මල්වලින් සුවඳ හමන්නේ ඇයි?

Posted by

මල්වලින් සුවඳ හමන්නේ ඇයි?

වාතය හරහා හමා එන  මිහිරි සුවඳක් දැනි දැනී ඔබ නිවර්තන වනාන්තරයක් හරහා ගමන් කරමින් සිටින්නේ යයි මදකට  සිතන්න. ඔබේ ගමන් මගෙහිදිම තව දුරක් යද්දී, කුණු වූ මස්වල දුර්ගන්ධයක් දැනෙන විට ඔබ එකවරම නාසය මිරිකාගෙන  හුස්ම අල්ලා ගන්නවා නේද?. තවත් ටිකක් හොයාබලන විට ඔබට පෙනී යන්නේ මේ දුගඳ මෙන්ම සුවඳ දෙකම ඔබ වෙත ආවේ මල්වලින්මකියලා. හැබැයි ඉතින් මල්වලින් සුවඳක්, දුගඳක් වශයෙන් මොනයම් හෝ ගන්ධයක්(smell) දැනෙන්නේ ඇයි?

එය සැබවින්ම සපුෂ්ප ශාක වලට ප්‍රජනනය කිරීමට වගේම තම විශේෂය(species) ව්‍යාප්ත කිරීමට උපකාරී වන උපාය මාර්ගයක කොටසක්. මෙම මල්වලට තමන් මුහුණපාන විශාල ගැටලුවක් විසඳීමට සමහර ගඳ සුවඳ  උපකාරී වෙනවා.

ශාකවල මල් හටගන්නේ, අනාගතයේ  නව ශාක බවට පත්විය හැකි බීජ නිපදවීම පිණිසය.  ජීව්‍ය(viable) බීජයක් සෑදීම සඳහා, මලෙහි එක් කොටසක පරාග මලෙහි තවත් කොටසක තිබෙන ඩිම්බ  සංසේචනය කළ යුතුයි. ඩිම්බ සංසේචනය කිරීම සඳහා තමන්ගේම පරාග භාවිතා කරමින්, සමහර ශාක වලට ස්වයං-පරාගණය කළ හැකි අතර, අනෙක් ඒවාට එකම විශේෂයේ වෙනත් ශාකයකින් පරාග අවශ්‍ය වේ = අන්න ඒක හැඳින්වෙන්නේ  හරස් පරාගණය(cross-pollination) ලෙසයි.

ඉතින් එක් ශාකයක් වෙනත් ශාක පරාගයක් තමන්ට අවශ්‍ය තැනට ලබා ගන්නේ කෙසේද?

සමහර විට  ඒ අවශ්‍ය නිසි තැනට පරාග වැටීමට ගුරුත්වාකර්ෂණය උපකාරී වේ. සමහර විට සුළඟ එය(පරාග) රැගෙන යයි. බොහෝ ගස් හා තණකොළවල මෙන් සුළං මාර්ගයෙන් පරාගනය වනු ලබන  මල්  සුවඳක් ඇති නොකරයි.

Bee transfers pollen from one blossom to another

සත්ව පරාගකයන් ආහාර සොයා යද්දී එක් මලක කලංකයේ(stigma) සිට තවත් මලක ඩිම්බයට(ovule) පරාග ගෙන යා හැකිය.  එක් මලක සිට පරාග තවත් එකකට ගෙනයමින්  වෙනත් මල් පරාගනය කරනු ලබන්නේ කුරුල්ලන්, වවුලන්, කෘමීන් හෝ කුඩා මූෂිකයන් පවා විසින්. මෙම අවස්ථා වලදී, මල්  (සිය කාරිය කර ගැනීම සඳහා) මද දිරිගැන්වීමක් ලබා දිය හැකිය. සත්ව පරාගකයන්ට ප්‍රතිලාභ ලැබෙන්නේ ශක්තියෙන් සහ පෝෂ්‍ය පදාර්ථ වලින් හෙබි, මිහිරි  මකරන්දය හෝ ප්‍රෝටීන් පිරි  පරාග වලින් ඔවුන්ට සංග්‍රහ කිරීමෙනි.

කෘමීන්ගේ සහ වවුලන්ගේ උපකාරය අවශ්‍ය වන මල් තවත් පියවරක් ඉදිරියට යමින්, ගන්ධයක් නිපදවන අතර එය නිවැරදි පරාගකයා සඳහා ආරාධනය කිරීමේ  සළකුණක් ලෙස ක්‍රියා කරයි.

නිවර්තන වනාන්තරයේ පිපෙන ඕකිඩ් වර්ගයක පුෂ්පයක් වේවා, නැතිනම්  ඔබේ ගෙවත්තේම රෝස මලක් වේවා සිය  විශේෂයේ මල් වලින් පරාග ගෙන ඒම පිණිස පරාග වාහකයෙකු ආකර්ෂණය කර ගත යුතුය. කෙසේ වෙතත්, සමාන පෙනුමක් ඇති නමුත් වෙනස් විශේෂ වලට අයත්  මල් ද ඇත. ඉතින් අනෙකුත් මල් වලින් (තමන්) වෙන්කර හඳුනා ගැනීම සඳහා, එක් එක් විශේෂයේ මල් විශේෂිත පරාග කාරකයන් ආකර්ෂණය කර ගනු වස් අද්විතීය හෙවත් ඊටම සුවිශේෂී සුවඳක් පිට කරයි.

සුපිරි වෙළඳ සලක රාක්කයක තබා තිබෙන සුවඳ විලවුන්වල මෙන්ම, මල්වල ද  සුවඳ සෑදී ඇත්තේ විශාල හා විවිධාකාර රසායනික ද්‍රව්‍ය ගණනාවකිනි. ඒවා පහසුවෙන් වාෂ්ප වී වාතය හරහා පාවි යයි. රසායනික වර්ගය, එහි ප්‍රමාණය හා අනෙකුත් රසායනික ද්‍රව්‍ය සමඟ අන්තර්ක්‍රියා කිරීම මල් වලට  එහි අද්විතීය සුවඳ ලබා දෙයි. නිදසුනක් දක්වතොත්, රෝස මලක සුවඳ විවිධ රසායනික ද්‍රව්‍ය 400 කින් සමන්විත විය හැකිය.

 පහසුවෙන් වාෂ්ප වී පරාග වාහකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා වායු ධාරාවන් මතට ගසාගෙන යන නිසා  මෙම මල්වලින් නිකුත්වෙන  සුවඳ මිනිසුන් වන අපට ද දැනිය හැකිය.

corpse flower blossom in a greenhouse
මේ දැවැන්ත මලෙහි පරාග කාරකයන් ආදරය කරන ඉතා දුර්ගන්ධයක්  ඇත.

මල්වල සුවඳ මිහිරි සුවඳින් හා ඵල සුගන්ධයෙන් හෝ ජරා ගඳින් හො වෙනත් දුර්ගන්ධයකින් යුක්ත වන්නේ ද යන්න රඳා පවතින්නේ ඒවා ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරන පරාගකයන් මත පදනම්වය. පිපෙන ඇපල් හෝ චෙරි ගසක් බඹර හෝ මී මැස්සන් ආකර්ෂණය කර ගැනීම සඳහා මිහිරි සුවඳක් නිකුත් කරයි. ඒවුණත්, ඇපල් හා චෙරි ශාකවල සමීපතයෙකු වන පෙයාර්ස් ගසක ලස්සන මල් වලට ඔබේ නාසය කිට්ටුකර බැලුවොත්,  ඔබ පිළිකුලෙන් නාසය හකුළාගන්නේ පරාග වාහකයන් ලෙස මැස්සන් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙම මල් තද ගඳක් නිකුත් කරන  බැවිනුයි. ඒ හා සමානව, ඉන්දුනීසියානු වැසි වනාන්තරවලට ආවේණික වූ corpse මල් පරාගණය කිරීම සඳහා මැස්සන් හා කුරුමිණියන් ආකර්ෂණය කර ගැනීම සඳහා නිකුත් කරන ගන්ධය කුණු වූ මස් සිහිපත් කරයි.

සූර්යයා බැස ගිය පසු පියාඹන සලබයන් සහ වවුලන් රාත්‍රියේ දී  මල් සොයා ගනු ලබන්නේ මල් වලින් මුදා හරින සුවඳිනි.  රාත්‍රී පිපෙන Cereus පතොක් මල් වර්ගය සහ dragaon fruit යන සියල්ලම විශාල සුදු මල්සහිතය. ඒවා රාත්‍රියේදී විකසිතවන අතර- ඒවා සඳ එළියෙන් දිලිසෙන බවක්  පෙන්නුම්කරන්නේ  නිශාචර අමුත්තන්ට දැකගත හැකිවන අයුරුය. ඒවායේ  අධික සුවඳ  පරාග වාහකයන්ට මඟ පෙන්වීමට උපකාරී වේ. මිහිරි මකරන්දය පානය කරන අතර තුරේ පරාගකයා පරාග ලබා ගන්නා අතර ඒවා ඊළඟට ගමන් කරන  මලෙහි තැන්පත් වේ.

පරාගණයෙන් පසු, මල් සුවඳක් හා මකරන්දය  නිපදවීම නවත්වන අතර පසුවබීජ බවට පත්වන සංසේචනය කළල වෙත එහි ශක්තිය යොමු කරයි.

Curious Kids (The Conversation) හී පළවන Why do flowers smell? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.