පෘථිවියේ ජීවයට පස ඉතා වැදගත් වේ. වර්තමානයේ පවතින පසෙහි ගුණාත්මක භාවය ශාක පරිසර පද්ධතිවල ස්වභාවය සහ සත්ව ජීවිතයට හා සමාජයට ආධාර කිරීමට භූමියේ ධාරිතාව තීරණය කරයි. වර්තමාන පාරිසරික අභියෝග බොහොමයක පාංශු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ජල දූෂණය හා දේශගුණික විපර්යාසයේ සිට ජෛව විවිධත්ව හානිය සහ මිනිස් ආහාර සැපයුම දක්වා ලෝකයේ පරිසර පද්ධති කෙරෙහි පස සම්බන්ධයෙන් සිදු කෙරෙන ක්‍රියා බලපායි. ඇත්ත වශයෙන්ම, අප පස මත යැපෙන ප්‍රමාණය අනාගතයේ දී තව තවත් වැඩි වෙනවා විනා අඩුවීමක් නම් සිදු වන්නේ නැත.
21 වන ශතවර්ෂයේ එක් යථාර්ථයක් වන්නේ ජනගහනය බිලියන කිහිපයකින් ඉහළ යනු ඇති බවයි (ජනගහනය මෙම සියවස අවසානයේ බිලියන 9 සිට 10 දක්වා ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ). අවාසනාවකට මෙන්, මේවා සපුරාලීම සඳහා ඇති පස් ප්රමාණය කිසිසේත් වැඩි නොවේ. ඇත්ත වශයෙන්ම, පාංශු හායනය හා නාගරීකරණය හේතුවෙන් පාංශු සම්පත් පදනම සැබවින්ම හැකිලෙමින් තිබේ. පාංශු සම්පත වඩා හොඳින් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම අත්යවශ්ය වේ
අපගේ පැවැත්මට සහ මෙම පෘථිවිය අප සමඟ බෙදා හදාගන්නා අනෙකුත් ජීවීන් සඳහා ප්රමාණවත් වාසස්ථාන නඩත්තු කිරීමට. කෙටියෙන් කිවහොත්, පාංශු විද්යාව පිළිබඳ අධ්යයනය වෙනකවර දාකටත් වඩා අද දින අතිශය වැදගත් කාරනාවක් බවට පත්ව තිබේ.

පස ජල සැපයුම පාලනය කරන්නේ කෙහොමද?
ගංගාවල, විල්වල, භූගත ජල මූලාශ්‍රවල ජලයේ ප්‍රමාණය සහ ගුණාත්මක බව ගැන දැඩි සැලකිල්ල යොමු වෙමින් පවතී.. ජලයේ ප්‍රමිතිය පවත්වාගෙන යාමට හෝ වැඩිදියුණු කිරීමට නම් ගංගා, විල්, ගං මෝය,භූගත ජල මූලාශ්‍ර ආදියෙහි පවතින ජල බිඳක් ගණනේ (වර්ෂනය හරහා සෘජුවම මිරිදිය මතුපිට ජලකඳන් මත පතිත වන සුළු ජල පරිමාව නොතකා හැරියොත්) පස තුළින් හෝ පස මතුපිටින් ගමන් කළ බව දැනුවත් විය යුතුයි. 1.7zz රූපයේ දැක්වෙන ගංගාව අවට ඇති කඳුකරයට ධාරානිපාත වර්ෂාවක් ඇදහැලුණා යැයි සිතමු. ජලය පසට උරා ගැනුණොත්, එයින් කොටසක් පස තුළ ගබඩා වෙනවා. තවත් කොටසක් ශාක විසින් පරිභෝජනය කරනවා. ඉතිරි කොටස පාංශු ස්ථර හරහා කාන්දු වී භූගත ජලයට එක් වෙනවා. ඒ ජලය මාස ගණනාවක හෝ වසර කිහිපයක කාල පරාසයේදී පාදක ගැල්මක් ලෙසින් ගංගාවට එක්කාසු වෙනවා. ජලය ඉහළ පාංශු ස්ථර තුළින් කාන්දු වෙද්දී, අපවිත්‍ර වූ ජලය පසේ පිරිපහදු ක්‍රියාකාරකම් තුළින් පෙරීමටත්, රෝගකාරක විනාශ වී විෂභීජහරණයටත් ලක්වෙනවා.
ඉහත විස්තර කළ ක්‍රියාවලිය සිදු නොවී පස ඝණකමින් ඉතා අඩු හෝ පාරාගම්‍ය (අපාරගම්‍ය- ඉම්පෙර්මේබ්ලෙ) පසක් නම්, වර්ෂා ජලය පස හරහා කාන්දු නොවී මතුපිට පස සහ අබිලි ද්‍රව්‍ය සෝදාගෙන පොළොව මතින් ගලා ගියා කියා සිතමු. එහි ප්‍රතිඵලය වන්නේ විනාශකාරී, අපවිත්‍ර, බොර වතුර කඳක් නිසා ක්ෂණිකව හටගත් ගංවතුරක්. ඉහත සිදුවීම් දෙක සංසන්ධනය කිරීමෙන්, දිය බස්නාවක පස නිසි පරිදි කළමනාකරණය කිරීම ජලයේ පවිත්‍රතාවටත්, ජල මූලාශ්‍රවලට එක්වෙන ජල පරිමාවටත් බලපෑම් කරන බව පෙනී යාවි.ග්‍රාමීය ප්‍රදේශවල පදිංචි අයට නම් වැසිකිලියේ අපජලයත් මුළුතැන්ගෙට සැපයෙන ජලයත් වෙන්කරන ප්‍රධාන බාධකය ලෙස කටයුතු කරන්නේ පසයි.

පස අමුද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්නේ කොහොමද?
පසෙන් සිදුවන ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සිදු නොවුණා නම් ලෝකය මොන වගේ තැනක් වේවිද? පෝෂක නැවත භාවිතයක් සිදු නොවුණා නම් ශාක සහ සතුන්ට මීට හුඟ කලකට ඉහතදීම පෝෂණය අහිමි වෙනවා. මහ පොළොව මීටර් සිය ගණනක් උසට ශාක සහ සත්ව අපද්‍රව්‍යවලිනුත් මළසිරුරුවලිනුත් වැසී යාවි. වනාන්තරයක, ගොවි බිමක හෝ නගරයක වුණත් පරිසර පද්ධතියකට ප්‍රතිචක්‍රීකරණය නැතිවම බැරි බව පැහැදිලියි. පාංශු පද්ධතිය ප්‍රධාන භූ රසායනික චක්‍රයන් තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. කාබනික අපද්‍රව්‍ය විශාල පරිමාණයක් රඳවා තබාගන්නත්, ඒවා පසට ප්‍රයෝජනවත් කාබනික ද්‍රව්‍යවලට හරවන්නත්, අපද්‍රව්‍ය තුළ තිබෙන ඛනිජ පෝෂක ශාක සහ සත්ව ප්‍රජාවට භාවිතා කළ හැකි ආකෘතීන්වලට හරවන්නත්, කාබන් කාබන් ඩයොක්සයිඩ් ආකාරයෙන් නැවත වායුගෝලයට මුදා හරින්නත් පසට හැකියාව තිබෙනවා. (ඒ කාබන් ඩයොක්සයිඩ් ප්‍රභාසංස්ලේෂණය හරහා නැවතත් ජීව ලෝකයේම කොටසක් වෙනවා.) ඇතැම් පස් වර්ගවලට කාබන් විශාල පරිමාවක් ගබඩා කිරීමේ හැකියාවක් පවතින නිසා ඒවා වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අවම කරමින් ගෝලීය දේශගුණික විපර්යාස මැඩ පැවැත්වීමට සුවිශේෂී දායකත්වයක් සපයනවා.

පස වායුගෝලයේ සංයුතිය වෙනස් කරන්නේ කොහොමද?
පස “ආශ්වාස ප්‍රශ්වාස” කරමින් විවිධාකාරයෙන් පෘථිවියේ වායු ආවරණය සමග අන්තර් සබඳතා පවත්වනවා. එයින් අදහස් කළේ පස ඔක්සිජන් සහ මීතේන් වැනි වෙනත් වායු උරාගනිමින් කාබන් ඩයොක්සයිඩ් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වැනි වායු වාතයට මුදාහරින බවයි. වායු ගෝලයත් පසත් අතර හුවමාරු වෙන මෙම වායු වායුගෝලයේ සංයුතියටත්, ගෝලීය දේශගුණික විපර්යාසවලටත් සැලකිය යුතු මට්ටමින් බලපෑම්කරනවා. පසෙහි තෙතමනය වාෂ්ප වීම වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය, වාතයේ උෂ්ණත්වය, සංයුතිය සහ කාලගුණික රටා කෙරෙහි බලපාන තීරණාත්මක සාධකයක්.
වියළි,ව්‍යුහාත්මකව දුර්වල, වෘක්ෂලතාවලින් ආවරණය නොවූ පසක් ඇති ස්ථානවල, පස් අංශු සුළඟට ගසා ගෙන යාම වාතයේ දූවිලි ප්‍රමාණය ඉහළ යවමින්, වාතයේ දෘෂ්‍යතාවය පහත හෙලීමටත්, මිනිසුන් අතර අපවිත්‍ර වාතය ආශ්වාස කිරීමෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු වැඩි කිරීමටත්, වායුගෝලයේ සහ පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යැවීමටත් හේතු ෙවනවා. තෙතමනය වැඩි, මනාව වෘක්ෂලාතාදියෙන් සමන්විත ව්‍යුහගත පසට එවන දූලි පිරි වාතය වළක්වා ගත හැකිය.


පරිවර්තනය කොට සකස්කළේ: අරුන්දි ජයසෙකර
The Nature and Properties Of Soils Fifteenth Edition නම් ප්‍රකට පෙළපොත ඇසුරෙනි