ගෝලීය වසංගතය විඳ දරා ගැනීමේ දී අපට උදව්වන සුරතලේට ඇතිකරන සත්තු ද පීඩනයට හසුවෙති.
සමහර සුරතල් සතුන් හිමිකරුවන් සිය සුරතලුන්ගේ චර්යාත්මක වෙනස්කම් දකිමින් සිටිති. නව පර්යේෂණ වලින් පෙනී යන්නේ ලොක්ඩවුන් කිරීමේ දී සිය සුරතලුන් ගේ යහපැවැත්ම ගැන ඔවුන් වැඩි වශයෙන් විමසිල්ලෙන් පසුවන බවයි.
නව කොරෝනා වෛරස් වසංගතය නොනැවති ඉදිරියට ඇදෙද්දී එක් දෙයක් පැහැදිලිය: ඉතිහාසයේ මෙම අභියෝගාත්මක කාලය විඳදරාගැනීමට අපට උපකාර අපේක්ෂාවෙන් අප අතුරෙන් බොහෝ දෙනෙක් සුරතල් සතුන් වෙත යොමුවෙති. ඇත්ත වශයෙන්ම, ගෝලීය වසන්ගතය නිසාවෙන් මිනිසුන් නිවසේ සිරවී සිටින විට, සුරතල් සතුන්, විශේෂයෙන් සුනඛයන් හදා වඩා ගැනීම හෝ පෝෂණය කර රැකබලා ගැනීම සඳහා ඇති ඉල්ලුම — කැනඩාවේ සිට ඉන්දියාව දක්වා — ලොව පුරා ඉහළ ගොස් තිබේ. සුරතල් සතුන් හදා වඩා ගැනීම පිළිබඳ කර්මාන්ත දත්ත එක්රැස් කරන PetPoint මාර්ගස්ත දත්ත කළමණාකරන පද්ධතියට අනුව, 2020 මාර්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ එක්සත් ජනපදයේ නිවෙස්වල ඇති සුරතල් සතුන් සංඛ්‍යාව සියයට 8 කින් වැඩි විය.

සුරතල් සතෙකු සිටීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ — රුධිර පීඩනය අඩු කිරීමේ සිට ආතතිය අඩු කිරීම දක්වා -ප්‍රතිලාභ ගැන බොහෝ දෙනා හොඳින් දනිති. දෙපාර්ශවය අතර සම්බන්ධතාවය සංකීර්ණ වන අතර දිගු කාලයක් තිස්සේ ලොක්ඩවුන් කර තබීමෙ දි සුරතල් සතුන් හිමිකරුවන් සහ ඔවුන්ගේ සුරතල් සතුන් යන දෙපිරිසම කටයුතු කරන්නේ කෙසේද යන්න විවෘත ප්‍රශ්නයකි.
මේ ගැන සෙවීම පිණිස ස්පාඤ්ඤයේ, ඊශ්‍රායලයේ සහ එක්සත් රාජධානියේ පර්යේෂකයෝ ඔවුන්ගේ රටවල සුරතල් සතුන් හිමිකරුවන් පිළිබඳ මාර්ගගත සමීක්ෂණ සිදු කළහ. වෙන වෙනම විද්‍යාත්මක සඟරා තුනකින් ප්‍රකාශයට පත් කරන ලද ඔවුන්ගේ අධ්‍යයනවලින් හෙළි වූයේ සමස්තයක් වශයෙන් අපගේ සත්ව මිතුරන් (අපට) අමතර සැනසීමක් ලබා දී ඇති බවයි.
එහෙත් මේ පර්යේෂණය මගින් උනන්දුව දනවන යම් යම් වර්ධනයන් පිළිබඳව ද කරුණු අනාවරණය විය: වසංගත සීමා නිසා සුරතල් සතුන්ගේ යහපැවැත්ම ගැන අයිතිකරුවෝ පමණට වඩා සැලකිලිමත් වෙති. එපමණක් නොව, අනෙක් අතට සමහර සුරතල් සත්තු බිරීම වැඩි වීම, ගෝෂාකාරී හෝ හදිසි ශබ්දවලට බිය වීම සහ නිවසේ තනිව සිටින විට ඇතිවන කාංසාව වැනි මානසික ආතතියේ සංඥා ප්‍රදර්ශනය කරති, .

ලන්ඩනයේ රාජකීය පශු වෛද්ය විද්යාලයේ චර්යා උපදේශකයෙකු වන ජෝන් බොවන් 2020 අප්රේල් මාසයේ දී ස්පාඤ්ඤයේ සුනඛයන් හා බළලුන් අයිතිකරුවන් 1,297 දෙනෙකුගෙන් ඔවුන්ගේ සුරතල් සතුන් කෙරෙහි ඇති හැඟීම් සහ එම සතුන්ගේ මෑත කාලීන හැසිරීම පිළිබඳව ප්රශ්න ඇසීය. බොහෝ හිමිකරුවන් කියා සිටියේ වසංගතය තුළ තම සුරතල් සතුන් “සැලකිය යුතු සහායක්” ලබා දී ඇති නමුත් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 62 ක් කියා සිටියේ තම සුරතලාගේ ජීවන තත්ත්වයෙහි ද අඩුවක් අතිවී තිබෙන බවයි. වසංගතය තුළ ඔවුන්ගේ සතුන්ගේ, විශේෂයෙන් අතීතයේ දී චර්යාත්මක ගැටළු වලට මුහුණ දුන් සුනඛයන්ගේ චර්යාත්මක වෙනස්කම් නිරීක්ෂණය කරන බව සියයට 41 ක් පමණ වාර්තා කර ඇත,
සුනඛයින් චිත්තාවේග සහිත බවත් විශේෂයෙන් හිමිකරුවෙකු සිය සුරතල් සතුන් මත චිත්තවේගීව රඳා පවතී නම්, සිය හිමිකරුවන්ගේ හැඟීම් වටහා ගැනීමට හැකි බවත් බොහෝ පර්යේෂණ වලින් පෙනී යන්නේ යයි බෝවන් පවසයි. බෝවන්ගේ අධ්යනය 2020 මැයි මාසයේදී Journal of Veterinary Behavior (පශු වෛද්‍ය චර්යා පිළිබඳ ජර්නලයේ) හී පළ විය.

මෙම අධ්‍යයන තුනෙහි සොයාගැනීම් සැලකිය යුතු ලෙස සමාන බවක් දැක්වීම ඇත්තෙන්ම සිත්ගන්නා සුළුය” යයි ටෆ්ට්ස් විශ්ව විද්‍යාලයේ කමිංස් පශු වෛද්ය විද්‍යාලයේ සායනික සහකාර මහාචාර්ය එමිලි මැකෝබ් පවසන්නේය. . ඇය කිසිම අධ්‍යයනයකට සම්බන්ධ නොවූවෙකි. “මිනිසුන් වැඩි වැඪියෙන් සුරතල් සතුන් ලබාගනිමින් සිට්න අතර හුදකලාව මගහරවා ගැනීමෙදී සුරතල් සතුන් ප්‍රයෝජනවත් වී ඇත ” යැයි මැකෝබ් පවසයි. ඇයගේ පශු වෛද්‍ය වෘත්තියේ අත්දැකීම් වල දී පෙණිගොස් ඇති පරිදි , “චර්යාත්මක ගැටලු ඇති සතුන් සඳහා, ඒවා වඩාත් නරක අතට හැරෙන බවක් අපට පෙනි යන්නේය,” යි ඇය පවසයි.
අලුතෙන් මතුවෙන කුහුල
එංගලන්තයේ යෝක් විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක් වන එලේනා රැට්ෂෙන් මත විමසුමක් සිදුකරමින් එක්සත් රාජධානියේ පුද්ගලයින් 5,926 දෙනෙකුගෙන් ඔවුන්ගේ මානසික සෞඛ්‍යය, යහපැවැත්ම සහ තනිකම මෙන්ම ඔවුන්ගේ සුරතල් සතුන් සමඟ ඇති බැඳීම් හා අන්තර් ක්‍රියාකාරිත්වය පිළිබඳව විමසුවාය.
2020 සැප්තැම්බර් මාසයේ PLOS ONE සඟරාවේ මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල ප්රකාශයට පත් කෙරිණ, සමීක්ෂණයට මාළු, කුරුල්ලන්, බල්ලන්, බළලුන් සහ කුඩා ක්ෂීරපායින් වැනි ඕනෑම සහචර සත්තු ඇතුළත් වූහ. සුනඛ හිමිකරුවන්ගෙන් සියයට 91 ක්, බළලුන්ගේ හිමිකරුවන්ගෙන් සියයට 89 ක් සහ අශ්ව හා ගොවිපල සත්ව අයිතිකරුවන්ගෙන් සියයට 95 ක් ද ඇතුළුව ප්රතිචාර දැක්වූවන්ගෙන් බොහොමයක් ඔවුන්ගේ සුරතල් සතුන් තමන්ට “චිත්තවේගීය ආධාර සපයන වැදගත් ප්රභවයක්” යයි පැවසූ බව රැට්ෂෙන් ප්‍රකාශ කරයි.
මානසික සෞඛ්ය ගැටළු වලට ගොදුරු වීමේ අවදානම වැඩි බව තමන්ම කියා සිටි පුද්ගලයින් සමීක්ෂකයන් නගන ප්‍රශ්න වලට් ප්රතිචාර දක්වමින් කියා සිටියෙ, මහා වසංගතය අතරතුර තම සුරතල් සතුන් සමඟ වඩා ශක්තිමත් බැඳීමක් අත්විඳි බවයි. ඊට අමතරව, සුරතල් සතුන් අයිති නැති අයට වඩා තමන්ට තනිකම හා හුදෙකලා බව අඩුවෙන් දැනුණු බවක් සුරතල් හිමිකරුවන් විසින් වාර්තා කරනු ලැබ ඇත. මෙය “ස්වාඅරක්ශක ආචරණයක් හෙවත් බලපෑමක්(“buffering effect”) නිසා විය හැකිය: අප, වෙනත් පුද්ගලයන්සමග සිදුකරන සමාජ අන්තර්ක්රියා ප්රතිස්ථාපනය කිරීමට සුරතල් සතුන්ට කළ නොහැක, නමුත් එම අන්තර්ක්‍රියා අහිමිවූ විට )එම(හිඩැස පිරවීමට ඔවුන්ට උදව් කළ හැකි බව ඇය පවසයි.
එහෙත් ස්පාඤ්ඤ හා එක්සත් රාජධානියේ අධ්‍යයන දෙකම සුරතල් හිමිකරුවන් අතර අළුතෙන් ඇති ඇති වන සමහරක් බිය ගැන දක්වා ඇති අතර, තමන්ගේ බල්ලාට ප්‍රමාණවත් ව්‍යායාමයක් ලැබේද, සුරතල් සතුන් සඳහා ආහාර මිලදී ගැනීමේ හැකියාව අවහිරවේ ද, පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවේ ද, සුරතලුන් අසනීප වුවහොත් ඔවුන් රැකබලා ගන්නේ කවුරුන්ද යන්න සොයා බැලීම වැනි දේ සහ තමන්ගේ සුරතල් සතුන් පස්චාත් වසංගත ජීවිතයට කෙසේ අනුගත වේද යන සැකසංකා ඇතුළත් වේ.
සුරතලේට ඇතිකරන සතුන් ‘සියළු ව්‍යාධි’ නිම කරන්නක් නොවේ!
වඩාත් නරක අතට හැරෙන අපගේ මානසික සෞඛ්යට එරෙහිව හා ඉහල ගොස් ඇති අපගේ තනිකමට අපව ආරක්ෂා කිරීමට සුරතල් සතුන්ට හැකිය යන සමාජයේ බව පුළුල් ලෙස පවතින උපකල්පනය සනාථකිරීම සඳහා ඇගේ අධ්‍යයනයේ ප්රතිඵල සාක්ෂි සපයන්නේ නැතැයි රැට්ෂෙන් තරයේ ප්රකාශ කරයි. “සුරතල් සතුන් නිසාවෙන් ඇතිවන ප්රතිලාභ පිළිබඳව වසංගතයට පෙර සහ වසංගතය අතරතුර සිදු කෙරුණු පර්යේෂණ වලදී ලැබෙන්නේ මිශ්‍ර සාක්ෂියි” ඇය පෙන්වා දෙයි, ” මන්ද, මිනිසුන්ට ඔවුන්ගේ සුරතල් සතුන් සම්බන්ධව බොහෝ සිත් කරදර සහ දැඩි සැලකිල්ලක් ඇති බැවිනි. ”වෙනත් වචන වලින් කිවහොත්, බොහෝ දෙනා විශ්වාස කරන පරිදි නිවසට බලු පැටියෙකු ගෙන ඒම ගෝලිය වසංගතය සෞඛ්‍ය සම්පන්න ආකාරයකින් නිමා කිරීමට ඔබට අනිවාර්යයෙන්ම උදව් කරන්නක් නොවිය හැකියි.
National Geographic හී පළ වී ඇති Pets are helping us cope during the pandemic—but that may be stressing them out යන ලිපිය ඇසුරෙනි