පෘථිවි හෙලිකොප්ටරයක්  ඉතිහාසයේ ප්‍රථම වරට ලබන මස මුල අඟහරු අහසේ පියාසර කරයි

Posted by

පෘථිවි හෙලිකොප්ටරයක්  ඉතිහාසයේ ප්‍රථම වරට ලබන මස මුල අඟහරු අහසේ පියාසර කරයි

Ingenuity  යනුවෙන් නම කර ඇති මේ ඩොලර් මිලියන 80 ක කුඩා හෙලිකොප්ටරය (කිලෝග්‍රෑම් 1.8) අඟහරු ග්‍රහයා වෙත ගමන් කළේ  Perseverance රෝවර යානයේ  නැගීගෙනය. හෙලිකොප්ටරයේ පළමු ගුවන් ගමන ලබන මස මුලදී සිදු කිරීමට නියමිත නමුත් එය අප්‍රේල් 8 ට පෙර සිදුවීමට ඉඩකඩ් අඩු යයි නාසා හි ජෙට් ප්‍රචාලන පර්යේෂණාගාරය  (NASA’s Jet Propulsion Lab (JPL) ප්‍රකාශයට පත් කළේය. එය සාර්ථක වුවහොත්, වෙනත් ග්‍රහලෝකයක් මත් මිනිසා තනූ,  බලශක්තියෙන් සිදුකෙරෙන පළමු පාලිත  පියාසර කිරීම  එය  වේ.

Mars 2020 Perseverance Rover - NASA Mars
Perseverance rover on Mars
Mars Helicopter - NASA Mars
Mars Helicopter

Perseverance  රෝවරය පෙබරවාරි 18 වන දින අඟහරු මත ගොඩ බැස්සවීය. ඉන් පසු Ingenuity කණ්ඩායම හෙලිකොප්ටරයට ආරක්ෂිතව අඟහරු ක්‍රියා කළ හැකි පැතලි හා උපද්‍රව රහිත ‘ගුවන් තොටුපලක්’ සඳහා අවට භූමිය පරීක්ෂා කළේය. රෝවරයට උතුරින් මීටර් 10 ක සම චතුරශ්‍රාකාර බිම් කැබැල්ලක් අදාල කාර්ය සඳහා බෙහෙවින් යෝග්‍ය බව ඉතා ඉක්මනින් පැහැදිලි වි යයි Jet Propulsion Lab –JPL හි Ingenuity  ප්‍රධාන නියමුවා වන හේවර්ඩ් ග්‍රිප් පවසයි. රෝවරය මේ වන විට ගුවන් තොටුපලේ මැදට ධාවනය වන අතර දින කිහිපයකින් එහි පැමිණිය යුතුය. එවිට හෙලිකොප්ටරය උදරයේ ලැගුම්ගෙන සිටින Ingenuity  හෙලිකොප්ටරය සේවය සඳහා යෙදවීමට දින 6 ක් පමණ ගත වේ. අවසාන වශයෙන්, හෙලිකොප්ටරයේ පාද මතුපිට සිට සෙන්ටිමීටර 13 ක් ඉහළට ඔසවා තැබීමෙන් පසුව Perseverance රෝවරය හෙලිකොප්ටරය පහත හෙළන අතර, දිනක් ඇතුළත එතැනින් ඉවත් වෙනු ඇත. සූර්ය පැනලයට සූර්යාලෝකයට නිරාවරණය වීමට පෙර Ingenuity   ගත් කළ  හැක්කේ එක්අඟහරු රාත්‍රියක් පමණි.

එවිට, Perseverance රෝවර් යානය  සිය විද්‍යා මෙහෙයුම නැවත ආරම්භ කිරීමට පෙර  Ingenuity යානයට ක්‍රියාත්මක වීම සඳහා අඟහරු මත (අඟහරු) දින 30 ක් හිමිවේ. සේවයට යෙදවීම ආරම්භවීමෙන් පසුව සති 1 ක් තුළ, චොපරය සිය මෝටරය පරීක්ෂා කර ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වන එහි මීටර් 1.2 ක තල යුගලය ‘සොලවා’ බලනු ඇත.  අනතුරුව,  හොඳ කාලගුණ අනාවැකියක් ලැබුණොත්, එය ගුවනට ඉස්සෙනු ඇත, එහි තටු විනාඩියකට  2537 ක වේගයෙන් කැරකෙන  අතර මීටර් 3 ක් ඉහළට ගොස් සුළු හැරවීමක් සිදු කර තත්පර 30 කින් බිමට බසිනු ඇත.

NASA helicopter 'Ingenuity' will be 'first aircraft on Mars' - YouTube

එය ඇත්තවශයෙන්ම ඓතිහාසික අවස්ථාවක් වනු ඇත, අඟහරුගේ තුනී වායුගෝලය තුළ තබා   වෙනත් ග්‍රහලෝකයක  එවන් රොටර් යානයක් පියාසර කරන පළමු අවස්ථාව මෙය වේ. ඊට පසු, හෙලිකොප්ටර් කණ්ඩායම තවත් ගුවන් ගමන් හතරක් සැලසුම් කරමින් සිටියි.  මීටර් 60 ක් දුරට සහ මීටර් 5 ක් දක්වා ඉහළට පියාසර කලාපයක් දක්වා දිවෙන ගුවන් ගමනක්ද ඊට ඇතුළත්ය. මෙකි ගුවන් ගමනේ දී මඟ දිගේ අඟහරු මතුපිට ඡායාරූප ගත කෙරේ. මෙම ගුවන් ගමන් වල ප්‍රගතිය අනුව හෙලිකොප්ටරයට පිටතට පියාසර කර සාර්ථකව ආපසු ආ හැකි බව පෙණී ගියොත් භූමියේ සිට පාලන කටයුතු මෙහෙයවන විද්‍යාඥයින්ට  වඩාත් අභිලාෂකාමී වෙමින්  එහි අවසාන ගුවන් ගමන් දෙක සඳහා “එහි හැකියාවන් පුළුල් කිරීමට උත්සාහ කළ හැකිය” යැයි ග්‍රිප් පවසයි.

Ingenuity  පියාසර කරන අතර, Perseverance විද්‍යා කණ්ඩායම රෝවර් යානය ගොඩබෑමේ ස්ථානය අසල කලාපය පිළිබඳව තවදුරටත් විමර්ශනය කරනු ඇති අතර, ඔවුන් එම කලාපය නම් කළේ ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ කතුවර ඔක්ටේවියා ඊ. බට්ලර්ගේ (Octavia E. Butler) නමිනි. Perseverance  රෝවරයේ  විද්‍යාත්මක උපකරණ බොහොමයක් අසල ඇති පාෂාණ ඉලක්ක කරමින් ඒවායේ පළමු මිනුම් සිදු කර ඇත්තේය. අපේක්ෂා කළ පරිදි, ලාවා වලින් නිර්මාණයවී හා ජලය හේතුවෙන් විපරිත(වෙනස් වූ) පාෂාණවල පෙනුම ගැන විද්යාඥයින්ට යම් දැනුමක් ලැබී ඇති නමුත් ඒවා එතැනම් තැනූණු ඒවා ද, නැතහොත් ආවාටය පිරී තිබූ පුරාණ විලෙන් පසුව ඒවා තැන්පත් වූයේ ද යන්න තවමත් පැහැදිලි නැත. එම තොරතුරු දැනගැනීම ආවාටයේ දින වකවානු නිර්ණය කිරීමට උපකාරී වනු ඇත. Perseverance අතෙහි සවි කර ඇති උපකරණ පාෂාණ වඩාත්  සමීපව නිරීක්ෂණය කරන තුරු එම අභිරහස විසඳීමට අපහසුය, එහෙත් එම අවස්ථාව උදාවනුයේ Ingenuity ගුවන් ගමන් වලින් පසුවය.

ගොඩබෑමේ කලාපයේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය නම්, “කුට්ටි ගල් සෑම තැනකම තිබේය” යන්නය යඉ මෙහෙයුමේ ව්‍යාපෘති විද්‍යාඥ සහ කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ(California Institute of Technology (Caltech) ) භූ විද්‍යාඥ කෙන් ෆාර්ලි පවසයි. ඔහු මේ බව පැවසුවේ පසුගිය සතියේ පැවති චන්ද්‍ර හා ග්‍රහ විද්‍යා (the Lunar and Planetary Science Conference) සමුළුවේදීය. සමහර කුට්ටි ගල්(Boulders)  සුළඟින් මට්ටම් වී තිබේ. රෝවරය වටා ඇති  ආවාටයේ අඳුරු බිම් තට්ටුව ද අභ්‍යවවකාශයේ දී ගත් අනුරූපයන් දැක්වූවාට්ට වඩා භංග වී ඇති අතර පැහැදිලි කමෙන් ද අඩුය. මෙයින් අදහස් කරන්නේ පහළින් ඇති පාෂාණ සමඟ ඇති සම්බන්ධතාවය අධ්‍යයනය කිරීම සඳහා  කණ්ඩායමට සුදුසු අඩවියක්  සෙවීමට සිදු වන  බව යයි Caltech  ග්‍රහලෝක විද්‍යාඥයෙකු හා විද්‍යා කණ්ඩායමේ සාමාජික බෙතානි එල්මන් පෙන්වා දෙයි. මේ අතර, උසින් අඩු කඳුකරයේ පිහිටි ගල් පර්වත අභ්‍යවකාශයේ සිට පෙනෙන සුවිශේෂී කාබනේට් සංඥා සමඟ පෙලගැසී ඇති බවක් පෙනෙන්නට ඇතැයි  ඇය පවසයි. මෙයින් හැඟවෙන්නේ භූ දර්ශනය අවට භූමි ප්‍රදේශවලට වඩා රළු සහ සංසක්ත වීම නිස්සවෙන් ජීරණය වීමේ ක්‍රියාවලඉයට වඩාත් ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්ත බවයි.

NASA - Pathfinder's Rocky Terrain

හෙලිකොප්ටරයේ අවසාන ගුවන් ගමන් කිහිපය රෝවරයේ විද්‍යා ඉලක්ක සඳහා කොපමන  සහාය විය හැකිද යන්න මේ මොහොතේ  අවිනිශ්චිතය. ඒවා කෙසේ වුවත්, එහි බැටරි ක්‍රියා විරහිත වීම නිසා සහ ඉදිරි වසර දෙක තුළ පාෂාණ සාම්පල 20 ක් එකතු කර ගැනීමේ අටියෙනුත්,  ආවාටයේ දාරයට ලඟාවීම අටියෙනුත් රෝවරය කැනීම් කටයුතු ආරම්භ කරන බැවින් සන්නිවේදන සංඥා ද නැති වී යද්දී Ingenuity අවසානයේ අඟහරු මත අතහැර දමා ඒමට සිදුවෙනු ඇත.  නමුත් අතහැර දමා එන ස්ථානයේ  ස්මාරකයක් බවට පත්වන තනියට තවත් වැදගත් සමරුවක් තිබෙන බව නාසා ආයතනය අනාවරණය කරයි. එනම් පෘථිවියේ ඉහළින් ගමන් කළ බලගැන්වූ පළමු  ගුවන් යානය වන  රයිට් සහෝදරයන්ගේ  යානයෙන්  ලබාගත් තැපැල් මුද්දරයක ප්‍රමාණයෙන් යුත් විරංජනය නොකළ  සිහිහි කපු රෙදි (මස්ලින්) කැබැල්ලකි. එය හෙලිකොප්ටරයේ සූර්ය පැනලයට යටින් ටේප් පටි තබා සවිකර ඇත.

AAAS Science (March 23) හී පළ වූ   In a first, NASA’s helicopter will fly over Mars next month යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.