ගෝලීය COVID-19 එන්නත් ප්රයත්නයන් සඳහා මාර්ගෝපදේශයක් II

Posted by

ගෝලීය COVID-19 එන්නත් ප්රයත්නයන් සඳහා මාර්ගෝපදේශයක් II

ඉතිහාසයේ වඩාත්ම බලවත් අභියෝගයක් හා ව්‍යසනයක් බවට පත්ව ඇති  Covid-19 ගෝලිය වසංගතය මර්ධනය කිරීමෙහි ලා ප්‍රධාන ක්‍රියා මාර්ගයක් වන්නේ එන්නත්කරණයයි. එන්නත් ගැන වැදගත්ම කරුණු එක තැනකින් දැන ගත හැකි මේ ලිපිය කොටස් දෙකකින් යුක්තයි. මේ දෙවැනි කොටස. මුල් කොටස සඳුදා පළවිය

මෙම ගෝලීය වසංගතය හමුවේ එන්නත් වැඩිදියුණුකිරීම වේගවත් වී ඇත්තේ කෙසේද?

සාමාන්‍ය තත්වයන් යටතේ, එන්නත් සංවර්ධනයේ අවධී අනුපිළිවෙලින් හෙවත් එක් අවධියකින් පසුව අනික් අවධිය ලෙස  සිදුවන අතර, විද්‍යාගාරයේ සිට එන්නතක් සෞඛ්‍ය සේවා සපයන්නන් අතට පත්වීමට සාමාන්‍යයෙන් අවුරුදු අටක් පහළොවක් ගත වන්නේ ය. මෙම වසංගතයට  පෙර මෙතෙක් එන්නතක වැඩිදියුණු කිරීම සඳහා ගත ව ඇති අඩුම්කා කාලය වසර හතරකි. කෙසේ වෙතත්, COVID-19 හට ගැනිමෙන් පසු, ලොව පුරා පර්යේෂකයන් ක්‍රියාවලිය වේගවත් කර ඇත.  ඒ, එන්නත් වැඩිදියුණු කිරීමේ අවධී එකවර සමගාමීව  සිදු කරමින් සහ නව එන්නත් තාක්ෂණයන් සොයා ගනිමිනි. මේ ගැන සඳහන්කරමින් ෆිලඩෙල්ෆියා ළමා රෝහලේ එන්නත් අධ්‍යාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පෝල් ඔෆිට් පවසන්නේ  “මම නම් හිතන්නේ අපේ ඇස්පනාපිට ඇති දේ විශිෂ්ටයි කියලයි. එය විද්‍යාත්මකව උත්කෘෂ්ට ජයග්‍රහනයක්.”


එන්නතෙහි නිෂ්පාදන ක්රියාවලිය

This image has an empty alt attribute; its file name is vaccine.jpg

* වේගවත් කාලරාමුවක් යටතේ, එන්නත වර්ධනය කරන  අවධීන් සමගාමීව සිදුකිරීම  හෝ අතිච්ඡාදනය හෝ වේ.

මූලාශ්‍ර: New York Times; Johns Hopkins University


එක්සත් ජනපද Warp Speed මෙහෙයුම් කාලරේඛාව  රැඳි තිබුණේ එන්නත සංවර්ධනයේ අතිච්ඡාදනය වන අදියරයන් මත ය; සායනික අත්හදා බැලීම් සිදු වෙමින් තිබියදීම ප්‍රබල  අපේක්ෂක එන්නත්  මහා පරිමාණයෙන් නිෂ්පාදනය ආරම්භ විය. ඔවුන්ගේ එන්නත් අනුමත කිරීමට පෙරම, දෙපාර්ශවය අතර එකඟතාවක් අනුව මෝඩනා සමාගමට ඩොලර් බිලියන 2.5 ක් Warp Speed  යටතේ ලබා දී ඇති අතර එයට මාත්‍රාවන් මිලියන සියයක් මිලදී ගැනීම ඇතුළත්ය. මේ අතර, සිය එන්නතෙන් මාත්‍රා මිලියන සියයක් නිෂ්පාදනය කර බෙදා හැරීම පිණිස  ෆයිසර් සහ බයෝ එන්ටෙක් ඩොලර් බිලියන 1.95 කොන්ත්‍රාත්තුවකට අත්සන් තැබීය (ෆයිසර් විධායක නිලධාරීන් කියා සිටියේ ඔවුන්ගේ එන්නත සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපද ෆෙඩරල් අරමුදල් කිසිවක් භාරගෙන නොමැති බවයි.) ජනාධිපති ජෝ බිඩෙන් බලයට පත්වීමෙන් සුළු කලකට පසු, ඔහුගේ පරිපාලනය මෙම සමාගම් වලින් තවත් මාත්‍රාවන් මිලියන සියයක් මිලදී ගත්තේය.

පර්යේෂකයන් මෙම ක්‍රියාවලිය වේගවත් කර ඇති තවත් ක්‍රමයක් නම් එන්නත් නිපදවීමේ නව ප්‍රවේශයන් කෙරෙහි අවධානය යොමු කිරීමයි. RNA- සහ DNA මත පදනම් වූ එන්නත් සාම්ප්‍රදායික එන්නත් වලට වඩා බොහෝ වේගයෙන් වැඩිදියුණු  කල හැකිය. සාම්ප්‍රදායික එන්නත් වර්ධනය කිරීමේ දී සත්ව හෝ කෘමි සෛල තුළ ප්‍රතිදේහජනක වර්ධනයට මාස ගණනක් අවශ්‍ය වේ.

When will the world be vaccinated against Covid-19? | News | Wellcome

COVID-19 ප්රතිකාර අපටඋපකාර කරන්නේ කෙසේද?

යමෙකු COVID-19 ආසාදනය වීම වළක්වා නොලන  නමුත් රෝගයේ බරපතලකම හා කාලසීමාව අඩු කිරීමට උපකාරී වන ප්රතිකාර දුසිම් ගණනක් සංවර්ධනය කර හෝ යළි අරමුණුගත කොට ඇත. ඒවා අතර එක්සත් ජනපදය පදනම් කරගත්  Gilead Sciences විසින් සංවර්ධනය කරන ලද ප්රතිවෛරස් ඖෂධයක්වන  remdesivir ද  වන අතර ඊට  FDA  අනුමැතිය ලැබී ඇත. එක්සත් ජනපදයේ, යුරෝපයේ සහ ආසියාවේ අඩවි දුසිම් ගණනක් සම්බන්ධ කර ගෙන  NIH අනුග්රහය ඇති remdesivir අත්හදා බැලීම මඟින් වේගවත් අනුපාතවලින්  වෛරසයෙන් යථා තත්ත්වයට පත්වීම් පෙන්නුම් කරන ලදී.

දරුණු ලෙස රෝගාතුර වූ එක්සත් රාජධානියේ COVID-19රෝගීන්ගේ මරණ අවදානම අවම කිරීම සඳහා සොයා ගන්නා ලද පොදු ස්ටෙරොයිඩ්යක් වන  dexamethasone භාවිතය පිළිබඳව සමහර සෞඛ්ය විශේෂඥයන් දක්වන්නේ සුභවාදී ආකල්පයක්ය. COVID-19 ප්රතිදේහ නිර්මාණය කළ කලින් ආසාදිත පුද්ගලයින්ගේ සංශක්ති ප්ලාස්මා හෙවත්  රුධිර ප්ලාස්මා හදිසි භාවිතය සඳහා FDA විසින් අවසර දෙනුලැබ ඇත. රෝගීන් දස දහස් ගණනක් අතරේ දැනටමත් ප්ලාස්මා පරිත්යාග භාවිතා කර ඇතත්, ප්‍රතීකාරයේ ඵලදායිත්වය නිර්ණය කිරීමට හැකි අන්දමේ විශාල, දැඩි අධ්‍යයන සිදු කොට නොමැත.

The COVID-19 vaccine race | Gavi, the Vaccine Alliance

ගෝලීය වසංගතය එන්නත් මගින් අවසන් කළ හැකිද?

හදිසි භාවිතය සඳහා එන්නත් කිහිපයක් අනුමත කර තිබෙණ පසුබිමක වුව ද, ලෝක ජනගහනයට ප්‍රමානවත් අන්දමින්   ඒවා සෑදීමේ දැවැන්ත අභියෝගය තවදුරටත් පවතී. නිෂ්පාදන ශාලා පුළුල් කිරීම සඳහා COVAX  සහ තනි තනි රජයන් ගේ  බහුපාර්ශ්වික මුලපිරීම් ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කළද, වර්තමාන ගෝලීය නිෂ්පාදන හැකියාවන් අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු ය. COVID-19 එන්නත් නිපදවීමේ හැකියාව ඇත්තේ රටවල් දුසිමකට පමණ ය.

මෙම කර්තව්‍යය එන්නත්  නිෂ්පාදනය ඉහළ නැංවීමට රටවල් පෙළඹ වීමට ඉවහල් වූවා පමණක් නොව, සීමිත එන්නත් සැපයුමක් මධ්‍යයේ රටවල් එකිනෙකට එරෙහිව තරඟ කාරී වීමට ද අබල පා ඇත. ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ එක්සත් ජනපදය ඇතුළු ධනවත් රටවල්  සිය රටවැසියනට අවශ්‍ය ප්‍රම්මණයටත් වඩා මාත්‍රා සපයා ගැනීමපිණිස ගිවිසුම් ගතව ඇති නමුත් අඩු ආදායම්ලාභී රටවලට ප්‍රතිශක්තිකරණය ලබා දිය නොහැකි නමුත් ඉදිරි මාසවලදී ඉන් සිදුවන්නේ අඩු අදායම් රටවලට සිය  පුරවැසියන්ගෙන් සුළු ප්‍රමාණයක් පමණක් එන්නත් කිරීමටය. බ්‍රසීලය, චීනය සහ ඉන්දියාව යන රටවල විශාල එන්නත් කර්මාන්ත ඇති අතර එමඟින් ඔවුන්ගේ එන්නත් සැපයුම් සමහරක් තමන්ගේ රටවැසියන් සඳහා වෙන් කර තබා ගැනීමට මග පෑදේ.

Centre for Foriegn Relations – CFR හි තෝමස් ජේ. බොලිකි ඇතුළු විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ එන්නත් සඳහා එකිනෙකා අතර ලංසු තැබීමේ අරගලවලට පිවිසීම හෙතුවෙන් එන්නත් සාධාරණව බෙදී යාම වළකින අතර අවසානයේදී අළුතෙන් කොවිඩ්  පැතිඅර්යාම් ඇතිවීමේ අවදානම තුරන් කිරීමට අපොහොසත් වෙන බවයි.. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් මෙයම  ප්‍රතිරාවය කරමින් කියා සිටින්නේ ගෝලීය ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් අනාරක්ෂිතව තබා ගැනීම “වසංගත විද්‍යාත්මකව ස්වයං පරාජයක්” ලබන්නක් බවයි. කෙසේ වෙතත්, ගෝලීය සහයෝගීතාව ඉහළ යාමේ සලකුණු ද දක්නට ලැබේ: සාධාරනව එන්නත් ලබා ගැනීම සහතික කරණු වස් ඉදිරි අවුරුදු දෙක තුළ COVAX සඳහා එක්සත් ජනපදයෙන් ඩොලර් බිලියන 4 ක් ද ඇතුළුව රටවල් හතක (G7) රටවල් ඩොලර් බිලියන ගණනක් කැප කර ඇත; සන්නද්ධ ගැටුම් පවතින ප්‍රදේශවල බාධාවකින් තොරව එන්නත් ලබා ගැනීම පිළිබඳ යෝජනාවක් ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරන ලදී.

මේ අතර කොරෝනා වයිරසයේ  නව ප්‍රභේද කිහිපයක් හේතුවෙන් වෛරසය සම්ප්‍රේෂණය වැඩි වීම,  COVID-19 ආසාදනය වී ඇති පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය අඩුවීම සහ දැනටමත් නිපදවා ඇති එන්නත් වල ඵලදායීතාවය අඩු කිරීම පිළිබඳව  විද්‍යාඥයන් සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ දැඩි සැලකිල්ලට ලක්වී ඇත.   ෆයිසර්, බයෝ එන්ටෙක් සහ මෝඩර්නා දැනටමත් නව ප්‍රභේද වලින් ආරක්ෂාව වැඩි කිරීම සඳහා අනුපූරක එන්නත් මාත්‍රා(booster shots) වැඩිදියුණු  කරමින් සිටී. Johnson & Johnson එන්නත  එක්සත් ජනපද අනුමැතියට පෙර ම එම සමාගම වාර්තා කළේ තම එන්නත මුලින් සිතුවාට වඩා මෙම ප්‍රභේදවලින් ඉහළ ආරක්ෂාවක් සපයන බවයි.

මෙම අභියෝගයන්ට අමතරව වේගවත් එන්නත් පිළිබඳ මහජනතාව දක්වන සැකසංකා ද සැලකිල්ලට ගත යුතුවේ.වේ. 2020 නොවැම්බරයේ සිදුකළ මත විමසීමක දී සමීක්ෂණයට ලක් කළ ඇමරිකානුවන්ගෙන් දළ වශයෙන් 40% ක් පවසා ඇත්තේ ඒ අවස්ථාවේ කොරෝනා වෛරස එන්නතක් ලැබුණොත් එය ලබා නොගන්නා බවයි. ඇමරිකානු මහජන සෞඛ්‍ය සංගමයේ විධායක අධ්‍යක්ෂ ජෝර්ජස් සී. බෙන්ජමින් පවසන්නේ “ඔබට මෙම එන්නත ලබා ගතහොත් කුමක් සිදුවේද ඒ වගේම එන්නත ලබා නොගතහොත් කුමක් සිදුවේද යන්න ගැන ජනතාවට අපි හරි හැටි පහදලා දීලා නැහැ කියලයි” යනුවෙනි, “මූලික වශයෙන් සැක සංකා ඇති විශල පිරිසකට ඒත්තු යන විදිහට අපි ඔය කතා දෙක හොඳට ගලපලා නැහැ.”

The Council on Foreign Relations(March 25th, 2021) වෙබ් අඩවියෙ හී පළ වූ A Guide to Global COVID-19 Vaccine Efforts   යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.