ස්වාභාවික නම් හොඳයි, කෘතිම නම් නරකයි?

Posted by

1. ස්වාභාවික නම් හොඳයි

පසුබිම

සාමාන්ය ජනතාව අතර බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ අපගේ පරිසරය කෙළසීම රසායනික ද්රව්ය හඳුන්වාදීමේ ප්රතිඵලයක් බවයි. සාමාන්ය ජනතාවගෙන් කොටසක් විශ්වාස කරන්නේ බොහෝ රෝගාබාධ කෘතිම රසායනික ද්රව්යවලට නිරාවරණය වීමේ ප්රතිඵලයක් ලෙසිනි. අනෙක් අතට, එම පුද්ගලයෝම ස්වභාවික නිෂ්පාදන ආරක්ෂිත සහ භාවිතා කිරීමට වඩාත් සුදුසු දේ යයි සලකති.

මිථ්යාව

කෘතිම රසායනික ද්රව්ය නරක වන අතර ස්වාභාවික සංයෝග ආරක්ෂිතය  එමෙන්ම හොඳය.

යථාර්ථය

රසායනාගාරවල හා කර්මාන්තශාලා වල සාදන ලද බොහෝ සංයෝග  සොබාදහමේ ඇති ඒවා සමඟ මුලුමනින්ම අනන්‍යය. රසායන විද්යාවේ හෝ ජීව විද්යාත්මක ක්රියාකාරිත්වය අතින් ගතහොත් ඒවායේ වෙනසක් නොමැති අතර බොහෝ අවස්ථාවල පෝෂණ ගුණයෙහි ද වෙනසක් නොමැත.

යථාර්ථය නම්, ඇතැම් ස්වාභාවික ද්රව්ය තරම් විෂ සහිත කෘතිම නිෂ්පාදන ඉතා අල්පය යන්නය. සමහර ස්වාභාවික රසායනික ද්රව්යවලට නිරාවරණය වීම මාරාන්තික විය හැකිය.

ස්වාභාවික ද්රව්යයක් වන සයනයිඩ් මයික්රො ග්රෑම් ම්ශ්ග් 10,000 (mcg) මාත්රාවකින් මාරාන්තික වේ.

බොටුලින් ස්වාභාවික වන අතර එය මයික්රො ග්රෑම් (mcg)  0.03 තරම් කුඩා මාත්රාවලින් මාරාන්තික වේ; පුරවරයක .නගර වැසියන්ගෙන් අඩක් අතුගා දැමිමට දිදාලයකින් එකකැති

ටෙටනස් විෂ මයික්රො ග්රෑම් 0.7  දී මාරාන්තික වේ.

නාග විෂ සඳහා එම ප්‍රමාණය  0.3 ම්ශ්ග් වේ. විෂ ඕක් සහ විෂ අයිවි ද ස්වභාවික ය.

විද්යාත්මකව කතා කරනවානම්, “හොඳ” හෝ “නරක”, “විෂ සහිත” හෝ “ආරක්ෂිත” යන සාමාන්ය පොදු   ප්රකාශයන් කිසියම් ද්රව්යයක් හෝ කාරකයක් විස්තර කිරීමට ප්රමාණවත් නොවේ.

කෘතිම රසායනික ද්රව්ය නූතන ලෝකයේ සෑම  තැනකම  හ්මුවේ.බෙහෙත් වට්ටෝරු වල සඳහන් වන  ඖෂධ  බහුතරයක් කෘතිම වේ. ඇඳුම් සඳහා භාවිතා කරන රෙදි වලින් බොහොමයක් කෘතිම ය. ප්ලාස්ටික් බෝතල් සෑම තැනකම තිබේ. අපගේ එදිනෙදා ජීවිතයේදී කෘතිම දේවල් වලින්  වැළකී සිටිය නොහැක.

මෙලෙස කෘතිම  දේවල් මැද දිවි ගෙවුණද  මෑත දශක කිහිපය තුළ අප ගේ සාමාන්ය ආයු අපේක්ෂාව ඉහළ ගොස් තිබේ.

Do you suffer from 'chemophobia'? Expert claims we have an 'irrational  fear' of man-made chemicals - and that natural ISN'T necessarily better |  Daily Mail Online

2. සියළුම රසායනික විෂ සහිතයි.

පසුබිම

ඇතැම් මාත්‍රාවලින්(බොහෝ විට ඉහළ මාත්‍රාවලින්) ගත් විට සියළුම රසායනික ධූලක(විෂ සහිත) වේ

මිථ්යාව

සියළු රසායනික නරකය;  මන්ද ඒවා සියල්ල ධූලකය. ඉතින් රසායන කියන්නේ රසායනම වීම හේතුවෙන් ඒවයේ ප්‍රභවය හෙවත් සුලමුල කුමක් වුවත් එය වෙනසක් ඇති කිරීමට හේතු නොවෙයි. ඇත්ත වශයෙනම අප රසායනික හැඳින්වීමට “විෂරසායන” යනුවෙන් අළුත් වචනයක් යොදා ගැනීම යෝග්‍යය.

යථාර්ථය

1500 දශකයේ මුල් භාගයේදී (දිනය විවිධාකාරයෙන් වාර්තා වී ඇති නිසා නිශ්චිතව කිව නොහැක) වස විස ප්‍රමාණකරණ(quantification) සංකල්පය පිලිපස් ඕරියොලස් තියෝෆ්‍රාස්ටස් බොම්බාසස් වොන් හොහෙන්හයිම් (Philippus Aureolus Theophrastus Bombasus vonHohenheim) විසින් ඉදිරිපත් කරන ලදී. ඔහු ඔහුගේ කාලයේ සම්ප්‍රදාය අනුගමනය කරමින් ග්‍රීක දාර්ශනිකයෙකුට සමාන වන පරිදි ආචාර්ය උපාධිය ලැබීමෙන් පසු ඔහුගේ නම පැරසෙල්සස්(Paracelsus) ලෙස වෙනස් කළේය. ඔහුගේ ප්‍රෝක්තය හෙවත් නියමය(dictum) ඔහුගේ කාලයේ පැවති ආකාරයටම අදටත් ප්‍රයෝජනවත් වේ. වෙනත් ආකාරයකට පැහැදිලිකිරීමක් කරන්නේ නම්, ඔහු පැවසූ දෙය මෙලෙස දැක්විය හැකිය: “වස විස නැත්තේ කුමක ද? සෑම දෙයක්ම විෂ වන අතර කිසිවක් වසවලින් තොර නොවේ.  යම් ප්‍රතිකර්මයක්, විසක් නොවේ යයි  වෙන්කර හඳුනා ගත හැකිවන්නේ එම දෙයෙහි කුමණ මාත්‍රාවක් භාවිත කරන්නේ ද යන්න අනුවය” .

පැරසෙල්සස්ගේ ඉඟිය අනුව යමින් නූතන විෂ විද්‍යාඥයා ඔහුගේ සටන් පාඨය  ලෙස සලකන්නේ (යමක්) “ විෂ බවට පත් කරන්නේ එහි මාත්‍රාවයි” යනුවෙනි.

“රසායනික” යන පදය භාවිතා කරන විට, ජනතාවගෙන් යම් කොටසක්

 එය කෘතිම රසායනික ද්‍රව්‍ය සමඟ සමාන කරයි. ඊළඟ සිතුවිල්ල ලෙස මතුවෙන්නේ (එය)“විෂ සහිතයි”යන්නය.

මිනිසා ඇතුළුව විශ්වයේ ඇති සෑම දෙයක්ම රසායනික ද්‍රව්‍ය වලින් සෑදී ඇත. රසායනික ද්‍රව්‍ය නොමැතිව විශ්වයක් නොතිබෙනු ඇත. එක් අතකින්, මාත්‍රාව ප්‍රමාණවත් තරම් විශාල නම් සෑම ද්‍රව්‍යයක්ම විෂ සහිත විය හැකිය. ‘සෑම ද්‍රව්‍යයක්ම ‘ යන්නට ජීවය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ඔක්සිජන් ද  ඇතුළත් වේ. ප්‍රතිවිරුද්ධ දෙය ද සත්‍ය ය: ප්‍රමාණවත් තරම් අඩු මාත්‍රාවකින් කිසිදු කාරකයක් විෂ සහිත බවක් නොපෙන්වයි; ප්‍රමාණවත් තරම් අඩු මාත්‍රාවක් භාවිතා කරන්නේ නම්, රසායනිකය අනුප්ද්‍රව(innocuous – උපද්‍රවයක් නොමැති) බවට පත්වේ. සෑම රසායනික ද්‍රව්‍යයක් සඳහාම, ‘දීහලියක්’ හෙවත්  එළිපත්තක්(threshold) ඇත: ඊට පහළින් විෂ සහිත බවක් නොදැක්වේ.

මෙයට එක් ව්‍යතිරේකයක් තිබේ. නීතියෙන් (නමුත් විද්‍යාවෙන් නොවේ), පිළිකා කාරක ලෙස ප්‍රකාශයට පත් කර ඇති රසායනික ද්‍රව්‍ය සඳහා අවසර ලත් “උප එළිපත්තක”(sub-threshold) මාත්‍රාවක් නොමැත.

Prof. Arthur Furst, Ph.D., Sc.D. විසින් රචිත 151 Myths of Everyday Science (2002) නම් ග්‍රන්ථය ඇසුරෙනි

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.