පසෙහි ස්වභාවය සහ ගුණාංග

Posted by

අතිමහත් විශ්වයේ  අපගේ එකම නිවස  පෘථිවියයි. එහි වාතය, ජලය සහ පාංශු සම්පත් මගින් පවත්වා ගෙන යනු ලබන ජීවන පද්ධති හේතුවෙන් එය සුවිශේෂී වේ. අපේ පෘථිවියේ ජීවීන් මිලියන ගණනක් සිටින අතර, එක් විශේෂයක් වන මානව විශේෂය කෙතරම් ප්රබල ඇත්ද යත්, එම සම්පත්වල ගුණාත්මකභාවය දැන් රඳා පවතින්) නේ (තමන්ම පවරා ගත්  එම විශේෂ භාරකාරත්වය ක්රියාත්මක කිරීමට ඉගෙන ගන්නා( එම මානව විශේෂය මත .

මානව ක්‍රියාකාරකම් පෘථිවියේ පරිසර විද්‍යාවේ ස්වභාවය වෙනස් කරයි. බලපෑමට ලක්ව ඇති ප්‍රධාන අංගයක් වන්නේ පසයි. ආහාර අවශ්‍ය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබුණේ වී නමුත් ලෝකයේ සමහර රටවල ආහාර නිෂ්පාදනය සඳහා පස්වල ධාරිතාව පිරිහෙමින් පවතී. ගෝලීය පරිසරය නැවත සමතුලිතතාවයට ගෙන ඒම වර්තමාන පරම්පරාවේ පස ගැන අධ්‍යයනය කරන සිසුන් ඇතුළු සෙසු අයට ඇති අභියෝගය විය හැකිය.

පෘථිවියේ ජීවයට පස ඉතා වැදගත් වේ. වර්තමානයේ පවතින පසෙහි ගුණාත්මක භාවය

ශාක පරිසර පද්ධතිවල ස්වභාවය සහ සත්ව ජීවිතයට හා සමාජයට ආධාර කිරීමට භූමියේ ධාරිතාව තීරණය කරයි. වර්තමාන පාරිසරික අභියෝග බොහොමයක පාංශු ප්රධාන කාර්යභාරයක් ඉටු කරයි. ජල දූෂණය හා දේශගුණික විපර්යාසයේ සිට ජෛව විවිධත්ව හානිය සහ මිනිස් ආහාර සැපයුම දක්වා ලෝකයේ පරිසර පද්ධති කෙරෙහි  පස සම්බන්ධයෙන් සිදු කෙරෙන ක්රියා බලපායි. මානව සමාජ වඩ වඩාත් නාගරීකරණය වන විට, අඩු පිරිසකට පස සමඟ සමීප සම්බන්ධතා ඇති අතර, පුද්ගලයන්ගේ සමෘද්ධිය සහ පැවැත්ම සඳහා පස මත යැපෙන බොහෝ ක්රම පිළිබඳ අවබෝධය නැති වී යයි. ඇත්ත වශයෙන්ම, අප පස මත යැපෙන ප්රමාණය අනාගතයේ දී තව තවත් වැඩි වෙනවා විනා අඩුවීමක් නම් සිදු වන්නේ නැත.

21 වන ශතවර්ෂයේ එක් යථාර්ථයක් වන්නේ ජනගහනය බිලියන කිහිපයකින් ඉහළ යනු ඇති බවයි (ජනගහනය මෙම සියවස අවසානයේ බිලියන 9 සිට 10 දක්වා ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ). අවාසනාවකට මෙන්, මේවා සපුරාලීම සඳහා ඇති පස් ප්රමාණය  කිසිසේත් වැඩි නොවේ. ඇත්ත වශයෙන්ම, පාංශු හායනය හා නාගරීකරණය හේතුවෙන් පාංශු සම්පත් පදනම සැබවින්ම හැකිලෙමින් තිබේ. පාංශු සම්පත වඩා හොඳින් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම අත්යවශ්ය වේ

අපගේ පැවැත්මට සහ මෙම පෘථිවිය අප සමඟ බෙදා හදාගන්නා අනෙකුත් ජීවීන් සඳහා ප්රමාණවත් වාසස්ථාන නඩත්තු කිරීමට. කෙටියෙන් කිවහොත්, පාංශු විද්යාව පිළිබඳ අධ්යයනය වෙනකවර දාකටත් වඩා අද දින අතිශය වැදගත් කාරනාවක් බවට පත්ව තිබේ.

මෙම පසුබිම තුල පස ගැන විද්යාත්මක දැනුමක් ඇතිකර ගැනීම අප කාටත් වැදගත්ය. අද සිට thathu.com ගෙන එන ලිපි මාලාවේ අරමුණ එම විද්යාත්මක දනුම කාටත් තේරෙණ ආකාරයට ඉදිරිපත් කිරීමයිසංස්කාරක

පරිසර පද්ධතියක් තුළ පසෙන් ඉටුවන සේවාවන් මොනවාද?

ලෝකයේ පරිසර පද්ධතිවලින් සැපයෙන භාණ්ඩ සහ සේවාවල සමස්ත වා වාර්ෂික ර්ෂික වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන දහය ඉක්මවූ අගයන් ගත්තා බව විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙනවා- වෙනත් වචනවලින් කියනවානම් ඒ ලෝකයේ සියලුම ආර්ථික පද්ධතීන්වල දළ දේශීය නිශ්පාදනයේ එකතුවට සමාන අගයක්. පරිසර පද්ධතියක් ආශ්‍රිතව පසෙන්ඉටුවන සේවාවන් විවිධාකාරයි:

  • සැපයුම්: (ජලය, ආහාර,ඖෂධ, දැව වැනි ද්‍රව්‍ය සැපයීම)
  • පාලක: (ජලය පිරිපහදු කිරීම, අපද්‍රව්‍ය දිරාපත්වීමට සැලැස්වීම, පලිබෝධක ගහණය පාලනය කිරීම, වායු ගෝලය සංස්කරණයට ලක්කිරීම ආදිය)
  • සහයක: (පෝෂක සංසරණය, බීජ ව්‍යාප්තිය, ප්‍රාථමික ජෛව ස්කන්ධය නිශ්පාදනය වැනි කාර්යයන් සඳහා දායක වීම)
  • සංස්කෘතික (ආධ්‍යාත්මික වශයෙන් නගාසිටුවීම, පාරිසරික සෞන්දර්යය, ඒළිමහනේ විනොද ක්‍රීඩා සඳහා අවස්ථාව ලබාදීම ආදිය)

ලෝකයේ පවතින පරිසර පද්ධතිවලින් අඩකට වඩා පවතින්නේ පොළොව මතයි. ඒ පරිසර පද්ධතීන් තුළ පසෙන් ඉටුවන කාර්යභාරය සුවිශේෂයි.

ඔබේ ගෙවත්තේ, ගොවි බිමක, වනාන්තරයක හෝ  ප්‍රදේශයේ දිය බස්නාවක වුණත්, පසෙන් ජෛව පද්ධතියකට ඉටුවන මූලික සේවාවන් හයක් තිබෙනවා. පළමුවෙන්ම, පස ශාකයේ මූල පද්ධතියට වැඩන්නට අවශ්‍ය අවකාශයත්, සමස්ත ශාකයටම අවශ්‍ය පෝෂක මූල ද්‍රව්‍යත් සපයමින් ශාකවල වැඩීමට උපකාරී වෙනවා. පසේ ස්වභාවය භූමියේ වැඩෙන වෘක්ෂලතාවල ස්වභාවයට ඍජුවමත්, ඒ ශාක මගින් නඩත්තු කළ හැකි සත්ව ගහණයටත්, ඔවුන්ගේ විවිධත්වයටත් වක්‍රාකාරයෙනුත් බලපානවා.

දෙවනුව, පස මගින් ජල සැපයුම පාලනය කෙරෙනවා. ජල අපවහනය, පරිභෝජනය, අපවිත්‍ර වීම සහ පිරිපහදු කිරීමට පසෙහි දායකත්වය හිමිවෙනවා. තෙවනුව, පස ස්වභාවධර්මයාගේ ප්‍රතිචක්‍රීකරණ පද්ධතිය ලෙස ක්‍රියා කරනවා.

අපද්‍රව්‍ය, ශාක, සත්ව සහ මිනිස් මළ සිරුරු, පසෙහි තැන්පත් වීමෙන් ඒවායේ මූලිකවම අඩංගු වී තිබුණු මූල ද්‍රව්‍ය මතු පරපුරේ භාවිතය සඳහා නැවත මුදා හැරෙනවා. ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට අමතරව, ශතවර්ෂ ගණනාවකට පසුව පුරාවිද්‍යාඥයන්ගේ කැනීම් තුළින් නිරාවරණය කරගන්නා තුරු, පස මානවකෘති සඳහා ආරක්ෂක ආවරණයක් සපයනවා.සිව්වනුව, පස් කුඩා ක්ෂීරපායින්ගේ සිට උරගයන් දක්වාත්, කුඩා කෘමි සතුන්ගේ සිට ක්ෂුද්‍ර ජීවීන් දක්වාත්  අදහාගත නොහැකි තරම් විවිධත්වයකට උරුමකම් කියන ජීවීන්ට වාසස්ථාන සපයන ජීවමාන ද්‍රව්‍යක්. පස්වනුව, පස් කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන්, සහ වෙනත් වායු මහා පරිමාණයෙන් උරාගනිමින් සහ නිකුත් කරමින්, දූවිලි සහ ප්‍රති විකීර්ණ තාපය වායුගෝලයට මුදහරිමින්, වායුගෝලයේ සංයුතියට සහ භෞතීය ස්වභාවයට සැලකිය යුතු මට්ටමින් බලපෑම් කරනවා.

Soil is being used to recycle animal waste, which also fertilizes it for crop growth.

අවසන් වශයෙන්, පස් ඉදිකිරීම් මාධ්‍යක් ලෙස සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනවා. පසේ භූමිකාව හුදෙක් බදාම සහ ගඩොල් (පිළිස්සූ ඉදිකිරීම් ද්‍රව්‍ය) සැපයීමට සීමා වන්නේ නැහැ. අපි ඉදිකරන සියලුම මාර්ගවල, ගුවන්තොටුපොළවල්වල සහ නිවෙස්වල අඩිතාලම වැටෙන්නේ පස මතින්.

පරිවර්තනය කොට සකස්කළේ: අරුන්දි ජයසෙකර

The Nature and Properties Of Soils Fifteenth Edition නම් ප්‍රකට පෙළපොත ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.