කොවිඩ්-19න් පසු: සත්කාර නිවාස සංස්කෘතියේ වෙනසක් අවශ්‍ය ඇයි?
ස්කොට්ලන්තයේ “සමාජ සත්කාර අර්බුදයක්” ගැන වසර ගණනාවක් තිස්සේ ලොව පුරා කතා බස් කෙරෙමින් පවති. කොරෝනා වයිරස් විසින් මෙම ක්ෂේත්‍රයේ පවතින දුර්වලතා හෙළි කිරීමට මෙන්ම, නව ගැටලු නිර්මාණය කිරීමට ද දායකත්වයක් සපයනු ලැබ තිබේ
ස්කොට්ලන්තයේ, කොරෝනා වෛරස් මරණ 10,000 කට ආසන්න සංඛ්‍යාවක් අතරින්, වැඩි ගණනක් — 39% වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත්තේ රැකවරණ හෙවත් සත්කාරක නිවාසවලය. මෙය ලෝකාපවාදයට ලක් විය යුත්තක් සේ නිවැරදිව හඳුනා ගනු ලැබ ඇත. මෙම අංශය ශක්තිමත් කිරීම සඳහා එහෙන් මෙහෙන් පැලස්තර දැමීමක් නොව රැකවරණය පිළිබඳ නව සංස්කෘතියක් අවශ්‍ය වේ. දැන්, අපි COVID-19 න් පසුව එන ලෝකයක් ගැන කල්පනා කිරීමට පටන් ගෙන ඇති මේ මොහොත, එවැනි ප්‍රතිසංස්කරණ සඳහා සුදුසුම මොහොතයි. ඉතින් සතුටට කරුණක් වනුයේ, ආරම්භක විවාද සහ අදහස් උදහස් හුවමාරු කර ගැනීම් යහපත් බව පෙණී යාමයි.
වියයු තු අන්දමට මේ ප්‍රශ්නය අවධානයට යොමුවෙද්දී, ඒ තුළ හෝ ඊට යටින් සැඟව ඇති තවත් බරපත්ල ප්‍රශ්නයක් ගැන ද අප සිත් යොමු කළ යුතුය: රැකවරණ නැතිනම් සත්කාරක සේවකයින් වෛරසයේ බලපෑමට ගොදුරු වී ඇති ආකාරය සහ ඔවුන්ගේ සේවා කොන්දේසි මෙන්ම රැකියාවේ සමස්ත ගුණාත්මකභාවය කෙරෙහි එයින් ඇතිවන බලපැවැත්වීමයි. වසංගතය ආරම්භයේ සිට රැකවරණ සේවකයින් 26 දෙනෙකු වෛරසය වැළඳීමෙන් මියගොස් ඇති බව පෙන්වා දෙන ස්කොට්ලන්ත රජයේ වාර්තාම ප්‍රශ්නයේ බරපතලකම වටහා ගැනීමට උපකාරී වේ..

ඒ අතරම, ජාතික සෞඛ්‍ය පද්ධතියේ සේවකයින් වීරයන් ලෙස සමරනු ලැබුවද, සත්කාරක සේවකයින් වෙත යොමුවන්නේ අඩු සැලකිල්ලකි. එහෙත් නොසලකා හරින ලද මෙම පිරිස් ඒ ගැන පුදුමයට පත් නොවෙති. රැකවරණ නිවාසවල සේවා කොන්දේසි පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතියකට සහභාගී වූවන් කියා සිටියේ සමාජය වැඩිහිටියන් ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන අතර එහිම දිගුවක් ලෙස, ඔවුන් සමඟ වැඩ කරන අය ගැන එතරම්වත් සැලකිල්ලක් නොදක්වන බව දිගු කලක් තිස්සේ පෙණීගිය කරුණක්ය යනුවෙනි . එක් අයෙකු පැවසුවේ මෙහෙමයි: ” සත්කාරක සේවාවේ ඉන්න අපව වත්, අපේ රැකවරනය ලබන පුද්ගලයන් ගැනවත් කොහෙත්ම තැකීමක් නැහැ — ඔවුන් අපට හෝ (අපෙ සත්කාරය ලබන) ඔවුන්ට හිමිවිය යුතු ගෞරවයෙන් හා සහයෝගයෙන් සලකන්නේනැහැ”.
සාධාරණ හා යහපත් වැඩ
ස්කොට්ලන්තයේ රැකවරණ සේවකයින් ඔවුන්ගේ රැකියාවන් හී ගුණාත්මකභාවය ගැන සිතන්නේ කුමක්ද සහ වෙනස් විය යුතු දේ ආදිය පිළිබඳව අපගේ ව්‍යාපෘතිය මගින් ගවේෂණය කරණු ලැබිණ. සහභාගිවන්නන් ප්‍රධාන වශයෙන් කියා සිටියේ “වැඩකිරීම යහපත් කිරීමට” දායක වන වැදගත් සාධක හිඟ බවයි.
ඇත්ත වශයෙන්ම ආරක්ෂිත වැඩ පරිසරයක් ද වැදගත් යැයි ඔවුන් විසින් ලැයිස්තුගත කරනු ලැබ ඇත. COVID-19 ට පෙර දී පවා ඔවුන්ගේ සේවා ස්ථානවල ඔවුන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය කෙරෙහි එතරම් සැලකිල්ලක් යොමු නොවන බව බොහෝ දෙනා පැවසූහ. ඉටු කරණු ලබන වැඩ යහපත් දෙයක් ය හා වටිනා දෙයක් ය යන හැඟීම ඇති කිරීම සඳහා තීරණාත්මක වන එක් සාධකයක් වන්නේ (එහි) අරමුණ සහ අර්ථයයි. සිය රාජකාරී අතරේ ඒ දෙකම බහුලතාවයකින් යුතුව ඇති බැවින් සිය රැකියාවෙහි රැඳී සිටින බවයි බොහෝ සත්කාරක සේවකයින් පවසන්නේ.
“රැකියාවේ වෙනත් වෙනත් අංශ එතරම් යහපත් නොවන විට වුණත් අපව ඉදිරියට ගෙන යන්නේ ඒ කාරණාවයි. යමෙකුගේ ජීවිතය පොහොසත් කිරීමට අපේ සේවාව බලපාන බව දැන සිටීමම යහපත් ඵලවිපාකයකි”.

සමස්තයක් වශයෙන් ඔවුන්ගේ රැකියා ගුණාත්මකභාවය අඩු වන්නේ මන්ද යන්න තේරුම් ගැනීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ (ඔවුනට) සමාජ පිළිගැනීමක් නොමැතිකම වේ. සත්කාරක සේවා යනු හුදෙක් “පිසදැමීම හෝ පිරිසිදුකිරීම ” හා සම්බන්ධ වැඩ ලෙස දැකීම හා සත්කාරක සේවාව සඳහා යාම්තමින් කුසලතා කිහිපයක් පමණක් තිබීම ප්‍රමාණවත්ය යන ලෙස දැකීම අවශ්‍ය වීම පිළිබඳව එම සේවාව සඳහා සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වන්නන් කෝපය පළ කර ඇත. පිළිගැනීමේ අඩුව අවබෝධ කර ගත යුත්තේ ජාතික සෞඛ්‍ය පද්ධතිය ඉහළින් සැලකිල්ලට ලක්වන සංදර්භය තුළයි.
“සමාජ සත්කාර ඉතා දුෂ්කර හා කර් කශය; ජනතාව අප ගැන අමතක කර වෛද්‍යවරුන් සහ හෙදියන් කෙරෙහි පමණක් අවධානය යොමු කරයි. ඔවුන්ගේ සටන්පාඨය ‘අපගේ ජාතික සෞඛ්‍ය පද්ධතිය සුරකින්න ” යන්නයි. එතකොට අපි?“
නිදසුනකට 2019 දී පැවති ස්කොට්ලන්ත සාධාරණ වැඩ සමුළුව මගින් රැකියා ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු මීට පෙර වාර්තා කර තිබූ හෙයින් මෙම සොයාගැනීම් කිහිපයක් පුදුමය ගෙන ඒමට සමත් විය. කැපී පෙනෙන දෙය නම් එතැන් සිට ඔවුන් ගැන එතරම් දෙයක් කර නොමැති වීමයි. කෙසේ වෙතත්, පළාත් පාලන, සෞඛ්‍ය හා සමාජ සත්කාර හවුල්කාරිත්වයන් හෝ කර්මාන්ත කුඩ සංවිධානවල නියෝජිතයින් සමග සම්මුඛ සාකච්ඡා පවත් වද්දී, යහපත් වැඩකටයුතුවලට ප්‍රමුඛතාවයක් ලබා දීම පිණිස කිසිවෙකු පෙරමුණ ගැනීමට අකමැති බව පර්යේෂකයන්ට පෙනී ගියේය. රැකියා ගුණාත්මකභාවය පිළිබඳ වගකීම සෑම විටම රැඳී ඇත්තේ තිබිය යුතු ස්ථානයේ නොව වෙනත් තැනකය.

අපට ජාතික සත්කාර සේවාවක් අවශ්‍යද?
සෑම අර්බුදයක් මෙන්ම, COVID-19 ව්‍යසනය ද වෙනස් වීමට අවස්ථා නිර්මාණය කරයි. රැකවරණ සේවකයින් සඳහා, යහපත් වැඩ දැන් සූදානම්ව තිබිය යුතුය.නිරතුරුවම උසස් තත්ත්වයේ සත්කාරයක් – සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි අය සඳහා සෑම දෙනාටම අවශ්‍ය යැයි පැවසෙන්නේ ඒ ආකාර සත්කාරයකි අවම වශයෙන් යහපත් රැකියා ගුණාත්මක බවක් අවශ්‍ය බව පෙන්වා දීමෙන් රැකියාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වන තර්කය ඉදිරිපත් කළ හැක්කේය.

ස්කොට්ලන්ත රජය 2020 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද වැඩිහිටි සමාජ සත්කාර පිළිබඳ සමාලෝචනය, ප්‍රතිසංස්කරණ සම්බන්ධ වැදගත්ම පියවරකි. ස්කොට්ලන්තය සඳහා ජාතික සත්කාර සේවාවක් නිර්දේශ කරමින්, සමාලෝචනය වැඩිහිටි සමාජ සත්කාර සංස්කෘතියේ සමස්ත වෙනසක් පිළිබඳව එහි චින්තාවලියේ කේන්ද්‍රයෙහි ශ්‍රම බලකාය සිටින බව පෙනේ.
එය පළාත් පාලන ආයතන විසින් සේවා සපයන්නන්ගෙන් සේවා මිලදී ගැනීම සහ සම්බන්ධීකරණ ශ්‍රම බලකා සැලසුම් කිරීම සම්බන්ධයෙන් “සාධාරණ වැඩක්” ලෙස හඳුන්වන අවම ප්‍රමිතීන් නිර්දේශ කරයි. රැකවරණ රැකියා වටා රැකියා ඇගයීමේ අභ්‍යාසයක් දිරිගන්වනසුලු අනුමත කිරීමක් තිබේ – මෙය සමාජ සත්කාර සහ සෞඛ්‍ය සේවා අතර වැටුප් සමානාත්මතාවයක් ඇති කිරීමට උපකාරී වේ.
කෙසේ වෙතත්, ඒ ආකාර වෙනස්කම් මගින් වෙනත් රැකියාවේ ගුණාත්මකබව පිළිබඳ ගැටළු වලට විසඳුම් නොලැබේ. එක් කේන්ද්‍රීය ගැටළුවක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් ලෙස කටයුතු කර නොමැත: සමාජ සත්කාර සේවකයින් අවතක්සේරු කරන්නේ ඇයි? අඩු සමාජ තත්ත්වයක් අත්විඳින්නේ ඇයි? මෙහිදී, අපහසු සංස්කෘතික ප්‍රශ්න මතු කළ යුතු අතර රැකවරණය අවශ්‍ය අය සහ එය සපයන අය හඳුනා ගන්නා නව සත්කාරක සංස්කෘතියක් සඳහා ඉල්ලුමක් , පරම්පරාගත බෙදීම් සහ වයස්ගතභාවය නිසා ඇති කරයි.
යහපත් සංස්කෘතියක්, පිළිගත් කුසලතා සහ නිසි ගෞරවය භුක්ති විඳින ශ්‍රම බලකායක් සමඟ උසස් තත්ත්වයේ සමාජ සත්කාරයක් ඇති කිරීමට ගන්නා උත්සාහයන් සඳහා එවැනි සංස්කෘතියක් පදනම විය හැකිය.
The Conversation හි පළවන After COVID: why we need a change in care home culture යන ලිපිය ඇසුරෙනි