන්තර්ක්‍රියා මගින් ලැබිය හැකි ලක් කළ අතර එමඟින් ඇති විය. අන්‍යෝන්‍ය තක්සේරුව, තීව්‍ර වූ විට, කතන්දර පොත්වල එන මාදිලියේ සබඳතා නිර්මාණය කළ හැකිය.
එහෙත්, දුෂ්කරතම කොටස වන්නේ අපව ඇගයන බව කියන පුද්ගලයන් සහ අපේ විපත්ති අවස්ථාවන්හීදි අප අතහැර නොයන පුද්ගලයන් වෙන්කොට හඳුනා ගැනිමයි. කථාව පහසුවෙන්ම කළ හැක්කක් වන අතර පොරොන්දු පහසුවෙන් ලබා දිය හැකිය:
“මම ඔබට මුළුමනින්ම උදව් කරන්නෙමි”;
“ඔබට ඕනෑම වේලාවක මගෙන් මුදල් ඉල්ලිය හැකිය”;
“ඔබට නැවතී සිටීමට ඕනෑම වෙලාවක ඔබට ඉඩ තිබේ”
මිතුරන්ට උදව්, මුදල් හෝ රැඳී සිටීමට ස්ථානයක් අවශ්‍ය නොවන අවස්ථාවකදී එවැනි පොරොන්දු දීම සඳහා කිසිදු මුදලක් වැය නොවේ. කතාවට වඩා ක්‍රියාව ප්‍රබලයි යනුවෙන් සමාජ සම්මත කතාවක් පවතී. එබැවින්, (අනවශ්‍ය දෙයක් වුවත්) ගෝලීය වසංගතය, අපගේ සම්බන්ධතාවල ආතන්‍ය ශක්තිය පරීක්ෂා කිරීමට අනපේක්ෂිත අවස්ථාවක් උදා කර දී තිබේ.

2020 පසුපසට ඇදී යද්දී අපගේ සබඳතා පිළිබඳ හරි වැටහීමක් ලබා ගැනීමට මෙය සුදුසු කාලයකි. එවිට අපටත් අන් අයටත් අර පැරණි කියමන අදාළ කර ගැනීමට හැකියි: අවශ්‍යතාවක් ඇති විට සිටිනා මිතුරන් තමයි ඇත්තම මිතුරන්(friends in need are friends indeed).
Scientific American හී පළවූ The Evolutionary Origins of Friendship යන ලිපිය ඇසුරෙනි