ඇත්තයි, සත්තයි ඒත් … ප්‍රතිඵල තිත්තයි
ප්‍රතිශක්තිය ගැන ඔබ යම් අවබෝධයක් ලබා තිබේයයි උපකල්පනය කරමු: ප්‍රතිශක්තිය යනු සෘතුමය වශයෙන් ගතහොත් ශීත සෘතුවේ ආරම්භය සමග ඔබට දැනෙන රෝග ලක්ෂණ වලට වඩා වැඩි දෙයක් බව ඒ දැනුම ඔබට කියාවි. ප්‍රතිශක්තිය යනු සෞඛ්‍යයේ සහ යහපැවැත්මේ සෑම අංශයකින්ම ගලා යන ගංගාවයි. ප්‍රතිශක්ති විද්‍යාඥයෙකු ලෙස මගේ අත්දැකීම් අනුව, එය අපගේ යහපැවැත්මටම – හුදු පැවැත්මට පවා කේන්ද්‍රීය වන්නේ ද කීවොත් එහි අභ්‍යන්තර ක්‍රියාකාරකම් වඩා හොඳින් ජීවත්වීම සඳහා ප්‍රධාන පාඩම් සපයයි. එය අපව පණපිටින් තබා ගනී. නමුත් එයට අපව අසනීප කිරීමට ද හැකිය. අපගේ අධි වේගවත්, අධික පරිභෝජනයට නැඹුරු, නොසන්සුන් කාරී ජීවිත රටා, පරිස්සමින් සකස් කරන ලද එම පද්ධතියේ සමතුලිතතාවය සෙමෙන් බිඳ දමමින් පවතින බව අපට තවදුරටත් නොසලකා හැරිය නොහැකිය.
මගේ වෘත්තීය ජීවිතයේ වැඩ කටයුතු වලදී, මට ඒ සියල්ල ගැන අසන්නට ලැබී ඇත: නාසය බරවීම හා හොටු ගැලීම සුව වීම සඳහා ලබාදෙන චිකන් සුප් ප්‍රතිකාරයේ සිට ආතරයිටිස් රෝගය සඳහා පළඳින තඹ වළයාභරණ දක්වා මිථ්‍යා කතා, සාම්ප්‍රදායික විශ්වාසයන් සහ නොයෙකුත් අරුම පුදුම කයි කතන්දර ඒ අතරට ඇතුළත්ය. සෑම පරම්පරාවකටම ආශ්චර්යවත් හෙවත් පුදුම එළවන සුළු සුව කිරීම් සහ යහපත් සෞඛ්‍යයක් ලබා දෙන බවට පොරොන්දුවන ප්‍රෝඩාකාරී ප්‍රතිකාර ක්‍රම,කෙම්, පැණි ආදී සම්මිශ්‍රණ, යාග හෝම හෝ චාරිත්‍ර ඇත. මේවායින් බොහොමයක් දෝෂ සහගතය; අපේක්ෂිත ඉලාක්කය නැතිනම් කාර්යය සම්පූර්ණයෙන්ම මග හැර යන ඒවාය. සමහරක් ප්‍රතිකාර මෝඩයි, තවත් සමහරක් ඒකාන්තවම හානිකරය. සියලු විකල්ප ප්‍රතිකර්ම අකාර්යක්ෂම හෝ ප්‍රතිඵල රහිත යයි මින් නොකියැවේ. බොහෝ විට, ඒවා ප්‍රවර්ධනය කරන පුද්ගලයින් සඳහා ‘වැඩ’ කරන නමුත් අනෙක් අයට සුදුසු නොවිය හැකිය හෝ සමහර විට අනතුරුදායක පවා විය හැකිය.
තවද, ඔබව දිගටම නිරෝගීව තබා ගැනීමට ඉන් බොහෝමයකට නොහැකිය. සමහරුන්ට විශ්වාසයේ ජීව විද්‍යාව පමණක් ප්‍රමාණවත්. මෙයින් මා අදහස් කරන්නේ (විශේෂයෙන්ම ඖෂධ පර්යේෂණයට ලක් කිරීමේ දී ලබා දෙන ඖෂධ නොවන එහෙත් ඖෂධම සේ පෙණෙන) ප්ලේසෙබෝ බලපැම හෙවත් ආචරණයයි .(placebo effect) ප්ලේසෙබෝ බලපැම පුදුම සහගත දෙයකි. එය අපගේ මනසෙහි සහ අප දරණ විශ්වාසයන්ගේ ඇති අතිමහත් බලය පෙන්නුම් කරයි.
කෙසේවෙතත්, මානසික නැඹුරුව සෞඛ්‍යයට ඇති කළ හැකි බලපෑම වෛද්‍ය විද්‍යාවේ අවම වශයෙන් වටහා ගත් සංකල්පවලින් එකකි. මෙම කාසියේ අනෙක් පැත්තේ ඇත්තේ ‘යහපැවැත්ම’ (wellness) පිළිබඳ අදහස ඉස්මත්තට ඒමයි. (අප හොඳ සෞඛ්‍යයෙන් පසුවිය යුතුය යන අදහස). මෙම නැගී එන ප්‍රවණතාවය, නිවාරක(රෝග වැළැක්වාගැනීමේ) ස්වයං රැකවරණය සඳහා පමණක් නොව නොමඟ යවන පණිවිඩ යැවීම, අධිභෞතික ප්‍රකාශයන් සහ විද්‍යාවෙන් ඈත්වීමේ ප්‍රවණතාවක් ද වෙනුවෙන් උද්යෝගිමත් රැල්ලක් ඇති කළේය. එමෙන්ම,The Lancet නම් සුප්‍රකට සඟරාවෙහි පළ වී පසුව අපකීර්තියට පත් ලිපියක් පාදක කරගෙන බිහිවූ, තහවුරුකිරීමේ අභිනතිය(confirmation bias) මගින් සංයෝජිත එන්නත්-විරෝධී ව්‍යාපාරය සත්‍යයයට වඩා වේගයෙන් හා ගැඹුරින් පැතිර යනු අපි දුටුවෙමු. මෙයින් අදහස් කරගත් යුත්තේ, නොමඟ ගොස් සිදුකරණ තේරීම් සහ නිකරුණේ යොදවන මුදල් මුදල් යන දෙකම අපගේ සෞඛ්‍යය අමාරුවෙහි හෙළීමට හැකියාවක් ඇති බවයි.

සෑම කෙනෙකුටම ඇත්තවශයෙන්ම ඇසීමට අවශ්‍යව ඇත්තේ උපක්‍රම ගැනයි. සෑම දිනකම කුමක් කළ යුතුද, කුමන සුපිරි ආහාර අනුභව කළ යුතුද සහ කුමන අතිරේක ආහාර ගත යුතුද යන්න ආදිය ගැන මා ඔවදන් දෙනු ඇතැයි ඔවුහු බලාපොරොත්තුවෙති. ඉතින්, මේ ස්වභාවික ප්රවණතාවට එරෙහිව ගොස් ‘යහපැවැත්මේ’ සියලු පණිවිඩ කෙරෙහි විවේචනාත්මක ඇස යොමු කිරීමට ඔබෙන් ඉල්ලා සිටින්නට මා පොළඹවන්නේ කුමක් ද? ඔබේ ප්‍රතිශක්තිය ‘ඉහළ නැංවීම’ අරමුණු කරගත් ප්‍රබල අලෙවිකරණ ප්රචාරන් නොසලකා හැරීම ද?

සමහරු තර්ක කරන්නේ ‘විද්‍යාවට තවම ඕවා හසු කර ගැනීමට නුපුළුවන’ යනුවෙනි.. ඇත්තට්ම විද්‍යාවට කිසි දිනක එය සිදු කළ නොහැකිවනු ඇත. මන්ද, විද්‍යාව ක්‍රියාත්මක වන ආකාරය එය නිසාවෙනි:තියනවා යයි කියන, තියනවා යයි විශ්වාස කරන දෙයක් ගැන නොව තියෙන දෙයක් ගැන සැලකිලිමත්වන හෙයිනි.
ගත වූ කාලය ගැන හඬා වැලපීමට හෝ නවතම සුපිරි ආහාර පරිබවයට ලක්කිරීම හෝ කෙරෙහි අවධානය යොමු කිරීමට මට අවශ්‍ය නැත. සියල්ල සමග ජීවිතය ඉදිරියට ගොස් ඇති අතර අපගේ සෞඛ්‍යය, සැබවින්ම පසුගිය පරම්පරාවලට වඩා යම් ආකාරයකින් යහපත් ය. ඒත් ‘නරක’ දේවල් පමණක් නොව ඒ සමග ‘හොඳ’ දේවල් ද ) ‘දරුවා නැහැ වූ ජලය සමග දරුවාද විසිකිරීම'( අප ඉවත දමා ඇත්තේ දෝ හොයි යන සැකයක් මගේ මනසෙහි රැඳී තිබේ. නම් මෙම ලිපිය අඩංගු ග්‍රන්ථය උත්සාහ කරන්නේ ක්ෂණික පිළියම් සහ සර්ව රෝග නිවාරණ ගැන කියාදීමට නොවේ. බොහෝ දෙනෙකුට, රෝගී තත්වයන්ට ප්‍රතිකාර ලබාගැනීමේ අස්තානයේ සිට ස්වයං රැකවරණය සපයා ගැනීම දක්වා මානසික නැඹුරුවක් වෙත මාරුවීම යන්නෙන් අදහස් වන්නේ අපගේ ආහාර, පෝෂණය, ව්‍යායාම සහ ජීවන රටා අපගේ සෞඛ්‍යයට සම්බන්ධ කර සිතීමට ඔවුන් වඩාත් උනන්දු වී ඇති බවයි.


සාක්ෂි මගින්තහවුරු වන පරි දි, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවට එහි ස්ථානය නොසලකා හැරීමට තවදුරටත් නොහැකි ය. එය, දැන් අපගේ නූතන ජීවිතයට පීඩා ගෙන එන බෝ නොවන රෝග(Non-Communicable Diseases) පාලනය කළ නොහැකි ලෙස ඉහළ යෑමට එරෙහිව අපට ඇති හොඳම විසඳුම විය හැකිය. විද්‍යාත්මක අධ්‍යයන කිහිපයක ගවේෂණ පෙන්නුම් කරන්නේ ඇතැම් ධනාත්මක ජීවන රටාවන්ට අදාල තේරීම් පවත්වා ගෙන යාම අවදානම අඩු කරන බවත්, දැනටමත් රෝග නිර්ණය කර ඇති අයට චර්යා වෙනස්වීම් සහ ප්‍රබල ආධාරක ජාලයන් මගින් ඔවුන්ගේ ප්‍රතිකාර ඵලදායී ලෙස ශක්තිමත් කර ගත හැකි බවත් ය.
