කම්පනයට පත්වීමෙ, ඔරොත්තු දීමේ සහ යළි නැගීසිටීමේ වසරක්: වසංගතය සියල්ල වෙනස් කළ ආකාරය
2019 දෙසැම්බරයේ චීනයෙන් අහන්නට ලැබුණු නව කොරෝනා වෛරසය ගෝලිය මහා වසංගතයක්(pandemic) බවට පෙරළී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ 2020 මාර්තුවේ දීය. ගෙවී ගිය වසර තුළ සිදුවූයේ කුමක් ද? ඊට පිළිතුරු වශයෙන් අප බොහෝ දෙනෙකුට කිව හැකිව ඇත්තේ, මේ මහා අභියොගයට මුහුණ දීමට සෞඛ්ය අංශ, විද්‍යාඥයන් සහ පර්යේෂකයන්, දේශපාලඥයන්, පාලකයන් හා වෙනත් බලධාරීන් ගත් ප්‍රයත්න ගැන අවබෝධයක් තිබෙන බවයි. ඒවායින් කියැවෙන්නේ මානව සමාජයන් වශයෙන් අප ඊට මුහුණ දීමෙදී ඉස්මතුවූ අභියෝග හා ඒවාට විසදුම් සොයන අතරතුර අපලත් සාර්ථකවත්වයන් මෙන්ම අසාර්ථකවත්වයන්, සමාජයන් වශයෙන් අපට විඳීමට සිදුවූ ගැහැට සහ ඉන් ගොඩ ඒමට ගත් උත්සාහයනාදිය යයි.
ඒත් එකක් පැහදිලිය. ගෙවී ගිය වසර තුළ සියල්ල වෙනස් විය. සමහරක් වෙනස්කම් විශාල විය, දැඩිය. තවත් සමහරක් සියුම්ය. නමුත් අප සෑම කෙනෙකුටම වසංගතය අපටම සැබෑ වූ මොහොතක් තිබුණි. එතැන රැඳී තිබෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ කතන්දරයයි.
ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත, සිය පාඨකයින්ට වසංගතය දැනිනු ආකාරය සහ ඔවුන්ගේ ජීවිත ඉන් බලපෑමට ලක්වූ ආකාරය ගැන සොයා බලීමක් සිදු කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් දෙදහසකට ආසන්න පිරිසක් ඔවුන්ගේම වචන වලින් කල විස්තර එම පුවත් පත මගින් සුළු සංස්කරණයකට ලක්කොට සංක්ෂිප්තව දක්වා තිබේ. ඒවා කාලය හරහා යන ගමනක් සේ සැලකිය හකිය.
අද thathu.com ලිපිය වෙන්වෙන්නේ ඒ ජනතා හඬ තුළින් මහා වසංගතය විග්‍රහ කර බැලීමටයි.

එය කම්පනය හා ඔරොත්තු දීමේ වසරකි කිසිවෙකු බේරී නැත, නමුත් සමහරු අනෙක් අයට වඩා බොහෝ බරක් දරා ඇත.
අප සෑම කෙනෙකුටම වසංගතය අපටම සැබෑ වූ මොහොතක්, අපටම දැනී ගිය මොහොතක් තිබුණි. මේ ඉන් කිහිපයක් …
මම මහ පාරේ අවිදගෙන යද්දී, වැසිකිලි කඩදාසි ගොන්නක් පොදි බැඳ ගෙන යන නන්නාඳුන කාන්තාවක් දැක්කහම එයා කොහෙන්ද ඒවා සොයා ගත්තේ කියලා කිසිම පැකිළීමක් නැතුව කෙළින්ම එයාගෙන් අහපු මොහොත…
–බොස්ටන්හි 53 හැවිරිදි Heidi Fliegauf
හරිහැටි ඇවිද ගන්නවත් බැරි මගේ සිඟිති මුනුබුරා, ජංගම දුරකතනයේ තිරය හරහා මට බ්ලූබෙරි (නිල් බදරිය) ගෙඩියක් කවන්න උත්සාහ කළ වෙලාව.
— නිව් යෝක්, රොසෙන්ඩේල් හි 74 හැවිරිදි Alice Gilgoff
මිනිස්සු ගැවසෙන්නේ නැති හරියක මගේ දරුවාව ටිකක් හුළං ගැහෙන්නත් එක්ක එළිපහළියට ගෙනියන්න සොහොන් පිට්ටනිය හැර වෙනත් තැනක් ගැන හිතා ගන්න බැරිවුණාහම
— නිව් යෝක්, කුවීන්ස් හි 44 හැවිරිදි Ellie Dunn
අමුත්තන් පැමිණීම අළුතෙන් සීමාකිරීම නිසා මගේ ස්වාමිපුරුෂයාට මාව බලන්න එන්න බැරි බව දන්නලා පිළිකාවට දෙන කීමො තෙරපි(රසායනික චිකිත්සාව) ප්‍රතිකාරයේ දෙවන වටය පටන් ගන්න ඉස්සරින්දා රාත්තිරියේ මට කෝල් එකක් ආ වෙලාවේ
— මිනියාපොලිස් හී 34 හැවිරිදි Amelia Hartman
අපේ ප්‍රාන්ත විනිසුරුවරයා ආණ්ඩුකාරවරයා සමඟ එකට ඉන්නවා රූපවාහිනියෙන් දැකීම. ඒ වෙලාවේ තමයි මට තේරුම් ගියේ, දේවල් වෙනස් වෙන්න යන බව. විශේෂයෙන්ම අපේ කුඩා නගරයේ තත්වය වෙනස් වන බව.
— කෙන්ටකි, සින්තියානා හී 41 හැවිරිදි Stevi Grose
මගේ සේවාදායකයින්වන ඇල්සයිමර් රෝගින් සමඟ තවදුරටත් විනෝද චාරිකා යන්න, ආහාර පාන ගන්න, සින්දු කියන්න නැත්තං විනෝද ක්‍රීඩා කරන්න බැරිලු. ඒ කියන්නේ මගෙ පඩිපතටත් හෙනහුරා ඇඬුවා කියන එකයි. කාංසාව ලිහිල් කරගන්න වගේම තනිකම සහ නොමනා වරදකාරි හැඟීම මගහරවා ගන්න මම දිගු දුරක් ඇවිදීම ආරම්භ කරා.
— වොෂිංග්ටන්, වැෂොන් දූපත් හී 64 හැවිරිදි Janice Randall
මැඩ්රිඩ් හි හිම ක්‍රීඩා සඳහා තිබෙන අපගේ ප්‍රියතම මධ්‍යස්ථානය මෘත ශරීරාගාරයක් ලෙස භාවිතා කරන්න පටන් ගත්තහම.
— මැඩ් රිඩ් හී 42 හැවිරිදි Joni Costello

මා අධීක්ෂණය කරන ආහාර පැන්ට්රියේ අවශ්‍යතාවය එකපාරටම වගේ සියයට 350 කට වඩා වැඩිවුණහම.
— ෆ්ලොරිඩා, කේ ලාගෝ හී 26 හැවිරිදි Natalie Nites
සෑමදාමත් එකම ඇඳුම් කට්ටලය ඇඳගෙන, පෙනෙන, පෙනෙන සෑම දෙයක්ම අතුගා දැමීමට පටන් ගත් විට
— කැලිෆෝනියාවේ, බ්‍රෙන්ට්වුඩ් හී 59 හැවිරිදි Jolene Conder
මම අපේ මිණිබිරියට පිටු හයක ලිපියක් ලිව්වා, අපි එකට කාලය ගත කළ ආකාරය සහ මට ඇයව ආයෙත් කිසිදාක නැවත දැක ගැනීමට නැතිවුණොත් එය මට කොහොම දැනෙයි ද යන්න ගැනත් හිතා බලලා විස්තර කරලා.
— මැසචුසෙට්ස්, රොක්පෝට් හී 71 හැවිරිදි Virginia Graves
මට තවදුරටත් මගේ තාත්තාගේ ගෙදරට යාමට නොහැකි වූ විට. (මගේ දෙමව්පියන් දික්කසාද වී ඇත.)
— ටෙනෙසි, ක්ලාක්ස්විල් හී 15 හැවිරිදි Elizabeth Knight
දින නියමයක් නොමැතිව පාසල් වසා දැමූ විට. ගුරුවරයෙකු වශයෙන්, එය සැබවින්ම විකාර රූපී අත්දැකීමක් වුණා.
— ගොර්ජිය, මාරියෙටා හී 43 හැවිරිදි Robin Freeman
ඒ වනවිටත් මගේ පළමු දරුවා බිහි කර පැය 24 ක් ගත වෙලා නොතිබුණත් ගෝලීය වසංගතය පුරාවටම යථාර්ථය කියලා මට දැනුණු දේ තමයි රෝහල් ඇඳේ වැතිර සිටගෙන අඬ අඬා දුකින් ඉන්න එක. මොකද, මගේ කුළුදුල් දරුවා උපදෙද් දී මා එක්ක ඉන්න එක්සත් ජනපදයේ සිට එන මගේ අම්මාට ටොරොන්ටෝ ගුවන්තොටුපළ හරහා පැමිණීමට කැනේඩියානු දේශ සීමානිලධාරීන් ඉඩ නොදෙන බව මගේ අම්මා මට දුරකථනයෙන් පැවසුවා.
— ටොරොන්ටෝ හී 27හැවිරිදි Kelley Sykes
විවාහ ගිවිසගත් මගේ එවකට පෙම්වතියට තාවකාලිකව හදිසි නිවාඩු යන්න වුණොත්(furlough) අපේ විවාහයත් නැතිවෙලා ගිහින්, එයාට සෞඛ්‍ය රක්ෂන ආවරණය අහිමිවෙයි කියලා බයට දිවා ආහාරය විවේකයේ දී උසාවියට ගිහින් විවාහ වෙන එක හැර කරන්න දෙයක් නැති බව අපට තේරුම් ගියහම.
— නෑශ්විල් හී 28 හැවිරිදි Alex Herrin
මගේ චූටි දූ පැලෝමා 2020 මාර්තු 11 වන දින උපන්නා. අපේ පවුලේ බොහෝ දෙනෙක් මගේ චූටි කෙලි පැටික්කිව තවම මුණගැහිලා දැකබලා ගන්න ලැබිලා නැහැ.
— ඔස්ටින් හී 33 හැවිරිදි Clary Montgomery
මගේ විද්‍යාල උපාධි ප්‍රදාන උත්සවය අවලංගු කළ වෙලාවේ, පළමු පරම්පරාවේ විශ්ව විද්‍යාල සිසුන් බොහෝ දෙනෙකු වගේ, මගේ දෙමව්පියනුත් මා වෙනුවෙන් සෑම දෙයක්ම කැප කර කරමින් අපේක්ෂා කල පරිදි උපාඪි සහතිකේ ගන්න මා එම වේදිකාව හරහා ඇවිද ගෙන යනව දැකීමට නොලැබෙන බව පිළිගැනීම මගේ හද කම්පා කරවන්නක් වුණා.
— උතුරු කැරලිනාවේ, චාලට් හී 22 හැවිරිදි Gabby Gil
අපට අපේ දරුවාගේ පළමු උපන්දින සාදය අවලංගු කිරීමට සිදුවුණහම
— නිව් යෝක්, බෲක්ලින් හී 36 හැවිරිදි Megan Denniston

මගේ උපාධිය ලබාගනීම මගේ ගේ පිටිපස්සේම කරන්න වුණා කිව්වහම අමුතුවෙන් තවත් දේවල් කියන්න ඕන නැහැනෙ
— බොස්ටන් හී 22 හැවිරිදි Julia Klopfer
සහභාගිවුණේ දෙමව්පියො විතරක් වුණත් එක සෙනසුරාදාවක විවාහ කාර්යාලයක දී අපි සතුටින් විවාහ වුණා ඊට දවස් හතකට පස්සේ මගේ ආච්චි අවමංගල්‍ය උත්වසයකින් තොරවම මිය ගියා.
— මිනසෝටා, සෙන්ට් පෝල් හී 26 හැවිරිදි Emma Johnson
බිරිඳ, වසරක් තිස්සේ පියයුරු පිළිකාව සමග පොර බදා ඒකෙන් ජය ගත්තත් අගෝස්තු මස අවසානයේදී බිරිඳ කෝවිඩ් රෝගයට ගොදුරු වූ අතර පිළිකාව නැවත පැමිණියා. ඇය සැප්තැම්බර් 14 වන විට මෙලොව හැර ගියා. ජීවිතයේ මගේ ආදරය සහ මගේ හොඳම මිතුරිය අහිමි වීම නිසා මට සෑම දෙයක් ගැනම උනන්දුව නැති වෙලා ගිහින්.
— නිව්යෝක්, ෆිෂ්කිල් හී 62 හැවිරිදි Michael Boyajian
මගේ තාත්තා වකුගඩු අකර්මණ්‍ය වීම නිසා ගිලාන සත්කාර නිවාසයකට ගියා. තාත්තාගේ සැබෑ හෙද සේවකයන් බවට පත්වුනේ ස්වාමිපුරුෂයායි, මමයි. තාත්තා අප්‍රියෙල් 16 වැනිදා මිය ගියත්, සොහොන් පිටියේ මෙහෙයට සහභාගීවෙන්නත් හැකිවුණේ අපි දෙන්නටම විතරයි.
— ඔරිගන්, ලේක්හී 63 හැවිරිදි Michael Hawkins
මා කළ රැකියාව තවදුරටත් මට හිමි නැති බව දැනගත් විට
— වර්ගීනියා, ආලින්ග්ටන් හී 38 හැවිරිදි Jamie Harbeck
මම රැකියා නොමැත්තන් පිළිබඳ හුදු සංඛ්‍යාලේඛනයක් පමණක් බවට පත්ව ඇති බව දැනගත් විට.
— නිව් යෝක්, ට්‍රෝයි හී 41 හැවිරිදි Amy Goggin
වැඩ නැති නිසා අපගේ සියලුම සේවකයින් සේවයෙන් ඉවත් කිරීමට සිදු වූ විට. කිසිදු සිදුවීමක් නැහැ කියන්නේ කිසිදු ආදායමක් නැහැ කියන එකමයි. අපි කොරොනා දුම්වැටි ඉරුවා. අපි හිනා වුණා. අපි ඇඬුවා. අපි හිතුවා මේක වැඩි කල් පවතින්නේ නැහැ කියලා. ඒත් ඔවුන්ගෙන් අඩක් පවා ආපසු බඳවා ගැනීමට අපට තවමත් හැකි වෙලානැහැ.
— ෆ්ලොරිඩා, ඕලන්ඩෝ, ට්‍රෝයි හී 50 හැවිරිදි Katwyn Liberti
මම අපේ රෙදි සෝදන කාමරයට වෙලා දුරස්ථව වැඩ කිරීමට පටන් ගත්තහම.
— දකුණු ඩැකෝටාවේ, සියොක් ෆෝල්ස් හී 42 හැවිරිදි Brady Fopma
මගේ දියණියට නොපෙණී සැඟවීලා ඉන්න ඕන නිසා නාන ඔරුවට වෙලා දුරකතන ඇමතුම් ලබා ගැනීම.
— ඔන්ටාරියෝ, බර්ලින්ග්ටන් හී 35 හැවිරිදි Elis Hackmann Pereira
මගේ රෝහලේ කොවිඩ් දැඩි සත්කාර ඒකකයේ රතු දොර හරහා ඇවිද ගිය මොහොත. ඒ වෙලාවේ රෝගීන් 10 ක් පමණ හිටියා. බොහෝ දෙනෙක් මුහුණින් තලවෙලා හිටියේ. ඉන් බොහෝ දෙනෙක් දිගටම රුධිර කාන්දු පෙරීම(dialysis) සිදු කරන අය. මට එකපාරටම හුස්ම ගන්න බැරුව වගේ ගියා. එය, මං පැළඳගෙන හිටිය N95 මුහුණ ආවරණය නිසාද නැතිනම් තත්වයේ බරපතලකම නිසාදැයි මම දන්නේ නෑ.
— ඩලාස් හී 24 හැවිරිදි Mary Keckeisen
“මෙහේ තියන ඕගොල්ලන්ගේ පෞද්ගලික දේවල් ඔක්කෝම ගෙදර අරගෙන යන්න. ඔබේ ලොකර් හිස් කරන්න. මොකද, ඕගොල්ලන්ට ආයෙත් මෙහෙ එන්න වෙන්නේ නැහැ” කියලා අපට දැන්වූ විට.
— ඉන්ඩියානා, කාමෙල් හී 16 හැවිරිදි Mary Keckeisen
මට උසස් පාසල් උපාධිය සම්පූර්ණ කරන්න ලැබුණේ නැහැ. මට කවදාවත් ජ්‍යෙෂ්ඨයන්ගේ නැටුම් සාදයට සහභාගී වෙන්න ලැබුණේ නැහැ. විශ්ව විද්‍යාලයට යාමට පෙර මගේ හොඳම මිතුරන්ට හරියාකාරව සමු දෙන්නට මට බැරිවුණා. මට වුණේ සාමන්‍ය තත්ත්වයට සමුදෙන්න. මට වුණේ ළමාවියට, බරපතලකමක් නොදැනෙන ළමාවියේ සතුටට සමුදෙන්න.
— පෙන්සිල්වේනියාවේ, කෙනට් චතුරශ්‍රයේ 19 හැවිරිදි Jess Sauer

මගේ දීර්ඝ ජීවිත කාලයේදී කවදාවත් මගේ පල්ලියේ දොර මට වැසී තිබුණේ නැහැ. එය කළ යුතු නිවැරදි දෙය බව මා දැන සිටියත් මට දැනුණේ හැමදෙයක්ම මගෙන් ඈත් කර දමා ඇති බවකුයි.. වසංගත කාලය ගෙවාගන්න මට උදව් වුණේ මේ ටයිල් එක තමයි.
— උටා, රිවර්ටන් හී 84 හැවිරිදි Lynn Hoins
ලෝකයේ පිටත හිස් බවක් මට පෙනෙන්න පටන්ගත් විට. එය වෙළඳසැල්වල හිස් රාක්ක වෙන්න පුළුවන් නැත්තං කිසිදු මිනිස් පරාණයක් නැති සාමාන්‍යයෙන් ජනාකීර්ණ දුම්රිය ස්ථානයක් වෙන්න පුළුවන්.
— ශිකාගෝ හී 30හැවිරිදි Daya Devanathan
දැඩි නිහැඬියාව! අසල්වැසියන් වැඩට යන විට නැගෙන කාර් එන්ජින් හඬ. ස්කූටර්වල කීරි ගැහෙන හඬ. ළඟ පාත පාසල වෙත ළමයි ඇවිදින ගෙන යන විට හැමදාමත් ඇහෙන ළමයින්ගේ කිචිබිචි හඬ. අපේ කාර්ය බහුල දෛනික ජීවිතයේ සුපුරුදු හඬවල් ඔක්කෝම දන්නේම නැතුව අතුරුදන්වෙලා.
— මැසචුසෙට්, ආලිංග්ටන් හී 68 හැවිරිදි Jennifer Jacoby
ඊයේ අපේ මුණුබුරු මිණිපිරියෝ රාත්‍රිය ගත කරලා ගියේ මෙහෙ, අපේ ගෙදර අපි එක්කයි. එවේලේ ඉඳන් මම ඒගොල්ලන්ගේ ඇඳ උඩ වැතිරිලා අඬමිනුයි ඉන්නේ.
— වොෂිංග්ටන්, එඩ්මන්ස් හී 64 හැවිරිදි Stephanie Schuler
මගේ පුතා ඉපදුණා. අපි වැඩිමහල් පුතාව පාසලෙන් ගෙදර එක්කරගෙන ආවා. දිනපතා සංත්‍රාසය රජ කරනවා.. පශ්චාත් ප්‍රසව කාංසාව(Postpartum anxiety ) මගේ මුළු ජීවිතයම වෙලාගෙන. —
— කොලරාඩෝ, ඔරෝරා හී 35 හැවිරිදි Megan Leder
මත්පැන් පානය කිරීමෙන් රෝගාතුරව සුවය ලබමින් සිටින්නෙකු ලෙස, මගේ ස්වාමිපුරුෂයා මාස 10 ක් පමණ සුරාවෙන් ඈත්ව හිටියා. මාර්තු මාසයේදී සියලුම කණ්ඩායම් රැස්වීම් අවලංගු කෙරුණා. ඔහු මාස එකහමාරක් පමණ තවදුරටත් වැළකිලා හිටියා. නමුත් හුදකලාව දරාගත නොහැකි තරමට වැඩි වුනා. දන් අපිට ආයේමත් එයාගේ සුරාලෝලිත්වයේ පීඩාව දරාගන්න වෙලා.
— ෆ්ලොරිඩා හී 66 හැවිරිදි Kathy
සාමන්‍යයෙන්, සිනහවෙන්, සතුටින් හා කෙළිදෙලෙන් කල්ගෙවන මගේ 10 හැවිරිදි පුතාට නිතර නිතර භීතිය, සංත්‍රාසය ඇතිවීමට පටන් ගත් විට. මරණය ඔහු වට කරගෙන තිබුණා. මට ඔහුව සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර ගන්න බැහැ. යමෙකුගේ දෙමව්පියන් අතිනුත් මේ ආකාරයෙන් අතපසුවීම් සිදුවෙන බව තේරුම් කර දීමට තරම් අවුරුදු දහයක් කියන්නේ මොන වයසක් ද?
— මැසචුසෙට්, වින්චෙස්ටර් හී 46 හැවිරිදි Carey Sue Barney
පූර්වාරක්ෂාව ගැන දැනුවත්ව, හැකි තරම් ආරක්ෂිත ආකාරයෙන් හැසිරුණත් මට කොවිඩ් වැළඳුනා. එදා දවසේ ඉතිරිකාලය මම ගතකරේ අඬා වැලපෙමිනුයි. මට හරිම අසරන ගතියක් දැනුණා..
— විසශොන්සින්, මැඩිසන් හී 20 හැවිරිදි Kelley Schlise
මම භයානක රෝග ලක්ෂණ වලින් සුවය ලබමින් මාසයක් ගත කළේ, මගේ වයස් පරාසය තුළ අධික රුධිර පීඩනයෙන් පෙළෙන මා වැනි අප්‍රිකානු-ඇමරිකානුවන් මිය යන අන්දම දැක්වෙන වාර්තා දිනපතා නරඹමින්. මම ජීවත් වෙන්නේ තනියම. ඒ නිසා මට රෝගය සමග තනිවම පොරබදන්න, සුවය ලැබීමට තනියම උත්සාහ කරන්න සිද්ධවෙලයි තියෙන්නේ, තනියම මැරෙන්න සිද්ද නොවේවා යයි ප්‍රාර්ථනා කරමිනුයි.
— උතුරු කැරලිනා, නිවෝක්හී 49 හැවිරිදි Kimwa Walker
රෝද ඇඳේ තියාගෙන මාව ඉස්පිරිතාලේ හදිසි ප්‍රතිකාර අංශයට ගෙනියද්දී මම මගේ ආදරබර ස්වාමිපුරුෂයාටට සැහැල්ලුවෙන් සමුදුන්නේ මට හැදිලා ඇත්තේ බ්‍රොන්කයිටිස් හෙවත් ශ්වසනාලිකා ප්‍රදාහය කියලා හිතාගෙනයි. එත් එය කොවිඩ් -19 බව අනාවරණවුණා. ඉතින් තහඩු වීදුරු දොරක් හරහා හැර ආයෙත් මට එයාව මාස පහහමාරක් යනතුරු නැවත දකින්නේ ලැබෙන්නේ නැහැ.
— ෆ්ලොරිඩා, කිසිම්මී හී 73 හැවිරිදි Kathy Glascott.
මේරිලන්ඩ්හි සිටි ජවයෙන් සහ නිතර ප්‍රීතිප්‍රමෝදයෙන් කල් ගතකළ මගේ මිත්තණියගේ නැන්දණිය කොවිඩ් රෝගයට ගොදුරු වූ විට, පසුව එක්සත් ජනපදයේ සිටිඇගේ සහෝදරයා සති දෙකකටත් අඩු කාලයකදී ඊටම ගොදුරුවූ විට සූම් තාක්ෂණය යොදාගෙන සිදුකළ ඇගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම මුළුමනින්ම අතථ්‍ය අත්දැකීමක්
— නිව් ජර්සී, නෙවාර්ඛි හී 36 හැවිරිදි Kimberly Parkinson-St. Jean
මගේ පියා ‘එය’ වැළඳීමෙන් සමුගත් විට.
— ක්ලීව්ලන්ඩ් ප්‍රදේශයෙහී 47 හැවිරිදි Molly McLaughlin
මගේ පුතා 2020 මැයි මාසයේදී නිව් යෝර්ක් නගරයේ මිය යන විට. ඔහුගේ වයස අවුරුදු 54 කි.
— නිව් යෝක්, මෙරික් හී 83 හැවිරිදි Robert Castro
මගේ නැන්දා මැරුණා. කොවිඩ් හේතුවෙන් කනෙක්ටිකට් හි වාර්තා වූ 34 වන කොවිඩ් මරණය එයයි. කෝවිඩ් කියන්නේ (අපට නැතුව) “වෙනත් මිනිසුන්ට” පමණක් ඇති වන රෝගයක් නොවන බව මා දැනගත් දිනය එයයි.
— ටෙන්නෙසි, කින්ග්ස්පෝට් හී 62 හැවිරිදි Bill Wight

ඒ තමයි අවසන් වරට මම මගේ පියාගේ අත අල්ලාගෙන සිටි අවස්ථාව.
— ඉඩාහෝ, බොයිස් හී 52 හැවිරිදි Lisa Dean-Erlander
කලින් ද කීවා සේ එය කම්පනය මෙන්ම ඔරොත්තු දීමේ වසරකි. කිසිවෙකුත් බේරී නැත, නමුත් සමහරු අනෙක් අයට වඩා බොහෝ බරක් දරා ඇත.
New York Times පළවූ A Year of Trauma and Resilience: How the Pandemic Changed Everything යන ලිපිය ඇසුරෙනි