පශ්චාත් කොවිඩ් සාමාන්‍ය තත්ත්වය කරා ක්‍රමික පියවර

Posted by

පශ්චාත් කොවිඩ් සාමාන්‍ය තත්ත්වය කරා ක්‍රමික  පියවර

කොරෝනා මර්ධනයේ දී වර්තමානයේ වැඩි අවධානය එන්නත ගැනැයි. ඊයේ තතු ලිපියේ සඳහන් වූයේ එහි එක් මානයක් ගැනයි. අද ලිපියේ අප සාකච්ඡා කරන්නේ එන්නත් , ජන ජීවිතය යළි සාමාන්‍ය තත්වයට පත්කිරීම කෙරෙහි බලපාන අන්දම ගැනයි.

එක්සත් ජනපදය අද පශ්චාත්-කොවිඩ් ජීවිතයට නැඹුරු වෙමින් සිටිනා අතර, රෝග පාලනය හා වැළැක්වීමේ ෆෙඩරල් මධ්‍යස්ථාන(Centers for Disease Controland Prevention – CDCs) විසින් පූර්ණ එන්නත(එනම් මාත්‍රා දෙකක් සහිත එන්නත් නම් මාත්‍රා දෙකම ලබා ඇති) ලබා ඇති ඇමරිකානුවන්ට (ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි) මග පෙන්වීම නිකුත් කරනු ලැබ ඇත. විශේෂයෙන් සඳහන් කළ යුත්තේ, පූර්වාරක්ෂාවකින් තොරව කුඩා කණ්ඩායම් වශයෙන් ගෘහ අභ්‍යන්තරයේ එක්රැස්වීම  ඇතුළුව,  එන්නත් කරන ලද පුද්ගලයින්හට  නව ක්‍රියාකාරකම්වල යෙදීමට(ඇත්තටම කොරෝන උවදුර හමුවේ නවතාදමා තිබූ ඇතැම් ක්‍රියා කාරකම්) මාර්ගෝපදේශ මඟින්ඉඩ ලබා දීම ගැනයි.

එන්නත් නොකළ පුද්ගලයින් කිසිවෙකුටත් දරුණු රෝග ඇතිවීමේ අවදානමක් නොමැති තාක් කල්, මුහුණු ආවරණ හෝ සමාජ දුරස්ථබාවයකින් තොරව, එක් තනි නිවසකින් පැමිණෙන අනාරක්ෂිත පුද්ගලයින් සමඟ පෞද්ගලික නිවසක එකට රැස්විය හැකිය.

නිදසුනක් වශයෙන්, පූර්ණ එන්නත් කරන ලද ආච්චිලා සීයලාට මුහුණු ආවරණ හෝ දුරස්වීමකින් තොරව අනාරක්ෂිත දරුවන් සහ මුණුබුරන් බැලීමට ඉඩ සැලසෙයි. නමුත් මෙවැනි සුහද හමුවාට සහභාගී කර ගත යුත්තේ එක් නිවසකින් එනායපමණි.

එබැවින්    එන්නත් නොලැබූ අසල්වැසියන් හෝ මිතුරන්  හදිසියේ ආවොත්, සෑම කෙනෙකුම පිටතට(එළිමහනට) යා යුතුය; මුහුණු ආවරණ පැළඳිය යුතුය; එමෙන්ම සමාජ දුරස්ථභාවය රැක ගත යුතුය.

Baby Step's Pre School, Mira Road - Schools in Thane, Mumbai - Justdial

“මිනිසුන්ට එන්නත ලබා ගැනීමට අවශ්‍ය වන්නේ ඔවුන් දන්නා අය සමග, ඔවුන් ආදරය කරන අය සමඟ ඔවුන් (කලින් පුරුදුව සිටි ඔවුන්) කැමති දේ කිරීමට නැවත අවස්ථාවක් ලැබෙතැයි අපේක්ෂාවෙන් බව CDC හි අධ්‍යක්ෂ වෛද්‍ය රොචෙල් වැලෙන්ස්කි පෙන්වා දෙයි .” “එන්නත පූර්ණව ලබා දුන් පුද්ගලයින්ට දැන් ඔවුන්ගේම නිවෙස්වල දී පෞද්ගලික මට්ටමින්   සමහර ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමට අවස්ථාව තිබේ. ”

රෝග පාලනය හා වැළැක්වීමේ ෆෙඩරල් මධ්‍යස්ථාන හෙවත් CDCයේ  නව මග පෙන්වීම් නීත්‍යානුකූල බැඳීමකින් සමන්විත නොවන නමුත්  මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් නිතරම පිළිබිඹු කරන්නේ CDC මතයයි.

එන්නත් කරන ලද පුද්ගලයින් රෝග ලක්ෂණ නොපෙන්වන තාක් කල්, වෛරසයට නිරාවරණය වී ඇත්නම් නිරෝධායනය කිරීමට හෝ පරීක්ෂා කිරීමට තවදුරටත් අවශ්‍ය නොවන බව CDC ය පවසයි.

Innovative Holiday and Winter Gatherings in the Time of COVID-19 - COVID-19  - Johns Hopkins Bloomberg School of Public Health

කෙසේ වෙතත්,  එන්නත් ලබා ඇති පුද්ගලයින් ද ප්‍රසිද්ධ ස්ථානවලදී, තවමත් මුහුණු ආවරණ පැළඳිය යුතු අතර ශාරීරිකව දුරස්ථව සිටිය යුතු අතර,  වාතාශ්‍රය දුර්වල  ස්ථාන මගහැරීම, කැස්ස සහ කිවිසුම් ආවරණය කිරීම සහ නිතර අත් සේදීම වැනි වෙනත් පූර්වෝපායන් අනුගමනය කළ යුතුය. ඔවුන් විශාල වශයෙන් සෙනග රැස්වෙන ස්ථාන මගහර සිටිය යුතුය. එන්නත් ලබා දුන් පුද්ගලයින්ට වෛරසය අන් අයට සම්ප්‍රේෂණය කළ හැකිද? හැකිනම් කුමණ සිඝ්‍රතාවයකින් ද? යන්න ගැන  විද්‍යාඥයන්  තවමත් නොදන්නා හෙයින් එම නීති තවදුරත ක්‍රියාත්මක වේ. එන්ට එන්ටම වර්ධනය වන සාක්ෂි සමූහයක් දක්වන්නේ (එවැන්නන්) රෝග වාහකයෙකු වීමට ඇති ඉඩකඩ අඩු බවයි.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ  ජේෂ්‍යඨ නිලධාරියෙක් අනතුරු අඟවා සිටින්නේ එන්නත් විවිධ සාධක හේතුවෙන් ජාත්‍යන්තර සංචාර සඳහා “විදේශ ගමන් බලපත්‍රයක්” ලෙස භාවිතා කිරීමට එරෙහිවයි.

සඳුදා පැවති මාධ්‍ය හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා ප්‍රධානී වෛද්‍ය මයිකල් රයන් පැවසුවේ සංචාරයට ඉඩදීමේ  කොන්දේසියක් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කර ඇති රටවල් මුහුණ දිය යුතු  “සැබෑ ප්‍රායෝගික හා සදාචාරාත්මක කරුණු” ඇති බවත් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය(WHO) දැනට ඊට එරෙහිව උපදෙස් දෙන බවත්ය.

“එන්නත ලොව පුරා ප්‍රමාණවත් අයුරින් ලබා ගතනොහෙන  අතර නිසැකවම සාධාරණ පදනමක් මත ලබා ගත නොහැක” යනුවෙන් රයන් පවසයි. බලපත්‍ර ලබා ඇති  COVID-19 එන්නත් වලින් ප්‍රතිශක්තිය කොපමණ කාලයක් පවතින්නේද යන්න තවමත් නොදන්නා බවත් දත්ත තවමත් එකතු වෙමින් පවතින බවත්  රයන් මෙයට කලින් ප්‍රකාශ කර තිබුණි. එන්නත ලබා ගැනීමට හැකි අයට එය සංචාරයන් සඳහා බලපත්‍රයක් ලෙස භාවිතයට ඉඩදීම එන්නත් එන්නත ලබා ගැනීමට නොහැකි අයට කෙරෙන අසාධාරණයක් බවද හෙතෙම පෙන්වාදෙයි.

CDC සහ WHO  වෙබ් අඩවි ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.