2020 දී ග්රහක වාර්තා ගත සංඛ්‍යාවක් පෘථිවිය පසුකරයි

Posted by

2020 දී ග්රහක වාර්තා ගත සංඛ්‍යාවක් පෘථිවිය පසුකරයි

ගෝලීය වසංගතයේ උවදුරු   මධ්යයේ වුවද, තාරකා විද්යාඥයෝ පෘථිවිය ආසන්නයේ නොදන්නා ග්රහක(asteroids) දහස් ගණනක් පසුගිය වසරේදී හඳුනා ගැනීමට සමත්වෙති,

මීටර 340 ක් පළල අභ්යවකාශ පාෂාණයක් වන ඇපොඵිස්(Apophis) මාර්තු 6 වන දින කලබැගෑණියකින් තොරව පෘථිවිය පසුකර ආරක්ෂිතව ගමන් කළේය. ඊළඟ වතාවේ එනම් 2029 දී එය නැවත පැමිණෙන විට නම්, තත්ත්වය   එතරම් සහන්කාරී නොවනු ඇත: මන්ද පෘථිවියේ සිට කිලෝමීටර 40,000 ක් ඇතුළත තරම් ආසන්නයට ඇපොඵිස් පැමිණෙන හෙයිනි. ඒ කියන්නේ පෘථිවියේ ඉහළින්ම රඳවා ඇති චන්ද්‍රිකා වලට ආසන්නයේම් වාගේ මදක් උඩිනි. තාරකා විද්යාඥයින්ට මෙතරම් විශාල ග්රහකයක් මෙතරම් ආසන්නයෙන් පෘථිවිය පසුකර පසුකර යාම නිරීක්ෂණය කිරීමට හැකි වන පළමු අවස්ථාව එය වනු ඇත.

පසුගිය සතියේ ඇපොඵිස් මහපොළව ආසානන්යෙන් පියාසර කළ අවස්ථාවේ ග්රහලෝක ආරක්ෂක පද්ධතිය පරීක්ෂා කිරීමට ලොව පුරා  විද්යාඥයන්ට අවස්ථාවක් සැලසිණ.  රාත්රී අහස හරහා ගමන් කරන විට ග්රහකයක් පෘථිවිය හා ගැටීමේ අවදානම තාරකා විද්යාඥයින්ට ඉක්මණින් තක්සේරු කිරීමට එය මග පෑදීය.. නිරීක්ෂණ කටයුතු සම්බන්ධීකරණය කළ ටෙක්සන්හි ඇරිසෝනා විශ්ව විද්යාලයේ ග්රහලෝක විද්යාඥ  විෂ්ණු රෙඩ්ඩි පවසන්නේ “එය සැබෑ ග්රහකයක් සහිතව සිදු කල හදිසි අවස්ථා  සරඹපුහුණුවක්” බවයි. ඇපොඵිස් පෘථිවි ආසන්නයේ පියාසර කිරීම  තාරකා විද්‍යාඥයන් පෘථිවියට ආසන්න ග්‍රහක ගැන කොපමණ ප්‍රමාණයක් ඉගෙන ගෙන ඇත්ද යන්න සහ ඔවුන් තවමත් ඉගෙන ගත යුතු දේ ඉස්මතු කරයි.

1998 සිට නාසා ආයතනය පෘථිවියට ආසන්න ග්‍රහක සෙවීමේ  විශාලතම මෙහෙයුම ආරම්භ කළ විට විද්‍යාඥයින් විසින් ඒවායින් 25,000 කට වඩා සොයාගනු ලැබ  ඇත. 2020, සොයාගැනීම් සඳහා වාර්තාගත වසරක් බවට පත්විය. COVID-19 වසංගතය බොහෝ විද්‍යා සමීක්ෂණ වලට බාධා පැමුණුව ද, තාරකා විද්‍යාඥයින් විසින් වසර පුරා පෘථිවියට ආසන්න ග්‍රහක 2,958 ක් ලැයිස්තුගත කර ඇත. මේවා විශාල සංඛ්‍යාවක් සොයා ගනුලැබුයේ ඇරිසෝනා හි කැටලිනා ස්කයි සමීක්ෂණයෙනි(Catalina Sky Survey). එහි දුරේක්ෂ තුනක් භාවිතා කරනු ලබන්නේ තර්ජන එල්ල විය හැකි අභ්‍යවකාශ පාෂාණ  නිරීක්ෂණය කිරීම සඳහා ය. මහා වසංගතය හේතුවෙන් පසුගිය වසන්තයේ දී මෙහෙයුම් මද කලකට නතර කර දමන ලද අතර ජුනි මාසයේ ඇති වූ ලැව් ගින්න ඊට වඩා දීර්ඝ කාලයක් වසා තැබීමට හේතු විය.

IAS - Our Dream - 2020 CD3, a mini-moon: ▪︎Astronomers... | Facebook

එවැනි පසුබිමක් යටතේ වුව ද  පෘථිවියට ආසන්න වස්තූන් 1,548 ක් සොයා ගැනීමට කැටලිනා සමීක්ෂණය සමත් වී ඇත. පෘථිවියේ ගුරුත්වාකර්ෂණය මගින් තාවකාලිකව අල්ලා ගන්නා ලද මීටර 3 ට අඩු විෂ්කම්භයකින් යුත් කුඩා ,  දුර්ලභ  මිනි චන්ද්‍රය්කු(2020 CD3 mini-moon) ලෙස දැක්වෙන ග්‍රහයකය ද  මෙයට ඇතුළත් ය. මි mini-moon පසුගිය අප්‍රේල් මාසයේදී පෘථිවියේ ආකර්ෂනයෙන් ඉවත් විය.

පසුගිය වසරේ තවත් සොයාගැනීම් සමූහයක් –  එනම්1,152 ක් පැමිණියේ හවායි හි පෑන්-ස්ටාර්ස් සමීක්ෂණ දුරේක්ෂවලිනි(Pan-STARRS survey telescopes). සොයාගැනීම් අතර 2020 SO නම් කෙරුණු වස්තුවක් ද ඇතුළත් විය. පසුව අනාවරණය වූයේ එම වස්තුව ග‍්‍රහකයක් නොව, 1966 දී නාසා මෙහෙයුමක් සඳට දියත් කිරීමට උපකාරී වූ දා සිට අභ්‍යවකාශයේ නන්නත්තාරව තිබූ රොකට් බූස්ටරයක් බවයි..

යාම්තම් ගැලවීම්

A record close shave: Asteroid 2020 VT4 just skimmed by Earth
2020 VT4

සමහර ග‍්‍රහක පසුගිය වසරේදී සොයා ගන්නා ලද්දේ පෘථිවියට බෙහෙවින් ආසන්නවය – අවම වශයෙන් ඉන් 107 ක් වත් පෘථිවිය පසු කර ගමන් කළේ (පෘථිවියේ සිට) සඳට වඩා අඩු දුරකිනි. පසුගිය වසරේ ‘යාම්තම් ගැලවීම්’ අතරට 2020 QG නම් කුඩා ග්‍රහකයක් ද ඇතුළත් විය.   එය අගෝස්තු මාසයේදී ඉන්දියානු සාගරයට කිලෝමීටර් 2,950 ක් ඉහළින් ගමන් කළේය. ඒ අවස්ථාව වන විට එය(අභ්‍යවකාශ වස්තුවක) මහ පොළවට  ආසන්නයෙන්ම ගමන් ගත් වස්තුව බවට පත් විය – එහෙත් තව මාස තුනක් පසුවත්ම,  තවත් කුඩා වස්තුවක් වන 2020 VT4 විසින් එම වාර්තාව බිඳ දමණු ලැබිණ.  එය පෘථිවි ග්‍රහායාගේ සිට කිලෝමීටර 400 කට වඩා අඩු ආසන්නයෙන් අපව පසු කළ අතර, එය එසේ ගොස් පැය 15 ක් ගතවන තුරුම එය සොයාගත නොහැකි විය. පෘථිවිය වෙත කඩා වැටුණේ නම් , එය පෘථිවි වායුගෝලයේ දී බිඳී සි සිකඩ යනු ඇත.

මෙම සියලු සොයාගැනීම්, පෘථිවිය අසල අවකාශයේ ග්‍රහක විශාල ප්‍රමාණයක් එහාට මෙහාට පනිමින් සැරිසරන  සෞරග්‍රහ මණ්ඩලයේ ‘බිලියඩ් බෝල’ ස්වභාවය පිළිබඳව තාරකා විද්‍යාඥයන්ට වඩාත් අවබෝධයක් ලබා දීමට සමත් විය. පෘථිවිය අසල අවකාශයේ සරන ග්‍රහක විශාල ප්‍රමාණයෙන් එල්ලවන තර්ජනය තක්සේරු කිරීමට එක්ව කටයුතු කළ හැකි ආකාරය  ඇපෝෆිස් නිරීක්ෂණය කිරීම සඳහා මෑතකදී දක්වන ලද වෑයම මගින් පෙන්වා දීමට උපකාරී වූ බව රෙඩ්ඩි පෙන්වාදෙයි. “එය විශාල ජාත්‍යන්තර ප්‍රයත්නයක් පමණක් නොව ආස්වාදජනක් අත්දැකීමක් ද වූ බව ඔහු කියයි. තවත් වසර අටක් ගතවීමෙන්    අපොෆිස් යළිත් පැමිණෙන විට, අභ්‍යවකාශ පාෂාණ තර්ජනය  පිළිබඳ වඩාත් සවිස්තරාත්මක මත එකතුවකට පැමිණ සිටීමට විද්‍යාඥයන්ට අවස්ථාව සැලසෙනු ඇත.

Nature briefing (March 11th) හි පළවූ  Record number of asteroids seen whizzing past Earth in 2020 යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.