පස වාස භූමි සපයයි, වාසස්ථාන තැනීමට එක්වෙයි

Posted by

පෘථිවියේ ජීවයට පස ඉතා වැදගත් වේ. වර්තමානයේ පවතින පසෙහි ගුණාත්මක භාවය ශාක පරිසර පද්ධතිවල ස්වභාවය සහ සත්ව ජීවිතයට හා සමාජයට ආධාර කිරීමට භූමියේ ධාරිතාව තීරණය කරයි. වර්තමාන පාරිසරික අභියෝග බොහොමයක පාංශු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ජල දූෂණය හා දේශගුණික විපර්යාසයේ සිට ජෛව විවිධත්ව හානිය සහ මිනිස් ආහාර සැපයුම දක්වා ලෝකයේ පරිසර පද්ධති කෙරෙහි  පස සම්බන්ධයෙන් සිදු කෙරෙන ක්‍රියා බලපායි. මානව සමාජ වඩ වඩාත් නාගරීකරණය වන විට, අඩු පිරිසකට පස සමඟ සමීප සම්බන්ධතා ඇති අතර, පුද්ගලයන්ගේ සමෘද්ධිය සහ පැවැත්ම සඳහා පස මත යැපෙන බොහෝ ක්‍රම පිළිබඳ අවබෝධය නැති වී යයි. ඇත්ත වශයෙන්ම, අප පස මත යැපෙන ප්‍රමාණය අනාගතයේ දී තව තවත් වැඩි වෙනවා විනා අඩුවීමක් නම් සිදු වන්නේ නැත.

අපගේ පැවැත්මට සහ මෙම පෘථිවිය අප සමඟ බෙදා හදාගන්නා අනෙකුත් ජීවීන් සඳහා ප්රමාණවත් වාසස්ථාන නඩත්තු කිරීමට. කෙටියෙන් කිවහොත්, පාංශු විද්යාව පිළිබඳ අධ්යයනය වෙනකවර දාකටත් වඩා අද දින අතිශය වැදගත් කාරනාවක් බවට පත්ව තිබේ.

මෙම පසුබිම තුල පස ගැන විද්‍යාත්මක දැනුමක් ඇතිකර ගැනීම අප කාටත් වැදගත්ය. thathu.com ගෙන එන මෙම ලිපි මාලාවේ අරමුණ එම විද්යාත්මක දනුම කාටත් තේරෙණ ආකාරයට ඉදිරිපත් කිරීමයිසංස්කාරක

Soil is a habitat — Science Learning Hub

පස වාසභූමිය කරගත්තේ කවුද?

ආරක්ෂා කරගත යුතු පරිසර පද්ධතීන් ගැන සඳහන් කරද්දී බොහෝ දෙනෙකුගේ හිතේ මැවෙන්නේ වන සතුන් බහුල මහා වනයක්. නැතිනම් මුතු බෙල්ලන් වසන, ධීවර කර්මාන්තය සිදුකෙරෙන ගං මෝයක්. නමුත්, ඔබ මේ ලිපි පෙළ සම්පූර්ණයෙන් කියෙව්වොත් පරිසර පද්ධතියක් ගැන කියද්දී ඔබේ හිතේ පස් මිටක් මැවෙන්න ඉඩ තිබෙනවා.

පසක් කියන්නේ හුදු කැඩී බිඳී ගිය ගල් කැබලි සහ දිරාපත් අපද්‍රව්‍ය එකතුවක් නොවෙයි. පස් මිටක් කියන්නේ විලෝපිකයන්,ගොදුරු, නිශ්පාදකයන්, පරිභෝජකයන්, සහ පරපෝෂිතයන් ලෙස කටයුතු කරන,විශේෂ දහස් ගණනකට අයත්, ජීවීන් මිලියන ගණනකගේ නවාතැනක්. මේ සංකීර්ණ ජීවී ප්‍රජාවන් පරිසර පද්ධති ආශ්‍රිත ක්‍රියාකාරකම් හරහා මිනිසුන්ගේ යහපැවැත්මට බලපෑම් කරනවාට අමතරව පස ඍජුවමත් මිනිස් සෞඛ්‍ය වෙත යහපත් හෝ අයහපත් බලපෑම් එල්ල කරනවා.

විශේෂ දහස් ගණනකට අයත් ජීවීන් බිලියන ගණනකට එක පස් මිටක සහජීවනයෙන් වාසය කළ හැකි බව අපි ඉහතදී සඳහන් කළා. ඒතරම් විශාල විවිධත්වයකට උරුමකම් කියන ජීවීන් පිරිසක් කුඩා ඉඩක  වෙසෙමින් අන්තර්ක්‍රියා කරන්නේ කොහොමද? බැලූ බැල්මට සුමට ලෙස දිස්වෙන පසක පවා පවතින කුහර සහ නානාප්‍රකාර වාසස්ථාන රාශිය මීට එක් හේතුවක් ලෙස දක්වන්න පුළුවන්. පසෙහි පවතින ඇතැම් සිදුරුවල පිරී පවතින ජලයේ වට පනුවන්, ඩයටම, රොටිෆෙරා කුලයේ සතුන් සහ බැක්ටීරියාවන් පිහිනමින් සිටිනවා. තෙතමනය සහිත වාතයෙන් පිරී ගිය, ප්‍රමාණයෙන් තරමක් ලොකු සිදුරුවල කුඩා කෘමීන් සහ මයිටාවන් ගැවසිය හැකියි. ඔක්සිජන්වලින් තොර ප්‍රදේශවලට මිලිමීටර කිහිපයක් ඈතින් යහපත් වාතණයක් පවතින ක්ෂුද්‍ර කලාප පැවතිය හැකියි. විවිධ ප්‍රදේශ දිරාපත් වන කාබනික ද්‍රව්‍ය වලින් පෝෂණය විය හැකියි; ඇතැම් ප්‍රදේශ අධිකව ආම්ලික වෙද්දී තවත් සමහර ප්‍රදේශ සාපේක්ෂව භාෂ්මික වෙන්න පුළුවන්. උෂ්ණත්වයත් විවිධ ස්ථානවලදී විවිධ අගයන් ගතහැකියි.

soil food web - Planting up

ලෝකයේ පස් වර්ග නිවහන කරගත් ඇසට නොපෙනෙන ප්‍රජාවන්, තණබිමවල, වනාන්තරවල සහ සාගරවල වෙසෙන තරමින් විශාල ජීවීන් තරමටම සංකීර්ණ, වටිනා ජීවී කොට්ඨාශයක්. පස පෘථිවියේ ප්‍රවේණි විවිධත්වයෙන් විශාල ප්‍රමාණයකට වගකියනවා. පසත් ජලය සහ වාතය තරමටම සාපෙක්ෂ වශයෙන් විශාල පරිසර පද්ධතිවලට වැදගත් අංගයක්. ඒ නිසාම පරිසර සංරක්ෂණය ගැන සාකච්ඡා කරද්දී ජලයේ හා වාතයේ ප්‍රමිතිය ගැන මෙන්ම පසෙහි ප්‍රමිතිය ගැනත් අවධානය යොමු කළ යුතුයි.

පස ඉදිකිරීම් මාධ්යක් ලෙසින්

පස ලොව පැරණිම සහ බහුලවම භාවිතා වෙන ඉදිකිරීම් මාධ්‍ය අතරින් එකක්. ලෝකයේ ජනගහණයෙන් භාගයක් පමණ ජීවත් වෙන්නේ පසෙන් නිර්මාණය කළ නිවෙස්වල.  අප්‍රිකාවේ මැටි පැල්පත්, සියවස් ගණනක් පැරණි චීනයේ කවාකාර මහල් නිවාස (ඡායාරූප බලන්න, නවීන පරිසර හිතකාමී “සංකුචිත පාංශු” නිවාස (“rammed-earth” buildings) වැනි විවිධාකාර ආකෘතිවලට අයත් ගොඩනැගිලි (http://www .yourhome.gov.au/materials/rammed-earth බලන්න)  පසෙන් තැනූ ගොඩනැගිලි අතරට අයත් වෙනවා.

පැරණිතම හා වඩාත් සුලබ  ගොඩනැඟිලි ද්‍රව්‍යයකි, පාංශු හෙවත් පස්. ලෝකයේ මිනිසුන්ගෙන් අඩක්ම පමණ  ජීවත් වන්නේ පසෙන් තැනූ නිවෙස්වලය. පස. (වමේ) වැඩිහිටි අප්‍රිකානු ගැමියෙක් තම නිවසින් පිටත සිට වට්ටියක් වියයි.  රතු සහ කළු මැටි පසකින් සහ සවි ශක්තිය සඳහා කෝටු යොදාගනිමින් නිවස තනා ඇත(මෙය කටු මැටි තාක්ෂණය ලෙස දැක්වේ.  (දකුණේ) චීනයේ ෆු-ජියාන් හි  පිහිටි වටකුරු ටූලූ මහල් නිවාස ගොඩනැගිලි කිහිපයක්. මේවායින් එකකින් පවුල් 80 ක් දක්වා සෙවන සැපයේ.වසර දහස් ගණනකට පෙර සංයුක්ත කහ පැහැති පස් වලින් සාදන ලද මීටර් 2 ක ඝන කම ඇති බිත්ති වලින් සමන්විතයි. බිත්ති ශීත සෘතුවේ දී ගොඩනැගිලි උණුසුම් කරන නමුත් ගිම්හානයේදී සිසිල් කරයි.තවද භූමිකම්පා වලින් සිදුවන හානිවලට ප්‍රතිරෝධී වේ.
මෙම මාර්ගය ගොඩනඟා ඇති පස පිළිබඳ වඩා හොඳ දැනුමක් තිබුණේ නම්, වඩාත් ස්ථායී නිර්මාණයක් සැලසුම් කිරීමට ඉංජිනේරුවන්ට ඉඩ සලසන්නට ඉඩ තිබුණි.  එසේ වූයේ නම්  අධික මුදලක් නිකරුණේ වැය වූ මෙම  භයානක තත්ත්වය වළක්වා ගැනීමට  හැකියාව තිබුණේය.

අපි බොහෝවිට හුරුවී සිටින්නේ පස දැඩි,ඝණ ද්‍රව්‍යක් හැටියටත් මහා මාර්ග සහ වෙනත් ඉදිකිරීම්වලට ස්ථාවර පදනමක් හැටියටත් සලකන්නයි. ඇත්ත වශයෙන්ම ඉදිකිරීම්වලින් බහුතරයක් ගොඩනැගී තිබෙන්නේ පස මතයි. ඊට අමතරව ඉදිකිරීම් ව්‍යාපෘතිවලින් බහුතරයකට පස අභ්‍යන්තරයට කැනීම් කිරීමට සිදු වෙනවා. අවාසනාවකට, ඡායාරූපයේ පෙන්නුම් කරනවා වගේ, සමහර පස් වර්ග සාපේක්ෂව ස්ථාවර බවින් අඩුයි. පස මත, පස් යොදාගෙන ස්ථාවර ඉදිකිරීමක් ගොඩනගන්න අපි මෙතෙක් සාකච්ඡා කළ සහ ඉදිරියට සාකච්ඡා කරන්න අපේක්ෂා කරන පසේ විවිධාකාර ලක්ෂණ ගැන දැනුවත් වීම අත්‍යවශ්‍යයි. එක්තරා ස්ථානයකදී ගොඩනැගිලිවල අඩිතාලම්වලට හෝ මාර්ග ඉදිකිරීමට ඉතා උචිත ආකෘති වෙනස් පසක් තිබෙන වෙනත් ස්ථානයකට සුදුසු නොවෙන්න පුළුවන්. 

 ස්වාභාවික පස් වර්ග හෝ පස් කැනීමෙන් ලබාගන්නා ද්‍රව්‍ය භාවිතා කිරීම කොන්ක්‍රීට් සහ වානේ භාවිතයට වඩා වෙනස්. පස්වල දරාගැනීමේ ශක්තිය,සම්පීඩ්‍යතාව, බලතාව සහ ස්ථාවරභාවය වැනි ලක්ෂණ කෘතීම ඉදිකිරීමේ ද්‍රව්‍යවලට සාපේක්ෂාව නිරන්තරයෙන් වෙනස් වෙන නිසා කල් තියා නිගමනවලට එළඹීම  අසීරුයි. ඊට අමතරව සාකච්ඡා කිරීමට නියමිත පසේ භෞතික ලක්ෂණ රැසක් පස ඉදිකිරීම් සඳහා යොදාගැනීමේදී ඍජුවම බලපානවා. උදාහරණයක් ලෙස තෙත් කළ විට අඩිතාලම් බිඳ දමන්නත්, පදික වේදිකා බකල වීමටත් ප්‍රමාණවත් බලයක් ජනිත කරමින් ප්‍රසාරණයට ලක් වෙන මැටි වර්ග ගැන අට වන පරිච්ඡේදයේ සාකච්ඡා කෙරෙනවා. පස්වල ලක්ෂණ සහ පාංශු වර්ගීකරණය සම්බන්ධ තොරතුරු ඉදිකිරීම්වලට හෝ කැනීම්වලට භූමිය යොදාගන්න අපේක්ෂා කරන අයට අතිශයින්ම ප්‍රයෝජනවත් වේවි.

පරිවර්තනය කොට සකස්කළේ: අරුන්දි ජයසෙකර

The Nature and Properties Of Soils Fifteenth Edition නම් ප්‍රකට පෙළපොත ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.