කෙටි පිළිතුර: තාරකා මණ්ඩල(Constellations) යනු තරු සමූහයකි. රාත්‍රියේදී ඔබට දැකිය හැකි තාරකා මණ්ඩල පෘථිවිය මත ඔබ සිටිනා ස්ථානය සහ අවුරුද්දේ වේලාව මත රඳා පවතී. වස්තූන්, සතුන් සහ මිනිසුන් අනුව යමින් තාරකා මණ්ඩල නම් කර ඇත්තේ බොහෝ කලකට පෙරය. තාරකා විද්‍යාඥයෝ අදටත් තාරකා සහ උල්කා වැසි(meteor showers) නම් කිරීමට තාරකා මණ්ඩල භාවිතා කරති.
තාරකා මණ්ඩලයක් යනු අහසේ නිශ්චිත හැඩයක් මෙන් පෙනෙන නමක් ලබා දී ඇති තරු සමූහයකි. මෙම තාරකා පෘථිවියට බොහෝ දුරින් පිහිටා ඇත. ඒවා කිසිසේත් එකිනෙකට සම්බන්ධ නොවේ. තාරකා මණ්ඩලයේ සමහර තරු සමීප විය හැකි අතර අනෙක් ඒවා පිහිටා ඇත්තේ බොහෝ දුරින්ය.. එහෙත්, තිත්-තිත් යා කෙරෙන ප්‍රහේලිකාවක මෙන් ඔබ අහසෙහි රේඛා අඳින්නේ නම් – සහ පරිකල්පනය බෙහෙවින් භාවිතා කරන්නේ නම් – පින්තූරය වස්තුවක්, සතෙකු හෝ පුද්ගලයෙකු මෙන් පෙනේ.
කාලයාගේ ඇවෑමෙන්, ලොව පුරා සංස්කෘතීන් අතර තාරකා මණ්ඩල සන්ඩහා වෙනස් නම් සහ එන සංඛ්‍යා ද ඇත. ඒ, විවිධ සංස්කෘතීන් වල ජනයා තමන් අහසේ දුටු වේ යයි කල්පනා කළ දේ අනුව යමිනි. අද වන විට නිල වශයෙන් පිළිගත් තාරකා මණ්ඩල 88 ක් ඇත.
(IAU විසින් හඳුනාගෙන ඇති නවීන තාරකා මණ්ඩල 88 හි ලැයිස්තුවක් මෙම ලිපිය අග දැක්වේ. තාරකා මණ්ඩල අකාරාදී පිළිවෙලට ලැයිස්තුගත කර ඇත).
රොබෝ අභ්‍යවකාශ යානාද තාරකාවල සිතියම් භාවිතා කරනු ලැබේ. ඒවායේ පරිගණකවල තරු සිතියමක් රැගෙන යනු ලබන අතර මෙම තරු සිතියම් රොබෝ අභ්‍යවකාශ යානා මගින් ගන්නා රූපවල තරු රටා සමඟ සංසන්දනය කෙරේ. ඉතින්, එක්තරා ආකාරයකින් තාරකා රටා පුරාණ නාවිකයින්ට මෙන් අදටත් ප්‍රයෝජනවත් වේ.
තාරකා ගවේෂණයේ දීර්ඝ ඉතිහාසය
බබිලෝනිවරුන් ජීවත් වූයේ මීට වසර 3,000 කට අධික කාලයකට පෙරය. ඔවුන් රාශි චක්‍රය සමාන කොටස් 12 කට බෙදා ඇත — හරියට වර්තමනයේ ජනප්‍රිය පිට්සා දීසියක් සමාන පෙති 12 කට කපා වෙන්කිරීම වැනිය. ඔවුන් රාශි චක්‍රයේ(zodiac) තාරකා මණ්ඩල 12 ක් තෝරා ගෙන ඇත්තේ “පෙති” 12 න් සෑම එකකටම එකක් බැගිනි. ඉතින්, පෘථිවිය සූර්යයා වටා කක්ෂගත වන විට සූර්යයා රාශි චක්‍රයේ කොටස් 12 න් එක් එක් කොටස පසුකර ගමන් කරන බව පෙනේ. බබිලෝනිවරුන්ට ඒ වනවිටත් මාස 12 ක දින දර්ශනයක් පැවති (සඳෙහි අවධීන් මත පදනම්ව) බැවින්, සෑම මසකටම රාශි චක්‍රයේ එක් ‘පෙත්තක්’ ලැබුණි.
කෙසේවෙතත්, බබිලෝනිවරුන්ගේම පුරාණෝක්තීන් වලට අනුව පවා රාශි චක්‍රයේ තාරකා මණ්ඩල 13 ක් තිබුණි. ඒ නිසා ඔවුහු ඔෆියුචස්(Ophiuchus) තෝරා එය ඉවත් කළහ. එසේ වුවද, තෝරාගත් 12 දෙනාගෙන් සමහරක් ‘පෙති’ එකතුවේ පිළිවෙලට නොගැලපෙන අතර ඊළඟ එක හරහා ද ගියේය.
තාරකා මණ්ඩල විවිධ ප්‍රමාණවලින් හා හැඩයන්ගෙන් යුක්ත වන අතර එම නිසා ඒ එක් එක් මණ්ඩලයේ සූර්යයා එකිනෙකට වෙනස් වේලාවන් ගත කරයි. පෘථිවියේ සිට සූර්යයා හරහා රේඛාව දින 45 ක් කන්‍යා ලග්නයට යොමු වන නමුත් එය ස්කොර්පියස් වෙත යොමු වන්නේ දින 7 ක් පමණි. ඔවුන්ගේ මාස 12 දින දර්ශනය සමඟ පිළිවෙලට ගැලපීම සඳහා, බැබිලෝනිවරුන් සූර්යයා සැබවින්ම ගමන් කරන්නේ තාරකා රාශි 13 ක් හරහා මිස 12 ක් හරහා නොවන බව නොසලකා හැරියේය. ඉන්පසු ඔවුහු එම එක් එක් තාරකා මණ්ඩල 12 ටම සමාන කාලයක් නියම කළහ.
ඉතින්, “අපි කිසිම රාශි චක්‍රයක් වෙනස් කළේ නැහැ… අපි ගණිතය යොදා ගත්තා පමණයි” යනුවෙන් නාසා ආයතනය පවසයි

රාත්‍රී අහසේ ඔබට දැකිය හැකි තාරකා මණ්ඩල මොනවාද?
රාත්‍රියේදී ඔබට දැකිය හැකි තාරකා මණ්ඩල වර්ෂයේ වේලාව මත රඳා පවතී. පෘථිවිය සෑම වසරකට වරක් සූර්යයා වටා කක්ෂගත වේ. රාත්‍රී අහස හරහා අභ්‍යවකාශය පිළිබඳ අපගේ දර්ශනය, (පෘථිවිය මත සිටින) අප කක්ෂගත වන විට වෙනස් වේ. ඉතින්, පෘථිවිය එහි කක්ෂයේ වෙනස් ස්ථානයක ස්ථාන ගතව ඇති නිසා රාත්‍රී අහස සෑම රාත්‍රියකම තරමක් වෙනස් ලෙස පෙනේ. සෑම රාත්‍රියකම තරු පෙර රාත්‍රියේ සිටි ස්ථානයට තරමක් බටහිර දෙසට ගමන් කරයි.
ඔබ දකින්නේ කුමන තාරකා සහ තාරකා මණ්ඩල ද යන්න සහ ඒවා අහසේ කොතරම් ඉහළට නැඟී ඇත්ද යන්න ද තීරණය වන්නේ ඔබ පෘථිවිය මත ස්ථානගතව ඇති අන්දම අනුවය. උතුරු අර්ධගෝලය සෑම විටම දක්ෂිණ අර්ධගෝලයට වඩා වෙනස් දිශාවකට යොමු වේ. නිදසුනකට ඕස්ට්‍රේලියාවේ තරු නරඹන්නන් ගතහොත්, ඔවුනට එක්සත් ජනපද තරු නරඹන්නන්ට වඩා මදක් වෙනස් අහසේ දර්ශනයක් ලබා ගත හැකි අතර වෙනස් තාරකා මණ්ඩල කිහිපයක් දැකිය හැකි බව මෙයින් අදහස් කරන්නේය.
අප සූර්යයා වටා කක්ෂගතව ගමන් කරන විට රාත්‍රී අහස වෙනස් වන ආකාරය නිරූපණය කිරීම ටිකක් ව්‍යාකූල විය හැකිය. පහත දැක්වෙන උපමාවෙන් ඒ සියල්ල ක්‍රියාත්මක වන ආකාරය ඔබට දැක ගත හැකිය.

නිදසුනක් ලෙස, ඔබ උතුරු අර්ධගෝලයේ සැප්තැම්බර් 21 වන දින රාත්‍රී අහස දෙස බලා සිටින බව සිතන්න. ඔබට බොහෝ විට මීන රාශිය දැක ගත හැකිය. නමුත් ඔබට කන්‍යා රාශිය නොපෙනේ, මන්ද එම තාරකා මණ්ඩලය සූර්යයාගේ අනෙක් පැත්තේ ඇති බැවිනි. අවුරුද්දේ එම කාලය තුළ කන්‍යා රාශීඉ තාරකා දෘශ්‍යමාන වන්නේ දිවා කාලයේ පමණි. එහෙත්, අපගේ සූර්යයාගේ දීප්තිය නිසා ඔබ ඒවා කිසි විටෙකත් නොදකිනු ඇත.
(නාසා තරු සෙවීමේ ක්‍රියාකාරකම(NASA star finder activity), විනෝද වීමට සහ සෑම මසකම රාත්‍රී අහසේ පෙනෙන තාරකා මණ්ඩල ගැන ඉගෙන ගැනීමට හොඳ ක්‍රමයකි).
ජ්‍යොතිෂ්‍ය ශාස්ත්රය(astrology) හා තාරකා විද්යාව(astronomy) අතර වෙනස කුමක්ද?
තාරකා විද්‍යාව යනු අභ්‍යවකාශයේ ඇති සියල්ල පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයයි. තාරකා විද්‍යාඥයන් සහ අනෙකුත් විද්‍යාඥයන් තාරකා සහ මන්දාකිණි අධ්‍යයනය කරන අතර ඒවායින් බොහොමයක් පිහිටා ඇත්තේ පෘථිවියට ආලෝක වර්ෂ ගණනාවක් ඈතිනි. අභ්‍යවකාශයේ ඇති මෙම වස්තූන්ගේ විද්‍යාත්මක ගුණාංග අධ්‍යයනය කිරීම, විශ්වය සෑදී ඇති ආකාරය, ඊට අමතරව පිහිටා ඇති දේ සහ ඒ සියල්ල සමග අපගේ සම්බන්ධය, ගැලපීම කෙසේද යන්න තේරුම් ගැනීමට උපකාරී වේ.
ජ්‍යොතිෂ්‍ය ශාස්ත්රය යනු තාරකා විද්යාවම හෝ තාරකා විද්යාවට සමාන දෙයක් නොවේ. විද්‍යාවක් ලෙස ගන්නා විට, සාක්ෂි හා දත්ත සම්බන්ධ විද්‍යාත්මක ක්‍රියාවලිය තාරකා විද්‍යාව මගින් ද අනුගමනය කරනු ලැබේ. ජ්‍යොතිෂ්‍ය ශාස්ත්රය පදනම් වී ඇත්තේ අහසේ ඇතැම් තාරකා හා ග්රහලෝකවල පිහිටීම අනාගතය ගැන අනාවැකි කීමට හෝ පුද්ගලයෙකුගේ ගති පැවතුම් කෙබඳු දැයි විස්තර කිරීමට ඉඩ සලසන්නේය යන විශ්වාසය මත ය. සමහර සංස්කෘතික සම්ප්‍රදායන්ට ජ්‍යොතිෂ්‍යය වැදගත් වන නමුත්, එහි(ජ්‍යොතිෂ්‍යයෙහි) කියා පෑම් විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වී නැත..
නාසා තාරකා මණ්ඩල උපයෝගී කරගන්නේ කෙසේද?
තාරකා සහ තාරකා මණ්ඩල වසර බොහොමත්ම, බොහොමත්ම ගණනාවක් තිස්සේ එකම ස්ථානයක රැඳී සිටියි. ඒවා චලනය වන බවක් අපට පෙණීයන්නේ අප චලනය වන ග්‍රහලෝකයක සිටින නිසාවෙනි( වාහනයක යද්දී අවට ගහ කොළ ආපස්සට යනවා සේ පෙනෙනාක් මෙනි – සංස්කාරක). තාරකා මණ්ඩල ස්ථාවර ස්ථානයක ඇති බැවින් ඒවා බොහෝ විට අහසේ බිම් සලකුණු ලෙස භාවිතා කරනු ලැබේ. බොහෝ තාරකා, නිහාරිකා සහ වෙනත් වස්තූන් නම් කර ඇත්තේ ඒවා දැකිය හැකි තාරකා රාශි අනුව යමිනි.

නිදසුනක් ලෙස, උල්කා වැසි නම් කර ඇත්තේ ඒවා පැමිණෙන්නේ යයි පෙනී යන තාරකා රාශියඅනුවය.. උදාහරණයක් ලෙස, සෑම වසරකම ඔක්තෝම්බර් මාසයේදී සිදුවන ඔරියෝනිඩ්ස් උල්කා වර්ෂාව Orion the Hunter (ඔරියන් දඩයක්කරු) තාරකා මණ්ඩලයට සමාන දිශාවකින් පැමිණෙන බව පෙනේ.
සුප්‍රසිද්ධ තාරකා රාශිවල තිබෙන්නාක් වැනි දන්නා හඳුනන තාරකා ද සංචාලනයට්ස් භාවිතා කළ හැකිය. මුහුදු ගොස් සිටින නැවියන්ට ඔවුන් මුහුදේ සිටින ස්ථානය නිර්ණය කිරීම සඳහා සියවස් ගණනාවක් තිස්සේ යොදා ගැනුණේ තාරකාය. මෙය ඛගෝලීය සංචලනය)celestial navigation( ලෙස හැඳින්වේ. නූතන ගමනාගමන පද්ධතිය භාවිතා කරන විට යම් ගැටළුවක් ඇති වුවහොත් නාසා ගගනගාමීන් ඛගෝලීය සංචලනය උපස්ථයක් ලෙස භාවිතා කිරීමට පුහුණු කරනු ලැබ ඇත.
රොබෝ අභ්‍යවකාශ යානාද තාරකාවල සිතියම් භාවිතා කරනු ලැබේ. ඒවායේ පරිගණකවල තරු සිතියමක් රැගෙන යනු ලබන අතර මෙම තරු සිතියම් රොබෝ අභ්‍යවකාශ යානා මගින් ගන්නා රූපවල තරු රටා සමඟ සංසන්දනය කෙරේ. ඉතින්, එක්තරා ආකාරයකින් තාරකා රටා පුරාණ නාවිකයින්ට මෙන් අදටත් ප්‍රයෝජනවත් වේ.
නාසා වෙබ් අඩවිය අසුරෙන් සැකසිණ
LIST OF CONSTELLATIONS
Constellation | English name | Area (square degrees) | Quadrant | Visible between latitudes |
Andromeda | Andromeda | 722.278 | NQ1 | 90°N – 40°S |
Antlia | Air Pump | 238.901 | SQ2 | 45°N – 90°S |
Apus | Bird of Paradise | 206.327 | SQ3 | 5°N – 90°S |
Aquarius | Water Bearer | 979.854 | SQ4 | 65°N – 90°S |
Aquila | Eagle | 652.473 | NQ4 | 90°N – 75°S |
Ara | Altar | 237.057 | SQ3 | 25°N – 90°S |
Aries | Ram | 441.395 | NQ1 | 90°N – 60°S |
Auriga | Charioteer | 657.438 | NQ2 | 90°N – 40°S |
Boötes | Herdsman | 906.831 | NQ3 | 90°N – 50°S |
Caelum | Chisel | 124.865 | SQ1 | 40°N – 90°S |
Camelopardalis | Giraffe | 756.828 | NQ2 | 90°N – 10°S |
Cancer | Crab | 505.872 | NQ2 | 90°N – 60°S |
Canes Venatici | Hunting Dogs | 465.194 | NQ3 | 90°N – 40°S |
Canis Major | Greater Dog | 380.118 | SQ2 | 60°N – 90°S |
Canis Minor | Lesser Dog | 183.367 | NQ2 | 90°N – 75°S |
Capricornus | Sea Goat | 413.947 | SQ4 | 60°N – 90°S |
Carina | Keel | 494.184 | SQ2 | 20°N – 90°S |
Cassiopeia | Cassiopeia | 598.407 | NQ1 | 90°N – 20°S |
Centaurus | Centaur | 1060.422 | SQ3 | 25°N – 90°S |
Cepheus | Cepheus | 587.787 | NQ4 | 90°N – 10°S |
Cetus | Whale (or Sea Monster) | 1231.411 | SQ1 | 70°N – 90°S |
Chamaeleon | Chameleon | 131.592 | SQ2 | 0° – 90°S |
Circinus | Compass (drafting tool) | 93.353 | SQ3 | 30°N – 90°S |
Columba | Dove | 270.184 | SQ1 | 45°N – 90°S |
Coma Berenices | Berenice’s Hair | 386.475 | NQ3 | 90°N – 70°S |
Corona Australis | Southern Crown | 127.696 | SQ4 | 40°N – 90°S |
Corona Borealis | Northern Crown | 178.710 | NQ3 | 90°N – 50°S |
Corvus | Crow | 183.801 | SQ3 | 60°N – 90°S |
Crater | Cup | 282.398 | SQ2 | 65°N – 90°S |
Crux | Southern Cross | 68.447 | SQ3 | 20°N – 90°S |
Cygnus | Swan | 803.983 | NQ4 | 90°N – 40°S |
Delphinus | Dolphin | 188.549 | NQ4 | 90°N – 70°S |
Dorado | Dolphinfish | 179.173 | SQ1 | 20°N – 90°S |
Draco | Dragon | 1082.952 | NQ3 | 90°N – 15°S |
Equuleus | Little Horse (Foal) | 71.641 | NQ4 | 90°N – 80°S |
Eridanus | Eridanus (river) | 1137.919 | SQ1 | 32°N – 90°S |
Fornax | Furnace | 397.502 | SQ1 | 50°N – 90°S |
Gemini | Twins | 513.761 | NQ2 | 90°N – 60°S |
Grus | Crane | 365.513 | SQ4 | 34°N – 90°S |
Hercules | Hercules | 1225.148 | NQ3 | 90°N – 50°S |
Horologium | Pendulum Clock | 248.885 | SQ1 | 30°N – 90°S |
Hydra | Hydra | 1302.844 | SQ2 | 54°N – 83°S |
Hydrus | (male) Water Snake | 243.035 | SQ1 | 8°N – 90°S |
Indus | Indian | 294.006 | SQ4 | 15°N – 90°S |
Lacerta | Lizard | 200.688 | NQ4 | 90°N – 40°S |
Leo | Lion | 946.964 | NQ2 | 90°N – 65°S |
Leo Minor | Lesser Lion | 231.956 | NQ2 | 90°N – 45°S |
Lepus | Hare | 290.291 | SQ1 | 63°N – 90°S |
Libra | Scales | 538.052 | SQ3 | 65°N – 90°S |
Lupus | Wolf | 333.683 | SQ3 | 35°N – 90°S |
Lynx | Lynx | 545.386 | NQ2 | 90°N – 55°S |
Lyra | Lyre | 286.476 | NQ4 | 90°N – 40°S |
Mensa | Table Mountain (Mons Mensae) | 153.484 | SQ1 | 4°N – 90°S |
Microscopium | Microscope | 209.513 | SQ4 | 45°N – 90°S |
Monoceros | Unicorn | 481.569 | NQ2 | 75°N – 90°S |
Musca | Fly | 138.355 | SQ3 | 10°N – 90°S |
Norma | Level | 165.290 | SQ3 | 30°N – 90°S |
Octans | Octant | 291.045 | SQ4 | 0°- 90°S |
Ophiuchus | Serpent Bearer | 948.340 | SQ3 | 80°N – 80°S |
Orion | Orion (the Hunter) | 594.120 | NQ1 | 85°N – 75°S |
Pavo | Peacock | 377.666 | SQ4 | 30°N – 90°S |
Pegasus | Pegasus | 1120.794 | NQ4 | 90°N – 60°S |
Perseus | Perseus | 614.997 | NQ1 | 90°N – 35°S |
Phoenix | Phoenix | 469.319 | SQ1 | 32°N – 80°S |
Pictor | Easel | 246.739 | SQ1 | 26°N – 90°S |
Pisces | Fishes | 889.417 | NQ1 | 90°N – 65°S |
Piscis Austrinus | Southern Fish | 245.375 | SQ4 | 55°N – 90°S |
Puppis | Stern | 673.434 | SQ2 | 40°N – 90°S |
Pyxis | Compass (mariner’s compass) | 220.833 | SQ2 | 50°N – 90°S |
Reticulum | Reticle | 113.936 | SQ1 | 23°N – 90°S |
Sagitta | Arrow | 79.932 | NQ4 | 90°N – 70°S |
Sagittarius | Archer | 867.432 | SQ4 | 55°N – 90°S |
Scorpius | Scorpion | 496.783 | SQ3 | 40°N – 90°S |
Sculptor | Sculptor | 474.764 | SQ1 | 50°N – 90°S |
Scutum | Shield (of Sobieski) | 109.114 | SQ4 | 80°N – 90°S |
Serpens | Snake | 636.928 | NQ3 | 80°N – 80°S |
Sextans | Sextant | 313.515 | SQ2 | 80°N – 90°S |
Taurus | Bull | 797.249 | NQ1 | 90°N – 65°S |
Telescopium | Telescope | 251.512 | SQ4 | 40°N – 90°S |
Triangulum | Triangle | 131.847 | NQ1 | 90°N – 60°S |
Triangulum Australe | Southern Triangle | 109.978 | SQ3 | 25°N – 90°S |
Tucana | Toucan | 294.557 | SQ4 | 25°N – 90°S |
Ursa Major | Great Bear | 1279.660 | NQ2 | 90°N – 30°S |
Ursa Minor | Little Bear | 255.864 | NQ3 | 90°N – 10°S |
Vela | Sails | 499.649 | SQ2 | 30°N – 90°S |
Virgo | Virgin (Maiden) | 1294.428 | SQ3 | 80°N – 80°S |
Volans | Flying Fish | 141.354 | SQ2 | 15°N – 90°S |
Vulpecula | Fox | 268.165 | NQ4 | 90°N – 55°S |
Copyright © 2021 Constellation Guide