අවදානමට ලක්විය හැකි අයට පළමුවෙන්ම එන්නත් ලබාදීම දෝෂ සහිත උපාය මාර්ගයක් ද?
ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ එන්නත ලබා දීමේ දී බොහෝ ජාතීන් අනුගමනය කරන එන්නත් ක්‍රමෝපාය වනුයේ කිරීටක වෛරසය ව්‍යාප්ත කිරීමට වැඩි ඉඩකඩක් ඇති අයට වඩා, වඩාත්ම අවදානම්ග්‍රාහී( vulnerable අවදානමට ලක්විය හැකි) පිරිස්වලට එන්නත ලබා දීම ජීවිත බේරා ගැනීමට ඇති හොඳම කෙටිකාලීන ක්‍රමය විය හැකිය යන්නය. එසේවුවත්, එන්නත් මගින් සපයනු ලබන ආරක්ෂණයෙන් ගැලවිය හැකි නව ප්‍රභේදයන්ගේ පරිණාමය වේගවත් කිරීමේ විශාලතම අවදානම සහිත උපාය මාර්ගය ද එයම යයි කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ජූලියා ගොග් විසින් සකස් කරන ලද ආකෘතියකින් දැක්වේ.

“ඇත්තෙන්ම නරකම උපාය මාර්ගය කුමක්ද? අවදානමට ලක්විය හැකි සියල්ලන්ටම එන්නත් ලබා දෙද් දී වෛරසය පැතිරවීමට ඉඩ ඇති කිසිවකුට එන්නත් නොකිරීමයි” ගොග් මාර්ගගත ඉදිරිපත් කිරීමකදී කරුණු දක්වමින් පැවසීය.
එන්නත් ක්‍රමෝපායේ වෙනසක් ගොග් ඉල්ලා සිටින්නේ නැත. නමුත් ඇයගේ සොයා ගැනීම මගින් තහවුරු කරනු ලබන එක් කරුණක් ඇත: එන්නත් ලබාදීම ව්‍යාප්තවෙද්දී ආතුර සංඛ්‍යාවඅඩු කිරීමේ වැදගත්කමයි. “රෝග ව්‍යාප්තිය අඩුවිය යුතුයි. එසේ නොවුවහොත් අප වෛරසයේ නව ප්‍රභේදයක් නිපදවීමේ සැබෑ අවදානමක් ඇති කරනවා”යැයි ඇය New Scientist සඟරාව වෙත අදහස් දක්වමින් කියා සිටියි. “අප නොකළ යුතු දෙය නම් එන්නත් ලබාදීමේ වැඩ පිළිවෙළ අඩක් දුර යද්දී ආතුරයන්ගේ ගණන තව තවත් ඉහළ යාමට ඉඩ දීමයි. එය සැබවින්ම විනාශකාරී වනු ඇත. ”
ඊට ප්‍රතිවිරුද්ධ තත්ත්වයන් ගතහොත්, ආතුරයන් අතළොස්සක් පමණක් ඇති හෝ ආතුරයන් ඇත්තේම නැති රට වල වෛරසය පරිණාමය වීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. ඒ නිසා, ප්‍රභේදන පරිණාමය ගැන සලකද්දී, එන්නත් කිරීමේ අනුපිළිවෙල වැදගත් නොවේ.
ගොග්ගේ සරල ආකෘතිය, ප්‍රභේද හට ගැනීමේ අවදානම ද සැලකිල්ලට ගනිමින්ම එන්නත් ක්‍රමෝපායන්හි බලපෑම තක්සේරු කරන ප්‍රමුඛ ආකෘති අතරට එක්වේ. මෙම ආකෘතියේ දී, දැඩි ලෙස රෝගාතුර වීමට වැඩි ඉඩක් ඇති අවදානම සහිත පුද්ගලයින් ලෙස ද, වෛරසය පැතිරීමට වැඩි ඉඩක් ඇති “බෙදාහරින්නන්” ලෙස ද යනුවෙන් මුළු ජනගහනයම බෙදා වෙන්කොට දැක්වේ.

වෛරසයෙන් ‘ගැලවි’ නව ප්‍රභේදයන්(variants) හටගැනීමේ සම්භාවිතාව ආසාදිතවන එන්නත් ලාභී පුද්ගලයින්ගේ සංඛ්‍යාව මත සිදුවන්නේ යයි උපකල්පනය කෙරිණ. මන්දයත් මෙය සිදුවන සෑම අවස්ථාවකම එවැනි ප්‍රභේදයන් පරිණාමය වීමේ සුළු අවදානමක් පවතින බැවිනි.
ආකෘතිය සරල වුවත්, ගොග් සිතන්නේ අවදානමට ලක්විය හැකි අයට මුලින්ම එන්නත් ලබාදීම මගින් ඊනියා එන්නත් ප්‍රභේදනය වීමේ පීඩනය උපරිම කරනු ලබන්නේය යන පොදු නිගමනය නිවැරදි බවය. “ඔබේ දරුණුතම සතුරා වෙනුවෙන් දිගින් දිගටම් ලොතරැයි ටිකට්පත් මිලදී ගැනීම කරගෙන ගොස් ඔවුන් ලොතරැයිය දිනා ගත්තොත් පුදුමයට පත්වීම” තකතීරු වැඩක් බව ඇය පෙන්වා දෙයි.

කෙසේවෙතත්, බොස්ටන්හි ඊසානදිග විශ්ව විද්‍යාලයේ ඇලෙස්සැන්‍ද්‍රෝ වෙස්පිඥානි දරන්නේ මීට වනස් මතයකි: සම්ප්‍රේෂණයවීමේ වැඩි හැකියාවක් ඇති කළ හැකි B.1.1.7 ප්‍රභේදය ගෝලීය වශයෙන් වැඩි රෝගීන් සංඛ්‍යාවක් ඇති කරද් දී අපේ අවධානය යොමු විය යුත්තේ අවදානග්‍රාහී පිරිස් එන්නත්කිරීම කෙරෙහිම යයි ඔහුකියයි “අපට දැන් කටයුතු කරන්න සිද්ධවෙලා තියෙන්නේ වේගයෙන් ඉදිරියට යන ප්‍රභේදයක් සමඟයි” හෙතෙම පෙන්වා දෙයි, “දුර අනාගතයේ සිදුවන දේවල් වලට වඩා ඉදිරි මාස දෙක තුන තුළ මරණ වළක්වා ගැනීම ගැනයි අප සිතා බැලිය යුත්තේ.”
“හොඳම එන්නත් ක්‍රමෝපාය පිළිබඳව අපට පැහැදිලි පිළිතුරු ලබා දීමට හැකි ආකෘති සඳහා වුවමණා (අප තවම නොදන්නා) තව බොහෝ දේ ඇත” වෙස්පිඥානි පවසයි. නිදසුනක් වශයෙන්, එන්නත් කරන ලද පුද්ගලයින්ට ආසාදනය කිරීමට වැඩි ඉඩක් ඇති ප්‍රභේදයන් පරිණාමය වුවද, ඒවායින් ඇතිවිය හැක්කේ මද රෝග තත්ත්වයන් පමණි.
එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වැනි රටවල් විසින් සිදුකිරීමට සැලසුම් කර ඇති පරිදි, ධනවත් රටවල් විසින් ඔවුන්ගේ මුළු ජනගහනයටම එන්නත ලබා දෙන තෙක් එන්නත් ගොඩගසා තබා ගැනීමට වඩා ජනගහන සංඛ්‍යාව මත පදනම්ව ලොව පුරා සාධාරණ ලෙස එන්නත් බෙදා හරිනු ලැබුවහොත් කුමක් සිදුවේදැයි වෙස්පිඥානි සහ ඔහුගේ සගයෝ පසුගිය වසරේ සංසන්දනාත්මක්ව ගණනය කර බැලූහ. සමානාත්මතාවය පදනම්කරගෙන බෙදා හැරීම සිදු කරන්නේ නම් ගෝලීය වශයෙන් සිදුවන මරණ සංඛ්‍යාව දළ වශයෙන් අඩකින් අඩුවනු ඇතැයි පර්යේෂකයෝ සොයා ගත්හ.
New Scientist(March 13 – 19) හී පළවන Vaccinating the vulnerable first may be a flawed strategy යන ලිපිය ඇසුරෙනි