පස් සහ ආහාර සුරක්‍ෂිතතාවය
ආහාර සුරක්‍ෂිතතාවය සාක්ෂාත් කර ගැනීමට හා පවත්වා ගෙනයාමට ගෝලීය මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටවලදී ප්‍රතිපත්ති සෑදීම සහ තීරණ ගැනීම අවශ්‍ය වේ. මේ සඳහා ගුණාත්මකබව තහවුරු කළ තොරතුරු සුදුසු පරිමාණයෙන් ලබා ගත යුතුය. පාංශු පිළිබඳ ජාත්‍යන්තර විමර්ශන හා තොරතුරු මධ්‍යස්ථානය ලෙස ලෝක පාංශු තොරතුරු ආයතනය(World Soil Information – ISRIC) එවැනි පාංශු තොරතුරු සපයන අතර කාර්ය තත්පර්(dedicated = සුවිශේෂී අරමුණු සහිත) පාංශු තොරතුරු පද්ධති සංවර්ධනය සඳහා සහාය ලබා දීමට කැපවී සිටියි.

අද වන විට ගෝලීය වශයෙන් බිලියන 7 ක ජනතාවට ප්‍රමාණවත් ආහාර සපයන්නට මුල්වන්නේ පස් ය. කෙසේවෙතත් ලබා ගත හැකි ප්‍රමාණය අසමාන ලෙස බෙදී ගොස් ඇති හෙයින් ව්‍යුහාත්මකව බලනවිට බිලියන 1 ක ජනතාවකට ප්‍රමාණවත් ආහාර නොසැපයේ. 2050 වන විට බිලියන 9 ත් -10 ත් අතර ජනතාවකට ආහාර සැපයීම සඳහා නම් ජෛව භෞතික විද්‍යාත්මක මෙන්ම සමාජ ආර්ථික වශයෙන් ආහාර ලබා ගැනීමේ හැකියාව මෙන්ම ආහාර නිෂ්පාදන ධාරිතාවය ද දැඩි ලෙස වැඩිදියුණු කළ යුතුය. මේ නයින් ගත් කල,ලොව පුරා ඉඩම් භාවිතා කරන්නන්ට තම පස තිරසාරව හා ඵලදායීව කළමනාකරණය කිරීමට ඇති හැකියාව ඉතා වැදගත් වේ.
“සාගින්න තුරන් කිරීම, ආහාර සුරක්‍ෂිතතාවය සහ පෝෂණය වැඩි දියුණු කිරීම සහ තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සාක්ෂාත් කර ගැනීම සඳහා ඥානවාන්විත පාංශු කළමනාකරණය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි”.
සාගින්න තුරන් කිරීම, ආහාර සුරක්‍ෂිතතාවය සහ පෝෂණය වැඩි දියුණු කිරීම සහ තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් එක්සත් ජාතීන්ගේ තිරසාර ඉලක්කය (UN Sustainability Goal – SDG) 2 සාක්ෂාත් කර ගැනීම සඳහා ඥානවාන්විත පාංශු කළමනාකරණය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙය, SDG 2 ක්‍රියාකාරී සැලැස්මේ අංක 2.4 හි පැහැදිලිව දැක්වේ: ඵලදායිතාව සහ නිෂ්පාදනය වැඩි කරන සහ ඉඩම් හා පාංශු ගුණාත්මකභාවය ක්‍රමයෙන් වැඩි දියුණු කිරීමට ඉවහල් වන සේ 2030 වන විට තිරසාර ආහාර නිෂ්පාදන පද්ධති සහ ප්‍රථ්‍යස්ථිත කෘෂිකාර්මික භාවිතයන් සහතික කිරීම.’ වෙනත් වචන වලින් කිවහොත්, ආහාර සුරක්‍ෂිතතාවය සාක්ෂාත් කර ගැනීම අභියෝගයක් වන අතර එය දිගටම පවත්වාගෙනයාම හෙවත් නඩත්තු කිරීම වඩාත් අභියෝගයක් වන අතර පස ද විසඳුමේ වැදගත් අංගයකි.

පාංශු අපගේ ආහාර නිෂ්පාදනයේ මූලිකම පදනම වන අතර මිනිසුන් වන අපි අපගේ පදනම ඇත්තේ පසෙහිය. පාංශු නඩත්තු කිරීම අවශ්‍ය වුවද පාංශු සමුද්ධරණය තීව්‍ර වී ඇත්තේ පීඩනය වැඩිවීම හේතුවෙනි. 2014 දී වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය එක් පුද්ගලයෙකු වෙනුවෙන් හෙක්ටයාර් 0.20 ක් වූ අතර මීට වසර 50 කට පෙර මෙය හෙක්ටයාර 0.37 ක් පමණ ව තිබිණ. ඒ කැපීපෙණෙන කලාපීය වෙනස්කම් සහිතව යයි අතර ලෝක බැංකුව වාර්තා කරයි. මෙම භයානක ප්‍රවණතාවය හඬ නගා කියා සිටින්නේ ගොවිතැන් කරන සෑම පස් හෙක්ටයාරයකම ඵලදායිතා ධාරිතාව යළි යථා තත්ත්වයට පත් කිරීම, නඩත්තු කිරීම හා ක්‍රමයෙන් වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය වැදගත් ආයෝජන වුවමණා බවයි.
“ලෝක පාංශු තොරතුරු ආහාර සුරක්ෂිතතාව ළඟා කර ගැනීමට සහ පවත්වා ගැනීමට සැලකිය යුතු දායකත්වයක් සපයයි.”

සුදුසු පරිමාණයෙන් හා වැදගත්කමින් යුතු ප්‍රමාණවත් තොරතුරුවල සහාය නොලැබ ආයෝජන සිදු කළ නොහැකිය. ප්‍රතිපත්ති හා තීරණ ගැනීමේදී වැදගත්වන පාංශු තොරතුරු ISRIC විසින් නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාම සිදු කරනු ලැබේ. ISRIC දත්ත සමුදායන්, ගෝලීය පරිමාණයේ සිට දේශීය පරිමාණය දක්වා උපදෙස් ලබා දීමට භාවිතා කළ හැකි අවස්ථා ගවේෂණය කළ හැකි පරිදි කෘෂිකාර්මික ආකෘතීන් (උදා: බෝග, ජලය සහ සාරවත් බව) සමඟ ඒකාබද්ධ කළ හැකිය. සැබෑ වෙනස ඇතිකළ හැක්කේ මෙම පරිමාණවල දීය. අවසාන වශයෙන් ගත්කල, ලෝක පාංශු තොරතුරු, දේශීය වශයෙන් නිවැරදි හා අදාළ නම් සහ ගෝලීය වශයෙන් සංගත හා සම්පූර්ණ නම් ආහාර සුරක්ෂිතතාව ළඟා කර ගැනීමට සහ පවත්වා ගැනීමට සැලකිය යුතු දායකත්වයක් සපයයි.
පස සහ ඉඩම් හායනය හා සංරක්ෂණය
ආර්ථික සංවර්ධනය හේතුවෙන්, නගරවල සීඝ්‍ර වර්ධනය හේතුවෙන් සහ ක්‍රමිකව වර්ධනය වන ග්‍රාමීය ජනගහනය හේතුවෙන් ඉඩම් සඳහා දිනෙන් දින ඉහළ යන ඉල්ලීම් පෙර නොවූ විරූ ඉඩම් පරිහරණ වෙනසකට තුඩු දෙමින් තිබේ. මේ සමගම, ඉඩම් පරිහරණයෙහි සිදුවන වෙනස් කිරීම ඉඩම් පිරිහීමට මග පාදයි: පාංශු ඛාදනය, පෝෂක ක්ෂය වීම, ලවණතාව, ජල හිඟය, දූෂණය, ජෛව චක්‍ර විනාශය සහ ජෛව විවිධත්වය නැතිවීම. සිය ආහාර සහ ජල සැපයුම කෙරෙහි තර්ජන ගෙන ඒම, ජීවන පරිසරයේ ගුණාත්මකභාවය පහත හෙලීම, ජෛව විවිධත්වය අඩුවීම යනාදිය මගින් ජනතාවගේ ජීවනෝපායන්ට බලපානු ලැබේ. මෙම අභියෝගයන්ට මුහුණ දීම සඳහා තිරසාර ඉඩම් කළමනාකරණය(Sustainable Land Management – SLM) ඉඩම් හායනය වැළැක්වීම හෝ අවම කිරීම සඳහා විවිධ මැදිහත්වීම් ඉදිරිපත් කරයි.
“සංරක්ෂණය යන යෙදුමෙන් අදහස් කරන පිරිහීමට එරෙහිව සටන් කිරීමට හෝ වැළැක්වීමට ගන්නා උත්සාහයන් දැන් බොහෝ දුරට තිරසාර ඉඩම් කළමනාකරණය (SLM) යන යෙදුමෙහිඅන්තර්ගත වී ඇත”.
ඉඩම් හායනය පිළිබඳ සංකල්පය කාලයත් සමඟ විකාශනය වී ඇති අතර එහි අවධානය නිෂ්පාදන දිශානතියේ සිට පරිසර පද්ධති කෙරෙහි ඇතිවන පුළුල් බලපෑම කෙරෙහි වෙනස් වී තිබේ. එමෙන්ම, පාංශු හායනය සිට, (ජලය, වෘක්ෂලතාදිය, සතුන් සහ මිනිසුන් වැනි ජෛව භෞතික විද්‍යාත්මක අංග ද ඇතුළුව) ඉඩම් හායනය වෙත ලෙස ද අවධානය වෙනස් වී ඇත (පෝෂ්‍ය පදාර්ථ සැපයීම හා ශාකවලින් ලබා ගත හැකි තෙතමනය සැපයීම තුළින්) . වෘක්ෂලතාදිය සහ (ස්වාරක්ෂක හා පෙරීමේ ක්‍රියාකාරිත්වය තුළින්) ජලය වැනි මෙම “ඉඩම් මූල a\nga” සෘජුවම බලපෑම් කරන හෙයිනි.


සංරක්ෂණය යන යෙදුමෙන් අදහස් කරන්නේ පිරිහීමට එරෙහිව සටන් කිරීමට හෝ වැළැක්වීමට ගන්නා උත්සාහයන්ය. එය දැන් බොහෝ දුරට තිරසාර ඉඩම් කළමනාකරණය (SLM) යන යෙදුමෙන් හසුකරගෙන ඇත. එය මෙලෙස අර්ථ දැක්වේ:
“වෙනස්වන මානව අවශ්‍යතා සපුරාලීම සඳහා භාණ්ඩ නිෂ්පාදනය සඳහා ඉඩම් සම්පත් භාවිතා කිරීම, ඒ සමඟම මෙම සම්පත් වල දිගුකාලීන ඵලදායී විභවය සහතික කිරීම සහ ඒවායේ පාරිසරික ක්‍රියාකාරකම් සහතික කිරීම” (World Overview of Conservation Approaches and Technologies programme – WOCAT) 2007
පරිහානියේ බලපෑම් අවම කිරීම හෝ වැළැක්වීම අරමුණු කරගත් භෝග, පාංශු, සතුන් හෝ ජලය (සහ බොහෝ විට මේවායේ සංයෝජනයක්) වැඩිදියුණු කළ කළමනාකරණයට අදාළව පුළුල් පරාසයක මැදිහත්වීම් තිරසාර ඉඩම් කළමනාකරණය යන්නෙන් ආවරණය වේ. සංරක්ෂණ ප්‍රවේශයන් සහ තාක්ෂණයන් පිළිබඳ ලෝක දළ විශ්ලේෂණය (WOCAT) විසින් සංවර්ධනය කරන ලද තාක්ෂණයන් පිළිබඳ ගෝලීය දත්ත සමුදායක(database) මෙම මැදිහත්වීම් බොහොමයක් විස්තර කර ඇත.

ක්‍ෂේත්‍රය තුළ ක්‍රියාවට නංවන ලද මෙම භාවිතයන්ට අමතරව, ඒවා සාර්ථකව ක්‍රියාත්මක කිරීම වස් සබල කරන පරිසරයක් සැකසීම සහ උපායමාර්ගය යෙදීම වැදගත්ය. මෙය WOCAT “ප්‍රවේශය” දත්ත ගබඩාවේ දැක්වේ.
එබඳු “ප්‍රවේශයක්” සඳහා උදාහරණයක් වන්නේ හරිත ජල ණය පිළිබඳ සංකල්පයයි. මෙයින් දැක්වෙන්නේ, ගඟක ඉහළ කොටසේ ගොවීන් අනුගමනය කරණ SLM හෙවත් තිරසාර ඉඩම් කළමනාකරණ මැදිහත්වීම් හේතුවෙන් ගඟේ පහළ මට්ටමේ ජල භාවිතා කරන්නන්ට ලැබෙන ස්ථානීය සෘජු වාසිවලට අමතරව පහළ ද්‍රෝණියේ ජලයෙහි ගුණාත්මකභාවය සහ ප්‍රමාණය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ගඟ පහළ කොටසේ ගොවින් සිදු කරන එක්තරා හානිපූරණයකි.
පස ගැන තතු ගෙන ආ මේ ලිපි මාලවට පසුව වඩාත් ගැඹුරු විග්‍රහයක් සහිත ලිපි පෙළක් ගෙන ඒමට අදහස් කෙරේ,
ISRIC හී පළවන Soils and Food Security සහ Land Degradation and Conservation යන කොටස් ඇසුරෙනි
ISRIC හී පළවන Soils and Food Security සහ Land Degradation and Conservation යන කොටස් ඇසුරෙනි