මහ පොළවේ නව විශේෂයන් සොයා ගැනීමට කැසකවන්නන්ට අත්වැලක්
පෘථිවියේ සියලුම ජීවීන් සිතියම් ගත කිරීමට හෙවත් අනුරූපණයට සම්බන්ධ පරිසරවේදීන් දැන් ඊළඟ පියවර වෙත පිවිස ඇත: අප විසින් සොයා ගනු ලැබීම පිණිස අප නොදන්නා, අපට අවබෝධයක් නොමැති ජීවීන් බලා සිටින්නේ කොතැනදැයි පුරෝකථනය කිරීමයි එම ඊළඟ පියවර. එහි ප්‍රථම අදියර වශයෙන්, ඔවුන් විසින් ජීව විවිව්ධත්වය බහුල ස්ථාන දැක්වෙන අන්තර්ක්‍රියාකාරී ‘සිතියමක්’ (මෙතැනින් පිවිසෙන්න) නිර්මාණය කර තිබේ. නව ක්ෂීරපායී, පක්ෂි, උරගයින් සහ උභය ජීවී විශේෂ සඳහා සරු විභවයන් සහිත විවිධත්වය ඉහළින් පවතින තැන් ඉන් පෙන්නුම් කෙරේ. ඔවුන්ගේ උත්සාහයන් පිළිබඳ වැඩි විස්තර Nature Ecology & Evolution සඟරාවෙහි දක්වා තිබේ.

“සාමාන්‍යයෙන් සංරක්ෂණ සැළසුම්කරණයේ දී, කළමනාකරණයේ දී සහ තීරණ ගැනීමේදී දැනට නොදන්නා විශේෂයන් අතහැර දමනු ලැබේ” යැයි පැරල්බාහි ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ පරිසරවේදියෙකු සහ ඉහත දක්වන ලද පර්යේෂණ වාර්තාවේ සම කර්තෘ මාරියෝ මෞරා පවසයි, “ලොව පුරා ජෛව විවිධත්ව සංරක්ෂණය වැඩිදියුණු කිරීමට අපට අවශ්‍ය නම්, එම් විවිධත්වයට අයත් විශේෂයන් පිළිබඳව අප වඩාත් හොඳින් දැන සිටිය යුතුය”.
පෘථිවි විශේෂවලින් 85% ක් තවමත් නිශ්චිතව දක්වා නොමැත යන්න මෞරා කිසි විටෙකත් ඉහළින් පිළිගත්තක් නොවේ.. ඉතින්, 2018 දී, අලුතෙන් ලද පරිසර විද්‍යාවේදී ආචාර්ය උපාධිය සහිතව මෞරා, යේල් විශ්ව විද්‍යාලයේ පරිසරවේදියෙකු වන වෝල්ටර් ජෙට්ස් සමඟ අත්වැල් බැඳගෙන එම නාඳුනන විශේෂයන් සිටිනා තැන් වඩාත් හොඳින් පුරෝකථනය කිරීමට ක්‍රමයක් ඉදිරිපත් කළේය. “මුල් අවධියේදී සොයා ගැනීමට හා විස්තර කිරීමට ඇති අවස්ථා ඒ ඒ විශේෂ අතර සමාන නොවේ,” මෞරා පැහැදිලි කරයි. නිදසුනක් වශයෙන්, මිනිසුන් ආසන්නයේ ජීවත් වන විශාල ක්ෂීරපායින් දුර බැහැර වනාන්තරයක ජීවත් වන කුඩා ගෙම්බන්ට වඩා විද්‍යාඥයින් විසින් ලේඛනගත කරනු ලැබ ඇති බව පෙනේ.
වසර 2 කට වැඩි කාලයක් පුරාවට, මෞරා සහ ජෙට්ස් දෙදෙනා එක්ව, මෙතෙක් හඳුනාගනු ලැබ ඇති පෘෂ්ඨවංශීන් 32,000ටම අදාලව ඔවුන්ගේ ප්‍රමාණය, වාසස්ථාන සහ වර්ගීකරණ විද්‍යායින් කොපමණ සංඛ්‍යාවක් මොවුන්ව අධ්‍යයනය කර ඇත්ද යන්න ඇතුළුව තවත් ගුණාංග නවයක් පිළිබඳ පිළිබඳ දත්ත සම්පාදනය කළහ. ඔවුහු පරිගණක ආකෘතියක් භාවිතා කරමින්, මෙම ගුණාංගවල විවිධ සංයෝජනයන්ගෙන් යුත් ජීවියෙකු කවදා හෝ සොයා ගනු ලැබීමට ඉඩ තිබුණේ ද සහ හෝ සොයා ගනු ලබන්නේ කොතැනින්ද යන්න සම්බන්ධ සම්භාවිතාව තීරණය කළහ. “අපේ ප්‍රවේශය වන්නේ නොදන්නා විශේෂ ගැන අනාවැකි කීමට දන්නා විශේෂ භාවිතා කිරීමයි,” මෞරා පවසයි.

බටහිර අප්‍රිකාවේ ගිනියානු වනාන්තර සහ බොහෝ අග්නිදිග ආසියානු දූපත් වැනි සමහර ස්ථානවල විශේෂයන්ගේ ඉහළ ගහනයක් ඇති නමුත් (ඔවුන් වෙත) සාපේක්ෂව ප්‍රවේශ විය නොහැකි බැවින් එම ස්ථාන මෙතෙක් විස්තර කර නොමැති ජීවීන්ගෙන් සපිරි බිම් වීමට ඉඩ ඇතැයි ඔවුහු පුරෝකථනය කරති. ලෝකයේ සොයා නොගත් පෘෂ්ඨවංශීන්ගෙන් 10% කට වඩා සිටින්නේ බ්‍රසීලයේ ද, මැඩගස්කරය, කොලොම්බියාව සහ ඉන්දුනීසියාව යන රටවල 5% බැගින් ද වන බව මෞරා සහ ජෙට්ස් නිගමනය කරති. සමස්තයක් ලෙස ගත් කල, එවැනි සොයාගැනීම් කෙරෙන බහුල ක්‍රියාකාරී ස්ථාන පෘථිවියේ භූමි ප්‍රමාණයෙන් 10% ක් පමණක් වන නමුත් අනාගතයේදී සොයා ගනු ලබන්නේ යයි ප්‍රක්ෂේපිත නව විශේෂ වලින් 70% ක් පමණ වනු ඇත.
එම සොයාගැනීම්වලින් බොහොමයක් නිවර්තන වනාන්තරවල වනු ඇති අතර එම සොයාගැනීම් අතර ගෙම්බන්, හූනන් සහ වෙනත් උභයජීවීන් සහ උරගයින් බොහොමයක්වනු ඇත. එම විශේෂ, තවමත් නොදන්නා සතුන් අතරින් හතරෙන් තුනක් නියෝජනය කරයි. ක්ෂීරපායීන් ගතහොත්, පර්යේෂකයන් බලාපොරොත්තුවන්නේ මීයන්, වවුලන් සහ ප්‍රයිමේට්වරුන් වැඩි ප්‍රමාණයක් සොයාගනු ලබණු ඇති බවයි. කුරුල්ලන් අතර, සමහර විට ගුමනzz කුරුලු කිහිපයක් පමණක් විය හැක..
තමන්ගේ නව “විශේෂ සොයා ගැනීමේ විභවය” දක්වන සිතියම සංරක්ෂණ සැලසුම් කිරීමට මග පෙන්වනු ඇතැයි ජෙට්ස් පවසයි. “සොයාගැනීම් සඳහා තිබෙන සීමිත සම්පත් හා ගතවන කාලය වඩාත් කාර්යක්ෂමව යෙදවීමට මෙම සොයාගැනීම් ඉමහත් අවස්ථා පාදා දෙනබවයි මම නම් විශ්වාස කරන්නේ.”

නිදසුනක් ලෙස දක්වතොත්, බලපෑම් වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම පිණිස, දේශගුණික විපර්යාසයන්ගෙන් දැඩි ලෙස පීඩාවට පත් වනු ඇතැයි අපේක්ෂා කරන ප්‍රදේශ ඉලක්ක කර ගැනීමට, පර්යේෂකයන්ට සිතියම් භාවිතා කළ හැකිය,
මේ අතර, සිතියම් සාදන්නන් පවසන්නේ ඒවා තවම් සම්පූර්ණ කර නොමැති බවයි. ඊළඟට, අපෘෂ්ඨවංශීන් හා ශාක විශේෂ දහස් ගණනක් සොයා ගැනීමට හා විස්තර කිරීමට විද්‍යාඥයන්ට උපකාර විය හැකි, මේ සමාන සිතියම් නිර්මාණය කිරීමට ඔවුහු බලාපොරොත්තු වේ.
AAAS Science(March 22) හී පළව ඇති Itching to discover a new species? Follow this map යන ලිපිය ඇසුරෙනි