එන්නත් සැපයීම වැඩිවන විට අවදානම් සහගත හැසිරීම ද වැඩි වේ ද?

Posted by

එන්නත් සැපයීම වැඩිවන විට අවදානම් සහගත හැසිරීම ද වැඩි වේ ද?

COVID-19 එන්නත් බෙදා හැරීම වේගවත් වෙද්දී, ජනාධිපති ජෝ බිඩෙන් මැයි මස අග වන විට සියලුම එක්සත් ජනපද වැඩිහිටියන්ට එන්නත් ලබා ගත හැකි බවට පොරොන්දු වීමත් සමග බොහෝ ඇමරිකානුවන් අපේක්ෂාවෙන්  සිටින්නේ ගෝලීය වසංගතයේ අවසානයක් දැකිය හැකිවෙතැයි යනුවෙනි.

එසේනමුත්, නිව් යෝක් නගරයේ ප්‍රකට වෛද්‍යමධ්‍යස්ථානයක් වන NYU Langone Health හී  ජෛව-ආචාරධර්ම විද්‍යාඥයෙකු වන ආතර් කැප්ලාන් ඇතිවිය හැකි නව උපද්‍රවයක ආරම්භය දකී: එනම්,පෙල්ට්ස්මන් ආචරණය හෙවත් බලපෑම යි(the Peltzman effect ). චිකාගෝ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ සෑම් පෙල්ට්ස්මාන් දශක ගණනාවකට පෙර මෙම සංසිද්ධිය විස්තර කළේ ආරක්ෂක රෙගුලාසි වැඩි වීමේ හේතුවෙන්  අධිවේගී මාර්ග මරණ සංඛ්‍යාවට කිසිදු බලපෑමක් නැති බව ඔහු නිරීක්ෂණය කිරීමෙන් පසුවය. යම් අවස්ථාවක් හෝ තර්ජනයක් වඩාත් ආරක්ෂිත බව දැනගත් විට වැඩි අවදානම් දැරීමට හැකි අයුරින් මිනිසුන් ඔවුන්ගේ හැසිරීම සකස් කළ බවක් පෙනෙන්නට තිබුණි.

Do You Need a Vaccine? | Community Health Network

පෙල්ට්ස්මාන් ආචරණය ගෝලිය වසංගතය සම්බන්ධයෙන් නරක ආරංචියක් ගෙන එනු ඇති බව කැප්ලාන් සහ NYU Langone Health හි නේවාසික ළමා රෝග විශේෂඥ බ්‍රිට් ට්‍රෝජන්  විවරණයක් කරමින් කියා සිටිති.

“මිනිසුන් යම් අවදානමක් දැරීමට පහසුවෙන් හැඩගැස්වෙන බවක් පෙනේ,” කැප්ලාන් පවසයි. “තවද විවිධ පුද්ගලයින් විවිධ මට්ටම්වල අවදානම් භාර ගැනීමට සූදානම් අතර එම අවදානම අඩු කරන අන්දමක් ඔවුන්ට සපයන විට, ඔවුහු බොහෝ විට ඔවුන්ගේ ජීවිතයේ වෙනත් අංශවල අවදානම වැඩි කිරීමට පෙළඹීමක් දක්වති.”

රෝග පාලනය සහ වැළැක්වීමේ කේන්ද්‍රයන් (Centers for Disease Control and Prevention – CDCs)දක්වන අන්දමට  මෙ මස(මාර්තු) 2 දා වන විට එක්සත් ජනපද වැඩිහිටියන් අතරින් මිලියන 26 කට වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ වැඩිහිටි ජනගහනයෙන් 10% ක් පමණ COVID-19 එන්නත්  මාත්‍රාවන් දෙකක් ලබාගෙන ඇත.

The Peltzman Effect and Patient Safety |

මිනිසුන්ට එන්නත ලබා දුන් පසු, ඔවුන්ගේ පළමු සිතුවිලි වලින් එකක් විය හැක්කේ “දැන් ඉතින් මට වඩාත් විනෝදයෙන් සිටිය හැකියි,” යයි කැප්ලාන් පවසයි. ඒ නිසා, වයිරසයේ මාදිලිය වසංගතයේ ගමන් මග කුමණ ආකාරයෙ වෙනස් කළ හැකිද, නැතහොත් එන්නත ලබා ගත් පුද්ගලයෙකු වුව  වෙනකෙකුට වෛරසය තවමත් සම්ප්‍රේෂණය කළ හැකිද යන්න ගැන පවා තවමත් ඇත්තේ අවබෝධකින් තොර තත්ත්වයක් වුව ද ඔවුන්  අවන්හල් වෙත යාම හෝ වෙනත් ගමන් බිමන් යාම සිදු කළ හැකිය.

පෙල්ට්ස්මාන් ආචරණයේ  සාධක

පෙල්ට්ස්මාන් ආචරණ ක්‍රියාකාරීත්වය පිළිබඳ සම්භාව්‍ය නිදසුනක් හැටියට දක්වතොත්, යමෙකු තම රථයට අළුතෙන් තිරිංග කට්ටලයක් ලබා ගත්තා යයි සිතමු. රථයක හොඳ තිරිංග කට්ටලයක් තිබීම් අනතුරක් සිදුවීමේ අවස්ථාව අඩු කරන බව දැන

 ගැනීමෙන් පසු පුද්ගලයා වේගයෙන් සිය මෝටර් රථය ධාවනය කරවීම දැක්විය හකිය.   තවත් උදාහරණයක් මගින් අන් අයගේ ආරක්ෂාව ඇඟවුම් කරයි.  එක් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ රියදුරන් හිස් ආවරණ පැළඳ නොසිටින බයිසිකල් කරුවන්ට  වඩා හිස් ආවරණ සහිත බයිසිකල්කරුවණට සමීපව සිය රථ ගමන් කරවන බවයි.

Risk Compensation: From Face Masks to Credit, Market and Systemic Risk -  Open Risk
SimpleSend eNewsletter

යම් තත්වයක් ආරක්ෂිත යැයි පෙනෙන විට අවදානම් සහගත හැසිරීම් වැඩි වේද යන්න කෙරෙහි බලපාන කරුණු හතරක් පෙල්ට්ස්මාන් ආචරණය අධ්‍යයනය කරන අය උපුටා දක්වති. ගෝලීය වසංගතය සමඟ මෙම කාරණා හතරම සම්බන්ධ බව කැප්ලාන් පවසයි.

●       තත්වය වඩාත් ආරක්ෂිත කරවන නව පියවර(මේ අවස්ථාව සලකතොත් එය  එන්නත ලෙස දැක්විය හැකියි) පැහැදිලිව කාටත් දෘශ්‍යමාන විය යුතුය{(නැවතත් එන්නත උදාහරණය ගතහොත්) අතට එන්නත් කටුවක් වදින බව කෙනෙකුට් නොදැන සිටිය නොහැක්! තවත් උදාහරනයක් දක්වතොත්  එන්නත් ලබාගැනීම සඳහා ඇති දිගු පෝලිම්  නොදැක සිටීම  දුෂ්කර ය.

●       අවදානම් සහගත හෝ කලින් අවදානම් සහගත හැසිරීමක යෙදීමට මිනිසුන් පෙළඹවිය යුතුය. වසරක කාලයක් සෞඛ්ය ආරක්ෂක සීමාවන්ට කොටුවි සිටි අය බොහොමයකට එවැනි  පෙළ්ඹීම් බහුලය.

●       අවදානම් සහගත හැසිරීම් වැඩි කිරීමට මිනිසුන්ට පාලනයක් හෝ හැකියාවක් තිබිය යුතුය. සමහර ප්‍රදේශවල ඇතැම් සීමා ඉවත් කිරීම සහ ව්‍යාපාර නැවත විවෘත කිරීම හේතුවෙන් එවැනි හැසිරීම්වලට  ඉඩකඩ වැඩිය.

●       අවදානම් සහගත යැයි තමන් කලින් සැලකූ දේ මිනිසුන්ට පහසුවෙන් කිරීමට හැකි තරමට නව ආරක්ෂණ පියවර  ඵලදායී විය යුතුය, ඵලදායීත්වය  95%ක් වන නව එන්නත් මෙම පියවරෙහි අවශ්යතා සපුරාලයි.

පිළිතුර කුමක්ද?

මීට පෙර සන්නිවේදනයට යොදාගත් පණිවුඩයට වඩා අළුත් සෞඛ්‍ය පණිවුඩය  පැහැදිලි හා නිශ්චිත එකක් විය යුතු යයි කැප්ලාන් යෝජනා කරන්නේය. එවිට (පෙල්ට්ස්මාන් ආචරණය හේතුවෙන්) ඇතිවිය හැකි අවදානම් සහගත හැසිරීම් වල වැඩි වීම අපව නැවත් ඉහළ COVID අනුපාතයන් කරා ගෙන නොයනු ඇත.

ජනගහනයෙන් වැඩි පිරිසකට එන්නත ලබා දෙන තුරු සහ  එන්නත ලබා දුන් පුද්ගලයින් මාර්ගයෙන් තවදුරටත් වෛරසය පැතිරවිය හැකිද යන්න පිළිබඳව පර්යේෂකයන්ගෙන්  වැඩි තොරතුරු ලැබෙන තුරු,  මුහුණු ආවරන පැළඳීම හා දුරස්තබාවය ආරක්ෂා කිරීම වැනි කුමන ආකාරයේ ආරක්ෂක පියවර  තවදුරටත් අනුගමනය කළ යුතු දැයි ජනතාවට පැවසිය යුතුය. සම්පුර්ණයෙන්ම එන්නත ලබාගත් (මාත්‍රා සියල්ල ලබාගත්) පුද්ගලයින්ගේ පිළිපැදීම සඳහා ආරක්ෂිත ක්‍රියාකාරකම් පිළිබඳ මාර්ගෝපදේශ රෝග පාලනය සහ වැළැක්වීමේ කෙන්ද්‍රයන් (Centers for Disease Control and Prevention – CDCs) විසින් ඉක්මනින් නිකුත් කරනු ඇත.

එකට එකතුවීම් හෙවත් රැස්වීම් පිළිබඳ නිශ්චිත තොරතුරු මිනිසුන්ට දැන ගැනීමට සැලැස්වීම අවශ්‍යය. කැප්ලාන් පවසන්නේ, “ඔබ සාදයක් පැවැත්වීමට යන්නේ නම්, එන්නත් ලබාගෙන ඇති වෙනත් පුද්ගලයින් සමඟ පමණක් එය පවත්වන්න.”ආච්චිලා සීයලාට මුණුබුරු මිණිපිරිය  බැලීමට යාම අවශ්‍යවෙනවා. එය ආරක්ෂිතද යන්න සහ එය කළ යුත්තේ මුහුණු ආවරණ සමඟද නැද්ද? ඈදී වශයෙන් එවැනි සංචාරයන් කළමණාකරනය කර ගත යුතු ආකාරය පිළිබඳ විස්තර අවශ්‍යවෙනවා” යයි කැප්ලාන් පෙන්වා දෙයි.

තත්වයන් වෙනස් වන විට එක් ප්‍රජාවක් අතර  අවදානම් දේ තවත් ප්‍රජාවක් අතර එසේ නොවිය හැකි බව ට්‍රෝජන් පවසයි. “වෛරසයේ අවදානම මත පදනම්ව අපගේ පුද්ගලික ආරක්ෂක හැසිරීම් අපි වැඩි කරන්නෙමු හෝ අඩු කරන්නෙමු” යනුවෙන් ඇය පවසයි.

“පුළුල් ලෙස ව්‍යාප්ත ප්‍රතිශක්තිය සැබෑවටම ස්ථාපිත වීමට පෙර එන්නත් කරන ලද පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩි වෙද්දී ‘සමූහ ප්‍රතිශක්තියේ ආරක්ෂාව සැලසෙන බවට සාවද්‍ය හැඟීමක් ඇතිවිය හැකිය”යි කැප්ලන් පවසයි.

COVID-19 Information & Resources

ඔහු දක්වන  මූලික කරුණ මෙයයි: ආරක්ෂිත පියවරයන් ලිහිල් කිරීමේදී ඉලක්කය විය යුත්තේ අවදානම අවම කිරීම මිස එය තුරන් කිරීම නොවේ. සිදුවෙතැයි ඔහු කල්පනා කරන පරිදි අවදානම් සහගත හැසිරීම් වැඩි වුවද, එන්නත් මගින් සපයන ආරක්ෂාව, වෙනස හේතුවෙන් සම්පූර්ණයෙන්ම අක්‍රිය නොවෙනු ඇත.

“මුහුණු ආවරන පැළඳීම අඩු වීම වැනි අවදානම් සහගත හැසිරීම් සහ එන්නත ලබා දීමට පෙර කරන ලද සියලුම ක්‍රියාකාරකම් වල වැඩි වෙනු ඇත” යනුවෙන් අධ්යන වාර්තාව සමාලෝචනය කළ පෙල්ට්ස්මාන් එකඟ වේ. නැවත ආතුර සංඛ්‍යා ඉහළ යයිදැයි අසන ලදුව ඔහුගේ අනාවැකිය වූයේ මෙයයි: අවදානම් සහගත හැසිරීම් හිලවු කිරීමට ඇති ඉඩකඩ පුළුලාකාරයෙන් එන්නත් ලබාදීම තවත් වැදගත් බවට පත් කරයි.”

ඔහු ද පවසන්නේ මහජන සෞඛ්‍ය පණිවුඩ වැදගත් වන අතර ඒවා එන්නත් කිරීමේ උත්සාහයන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

WebMD Health News(March 4, 2021) හි පළවූ    As Vaccines Roll Out, Will Risky Behavior Increase? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.