ගෝලිය මහා වසංගතයෙන් කම්පිත වී සිටි ජනතාවට කොවිඩ් එන්නත ගෙන ආවේ තරමක සහනයක්ය. වසංගතයට පෙර ගත කළ දිවියට මදක් ළංවීමට එය පිටිවහලක් විය. නව කොරොනා වෛරසයේ ප්‍රභේද හට ගැනීම ගැන අශුභ ආරංචි ගලා එන්නට පටන් ගත්තේ ඒ අතර වාරයේය. එම පුවත් ජනතාව තුළ නව සැක සංකා ඇති කිරීමටත් ඒ පිළිබඳව නොයෙකුත් ප්‍රලාප පැතිරීමටත් මගපාදා ඇත. අද thathu.com ලිපිය වෙන්වන්නේ මේ පිළිබඳ යථාවාදී විග්‍රහයකටය.

කොරෝනා වයිරස් ප්‍රභේද ගැන ඔබ කෙතරම් සැලකිල්ලක් දැක්විය යුතුද?
By Paulo Verardi (Associate Professor of Virology and Vaccinology, University of Connecticut)
මම වෛරස් විද්‍යාඥයෙක් සහ එන්නත් විශේෂඥයෙක්. එයින් අදහස් කරන්නේ මම වෛරස් අධ්‍යයනය කිරීමට මෙන්ම වෛරස් රෝගවලට එරෙහිව එන්නත් ක්‍රමෝපායන් සැලසුම් කිරීම සහ පරීක්ෂා කිරීමටත් මගේ කාලය ගත කරන බවයි. SARS-CoV-2 සම්බන්ධයෙන් ගත් කල, මෙම කාර්යය වඩාත් කඩිනම් වී ඇත. මිනිසුන් වන අප මෙම ‘කපටි සහගත’ වෛරසයට එරෙහිව ප්‍රතිශක්තීකරණයේ යෙදී සිටින අතර, විකෘති වීමට හා අනුවර්තනය වීමට ඇති හැකියාව සමූහ ප්‍රතිශක්තිය ලබා ගැනීම සඳහා අපට ඇති හැකියාවට වඩා පියවරක් ඉදිරියෙන් සිටින බව පෙනේ. මතුවෙමින් පවතින ප්‍රභේද නිසා එය අවසන් මොහොත තෙක් තීරණය නොවන තරඟයක් විය හැකිය.

සැලකිලිමත් විය යුතු ප්‍රභේද පහක්
SARS-CoV-2 වැනි RNA වෛරස්, ඒවායේ වැඩි පිටපත් ප්‍රමාණයක් නිපදවද්දී නිරන්තරයෙන් විකෘති වන්නේ . මෙම විකෘතින් බොහොමයක් වෛරසයට අහිතකර වන අතර එම නිසා ස්වාභාවික වරණය හේතුවෙන් අතුරුදහන් වේ.
ඇතැම් විට ඒවා (එම විකෘති) හෝ ඊනියා ජාන-විචල්‍ය වෛරසයට ප්‍රතිලාභයක් ලබා ගෙන දෙයි. උදාහරණයක් ලෙස වෛරසයට මිනිස් සෛල සමඟ වඩාත් තදින් ඇමිණීමේ හැකියාව වැඩි කරන විකෘතියක් විය හැකි අතර එමඟින් වෛරස් ප්‍රතිවර්තනය(යළි ඇතිවීම) වැඩි කරයි. තවත් එකක් විය හැක්කේ විකෘතිය වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට වඩාත් පහසුවෙන් පැතිරීමට ඉඩ සලසා දීමයි.
මිනිස් ගහනය අතරට අළුතෙන් පැමිණි වෛරසයක් හැටියට සහ තවමත් ධාරකයන් ලෙස මිනිසුන්ට අනුවර්තනය වන වෛරසයක් හැටියට මේ කිසිවක් පුදුමයට කරුණු නොවේ. වෛරස්වලට සිතිය නොහැකි නමුත්, ඒවා පාලනය කරනු ලබන්නේ සියලු ජීවීන්ට පොදු එකම පරිණාමීය ධාවකය මගිනි – එවායේ ක්‍රියකාරිත්ව අනුපිළිවෙලෙහි ප්‍රමුඛත්වය හිමිවන්නේ තව තවත් බෝ වීමටයි.
නව SARS-CoV-2 ප්‍රභේද කිහිපයක මෙම විකෘති ඇති වී තිබෙන අතර පොකුරු වශයෙන් ව්‍යාප්තව යාමට හා ඇතැම් අවස්ථාවල ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමටද මුල්වේ. ඒවා, උනන්දුව ඇතිකරවනසුළු, සැලකිල්ල දැක්විය යුතු සහ ප්‍රතිවිපාක ගෙන එන වශයෙන් පුළුල් ලෙස වර්ගීකරණය කර ඇත.
වර්තමානයේ එක්සත් ජනපදයේ සංසරණය වන ප්‍රභේද පහක් ඇත: එක්සත් රාජධානියේ ආරම්භ වූ B.1.1.7; දකුණු අප්‍රිකානු සම්භවයක් ඇති B.1.351.; P.1.{, මුලින්ම දුටුවේ බ්‍රසීලයේ; සහ B.1.427 සහ B.1.429 යන දෙකම කැලිෆෝනියාවේ ආරම්භ විය.
මෙම සෑම ප්‍රභේදයකම විකෘති ගණනාවක් ඇති අතර, මෙකී සමහරක් විකෘති වෛරස් ජෙනෝමයේ තීරණාත්මක ප්‍රදේශවල ප්‍රධාන විකෘති වේ. වෛරසයට මිනිස් සෛල සමඟ සම්බන්ධ වීමට ශූල ප්‍රෝටීන(spikeprotein) අවශ්‍ය වන හෙයින් එය මෙකී ප්‍රධාන විකෘති ගණනාවක්ම දරා සිටියි. මීට අතිරෙකව වෛරසය උදාසීන කරන ප්‍රතිදේහ සාමාන්‍යයෙන් ශූල ප්‍රෝටීන වලට බන්ධ්නයවේ. මෙලෙස ශූල අනුක්‍රමණය හෝ ප්‍රෝටීන COVඓඪ්-19 වැක්සීනයන්ගේ ප්‍රධාන සංඝටකයක් වේ.
ඉන්දියාවේ සහ කැලිෆෝනියාවේ මෑතකදී “ද්විත්ව විකෘති” ප්‍රභේද හඳුනාගෙන ඇති අතර ඒවා තවමත් වර්ගීකරණය කර නොමැති නමුත් ජාත්‍යන්තර අවධානය හිමි කරගෙන ඇත. ඒවා සතුව ශූල ප්‍රෝටීනවල බ්‍රසීලියානු සහ දකුණු අප්‍රිකානු ප්‍රභේදවලට සමාන එක් ප්‍රධාන විකෘතියක් ඇති අතර තවත් එකක් දැනටමත් ඹ්.1.427 සහ ඹ්.1.429 කැලිෆෝනියා ප්‍රභේද වලින් සොයාගෙන ඇත.
අද වන විට, කිසිදු ප්‍රභේදයක් ඉහළ ප්‍රතිවිපාක ගෙන දෙන්නක් ලෙස වර්ගීකරණය කර නැත, එසේනමුත් නව ප්‍රභේදයන් මතුවීමත් සමඟ මෙන්ම දැනටමත් සංසරණය වන ප්‍රභේද පිළිබඳව අප වැඩිදුර ඉගෙන ගනිද්දී මෙය වෙනස් විය හැකි යයි විමතියක් ඇත.

සම්ප්රේෂණය වැඩිවෙයි; රෝග දරුණු අතට හැරෙයි
මෙම ප්‍රභේද හේතු කිහිපයක් නිසා අප කනස්සල්ලට පත් කරවන සුළුය. පළමුවෙන්ම කිව යුත්තේ, සැලකිල්ල යොමු වන SARS-CoV-2 ප්‍රභේද සාමාන්‍යයෙන් අඩු තරමින් සියයට 20 සිට 50 ක් වත් වඩා පහසුවෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට ව්‍යාප්ත වෙන බවයි. මෙය, වැඩි පිරිසකට ආසාදනය වීමටත්, ඉක්මණින් හා පුළුල් ලෙස පැතිරීමටත්, අවසානයේදී ප්‍රධානතම මාදිලිය බවට පත්වීමටත් ඉඩ සලසයි.
නිදසුනක් ලෙස, 2020 දෙසැම්බරයේදී එක්සත් ජනපදයේ ප්‍රථම වරට අනාවරණය කරගත් B.1.1.7 එක්සත් රාජධානියේ ප්‍රභේදය දැන් එක්සත් ජනපදයේ බහුලව පවතින සංසරණ මාදිලියයි එය මාර්තු මැද වන විට සියළුම රෝගීන්ගෙන් 27.2% ක් සඳහා වගකිවයුතු යයි ඇස්තමේන්තු කරඇත. එලෙසම, ජනවාරි මාසයේ දී බ්‍රසීලයේ සිට පැමිණි සංචාරකයින් අතරේ ප්‍රථම වරට සොයාගණු ලැබූ පී 1 ප්‍රභේදය දැන් බ්‍රසීලයේ මහා විනාශයක් ඇති කරමින් තිබෙන අතර, එය සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳවැටීමට හේතු වෙයි. මාර්තු මාසයේ පමණක් අවම වශයෙන් 60,000 ක් (ඉන්) මිය ගියහ.
දෙවනුව, සැලකිල්ල යොමු වන SARS-CoV-2 ප්‍රභේදයන් වඩාත් දරුණු රෝගවලට මග පෑදීමට හැකි අතර රෝහල් ගතවීම් හා මරණ සංඛ්‍යාව වැඩි කිරීමට මග පාදයි. වෙනත් වචන වලින් කිවහොත්, උග්‍රතාව ඉහළ නැංවීමට එම ප්‍රභේද ඉවහල්වෙයි.. ඇත්ත වශයෙන්ම, එංගලන්තයේ මෑතකදී කරන ලද අධ්‍යයනයකින් කියැවෙන්නේ B.1.1.7 ප්‍රභේදය වඩාත් දරුණු රෝගාබාධ හා මරණවලට හේතුවන බවයි.
මෙම ප්‍රභේදයන්ට එරෙහිව එන්නත් වල කාර්යක්ෂමතාව අඩු වේද යන්න පර්යේෂකයෝ දැඩි ලෙස විමර්ශනය කරමින් සිටිති. බොහෝ එන්නත් එක්සත් රාජධානියේ ප්‍රභේදයට එරෙහිව ඵලදායී බව පෙනෙන්නට තිබුණද, මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ B.1.351 දකුණු අප්‍රිකානු ප්‍රභේදය හේතුවෙන් හටගන්නා මද හෝ තරමකට ඇතිවෙන Covid-19 වැළඳීම වැළැක්වීමට ඇස්ට්‍රශෙනෙකා එන්නතෙහි කාර්යක්ෂමතාව ප්‍රමාණවත් නොවන බවයි
අනෙක් අතට, ෆයිසර් මෑතකදී දකුණු අප්‍රිකාවේ ස්වේච්ඡා සේවකයින්ගේ අනු කාණ්ඩයකින් ලබාගත් දත්ත ප්‍රකාශයට පත් කරමින් දක්වාසිටියේ B.1.351 බ්‍රභේදයටම එරෙහිව සිය mRNA එන්නතෙහි කාර්යක්ෂමතාව තහවුරු වන බවයි.
දිරිගන්වනසුළු වෙනත් ප්‍රවෘත්තියක් වන්නේ ස්වාභාවික SARS-CoV-2 ආසාදනය හෝ mRNA එන්නත මගින් ඇතිවන Tසෛල ප්‍රතිශක්ති ප්‍රතිචාරයන්, එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීල යන ප්‍රභේද තුනම හඳුනා ගන්නා බවයි.. මෙයින් ඇඟවෙන්නේ, උදාසීන ප්‍රතිදේහ ක්‍රියාකාරිත්වය අඩුවුවද, එන්නත් කිරීම හෝ ස්වාභාවික ආසාදනය මගින් උත්තේජනය කරන Tසෛල ප්‍රතිචාර මගින් එවැනි ප්‍රභේදයන්ගෙන් යම් තරමක ආරක්ෂාවක් ලැබෙනු ඇති බවයි.

සුපරීක්ෂාකාරීව සිටින්න, එන්නත ලබා ගන්න
මේ සියල්ලෙන් අදහස් කරන්නේ කුමක්ද? වර්තමාන එන්නත් මගින් මෙම ප්‍රභේදයන් නිසා ඇතිකරනු ලබ්න මද රෝග ලක්ෂණ සහිත COVID-19 වළක්වා ගත නොහැකි වුවද, ඒවා මධ්‍යස්ථ හා දරුණු රෝග සහ විශේෂයෙන් රෝහල්ගතවීම් සහ මරණ වලක්වනු ඇත. එය තමයි ශුභාරංචිය.
කෙසේ වෙතත්, වර්තමාන SARS-CoV-2 ප්‍රභේද අඛණ්ඩව විකාශනය වෙමින් අනුවර්තනය වනු ඇතැයි උපකල්පනය කිරීම අත්‍යවශ්‍ය වේ. රටවල් 28 කින් වසංගත රෝග විද්‍යාඥයන් 77 දෙනෙකු සම්බන්ධ කරගෙන මෑතකදී කරන ලද සමීක්ෂණයකදී හෙළිවූයේ, ඔවුන්ගෙන් බහුතරයක් විශ්වාස කරන්නේ නව ප්‍රභේදයන් වඩා හොඳින් හැසිරවීම සඳහා වසරක් තුළ වර්තමාන එන්නත් යාවත්කාලීන කළ යුතු බවත්, අඩු එන්නත් ආවරණය එවැනි ප්‍රභේදයන් ඉස්මතුවීමට හේතුවනු ඇති බවත්ය.
අප කළ යුත්තේ කුමක්ද? අප මෙතෙක් කරමින් සිටි දේවල් දිගටම කරගෙන යා යුතුය: මුහුණු ආවරන භාවිතා කිරීම, දුර්වල ලෙස වාතාශ්‍රය ඇති ප්‍රදේශවල ගතකිරීමෙන් වැළකී සිටීම සහ සම්ප්‍රේෂණය මන්දගාමී කිරීම පිණිස සහ මෙම නව ප්‍රභේදයන් විසින් මෙහෙයවනු ලබන තවත් රැළි වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථ ක්‍රමවේදයන් අනුගමනය කිරීම ඒ අතරින් ප්‍රධානය. වෛරසයට නව ප්‍රභේද ජනනය කිරීමට හා විකෘති වලින් බේරීමට ඇති ඉඩකඩ අඩු කිරීමට හැකිවනු වස් හැකි ඉක්මනින්, හැකි තරම් ප්‍රදේශ වල දී හැකිතාක් රෝගීන් සංඛ්‍යාවක් එන්නත් කළ යුතුය. ඒ සඳහා, දේශීය හා ගෝලීය වශයෙන් එන්නත් ලබාගැනීමට ඇති පැකිලීම හා එන්නත් සමානාත්මතාවයෙන් යුතුව ලබාදීම කෙරෙහි මහජන සෞඛ්‍ය නිලධාරීන්, රජයන් සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් අවධානය යොමු කරනු ලැබීම අත්‍යවශ්‍ය වේ.
The Conversation හී පළවූ How worried should you be about coronavirus variants? A virologist explains his concerns යන ලිපිය ඇසුරෙනි.
එන්නත ලබාගනීමේ වැදගත්කම